TNA සහය නාමයෝජනාවලින් පස්සේ!

monson

Well-known member
  • May 7, 2007
    25,625
    28,610
    113
    කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය (TNA) සහය ලබා දීම ගැන ජනාධිපති අපේක්ෂකවරු නාමයෝජනා භාර දීමෙන් පසු තීරණය කරන බව දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා පවසයි.

    ප්‍රධාන අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ දෙසද අවධානය යොමුකළ යුතු වන අතර උතුරු නැගෙනහිර දේශපාලන ප්‍රශ්නයට මෙන්ම රටේ සියලු දෙනාගේම අනාගතයට හොඳම විසඳුම් දෙන අපේක්ෂකයාට TNA සහය හිමිවනු ඇති බවටයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

    කෙසේවෙතත් තැපැල් ජන්දය ප්‍රකාශ කරන දිනයට පෙර එම තීරණය ගන්නා බව රසමානික්කම් මහතා තවදුරටත් ප්‍රකාශ කරයි.

    මෙහිදී ප්‍රධාන අපේක්ෂකයින් සමඟ සාකච්ජා කරන බවද ඔහු කියාසිටියි.

    මේ අතර ඊයේ දිනයේදී දෙමළ පොදු අපේක්ෂකක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට කළ ප්‍රකාශය අනුමත නොකරන අතර ඒ ගැන පක්ෂයේ තීරණයක් ගෙන නොමැති බවත් එළඹෙන ඉරිදා දින වව්නියාවේදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වී ඒ ගැන තීරණයක් ගන්නා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

    සාමාන්‍ය දෙමළ ජනතාවට දෙමළ පොදු අපේක්ෂකයෙකුගේ අවශ්‍යතාවක් නොමැති බවත් දැනට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගෙන් කෙනෙක් ජනාධිපති ලෙස තේරී පත්වීම ස්ථිර බවත් දෙමළ පොදු අපේක්ෂකයා යන කාරණය දෙමළ ජනතාවගේ මෙන්ම රටේ අනාගතයත් විනාශ කරන දෙයක් බවත් රාසමානික්කම් මහතා ප්‍රකාශ කරයි.

    ආශිකා බ්‍රාහ්මණ

    - https://sinhala.lankanewsweb.net/08/09/124980/
     
    • Like
    Reactions: haunte

    pdkuma

    Well-known member
  • May 22, 2016
    631
    758
    93
    🤣 මොන ප්‍රතිපත්තියක්වත් වැඩක් නෑ දින්නන පුලුවන් මොකාද උට කොක්ක ගහන්න ඔය හදන්නෙ. 🤣🤣
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    C1ev.gif

    Right now TNA:
    Sajith , Ranil :baffled:
     
    • Haha
    Reactions: Ritigala Jayasena69

    Similar threads