Rata hadanna hamuduruwauru maranna welawalu
ලංකාවේ ඕනෑම කෙනෙක්ට,සිවුරු දරාගෙන ඕනෑ විදියට නටන්න පුළුවන් , "අනේ මේ විපත සිදු වුණි නොදනිමි කාගේ දෝසා" උදාහරණයක් වශයෙන් තායිලන්තයේ භික්ෂුවගේ හැසිරීම ආදර්ශයට ගත යුතුයි. සංඝ සමාජයේ මහනායක හාමුදුරුවරුන් තීන්දු තීරණ ගත්තට පහල ඉන්න අය ඒවා ගනන් ගන්නෙ නෑ, ඒවාට අභියෝග කරනවා. ලංකා භික්ෂුවක් නම් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පොදු සම්මතයක් සකසා ගත යුතුයි , එම සම්මත වැඩපිළිවෙල කඩ කරන පිරිස ශාසනයෙන් නෙරපා දැමිය යුතුයි . එහෙම නැත්තං මේ තියන ටිකවත් ඉදිරියට ගෙනියන්න බැරි වෙයි . අලුතින් ඉපදෙන ළමයි මොනවා ඉගෙන ගනීවිද?
බුදුහාමුදුරුවෝ හැම කෙනාම පැවිදි කරේ නෑ. ඒ පැවිදි කරපු අය ගොඩක් අය නිවන් දැක්කා. මාර්ග ඵල ලැබුවා. ඥාතිනුත් නිවන් දැක්කා. මාර්ගඵල දැක්කා. එයින් ඔවුන් සසරින් එතෙර උනා. ඒ සදහා බුදුහාමුදුරුවෝ වෙහෙස උනේ කරුණාව නිසා නොවේද?
තංගල්ල කාල්ටන් නිවසේ පැවති ධර්ම දේශනාවක දී එහි දේශකයන් ලෙස සහභාගි වූ භික්ෂූන් වහන්සේ නමක් ධර්මය අධර්මය ලෙස දේශනා කරමින් ධර්මය විනය කැඩුවේ යැයි චෝදනා කරමින් තංගල්ල මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු පිරිසක් විසින් තංගල්ල මහාධිකරණය පසුගිය 07 වනදා මෙම නඩුව පැවරූ බව අද පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා.එමෙන්ම ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට ද මෙම නඩුවේ චෝදනා ගොනු කර තිබෙනවා.
මාධ්‍ය හමුවෙන් පසුව නිකුත් කර ඇති නිවේදනය මෙසේයි.
"තංගල්ල කාල්ටන් නිවසේ පැවැති ධර්ම දේශනයට දේශකයෙක් වශයෙන් චිත්තගල්ලේ ආන්නදසිරි සහභාගි වෙමින් ධර්මය විනය කැඩිමට අනුග්‍රහා දැක්වමින් කරන ලද විකෘති ධර්ම දේශනය සම්බන්ධව චිත්තගල්ලේ ආන්නදසිරි, ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හා රාජ්‍ය අමාත්‍ය ඩි වි චානක මහතා යන අයට ද. එම ධර්ම දේශනයේ දි ධර්මය අධර්මය ලෙසත්, අධර්මය ධර්මය ලෙසත් දේශනා කරමින් සිදු කරන ලද ශාසනික අපරාධය සම්බන්ධයෙන් තංගල්ල මහ අධිකරණය පිහිට පතන ලදි.
එම ධර්ම දේශනයේ විඩියෝ පටියක් මාධ්‍ය ඉදිරියේ විකාශනය කරමින්, බුදු හාමුදුරුවෝ හිතක් පපුවක් නැති, පවුල් සංස්ථා කඩා බිද හෙළන, කිසිම සමාජ විඥානයක් නැති කෙනෙක් හැටිය එම ධර්ම දේශනයේ දි හදුන්වා දෙයි.
මෙම කාරණය සම්බන්ධයෙන් තෛනිකායක මහනායක හිමිවරුන්,බුද්ධ ශාසන අමාත්‍යවරයා, බුද්ධ ශාසන කොමසාරිස් තුමා ඇතුළු පාර්ශව කිපයක් වගකිව යුත්තන් ලෙස නම් කර ඇත. චිත්තගල්ලේ හිමියන් බුදුන් වහන්සේට එයා මෙයා කියා ආමන්ත්‍රණය කරන බව පුජ්‍ය රන්පත්විල විමලරතන නා හිමියන් පෙන්වා දුන්නේය.
මේ රට ගොඩනගන්න නම් දැනට ලංකාවේ සිටින සියලු භික්ෂුන් වහන්සේලා ඝාතනය කළ යුතු බවත් ප්‍රකාශ කිරිමෙන් භික්ෂුන් වහන්සේ නමක් විසින් එවැනි ප්‍රකාශයකින් පරාජිකා වන බවයි. මනුෂ්‍ය ඝාතනය කිරිම හෝ ඒයට අනුබල දිම භික්ෂුවක් විසින් කළ නොකළයුත්තකි.
චිත්තගල්ලේ ආනන්දසිරි යන චිවර හිමියන් විසින් බුදුන් වහන්සේට. බුදු දහමට එකග නොවන අයුරින් ද ථේරවාදි භික්ෂුවක් ලෙස පෙනි සිටිමින් බුද්ධ දර්ශනය විකෘති කර දහමට නොගැලපෙන අයුරින් ධර්මය දේශනා කිරිම භික්ෂුවක් පාරාජික වන බව පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් කියා සිටියහ.
මේ සම්බන්ධයෙන් ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුළු මහ සංඝරත්නය ද නීතිඥයන්ගේ ද සහය ඇතිව තංගල්ල මහඅධිකරණයට පසු ගිය 2020.12.07 වන දින නිතිඥ පියරත්න බණ්ඩාර මහතාගේ නිති උපදෙස් මත නඩුවක් ගොනු කර ඇත.
ධර්මය අධර්මය ලෙසත්, ධර්මය අධර්මය ලෙසත් දේශනා කරන බව මෙම නඩුවෙන් ඔප්පු කිරිමට බලාපොරොත්තු වෙයි. මෙම චිත්තගල්ලේ ආන්නදසිරි හිමියන් පිළිබදව උන්වහන්සේට අදාළ මහනායක හිමිවරුන්ට ද ත්‍රෛනිකායික මහානයක හිමිවරුන්ද දැනුවත් කර ඇත . එහෙත් උන්වහන්සලා ගෙන් කිසිම පිළිතුරක් නොලැබෙන නිසා අපට අධිකරණයේ පිහිට පතන්න සිදු වුනු බව වැඩි දුරටත් ඕමල්පේ නාහිමියන් කියා සිටිහ.
ජාතික විද්වත් සංඝ සභාව විසින් සංවිධානය කරන ලැබු මෙම මාධ්‍ය හමුවට ජාතික විද්වත් සභාවේ සභාපති රාමඤ්ඤ මහා නිකායේ දක්ෂින ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි.ජාතික සංඝ සම්මේලනයේ සභාපති ශාස්ත්‍රපති පුජ්‍ය රජවත්තේ වප්ප නාහිමි,ශාස්ත්‍රපති පුජ්‍ය රන්පත්විල විමලරත්න නා හිමි. ශාස්ත්‍රපති පුජ්‍ය වාද්දුවේ ධම්මවංස නාහිමි මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.
බුදුගල ජිනවංස හිමි
ජාතික විද්වත් සංඝ සභාව
මාධය සම්බන්ධිකාරක"