කුලී වැඩ කරන්න ගිහින් උපාධිධරයා මරුට
මාතර රාහුල හන්දියේ පස් මහල් ගොඩනැඟිල්ලක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි අත් උදව්කරුවකු වූ විරැකියා උපාධිධරයා ගාල්ල කරාපිටිය රෝහලේ දී මරුමුවට පත්විය. මාතර දීයගහ ඩබ්ලිව්.එම්. රුවන් ශාන්ත (27) එසේ මරුමුවට පත්වූයේ සණස රක්ෂණ සමාගමේ පත්වීම් ලිපිය තැපෑලට යැවීමට ද පෙරය. ඔහු රුහුණු සරසවියේ කලා උපාධිධරයෙකි. 2010 දී උපාධිය සමත්වූ ඔහු රැකියාවක්සොයා ගත නොහැකිවූ තැන කුලී වැඩට ගියේය. බාප්පා සමග රාහුල පාරේ කුලී වැඩටගොස් දින තුනකි. දිනකට කුලිය රුපියල් අට සියයකි.
මේ මගේ වයසෙම කොල්ලෙක්, මාත් එක්කම එකම ඉන්ටේක් එකෙන් මම සිලෙක්ට් උන කැම්පස් එකටම ගියපු කොල්ලෙක්...
කිසිම පෞද්ගලික ඇඳිනුම් කමක් නැති උනත් මේ මරනය මගෙ හිතට ගොඩක් දැනුන..
මේ කොල්ලගෙ අම්මව දැක්කම මට මගේ අම්මව මතක් වෙනව...
මට මේ වගේ දෙයක් උනානම් මගේ අම්මට මොන විදියෙ හැඟීමක් ඇති වෙයිද... ඒ මනුස්සය මොනතරම් දුකක් උහුලගෙන ඉන්නව ඇත්ද...
මේ විදියට මැරෙන්න තරම් මූ කරපු වැරැද්ද මොකද්ද...?
වරද කාගෙද, කොතැනද...?
මේ මරණය ගැන අපේ රට කරවන ඇත්තො මොනව කියනවද දන්නෙ නෑ.... එක අතකට දැන් මොනව කිව්වත් වැඩකුත් නෑ... අපිට ඉතින් වෙන කරන්න දෙයක් නෑ, මෙ මරණය මේ විදියෙ අවසන් මරණය වේවා කියල ප්‍රාර්ථනා කරනව ඇරෙන්න..

ප්‍රවෘත්තිය හා ඡායාරූප උපුටා ගැනීම: ලංකාදීප