TikTok සමාජ මාධ්‍ය ජාලයේ ඉහළින්ම වැජඹෙන අමෙරිකානු ගායිකා Cat Janice මිය ගොස් තිබේ.
ඒ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙනි.
මිය යන විට ඇය 31 වන වියේ පසු විය.
ඉතා දුර්ලභ රෝගයක් වන "sarcoma" නම් අස්ථි හෝ මෘදු පටක වල ඇතිවන පිළිකා තත්ත්වයක් ඇයට වැළදී තිබූ බව විදෙස් වාර්තා පවසයි.
ඇයගේ රෝගී තත්ත්වය 2022 මාර්තු මාසයේදී හඳුනා ගැනුණි.
සිය රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගන්නා අතරතුර, ඇය සිය ගීත වල අයිතිය ඇගේ හත් හැවිරිදි පුත් ලෝරෙන්ට පැවරුවාය.
TikTok සමාජ මාධ්‍යයේ ඇය ඉහළින්ම සිටින අතර මෙම වසරේ ජනවාරි මාසයේ පළමු සතියේ නිකුත් කළ Dance Outta My Head නම් ඇයයේ ගීතයට මාස 2ක් වැනි කෙටි කාලයක දී අන්තර්ජාලය තුළ මිලියන 57ක නැරඹුම් වාර තිබෙන බව සඳහන් වේ.
ඇගේ සැබෑ නම කැතරින් ඉප්සාන් ය.
https://www.theguardian.com/technology/2024/feb/29/cat-janice-dead-tiktok-singer