පොලිසියට කැමරා එනවා සිස්ටම් එකක් එක්ක ආමි එක තමා දැන් ඩ්‍රයිවින් ලයිසන් හදන්නේ චිප් එක කියවන උපකරණ පොලිසියට දෙන්න යන්නේ
කොලබ හා ආසන්න නගර වන මිගමුව,ගම්පහ,කඩවත,කැලණිය,කඩුවෙල,අවිස්සාවේල්ල,හොරණ,මතුගම,කළුතර,අලුත්ගම වගේ ප්‍රදේශ වල ඉදන් කොලබ පැත්තට දිවෙන සියලු බස් සේවා පුද්ගලික අයිතිකරුවන්ට වන්දි ගෙවලා ආණ්ඩුවට අරන් පරණ බස් ඔක්කොම ගැලපෙන විදියට හදලා තව අලුත් බසුත් ගෙනත් සමාගම් 3ක් වගේ ඇති කරලා පුද්ගලික හා රජයේ හවුල් කාරිත්වය යටතේ නෝමල් බස් 1යි AC බස් 2යි වගේ ක්‍රමේකට දවස ගානේ ප්‍රමුකතාව කොම්පැනි තුන අතරේ මාරු වෙන කාලසටහන් අනුව වාහන පාක් කරන ලොකු අංගන එක්ක කොච්චි ස්ටේෂන් සම්බන්ද වෙන විදියට බෝට්ටු සර්විස් හා මුහුදු මාර්ග සම්බන්ද වෙන විදියේ ලොකු ප්ලෑන් එකක් හදලා පියවරෙන් පියවරට ගේනවා නම් මේ වැඩේ හොදටම සාර්ථක කරන්න පුළුවන්.
ඔය උඩ විස්තරේ දැකලා නළල රැලි කරගන්න එපා
කුඩා ඇළ මාර්ග මිගමුව බත්තරමුල්ල කැලණිය කොහුවල වැල්ලවත්ත දෙහිවල slave island වගේ පැති වල තියෙනවා මේවට ගැලපෙන්න නේවි එකේ දැනට හදන කුඩා බෝට්ටු ටිකක් මොඩිෆයි කරලා නේවි එකටම කියලා හදාගන්න පුළුවන් නේවි එකටම කියලා දුවවන්න පුළුවන් ඕනේ නම් වෙරල ආරක්ෂක මුහුදු හා ජලජ ප්‍රවාහන කියලා මොකක් හරි එකක් හදලා සිවිල් අයත් පුහුණු කරන්න පුළුවන්නේ
තව ඕනේ නම් රට වටේ මුහුද ෆේරි සර්විස් එකක් යටතේ මුහුදට ආසන්න නගර හරහා ක්‍රියාත්මක වෙන කුඩා නැව් සේවයක් කරන්න පුළුවන් මේ නැව් කොලබ නැවු තටාන්ගනයෙන් හදාගන්න පුළුවන් ඔවුන් දැනටමත් එහෙම ඒවා හදලා ජපානේ වගේ රටවල් වලට යවන්නේ. මේ සර්විස් එක සංචාරක/විනෝද චාරිකා වශයෙන් ඉතා වටිනවා.
කොච්චි නැවතුම් වල තියෙන ඉඩවල් පාකින් වලට ගත්තාම ඒවා ලග ඉදන් හොද බස් සර්විස් එකක් තියෙනවා නම්, ඊට අමතරව කොලබ කිට්ටුව ඇති අධිවේගී පිටවීම් වලත් පාකින් හදලා ඔය බස් සේවා දැම්මා නම් වැඩේ ලේසියි.
තව ඕනේ නම් රත්මලාන කටුනායක පලාලි මත්තල මඩකලපු නුවරඑලිය වගේ දුවන සිවිල් ගුවන් සේවයක් බස්නාහිර පලාත තුල පමණක් දාවනය වන රජයේ අනුමත ගාස්තු ක්‍රමයක් සහිත වෙනත් වර්ණයකින් යුතු ටුක් ටුක් හා කැබ් සර්විස් එකක් වගේ දේවලුත් ගෙන්න පුළුවන්.
ඔය සියලු ප්‍රවාහන සේවා වලට ගෙවන්න කාඩ් සිස්ටම් එකක් එහෙම හැදුවට පස්සේ එන පුද්ගලික වාහන සදහා ගාස්තු අය කරා නම්, නගරේ ඇතුලත පාකින් සියල්ල ස්වයංක්‍රිය මුදල් අයවීම් ඇති කරා නම් නගරේ දුවන වාහන සදහා බලපත්‍ර ක්‍රමයක් ගෙනාවා නම් නිකන්ම මේවා හරියනවා.
තව ටිකෙන් අමතක වෙනවා දුර ගමන් බස් නගරය තුල නවත්වන සීමිත නැවතුම් ටිකක් දෙන්න ඕනේ ඒවා අනිවාර්යෙන් සියලුම බස් නැවතුම් ස්ථාන කැමරා හරහා මොනිටර් වෙන්න ඕනේ දඩ කොලේ ගෙදරට ඔටෝ යැවෙන්න ඕනේ.
මේක ලොකු සිස්ටම් එකක් මුලිකව රජයට වියදමක් දරන්න වෙනවා නමුත් දිගු කාලින ප්රතිලාභ වැඩියි. LRT එක තරම් නම් මේවට වියදම් යන්නේ නැති වෙයි. හැබැයි විදුලි දුම්රිය සේවාවක් කොලබ නගරය හා ආසන්න නගර ආවරණය වෙන්න හදනවා වගේම ගාල්ල, කුරුනෑගල, පුත්තලම හා පුලුවන්නම් නුවරට අධිවේගී විදුලි දුම්රිය සේවයක් දිගුකාලින හොද ආයෝජනයක් වෙයි
ඔය සියලු ප්‍රවාහන සේවා වලට ගෙවන්න කාඩ් සිස්ටම් එකක් එහෙම හැදුවට පස්සේ එන පුද්ගලික වාහන සදහා ගාස්තු අය කරා නම්, නගරේ ඇතුලත පාකින් සියල්ල ස්වයංක්‍රිය මුදල් අයවීම් ඇති කරා නම් නගරේ දුවන වාහන සදහා බලපත්‍ර ක්‍රමයක් ගෙනාවා නම් නිකන්ම මේවා හරියනවා.
මිනිස්සු කැමතියි තමන්ගේ වාහනේ විතරක් පාරේ යන්න තියෙනවා නම් බස් එක ඔෆිස් එකේ ගේට්ටුවෙන් ඇතුලට දාලා තමන් බස්සවනවානම් නමුත් රටක අගනුවර ඒවාට තැන නෙවෙයි
තියෙන ඇළ මාර්ග ටික සුද්ද කරලා ආවරණය උන බෝට්ටු ටිකක් හදලා මුලින්ම අඩු ගාස්තු ක්‍රමයකින් බෝට්ටු සර්විස් එක පටන් ගන්න පුළුවන්
ස්ටේෂන් වල ඉදන් ටික සුද්ද කරලා බස් සර්විස් එක ඉක්මනින් පටන් ගන්නත් පුළුවන්
traffic එකට answer කරන්න පුළුවන් හැම ක්‍රමේම යොදා ගන්න ඕනේ
මුලිකව ප්‍රදාන හා අවට උපප්‍රදාන නගර අතර ධාවනය වෙන බස් රජය ගෙවීමක් කරලා අරන් බස් සමාගම් දාන්න ඕනේ නැත්නම් මේවා හරියන්නේ නැහැ
හොද බලශක්ති සැපයුමක් හොදින් සම්බන්ද වූ මාර්ග හා දුම්රිය පද්දතියක් නාවික හා ගුවන් කේන්ද්‍රස්ථානයක් තියෙන රටක් ලේසියට වැටෙන්නේ නැහැ හරියට නියම සැලසුමකට ක්‍රියාත්මක උනොත්