TOYOTA COROLLA -එතෙක් මෙතෙක් ලෝකයේ ජනප‍්‍රියතම වාහනය

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    TOYOTA COROLLA -එතෙක් මෙතෙක් ලෝකයේ ජනප‍්‍රියතම වාහනය



    1966 වසරේ එලිදැක්වුනු 1වැනි පරම්පරාවේ ටොයෝටා කොරොල්ලා රථය.
    TOYOTA TECNNO MUSEUM - Nagoya, Japan | Image Credit : Wikimedia


    කලින් කලට ලෝකයේ බොහෝ නිෂ්පාදන සිදුකරන අතරතුර ජපානය ගැන අභිමානයෙන් වැඩකළ කෙනෙක් ‘සකිචි ටොයොඩෝ’. හැම මොහොතකම ඔහු විශ්වාස කළේ ජපනුන්ගේ දෑත් වලින් නිෂ්පාදනයක් නිර්මාණය විය යුතුයි යන්නයි. ඒ නිසාම ඔහු වචනය වගේම ක්‍රියාවත් ඔප්පු කරමින් සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන රෙදි වියන යන්ත්‍රයක් නිර්මාණය කරනවා.

    ඔහු කළ ඒ නිර්මාණය ටොයොටා කර්මාන්තයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. ඒ නිසයි තවදුරටත් නිෂ්පාදන කාර්යයේ ‍යෙදෙන සකිචි ටොයොඩා තම ආදරණීය පුතණුවන් ‘කිචිරෝ ටොයොඩාට’ මෝටර් රථ නිෂ්පාදනයට අවශ්‍ය දැනුම ලබා දෙන්න උනන්දු වෙන්නේ. ඒ කිචිරෝ තුළින් අනාගතයේ මහා කර්මාන්තකරුවකු දැකපු නිසා.

    තාත්තාගේ බලාපොරොත්තුව සනාථ කරමින් ලබා ගත් දැනුමත් එක්ක විවිධ අත්හදා බැලීම් කරන කිචිරෝ 1930 දී මෝටර් රථයකට අවශ්‍ය තාක්ෂණය සොයා ගන්නවා. අවුරුදු දෙකක උත්සහයත් එක්ක විසිදෙනෙකුගේ පමණ මහන්සියෙන් ඔවුන් කරන පළමු නිෂ්පාදනය වූයේ A1 කාණ්ඩ මෝටර් රථයයි. ‍ෙම්ත් සමඟ 1933 දී ‘ටොයොඩා’ මෝටර් රථ සමාගම ඔහු ආරම්භ කරනවා. ආරම්භයේදීම ‘ටොයොඩා’ පවුලේ නමින් සිය නිෂ්පාදන කළ අතරම 1936 සැප්තැම්බර් මස අලුත් නමක් සොයන්න ඔවුන් උත්සාහ කළා. පොදු ජනයාගේම හිතසුව පිණිස සිදුකරන නිෂ්පාදනයක් නිසාම කිචිරෝ පව‍ුලේ උදවියත් එක්ක අපූරු යෝජනාවකට එළැඹුණා. අලුත් නමක් ලෝගෝවක් වෙනුවෙන් මහජනයා අතර තරගයක් ආරම්භ කළා. විසිහත්දහසක නිර්මාණ අතරින් ඔවුන් සොයාගත් නාමය වුණේ ‘ටොයො‍ටා’ යි. ජපන් ක්‍රමයේ ටොයොටා යන්න අක්ෂර අටකින් හැදින්වූවා. අංක අට වාසනාව ගෙනෙන අංකයක් ලෙස ජපනුන් අතර ඇති විශ්වාසය නිසාම ටොයොටා මෝටර් රථ සමාගම ලෙස 1937 දී ලියාපදිංචි වෙන්න ගන්නවා.




    E20 from 1970, 2nd Generation Corolla | Image Credit : Wikimedia



    E80 from 1983, 5th Generation Corolla | Image Credit : Wikimedia
    ටොයොටා කොරොල්ලා මුලින්ම ජපානය හඳුන්වා දෙන්නේ 1966 දී. කොරොල්ලා යන වදනෙහි තේරුම මලින් තැනූ ඔටුන්නක් වැනි හිස් පලදනාවක් යන්නයි. 1966 ඔක්තෝම්බර් මස එලිදැක්වුනු මුල්ම ටොයෝටා කොරොල්ලා රථය 110CC ධාරිතාවයකින් යුතු එන්ජිමකින් සමන්විතවුනා. මෙය E10 ලෙස ටොයෝටා සමාගම නම්තබා තිබුණා. 1974 වනවිට ටොයෝටා කොරොල්ලා මාදිලිය ලොව වැඩියෙන්ම අලෙවිවන වාහනය බවට පත්වෙනවා. ලෝකයේ රටවල් අතර ඉතාම හොඳින් අලෙවි වන වාහනය ලෙස ටොයොටා කොරොල්ලා අදටත් ලෝකයේ අංක එකේ රැඳී ඉන්නවා. 2013 ජූලි මාසය වනවිට පරම්පරා එකොළහක් පසු කරමින් මිලියන හතළිහකට අධික ටොයොටා කොරොල්ලා මෝටර් රථ පමණක් ලොව පුරා බෙදී ගොස් අවසන්. 2014 වසරේදී එලිදක්වන්නට නියමිත ටොයෝටා කොරොල්ලා රථය කොරොල්ලා පවුලේ 11වැනි පරම්පරාවේ (11 generation Toyota) රථය වන අතර එය E160 ලෙස නම්තබා තිබෙනවා.





    E160, 2014 Toyota Corolla (USA Edition) | Image Credit : Wikimedia
    1995 දී ලංකාවට එක ටොයොටා කොරොල්ලා මෝටර් ථයක වටිනාකම වුණේ රුපියල් ලක්ෂ 13 ක්. එහෙත් අද නවීන පන්නයේ වෙළෙඳ පොළට එන ටොයොටා කොරොල්ලා නවතම කාණ්ඩයේ මෝටර් රථයක් රුපියල් ලක්ෂ 80ටත් වැඩි මිලකට අලෙවි වෙනවා‍.

    දිනෙන් දින එකතුවන නවතම තාක්ෂණයත් සමඟ වෙළෙඳ පොළ මෙන් ම ජනතා ආකර්ෂණය දිනාගත් කිචිරෝ ටොයොඩාගේ ටොයොටා මෝටර් රථ අද ලෝකයේ අංක එකේ නාමය බවට පත්ව අවසන්. 1894 ජුනි 11 ජපානයේ උපත ලද කිචිරෝ තම ආදරණීය පියාගේ සිහිනය සැබෑ කරමින් මෝටර් රථ නිෂ්පාදනයේ දැවැන්ත පෙරැළියක් කරමින් 1952 මාර්තු මස 27 දා සදහටම ජීවිතයෙන් සමුගෙන යන්නේ මෝටර් රථ නිෂ්පාදනයේ යුගයක් නිර්මාණය කළ යුග පුරුෂයකු විදිහටයි.

    උඩ ටික ගත්තේ විද්‍යා ගවේෂණ එකේන්
    හොදනම් rep දිලා යන්න
    තව කාටහරි බලන්න bump එකක් දාගෙන යන්න


    1st Generation Corolla
    1st_svga.jpg



    2nd Generation Corolla Levin

    2nd_svga.jpg



    3rd_title_01.jpg


    4th_title_01.jpg


    5th_title_01.jpg


    6th_title_01.jpg


    7th_title_01.jpg


    7th_title_01.jpg


    8th_title_01.jpg


    9th_title_01.jpg


    10th_title_01.jpg





     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    repped.gif





    කාර් නම් ටොයොටා

    කොරොල්ලා කියන්නේ ලෝකෙම වෙනස් කරපු සීරීස් එකක්. මටත් කාර් නම් එක්කෝ කොරොල්ලා සීරීස් එක නැත්නම් NZE සීරීස් එක

    ජර්මන් ඇමරිකන් අපිට ලංකාවේ පදින්න ගැලපෙන්නේ නෑනේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    mekath mage

    මෙන්න මේවා මම පැදලා තියෙනවා. මෙන්න ලංකාවේ තත්වය අනුව මේවගේ ගුන දොස්. ඇන්ජින් ලෙඩ කියල ජාතියක් නම් නෑ. මම කියන්නේ තෙල් පැත්ත

    AE 100 1500cc 11-12kmpl
    ae 110 1500cc auto 11-13kmpl / manual 12-13kmpl
    AE 121 - 1500CC auto 14-15kmpl / manual -more than 15kmpl
    1300cc ගන්න එපා මී හරකා වගේ
    1600cc පොඩ්ඩක් තෙල් කරනව අඩුයි. ගන්නවනම් ඩොමෙස්ටික් 121 එක ගන්න ඕනේ

    AE 141 - 1600cc - 9kmpl - 10kmpl ලංකාවේ තියෙන්නේ 2008 පර්මිට් ආපුවා. ඒකේ ගියර් බොක්ස් කතාවක් නිසයි තෙල් කේස් එක ආවේ. CVT ගියර් බොක්ස් එකක් නෙමේ තියෙන්නේ. මම දන්න විදිහට CVT ආවා 2009න් පස්සේ. ඒවා තෙල් කරනවා. ඒත් ලංකාවට 2008ට පස්සේ පර්මිට් ආවේ මේ ලගදිනේ ඒ නිසා ඒ මොඩල් ලංකාවේ නෑ

    141 - axio 14-15kmpl දැනට තියෙන හොදම කාර් එකක්
     
    Last edited:
    • Like
    Reactions: IDG

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;16078232 said:
    repped.gif





    කාර් නම් ටොයොටා

    කොරොල්ලා කියන්නේ ලෝකෙම වෙනස් කරපු සීරීස් එකක්. මටත් කාර් නම් එක්කෝ කොරොල්ලා සීරීස් එක නැත්නම් NZE සීරීස් එක

    ජර්මන් ඇමරිකන් අපිට ලංකාවේ පදින්න ගැලපෙන්නේ නෑනේ

    Anika bun german ewa comfortable unata leda enawa wedi toyota walata wata :cool:Japaneses market eka european car market eka overtake kare Japaneses cars wala thiyena reliability eka nisa :yes:american cars gena num ithin kiyala wedak ne dana un danawa:baffled:Japaneses qulity eka laginwath thiyana be:angry:
     
    Last edited:
    • Like
    Reactions: IDG

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Anika bun german ewa comfortable unata leda enawa wedi toyota walata wata :cool:Japaneses market eka european car market eka overtake kare Japaneses cars wala thiyena reliability eka nisa :yes:american cars gena num ithin kiyala wedak ne dana un danawa:baffled:Japaneses qulity eka laginwath thiyana be:angry:

    මේකයි මචන් සීන් එක, ඔය බෙන්ස් වල එහෙම මාර විදිහට ටෙක්නොලොජි එක පාවිච්චි වෙනවා,ජපන් වාහන වල දැන් එන ඔප්ශන් 1995 බෙන්ස්වල මීටත් වඩා වැඩියෙන් ආවා මචන්. දැන් බලපන් චයිනීස් ටැබ් එකක් 6000කට විතර යන එකේ ජපනට බැරිකමක් නෑනේ මීටර් පැනල් එක කලර් ඩිස්ප්ලේ ගහන්න, උන් එහෙම ගහන්නේ නෑ. evoque එකකට නැගලා බලපන්කෝ කොම්පියුටරයක් උඩට නැග්ගා වගේ. යමක් සංකීර්න වෙනවා කියන්නේ හොදයි කියන එක නෙමේ, සරල වෙන තරමටයි පැවැත්ම තියෙන්නේ. ජර්මන් වාහන එහෙම හදන්නේ සල්ලිකාරයන්ට අව්රුදු 5ක් පැදලා අයින් කරන්න, ඒ අව්රුදු 5හේ ඉතින් මොකුත්ම වෙන්නේ නෑ, ඒක ශුවර්, ඒත් ලංකාවේ අපි හුගාක් වෙලාවට අන් රෙජිස්ටර් ගන්නෙත් 5ක් පැදපුවා.
     
    Last edited:

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    රත්තරං;16078234 said:
    mekath mage

    මෙන්න මේවා මම පැදලා තියෙනවා. මෙන්න ලංකාවේ තත්වය අනුව මේවගේ ගුන දොස්. ඇන්ජින් ලෙඩ කියල ජාතියක් නම් නෑ. මම කියන්නේ තෙල් පැත්ත

    AE 100 1500cc 11-12kmpl
    ae 110 1500cc auto 11-13kmpl / manual 12-13kmpl
    AE 121 - 1500CC auto 14-15kmpl / manual -more than 15kmpl
    1300cc ගන්න එපා මී හරකා වගේ
    1600cc පොඩ්ඩක් තෙල් කරනව අඩුයි. ගන්නවනම් ඩොමෙස්ටික් 121 එක ගන්න ඕනේ

    AE 141 - 1600cc - 9kmpl - 10kmpl ලංකාවේ තියෙන්නේ 2008 පර්මිට් ආපුවා. ඒකේ ගියර් බොක්ස් කතාවක් නිසයි තෙල් කේස් එක ආවේ. CVT ගියර් බොක්ස් එකක් නෙමේ තියෙන්නේ. මම දන්න විදිහට CVT ආවා 2009න් පස්සේ. ඒවා තෙල් කරනවා. ඒත් ලංකාවට 2008ට පස්සේ පර්මිට් ආවේ මේ ලගදිනේ ඒ නිසා ඒ මොඩල් ලංකාවේ නෑ

    141 - axio 14-15kmpl දැනට තියෙන හොදම කාර් එකක්

    Axio akak ma gawath thiyenne.....ela wahane
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    නියමයි මචන්...ඇත්තම කියනවා නම් මට නම් ලස්සන ඉස්සර ආපු කාර්..දැන් ඒවා පුම්බපු බැලුන් වගේ..පරණ කොරොල්ලා ලෙවින් එකක් සුපිරියට හදන්න ආසාව තාම හිතේ තියෙනවා..