ජනාධිපතිවරණයේ දී ජෙනරාල් ෆොන්සේකාට සහාය පළ කරන ලෙස ඇමෙරිකාවේ වෙසෙන කොටි ප්‍රධානියෙකු වන රුද්‍ර කුමාර් ඇතුළු ජාත්‍යන්තර කොටි හිතවාදීන්ගෙන් ද්‍රවිඩ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්දන් මන්ත්‍රිවරයාට මේ වන විට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ. එම පක්ෂයේ මන්ත්‍රිවරුන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවධ අදහස් දැරීම නිසා මේ සම්බන්ධව තවමත් අවසන් එකගතාවයකට එළඹීමට එම පක්ෂය අපොහොසත් වී ඇත. පසුගිය දින වල අවස්ථා කීපයක දී ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡ පැවැත්වුවත් අවසන් තීරණයකට එළඹීමට ඔවුන් අසමත් වූ අතර මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන සාකච්ඡවේ දී අවසන් තීරණයක් ගන්නා බව ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රී ශිවනාදන් කිෂෝර් මන්ත්‍රීවරයා පැවසීය. එම තීරණය අද (04* සවස ප්‍රකාශයට පත් කරන බව ද මන්ත්‍රීවරයා අප කළ විමසීමක දී කියා සිටියේ ය.