Torrent ගැන දැනගනිමු - (හැම මූලික දේම වගේ)
මොකක්ද Torrent කියන්නේ?
Torrent කියලා කියන්නේ හුවමාරුව මත පදනම් වෙච්ච දේවල් බෙදාහදාගැනීමේ ක්රමයක් - කිව්වොත් ඒක වැරදි නෑ. මේකට විවිද පැහැදිලි කිරීම් දෙන්න පුලුවන්. නමුත් මේ පෝස්ට් එකෙන් මම ගැබුරට මේක ගැන පැහැදිලි කරන්නේ නෑ. මොකද මූලික අරමුණ Torrent ගැන අවබෝධය ලබාදෙන එක. ඒ කියන්නේ BitTorrent protocol එක ගැන වගේ සංකීර්ණ දේවල් මේකෙදි පැහැදිලි කරන්නේ නෑ.
මොකක්ද ඇත්තටම වෙන්නේ?
හොදයි, අපි ගත්තොත් එහෙම මොකක් හරි ෆයිල් එකක්, අපි හිතමු helloworld.txt කියන text ෆයිල් එක තියෙනවා කියලා. මේ ෆයිල් එක ටොරන්ට් ගොනුවක් (Torrent file) එකක් බවට හැරෙව්වොත් එහෙම, මේ text ගොනුව තිබෙන තැන, සැකැස්ම, විශාලත්වය වගේ කරුණු මේ Torrent ෆයිල් එක ඇතුලේ සටහන් වෙනවා. දැන් අපි මේ Torrent ෆයිල් එක තව කාට හරි දුන්නාම, ඒ කෙනා Bittorrent වගේ Torrent Client සොෆ්ට්වෙයා එකක් හරහා මේක Download කරනවා. එතකොට දැන්, මේ ටොරන්ට් ෆයිල් එකේ තියෙන විස්තර අනුව අදාල ෆයිල් එක ඇති පරිගණකයට Client එක සම්බන්ධවෙලා ෆයිල් එක අරගන්නවා. මේකෙදී මුල් පරිගණකය, ඒ කියන්නේ ෆයිල් එක සහිත පරිගණකය, Torrent Client එකක් හරහා අදාල ගොනුව seed* කිරීම අනිවාර්යයි. (seed ගැන මගේ අනිත් ලිපියේ තියෙනවා)
දැන්, මේකට සම්බන්ධවෙනකොට මැද්දේ ඉන පොර තමා Tracker. වචනයේ පරසමාප්ත අර්ථයෙන්ම Tracker කරන්නේ track කිරීම, ඒ කියන්නේ ලුහුබැදීම තමයි. දැන් මෙහෙමයි වෙන්නේ,
helloworld.txt කියන ෆයිල් එක පරිගණක පහක තියෙනවා කියමු, දැන් මේ පරිගණක පහ මේ ෆයිල් එක seed කරමින් තමයි ඉන්නේ.fff074
දැන් තව පරිගණක තුනක් අදාල ෆයිල් එකේ torrent file එක client (bittorrent) වෙත add කරලයි තියෙන්නේ. දැන් මේ දෙගොල්ලෝ ගැන කවුරු හරි සටහන් කරගන්න ඕන නේ? Tracker තමයි මේ ගැන සටහන් කරගන්නේ. මගේ අනිත් පෝස්ට් එකේ මේ වචන වල තේරුම් පැහැදිලි කරලා තියෙනවා. fff076
දැන් අපි Torrent සයිට් එකකට ගියොත් අපි දකිනවා seeders කියලා යම් ගානකුත්, leechers ලා කියලා යම් ගානකුත්. මේකෙදී seeders ලා කියන්නේ torrent file එකේ ඇති ෆයිල් එක seed කරන අය. leechers ලා කියන්නේ ඒ අවස්ථාවේ torrent එක ඩවුන්ලෝඩ් කරමින් ඉන්න අය.
උදාහරණ,
Seeders - 25 Leechers -50 ඉන්න ටොරන්ට් ගොනුවක, 25ස් දෙනෙක් මේ ගොනුවට අදාල ෆයිල් එක seed කරමින් ඉන්නා අතර , 50 දෙනෙක් එම අදාල ෆයිල් එක ඩවුන්ලෝඩ් කරනා බව හැඟවෙනවා.
මම මේ කියන්නේ ඉතාම සරලව. සංකීර්ණව නම් මේකේ විශාල පැහැදිලිකිරීම් ප්රමාණයක් තියෙනවා. ඔන්න දැන් අපි එන්නේ වැදගත්ම කොටසට,
Torrent වල Security (ආරක්ෂාව) ගැන. bbb02
මෙහෙමයි, අපි ISP හරහා කෙලින්ම ගියොත් එහෙම කොහොමත් හැමදේම හෙලුවන් වගේ තමයි. ඒ ගැන පස්සේ කියන්නම්.
දැන් කලින් කිව්වා වගේ, Torrent වලදී අපි ලෝකයේ වෙනත් පුද්ගලයන්ගේ පරිගණක හා සම්බන්ධවෙන නිසා අපේ සලකුණු (traces) හැමතැනම හිටිනවා. ඒ කියන්නේ අපි ගැන පරිස්සමට හොයන කෙනෙක්ට අපි ඩවුන්ලෝඩ් කලේ මොනාද කියන එක හොයාගන්න එක මහලොකු දෙයක් නෙවෙයි. ඒ නිසා ටොරන්ට් කියන්නේ හෙලුවෙන් පාරේ යනවා වගේ වැඩක්.
මම දැක්කා ප්රසිද්ධ හැකර් නමකින් ඉන්න පොරක් පොරගේ බ්ලොග් එකේ කියලා තියෙනවා ලොවට හොරා වැ# බාන්න ටොරන්ට් කියලා
. ඒවගේම අපේ පරණ A/L ICT ගුරත් ඒකම කිව්වා මට මතකයි, මම හිතන්නේ හැකර්ගේ බ්ලොග් එකේ දැකලා වෙන්න ඇති. 

මේ වගේ පුද්ගලයෝ නිසා මිනිස්සු හිතන්නේ හොරෙන් බානවනම් ටොරන්ට් තමයි කියලයි. මාව ශුවර් නැත්තම් ගූගල් දෙය්යගෙන් අහන්න
. 
නමුත් මේ Trace වීමට තිත තියන්න අපිට කරන්න පුලුවන් දේවල් තියෙනවා. මම අංක 1 විදියට කියන්නේ Secure VPN එකක් භාවිතය. මේකෙදී free දෙන අංජබජල් නම් හරියන්නෑ. Tor හරියන්නෙත් නෑ. කොහොම කලත් Free ක්රම හරහා ගියොත් එහෙම Tracker හරහා අපේ IP එක Trace වෙනවාම තමයි.
විසදුම තමයි private internet access වගේ secure VPN සේවාවක් භාවිතය. free දෙන එකකුත් තියෙනවා, ඒක තමා freevpn.me නමුත් ෆ්රී දෙන මේ සේවාව හරහා අපේ DNS Leak වෙනවා.
Private internet access තමා ඕන torrent site එකක් අනුමත කරන්නේ. මෙයාලා අඩුම ගානේ logs වත් තියාගන්නේ නෑ. DMCA වලට සහය දෙන්නෙත් නෑ. 100% ආරක්ෂිතයි. මේවගේ තව සේවාවක් තමා frootvpn කියන්නේ. තව ගොඩක් මේවගේ සේවා තියෙනවා.
ඉස්සර නම් frootvpn ෆ්රී දුන්නා. දැන්නම් දෙන්නේ නෑ. මම මේල් එකක් දැම්මාම කිව්වා තව මාස කීපයකින් ආයි ෆ්රී දෙනවා කියලා. බලමු.
Proxy හරහාත් අපිට ටොරන්ට් download කිරීමේ හැකියාව තිබ්බත් VPN එකෙන් දෙන ආරක්ෂාව public proxy එකකට දෙන්න බෑ.
එහෙනම් මම හිතනවා ටොරන්ට් ගැන මූලිකම දේවල් ටික කිව්වා කියලා fff003.
ඉදිරියට එන ලිපි,

. ඒවගේම අපේ පරණ A/L ICT ගුරත් ඒකම කිව්වා මට මතකයි, මම හිතන්නේ හැකර්ගේ බ්ලොග් එකේ දැකලා වෙන්න ඇති. මේ වගේ පුද්ගලයෝ නිසා මිනිස්සු හිතන්නේ හොරෙන් බානවනම් ටොරන්ට් තමයි කියලයි. මාව ශුවර් නැත්තම් ගූගල් දෙය්යගෙන් අහන්න

නමුත් මේ Trace වීමට තිත තියන්න අපිට කරන්න පුලුවන් දේවල් තියෙනවා. මම අංක 1 විදියට කියන්නේ Secure VPN එකක් භාවිතය. මේකෙදී free දෙන අංජබජල් නම් හරියන්නෑ. Tor හරියන්නෙත් නෑ. කොහොම කලත් Free ක්රම හරහා ගියොත් එහෙම Tracker හරහා අපේ IP එක Trace වෙනවාම තමයි.
විසදුම තමයි private internet access වගේ secure VPN සේවාවක් භාවිතය. free දෙන එකකුත් තියෙනවා, ඒක තමා freevpn.me නමුත් ෆ්රී දෙන මේ සේවාව හරහා අපේ DNS Leak වෙනවා.
Private internet access තමා ඕන torrent site එකක් අනුමත කරන්නේ. මෙයාලා අඩුම ගානේ logs වත් තියාගන්නේ නෑ. DMCA වලට සහය දෙන්නෙත් නෑ. 100% ආරක්ෂිතයි. මේවගේ තව සේවාවක් තමා frootvpn කියන්නේ. තව ගොඩක් මේවගේ සේවා තියෙනවා.
ඉස්සර නම් frootvpn ෆ්රී දුන්නා. දැන්නම් දෙන්නේ නෑ. මම මේල් එකක් දැම්මාම කිව්වා තව මාස කීපයකින් ආයි ෆ්රී දෙනවා කියලා. බලමු.

Proxy හරහාත් අපිට ටොරන්ට් download කිරීමේ හැකියාව තිබ්බත් VPN එකෙන් දෙන ආරක්ෂාව public proxy එකකට දෙන්න බෑ.

එහෙනම් මම හිතනවා ටොරන්ට් ගැන මූලිකම දේවල් ටික කිව්වා කියලා fff003.
ඉදිරියට එන ලිපි,
- ලංකාවේ ඉදලා Torrent Uploader/Seeder කෙනෙක් වෙන්නේ කොහොමද?
- Private Torrent Trackers ලා ගැන දන්නවාද?
- අපගේම Torrent ජාලයක් නිර්මාණයට උපදෙස් හා scripts.
- Torrent මගින් මුදල් උපයන ක්රම
- VUL කෙනෙක් සහ Elite Uploader කෙනෙක්ගේ කාර්යයන්
- Encoder කෙනෙක් වීමට පියවරෙන් පියවර උපදෙස් සහ තවත් ලිපි මෙම මස තුල post කරනු ලැබේ.