Toyota එකටත් බඩු හම්බෙයි ද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    China වාහන නම් අනේ මන්දා.

    අදුරන එකෙක් BYD SUV එකක් ගත්තා. අරගෙන මාසයයි ආපහු Company දැම්මා එක එක සද්ද එනවා කියලා.

    BYD එක හදන්න china වලින් parts ගෙන්න ඕනේ කියලා ඌ දැන් කියනවා.
    උබ toyota එකේ නේද වැඩ කරන්නේ? 🙂
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    අපේ අයියා Seal එකක් ගත්ත එයානම් කිව්වේ ඕවරෙටඩ් ජරාවක් කියලා. මාස කීපයක් තියාගෙන ඉදල පාඩු පිට ඒක දීල දැම්ම.
    මචන් උඹලයි අයියා එහෙම කියන්න හේතුව මොකක්ද ?
     
    • Like
    Reactions: NRTG

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    මචන් උඹලයි අයියා එහෙම කියන්න හේතුව මොකක්ද ?
    මුලින්ම මල්ටි මිඩියා යුනිට් එක ඔටෝ රීබුට් වෙන ඊෂූ එකක් ඇවිල්ල තිබුනේ. පස්සේ රිවස් කැමරා එකත් ඔන් වෙන්නේ නැතුව ගිහින්. යුනිට් එක වොරන්ටි එකෙන් කවර් වෙන්නේ නැහැ කියලා අලුත් එකක් රීප්ලේස් කරන්න ඩිලර් ෂිප් එකෙන් ඩොලර් 800 ඉල්ලලා. තව උට කාර් එකේ ඕවරෝල් ෆිනිශින්ග් කොලිටි එක හරි යන්නෙත් නැහැ කිව්වා. මම අහපු කතාව තමයි ඔය.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,563
    1
    3,585
    113
    Earth
    ජපන් කොම්පැනි අතරේ තරඟයක් තිබුනට, කවදාවත් එකිනෙකා වට්ටවන්න කටයුතු කරන්නේ නැහැ. ඔය කියන ජපන් සමාගම් හැම එකක්ම වාගේ පසුගිය වසර හැට හැත්තෑවක කාලයේ මොනයම් හෝ සම්බන්ධයක් තිබුන ඒවා.

    වාහන වල නම වෙනස් කරලා තමන්ගේ තරඟකරුවෙකුගේ නමින් විකිණීම (badge engineering) කියන දේත් හැමදාටම තිබුනා. ඩයිහට්සු වාහන ටොයෝටා කියලා විකුනනවා, ටොයෝටා වාහන ඩයිහට්සු කියලා විකුනනවා, ඉසුසු වාහන සුබාරු කියලා විකුනනවා. ඒකම හොන්ඩා කියලත් විකුනනවා. සමාගම් වල කොටස් අනිකුත් තරඟකාරී සමාගම් වලට අයිති වීමත් ජපානයේ සුලභ දෙයක්.

    ඒ නිසා ජපන් සමාගම් ඔක්කොම එකතු උනත් මම නම් පුදුම වෙන්නේ නැහැ.

    In 1998, Daihatsu became a subsidiary of Toyota

    1735639421529.png
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    Man hitannee "Toyota" ekata echchara loku competition ekak tibunee nee egollangee "target market" market ekee anthima avurudu 10-20 vagee kaalee. EE hinda godak welavata ekama engine/gearbox/parts use karala market ekata vena vena models demma. (Ex. Parana Axio/Allion/Premeo) Eeth mewwa sell unaa Toyota brand name ekee power and reputation hinda.

    Cars sell una hinda innovation valata yanna echchara try karapu bawak peennee nee.

    Competitors hema weleema target karannee aneth company vala weak points. Man hitannee Chinese car brands meeka target kala. Chinesee car brands modern look ekak thiyena, aluth tech gadgets thiyena car ekak market ekata demma adu price ekata. Thawa tika kaalayak yanakota Chinese car valath quality eka denata vadaa godak improve vei. (Ex. South Korean cars vala vagee) Ehema unoth Chinese car brands digatama issarahata ei sale valin.

    Hebei Toyota kiyannee godak parana company ekak, loku "company culture" (Read "the Toyota Way") ekak thiyena company ekak. Ehema ekak, Nokia vagee vetei kiyala hitanna amarui.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    Automotive industry giant කෙනෙක් වෙච්ච Toyota වල market Share එක බාගෙට බාගයක් බැහැලා.Chinese brand වාහන දැනටත් ලෝකේ අල්ලලා ඉවරයි.nokia වලට වෙච්ච දේ Toyota වලට වෙයිද?

    https://fortune.com/asia/2024/10/30...ds-evs-recalls-faulty-data-china-competition/
    සෝඩා බෝතල් මචන් . චයිනිස් හැම දේම ලග නවන සීන් එකක් තියෙන්නේ .
    ලාභ බඩුවේ හිල් ඇත . ඔය හයිප් එක හැලෙනවා . උන්ට කොලිටි කියන එක ගන්න බෑ චීප් බඩු නිසා . අනික R & D ගැනත් උන් වැඩිය තකන් නෑ . ඒ කෝම උනත් EU , Japanese උන් ප්‍රයෝගික සැලැස්මකට එන්න වෙනවා හේදිලා යන මාකට් එක අල්ලගන්න නම්
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    උබ BYD Seal එකක් පාවිච්චි කරනවද නැත්නම් යුටියුබ් රිවිව් බලලද කියන්නේ ? අපේ අයියා Seal එකක් ගත්ත එයානම් කිව්වේ ඕවරෙටඩ් ජරාවක් කියලා. මාස කීපයක් තියාගෙන ඉදල පාඩු පිට ඒක දීල දැම්ම.
    යුටියුබ් රිවිව් නම් උන් සල්ලි දීල කරන්නේ
    BYD seal එක use කර්ලා තියෙනවා බන්.
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අවසන් ටොයෝට ඇණයත් ලංකාවේ නම් මාර්කට් බහින්නේ නෑ බය නැතුව අරං දාන්න මගේ රත්තරං යාලුවනේ
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    සෝඩා බෝතල් මචන් . චයිනිස් හැම දේම ලග නවන සීන් එකක් තියෙන්නේ .
    ලාභ බඩුවේ හිල් ඇත . ඔය හයිප් එක හැලෙනවා . උන්ට කොලිටි කියන එක ගන්න බෑ චීප් බඩු නිසා . අනික R & D ගැනත් උන් වැඩිය තකන් නෑ . ඒ කෝම උනත් EU , Japanese උන් ප්‍රයෝගික සැලැස්මකට එන්න වෙනවා හේදිලා යන මාකට් එක අල්ලගන්න නම්
    Ubala political talk ahala dan katha karanneth ewage.
    Unge hydrogen engine thiyanawa
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    Ubala political talk ahala dan katha karanneth ewage.
    Unge hydrogen engine thiyanawa
    හයිඩිජන් තාම ටෙස්ටින් මට්ටමේ . එකෙනෙත් ටොයෝටා හයිඩිජන් එක තමා ගොඩක්ම එෆිශන්ට් . ජපන්නු දන්නවා ev කියන මාකට් එක බොරු හයිප් එකක් කියලා . ජපන්නුට ඕනේ ඉට වඩා හොද ඉන්ධන ප්‍රභවයකට යන්න
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේ පෝස්ට් එකට සමාන පෝස්ට් එකකට මම කලකට පෙර ලියූ පිළිතුරක් පහතින් දානවා.

    මේක දිග හෑල්ලක් වෙයි. කැමති නම් විතරක් කියවන්න.

    චීන වාහන කවදා හරි දවසක ලෝකයේ හොඳ වාහන අතරට ඒවි. නමුත් ඒ දිනය එන්නේ කවදාද කියන එක ගැන නම් මම අනාවැකි කියන්නේ නැහැ. මම නම් චීන හෝ කොරියන් වාහනයක් ගන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඒක මගේ වයසේ අයට තියන ප්‍රශ්නයක් මිසක් වාහන වල කොලිටි එකේ ප්‍රශ්නයක් නොවෙයි.

    60, 70 දශක වල අපේ තාත්තලාගේ පරම්පරාව කාලේ ජපන් වාහන සැලකුවේ බාල වාහන හැටියටයි. ඒ කාලේ බ්‍රිටිෂ්, ජර්මන්, ෆ්‍රෙන්ච්, ඇමරිකන් වාහන තමයි හොඳ වාහන හැටියට සැලකුවේ. 70 දශකයේ අග භාගේ (මම ලයිසන් ගන්න කිට්ටුව) අපේ ගෙදර තිබුන විලීස් ජීප් එක විකුනලා වෙනත් වාහනයක් ගන්න කොට, මට ඕනෑ උනේ 4DR5 එකක් ගන්නයි. නමුත් තාත්තාගේ තේරීම උනේ හපුටු ලෑන්ඩ් රෝවර් එකක්. ඒ තමයි ඒ කාලේ හැටි.

    80 දශකය වෙනකොට ජපන් වාහන හොඳයි කියන එක හැමෝම පිළිගත්තත්, හුයන්ඩායි, කියා, වගේ කොරියන් වාහන වලට පිළිගැනීමක් තිබුනේ නැහැ. නමුත් 2000 න් පස්සේ විතර ඒ තත්ත්වයත් වෙනස් වෙලා, හුන්ඩායි වලට එහෙම දැන් සෑහෙන හොඳ පිළිගැනීමක් තියනවා.

    මහේන්ද්‍ර ඇන්ඩ් මහේන්ද්‍ර (ඉස්සර ඒ වාහන හැඳින්වුණේ එහෙමයි) වගේ ඒවා දැන් අවුරුදු පනහක් හැටක් හෝ ඊටත් වැඩි කාලයක් (මහේන්ද්‍ර ජීප් 60, 70 දශක වලත් ලංකාවේ තිබුනා) තිස්සේ හැදුවත්, ඉන්දියන් කාරයන්ගේ තියන ගොරහැඩි, රළු, නොසැලකිලිමත් ගතිය නැති කරගන්න තවමත් බැරි වෙලා. ඒවා හැදිලා එනකොට චීනා ලෝකයේ වාහන වෙළඳපොල අල්ලාගෙන ඉවර වෙලා තියෙයි.

    ලංකාවේ වාහන පාවිච්චි කරන අය බහුතරයක් වාහන පාවිච්චි කරන්නේ තමන්ගේ ගමන් පහසුව සලසා ගැනීම මුල් කරගෙන නොවෙයි. ඉන්ධන කාර්යක්ෂමතාවය, සමාජ/ආර්ථික තත්ත්වය පෙන්නීම, ආයෝජනයක් හැටියට, එහෙම නැතිනම් ලස්සනට තියාගන්න වගේ නොවැදගත් කරුණු මුල් කරගෙනයි. දියුණු රටවල මිනිස්සු වාහන පාවිච්චි කරන්නේ ආරක්ෂාකාරීව, විශ්වාසදායකව, ගමන් පහසුව/ප්‍රවාහන අවශ්‍යතා සලසා ගැනීමට හෝ වෙනත් විශේෂිත අවශ්‍යතා සඳහා යි. ඒ නිසා තමයි අඩු මිලට තියන චීන, කොරියන් වාහන වලට ඉහල ඉල්ලුමක් තියෙන්නේ . මේ ගැන මගේ අත්දැකීමක් කියන්නම්.

    මීට වසර විසිපහකට තිහකට පෙර මා සේවය කල සමාගම අපේ දැනුම වැඩි කිරීමට ගේ දොර/ ඉඩම් මිලදී ගැනීම, වාහන මිලදී ගැනීම, ආයෝජනය කිරීම වැනි ක්ෂේත්‍ර වල උපදේශකයන් ගෙන්වා අපිට දේශන පවත්වනවා. එයින් වාහන මිලදී ගැනීම ගැන කියූ දේවල් තාමත් මතකයි.
    ඒ කාලේ කොරියන් වාහන වලට තිබුනේ අද කාලේ චීන වාහන වලට තියන (නො)පිළිගැනීමයි. එක හා සමාන කොරියන්/ජපන්/ජර්මන් වාහන තුනක මිල ගණන් ඩොලර් 15,000/30,000/45,000 ලෙස වුනා. (මේ වාහන මිලදී ගන්නේ ණය ට කියන එකත් කිව යුතුයි.) එයින් කොරියන් වාහනයක් අවුරුදු පහකුත්, ජපන් අවුරුදු 10/ ජර්මන් අවුරුදු 15 කුත් කරදරයකින් තොරව පාවිච්චි කිරීමට හැකියි. වාහන තුනටම වසර 5 ක වොරන්ටියක් ලැබෙනවා. වසර පහකට roadside assistance නොමිලේ ලැබෙනවා. වසර පහකට වරක් ටයර්/බැටරි අළුතෙන් දැමිය යුතුයි. $15,000/30,000/45,000 ලෙස ණය වාරිකය හා පොලිය ගෙවිය යුතුයි. වසර පහක් අවසානයේ කොරියන් වාහනය ඩොලර් 5000 කට විකිණිය හැකියි. වසර 10 අවසානයේ ජපන් වාහනය ඩොලර් 2500 කට විකිණිය හැකියි. වසර 15 අවසානයේ ජර්මන් වාහනය යකඩ බරට ඩොලර් 50 කට (ඒකත් ගෙනිහින් දුන්නොත් විතරයි, ඇවිත් අරං යන්නේ නිකං) විකිණිය හැකියි. මේ අනුව, කොරියන් වාහනයක් 15,000 කට අරං වසර 5 කට වරක් ඒක විකුණා අලුත් එකක් ගැනීම ඉතාම ඥානාන්විත තේරීමයි. පිළිතුර දිග වෙන නිසා මෙහි නොකියූ කරුණු විශාල ගණනක් මේ සඳහා හේතු වෙනවා.මේ නිසා ඉතාම නුවණක්කාර තේරීම වෙන්නේ අඩු කුලේ කොරියන් වාහනයයි. මේ තත්වය වර්තමානයට ආදේශ කලාම, අඩු කුලේ, ලාබ, චීන වාහනයක් හොඳම තේරීම වීම වලක්වන්න බැහැ. දැන් ඕස්ට්‍රේලියාවේ බලන බලන පැත්තේ MG වැහි වැහලා. ඩොලර් 23,000 ඉඳලා තියන MG එකට සමාන හොන්ඩා HRV (ලංකාවේ නම් වෙසල්) එකක් 36,000 වෙනවා. සුබාරුත් ඒ හා සමානයි. ඉතින් හොන්ඩා හෝ සුබාරු දෙකක් ගන්නා මුදලට MG තුනක් ගන්න පුළුවන්.
     
    Hali neme lankawata galapenne toyota hydrogen vehicle.
     
    • Like
    Reactions: NRTG