ජනපති මහින්ද ලඟ බ්ලේක්ට දෙන්න වෙලාවල් නෑ
එජාප ජාතික සංවිධායකකම මංගලත් ඉල්ලයි. ගැටුම උග‍්‍ර වේ
බ්ලේක් ආපු ගමන්ම TNA හමුවෙලා, යන්න කලින් ආයෙත් හමු වෙනවාලූ
දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු ආසියාව භාර නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රොබර්ට් ඕ බ්ලේක් හමුවීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වේලාවක් ලබා දි නැති බව සඳහන් වේ.![]()
එක්සත් ජාතින්ගේ මහලේකම්වරයාගේ වාර්තාව නිකුත් වීමෙන් පසු ඇති වී තිබෙන තත්ත්වය යටතේ ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වරයා හමුවීමට රාජපක්‍ෂ ජනාධිපතිවරයා දිනයක් ලබා නොදීම බටහිර තානාපති අංශවල දැඩි කණස්සල්ලට ලක්ව තිබෙන අතර මේ අතර ශ‍්‍රී ලංකාවට පැමිණ රොබර්ට් ඕ බ්ලේක් විදේශ ඇමැති ජී.එල්. පීරිස් මහතා හමුවන අතර කිලිනොච්චියේ සහ වවුනියාවේ සංචාරය කිරීමටද නියමිතය. ඔහු ඊයේ රාත‍්‍රියේම දෙමළ එක්සත් සන්ධාන නායකයන් හමුවී ඇති අතර දිවයිනෙන් පිටක්ව යාමට පෙර නැවත වතාවක් එම පක්‍ෂ නියෝජිතයන් හමුවීට අදහස් කොටගෙන සිටියි.
එජාප ජාතික සංවිධායකකම මංගලත් ඉල්ලයි. ගැටුම උග‍්‍ර වේ
එජාප ජාතික සංවිධායක ධුරය සඳහා මංගල සමරවීර මහතාද ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිත අතර එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ධුරය පිළිබඳ අර්බුදය අද විසඳා ගැනීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වේ. ජාතික සංවිධායක ධුරය සඳහා රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම නිල වශයෙන් පසුගියදා යෝජනා කෙරිණි. එහෙත් එම ධුරයට රවී කරුණානායක සහ මංගල සමරවීර යන මන්තී‍්‍රවරුන්ගේ නම්ද ඉදිරිපත් වීම නිසා එය තවත් අර්බුදයකට ලක්ව ඇත.
බ්ලේක් ආපු ගමන්ම TNA හමුවෙලා, යන්න කලින් ආයෙත් හමු වෙනවාලූ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන්ගේ උපදේශන කමිටු වාර්තාව පිළිබඳව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රොබට් ඕ බ්ලේක් සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡවක් කොළඹ අමෙරිකානු තානාපතිවරයාගේ නිල නිවසේදී ඊයේ රාතී‍්‍රයේ පවත්වා තිබේ. පැය එක හමාරකට අධික කාලයක් සාකච්ඡුාව පැවැති බව වාර්තා වන අතර රටේ පවතින වත්මන් තත්ත්වය, අවතැන් වූවන් යළි පදිංචි කරවීම පිළිබඳව මෙහිදී සාකච්ඡ කෙරුණු බව දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශකයෙකු සඳශන් කර ඇත. රොබට් ඕ බ්ලේක් අද දිනයේ කිලිනොච්චි සහ මුලතිව් ප‍්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය. දිවයිනෙන් පිටත්ව යාමට ප‍්‍රථම ඔහු යළි දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බව සඳහන්ය.
Last edited:

