Transformers 4 ~2014~

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මේ ආරංචිය යකඩ රොබෝවරුන්ගේ සිව්වන ආගමනය ගැනයි. කලින් වතාවේ අපි කිව්වනේ යම් යම් තොරතුරු මෙහි වෙනස් වන මිනිස් චරිත ගැන, දැන් මේ දෙන්න හදන ආරංචිය මෙහි වෙනස් වන රොබෝ චරිත ගැන සහ තවත් එක මනුෂ්‍ය චරිතයක් ගැන.​

    Transformers-4-Wallpaper.jpg



    TJ_Miller_standup.jpg



    එහෙනම් මම කියන්නම් මුලින්ම මෙහි අලුත් වන මිනිස් චරිතය රඟ දක්වන්නේ කවුද ඒ වගේම එම චරිතය ගැනත්. මේ නළුවා නමින් T.J. Miller වන අතර ප්‍රහසන නළුවෙක්. ඔහු රඟ පෑ චිත්‍රපටියක් තමයි She’s Out of Your League කියන්නෙත්. ඔහුගේ චරිතය වන්නේ රථ වාහන කාර්මික ශිල්පියෙක්ගේ චරිතයක් වන අතර ඔහු මිතුරෙක් වෙනවා ප්‍රධාන චරිතය වන Flynn Vincent (Mark Wahlberg) හට. ඒ වගේම කලිනුත් කිව්වා වගේ Bates Motel තරුව Nicola Peltz රඟ පාන්නේ Flynn Vincentගේ දුව විදිහට. ඇයගේ සිත්ගත්ත තවම නමක් යෝජනා නොවුන කාර් පිස්සෙක්ගේ චරිතය රඟ පාන්නේ Jack Reynor විසින්.



    “Bumble Bee”​

    attachment.php



    මේ කියන්න යන්නේ මිනිස් නොවන චරිත එහෙමත් නැතිනම් රොබෝ චරිත වල වෙන වෙනස්කම් සහ නවක චරිත ගැන.”අපි කලින් චිත්‍රපට තුනෙහිදීම දැකපු “බම්බල් බී” මෙවර ටිකක් අලුත් මුහුණුවරක් ගන්නවා කියලා තමයි ආරංචි මාර්ග පවසන්නේ. මේ සැරේ මනුෂ්‍ය හිතවාදී “බම්බල් බී” රෝබෝවරයාගේ රථ වේශය නිරූපණය භාර වෙලා තියෙන්නේ නව පෙනුමක් ලබා දුන් 1967 වර්ෂයේ නිෂ්පාදිත vintage 1967 Camaro රථයකට. එහෙත් තවමත් කිසිම තොරතුරක් නැහැ Sam Witwicky නමැති චරිතය රහිතව “බම්බල් බී” නම් රෝබෝවරයාගේ කර්තව්‍ය කුමක්ද කියන දේ. ඔයාලට පහත දැක්වෙන පින්තූරයෙන් දැක ගන්න පුළුවන් වේවි කොහොමද “බම්බල් බී” සිව්වන වතාවට අප අතරට එන්නේ කියලා.


    “Optimus Prime”​


    brand-new-optimus-prime-of-transformers-4.jpg



    මේ කියන්න යන්නේ රොබෝවරුන්ගේ ලොක්කා ගැන. එහෙමත් නැතිනම් “ඔප්ටිමස් ප්‍රයිම්”, එයාගෙත් පොඩි පොඩි වේශ නිරුපනයේ වෙනස් කම් තියෙනවා කියලා තමයි ආරංචිය. මේ සැරේ අපේ රොබෝ ලොක්කට ලැබිලා තියෙන්නේ ගවයෙකුගේ වගේ ස්වරූපයක් සහිත ට්‍රක් රථයක්. මෙහි නිර්මාණ සහය ලැබිලා තියෙන්නේ Daimler Trucks North America සමාගමේ උප සමාගමක් වන Western Star සමාගමෙනුයි. එහෙනම් පහලින් ඉන්නේ අලුතින් හැඩ වැඩ වූ “ඔප්ටිමස් ප්‍රයිම්”.


    Bugatti-1-jpg_224049.jpg

    ඒ වගේම තවත් අලුත් රොබෝ චරිත දෙකක් එකතු වෙන බව දැනට ආරංචිමාර්ග වලින් සහතික වෙලා තිබෙනවා. එයාලගේ නම් වෙන්නේ “ස්ලින්ග්ස්ෂොට්” සහ “ඩ්‍රිෆ්ට්” කියල දෙදෙනෙක්. මෙයාලගේ වේශයන් නිරූපණය කරන්නේ සුපිරි කාර් රථ දෙකක් මගින්. ඒවා නම් කොළ පැහැති C7 Corvette Stingray වර්ගයේ කාර් රථයක් “ස්ලින්ග්ෂොට්” සඳහාත් ”ඩ්‍රිෆ්ට්” සඳහා කළු සහ නිල් පැහැයෙන් සමන්විත Bugatti Grand Sport Vitesse කාර් රථයක්. මේ රථ දෙක සැදී පැහැදී ගෙන ඉන්නවා අලුත් රොබෝවරු දෙදෙනෙකුට Transformers සිව්වන ආගමනය හරහා ඔවුන්ගේ පළමු ආගමනය සනිටුහන් කරන්න ඉඩ දෙන්න. එහෙනම් බලමු කොහොමද එයාලගේ පෙනුමත් කියලා.

    “Hound”

    Qz1oHYm.jpg


    දැනට ලැබුණු ආරංචි වලට අනුව අපිට අවසාන වශයෙන් Michael Bay අධ්‍යක්ෂකවරයා විසින් හෙළිදරවු කල තවත් රොබෝ චරිතයක රථ ආවේශය ගැන තොරතුරක් තමා මේ ඉදිරිපත් කරන්නේ. මේ රොබෝ චරිතය නම් කර තිබෙන්නේ “ඔටෝබෝට් හවුන්ඩ්” ලෙසින්. යම් ආකාරයක රොබෝ දඩයම් බල්ලෙක්. මේ සඳහා යොදාගෙන තිබෙන්නේ ට්‍රක් රථයක්. එසේමෙසේ ට්‍රක් එකකුත් නෙමෙයි මෙය යුධ ට්‍රක් රථයක්. මෙහි නිෂ්පාදන දායකත්වය දරන්නේ Oshkosh Defense නමැති හමුදාමය වාහන නිෂ්පාදන ආයතනය මගින්. එහෙනම් බලමු කවුද මේ රොබෝ දඩයම් බල්ලා කියලත්,


    මෙසේ වෙනස් වෙන්න හේතු විමසුවහම Michael Bay ප්‍රකාශ කර තිබෙන්නේ මෙහෙම කතාවක්. “මේ තීරණය අපි ලඟදි ගත් එකක් නෙමෙයි. මෙය මීට වසර හතරකට ගත් තීරණයක්. සිව්වන කතාවේදී මෙහි බොහොමයක් චරිත නැවත වෙනස් කරන්නත්, අලුත් චරිත ඇතුලත් කරන්නත් අපි කලින් සිටම සැලසුම් කලා. මොකද අපිට ඕනේ මේ කතාව තවත් විවිධ පැති වලට දුවවන්න සහ මෙහි අධිකාරිය තවත් විස්තාරණය කරන්න.”

    ඒ උනාට තවම කතා වස්තුවක් ගැන හෝඩුවාවක් නැති ට්‍රාන්ස්ෆෝමරයන්�� �ේ සිව්වන ආගමනයට දින වකවානු නම් දැනටමත් තීරණය කර හමාරයි. ඒ සඳහා අපි හැමෝටම තව අවුරුද්දක් එහෙමත් නැතිනම් 2014 ජුනි 27 වෙනකන් දින ගනින්න වෙනවා.


    උපුටා ගැනීම බයිස්කෝප් මන්සල වෙබ් අඩවියෙනි
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අනේ ඔය චරිත වෙනස් කරලනම් වැඩේ කයි කියලයි මට හිතෙන්නේ. Megan fox 3rd එකේ නැති උනා එකත් මට තදින්ම දැනුනා ඕයි:sorry:. cars නම් වෙනස් උනාට අවුලක් නැහැ. 2 එකත් නැවනේ.:dull: කොහොමත් මම ආසම film set එකක්. 50 පාරකට වඩා නම් බලල තියෙනවා.:D

    resident evil එකත් මම ආසම film set එකත් එකේ අන්තිම film එක සුපිරි නෑමක් නැවනේ. :sorry: ඒවගේ මේකත් පිස්සුවක් කෙලි කියලා බයක් තියෙනවා බලමුකෝ ඉතිං. :nerd:
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    actor katawa nan atta tamay balanna appiriya hitey but hot kallak bassala tyey nan ayt mona 2,3 paarak unat balay

    oka tamay after earth and superman walata passe enna tyena maxxama movie eka

    අනේ ඔය චරිත වෙනස් කරලනම් වැඩේ කයි කියලයි මට හිතෙන්නේ. Megan fox 3rd එකේ නැති උනා එකත් මට තදින්ම දැනුනා ඕයි:sorry:. cars නම් වෙනස් උනාට අවුලක් නැහැ. 2 එකත් නැවනේ.:dull: කොහොමත් මම ආසම film set එකක්. 50 පාරකට වඩා නම් බලල තියෙනවා.:D

    resident evil එකත් මම ආසම film set එකත් එකේ අන්තිම film එක සුපිරි නෑමක් නැවනේ. :sorry: ඒවගේ මේකත් පිස්සුවක් කෙලි කියලා බයක් තියෙනවා බලමුකෝ ඉතිං. :nerd:



    transformer 3rd eka kawa megan fox halala. :frown:

    aluth eka stainer karaya innawa ela ela :D

    bump + rep

    අපෝ actor change වුනාම ආයිත් බලන්න හිතෙන්නේ නැ

    thnxx for commnt....:D:D:D