පරණ කළු-සුදු හොලිවුඩ් චිත්‍රපටිවල නළු නිළියො වගේම පරණ ටෙලිවිෂන්, රේඩියෝ වැඩසටහන්වල නිවේදකයො භාෂා භාවිතේදී ඇමරිකා-බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි භාෂා උච්චාරණවල සම්මිශ්‍රණයක් විදිහට හැදුණු වෙනස් ම විදිහක උච්චාරණයක් පාවිච්චි කරපු බව හුගක් අය අහලා දැකලා ඇතිනෙ. ඇමරිකාවෙ උපත ලබපු "Transatlantic Accent" කියන මේ සුවිශේෂ භාෂා උච්චාරණ ශෛලිය 1920 දශකයේ ඉදලා 1950 දශකයේ අගභාගෙ වෙනකම් ම ඇමරිකාවෙ සිනමා, රේඩියෝ සහ රූපවාහිනී මාධ්‍යවල සුලභව දකින්න ලැබුණා. කොහොම නමුත් 1960 දශකයේ ආරම්භයත් එක්ක මේ "Transatlantic Accent" සම්පූර්ණෙන් ම වගේ භාවිතයෙන් ඈත්වෙලා යනවා. මෙහෙම මේ "Transatlantic Accent" හිටිහැටියෙ භාවිතයෙන් ඈත්වෙන්න මුල් වුණු හේතු වගේම, "Transatlantic Accent" එකේ උපත සිදුවුණු විදිහත්, එකේ ඉතිහාසයත් ගැන තමයි මේ වීඩියෝ එකෙන් වැඩිදුරටත් පැහැදිලි කරන්නෙ.
.
.