නූතනයේ Touch Screen යන්න හොදින් හුරු පුරුදු දෙයක් වී හමාරයි.ඒ ජංගම දුරකථනයේ පටන් පරිගණක මොනිටර් දක්වා සියළු උපකරණයන් භාවිතය වඩාත් පහසු කිරීමට Touch Screen තාක්ෂණය දායක වී ඇති නිසයි.
Touch Screen තාක්ෂණය ක්‍රියා කරණ ආකාරය අනුව කොටස් තුනකට බෙදේ.එනම්,
Resistive – ප්‍රතිරෝදීතාව සහිත තිර.
Capacitive – ධාරිත්‍රක ආකාරයට ක්‍රියා කරනු ලබන තිර.
Surface Acoustic Wave – විද්‍යුත් චුම්බක තරංග හෝ ධ්වනි තරංග භාවිතා කරනු ලබන තිර ලෙසයි.
* Resistive
Resistive තිර සකසා ඇත්තේ විද්‍යුතය සන්නයනය කරනු ලබන ලෝහ ආලේපිත වීදුරු තහඩුවක් සහ විද්‍යුත් සන්නයනයට ප්රතිරෝදීතාවක් දක්වන තහඩු දෙකක් කුඩා ඉඩක් සහිතව සවි කිරීමෙනි.මෙහිදී මෙම තහඩු කාඩිසීය තලයක් ලෙස බෙදී ඇත.මෙම තිරයට විදුලිය සැපයූ විට මෙම තහඩු දෙක අතර විදුලිය ගමන් කරනු ලබන අතර මෙම තිරයේ යම් ස්ථානයක් ස්පර්ශ කල විට ඒ බව කාටිසීය තලයට අනුව ස්පර්ශ කල ස්ථානය ස්ථීරවම හදුනාගනී.ඉන්පසුව එම ස්ථානයට අදාලව සිදු වියට යුතු ප්‍රතිදාන ක්‍රියාවලියට අනුව ප්රත්රිචාර තිරය විසින් නිකුත් කරනු ලබයි.මෙහිදී තිර සදහා භාවිතා වන්නේ ලෝහ ආලේපිත වීදුරු තහඩු නිසා මෙවැනි තිර වල දර්ශණය කරණු ලබන තිර සටහන් එතරම් පැහදිලි බවක් නොදක්වයි.ඒ හේතුව නිසාවෙන්ම Resistive තිර සහිත උපාංග මිලෙන්ද පහළ මට්ටමක ඇත.
එමෙන්ම Resistive තිරයන් යම් පීඩනයකින් ඇගිලෙන් හෝ වෙනස් ස්පර්ශක මාධ්‍යක් ඔස්සේ භාවිතා කල හැකිය.

* Capacitive
Capacitive තිර සකසා ඇත්තේ තරයේ වීදුරුව මත ධාරිත්‍රක ලෙස ක්‍රියා කරනු ලබන [ විද්‍යුතය ගබඩා කර ගන්නා ] විද්‍යුත් අංශු ආලේපනය කිරීමෙනි.තිරයට විදුලිය සැපයූ විට තිරයේ ආලේපිත ධාරිත්‍රක ලෙස ක්‍රියා කරනු ලබන විද්‍යුත් අංශු තුල විදුලිය ගබඩා කරගනු ලබයි.එවිට මෙම අංශු ධාරිත්‍රක ලෙස ක්‍රියා කරනු ලබයි.
තිරයේ යම් ස්ථානයක් ඇගිල්ලකින් ස්පර්ශ කළ විට එම ස්ථායේ ඇති විද්‍යුත් ධාරිත්‍රකයේ ගබඩා වී ඇති විද්‍යුත් අංශු වලින් යම් තරමක් ස්පර්ශ කල ඇගිල්ල වෙතට පැමිණෙනු ලබයි.මෙහිදී එම ස්ථානයේ ඇති විද්‍යුත් ධාරිත්රකයෙහි ධාරිතාවෙන් කොටසක් අඩුවේ.මෙසේ යම් ස්ථානයක විද්‍යූත් අංශු ප්‍රමාණයක් අඩුවූ විට ඒබව Capacitive තිර වල සතර කොන් වල ඇති සන්වේදක මගින් හදුනා ගනු ලබයි.ඉන් පසු එම ස්ථානයට අදාල ප්‍රතිචාරය දක්වනු ලැබේ.Resistive තිරයන්ට වඩා Capacitive තිර මගින් දර්ශණය කරනු ලබන දර්ශණයන් වල ත්‍රීවතාව වැඩිවේ.ඒ Capacitive තිර වලදී විද්‍යුත් අංශු ආලේප කර ඇත්තේ එක් ස්ථරයක පමණක් වන නිසාවෙනි.
පෙර Resistive තිරයන් වලදී මෙන් Capacitive තිර වලදී ස්පර්ශක තිරය භාවිතා කිරීමට නම් ඕනෑම ස්පර්ශකයක් භාවිතා කිරීම සිදු කල නොහැකිය.Capacitive තිර වලදී භාවිතා කල යුත්තේ විද්‍යුතය සන්නයනය කරනු ලබන ස්පර්ශකයක් පමණි
* Surface Acoustic Wave
Surface Acoustic Wave තිරයන් වලදී සිදු වන්නේ ධ්වනි තරංග නිකුත් කිරීම සහ ඒම තරංග ග්රහනය කිරීම මගින් ස්පර්ශ කරන ලද ස්ථානය හදුනා ගැනීමයි.මෙම තිරයන්ද කාටිසීය තලයක් ආකාරයෙන් බෙදී පවතී.මෙහිදී එක් ස්ථානයක් ස්පර්ශ කළ විට එම ස්ථානයෙන් නිකුත් වන ධ්වනි තරංග උකහා ගැනීමට x සහ y අක්ශ දිගේ තිරයේ කෙළවරයන් තුල සංවේදක පිහිටා ඇත.
Surface Acoustic Wave තිරයට විදුලිය සැපයූ විට කාටිසීය තලයේ x සහ y අක්ශ දිගේ එක් කෙළවරක සිට අනෙක් කෙලවරට විද්‍යුත් දහරාවක් ගමන් කිරීම සිදු වේ.මේ අවස්ථාවේදී තිරය දැලක් ලෙස ක්‍රියා කරනු ලැබේ.මෙසේ ගමන් කරනු ලබන විද්‍යුත් දහරාවට යම් ස්ථානයකදී බාදාවක් ඇති වුව හොත් ඒ බව ධ්වනි තරංග සංවේදක මගින් හදුනාගනු ලබයි.ඉන්පසුව එම ස්ථානයට අදාල ප්‍රතිචාරය දක්වනු ලැබේ.
මෙහිදී තිරය මත පෙර තාක්ෂණයන් වලදී මෙන් කිසිදු ආලේපන වර්ගයක් නොමැති බැවින් මෙහිදී පෙර තාක්ෂණයන් වලට වඩා වඩාත් උසස් දර්ශණයන් ලබාගත හැකිය.

උපුටාගැනීම
_________________________________________________________________
Sorry For Re Post
© 2011 Load King @ Elakiri.Com