True Story, පනින රිලව් ලග තැබුවේ කුමටද ඉනිමං.....

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සඳ වික්කා ඊයේ රෑ දුටුවද සාවී....
    තරු රෑනම අරාබියට අඳ කුලියට දී.....
    හිරුට තාම අහවර නෑ ගණන් හිලව් කී...
    පිපුණු කැකුලු පරවෙනවා කොළොම්පුරේදී....

    ලන්දෙ කකා උන්නු එවුන් කන්ද දුටුවදා.....
    දත නියවයි අත මිණි බැඳ පය මිණි බැඳලා...
    ලක් අම්මාගේ හැඹිලිය හොරු අරන් ගිහිල්ලා....
    අත්තා පල් මුත්තා පල් උන් හොයපල්ලා....

    කණකොක් රැල කවි කියද්දි වැරදි සිංහලෙන්....
    වැට තරකර මොටද නියර ගොයං කාලානං....
    මහත්වරුනේ..පදින්න පෙර සිතා බලාපන්....
    පනින රිලව් ලග තැබුවේ කුමටද ඉනිමං.....
    පනින රිලව් ලග තැබුවේ කුමටද ඉනිමං.....