Time Dilation

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,042
    778
    113
    බුදු හාමුදුරුවෝ එක පාරට උස යන්නේ කොහොමද? ඒක වැරදි කතාවක්.

    ඒ කාලේ තිබුනා මිනුම් වර්ග කිහිපයක්. රියන් 18 කියන්නේ අගල් 4ක් පමණක රියන්. වඩු රියන් පස්සේ කාලෙක හැදුන එකක්.

    එතකොට. බුදු හාමුදුරුවෝ අඩි 6ක් පමන උස පුද්ගලයෙක්.

    රියන - පසුකාලීන මිම්මෙන් පටලවා ගන්න එපා..

    එදා බුද්ධ කාලීන අපගේ මීමුත්තන් භාවිත රියන හා අද කියන රියන වෙනයි. එදා රියන කීවේ මහපටැඟිල්ල හා දබරැඟිල්ල විහිදු විට ඇති දුරටයි. එනම් අඟල් 4ක් පමණය. එසේම මහපටැඟිල්ල ඔසවා අත මිටමොලවා ගත්තාමද මිටේ උස අගල් 4ක් පමණ වේ. වඩු රියන නම් වැලමිටේ සිට මැදැඟිල්ල දක්වා ඇති දුරයි. එනම් අඩි 1යි අඟල් 6ක් පමණය. පසුකාලීනයන් මේ මිණුම් දෙක පටලවාගත්තා. ඉතින් බුදුරදුන් රියන් 18 ක් උසයි කියා පොතේ තිබූ නිසා එය වරද්දාගත් අය වඩු රියන් 18 උස බුදු පිලිම නෙලුවා.. එනමුත් නියම රියන් 18 නම් අඩි 6කි (4x18 =.අඟල් 72යි, 72/12 = අඩි 6යි )

    pilima-fi%C3%ADl.jpg

    මෙම පිළිමය නෙලලා තියෙන්නේ වැරදි මිම්මක් ගැන හිතාගෙන.
     
    Last edited:
    • Love
    Reactions: Candid-B