Truecaller A-Z සිංහලෙන්

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    නොදන්නා අංකයකින් ඇමතුමක් ලැබුනද? ආපසු ඇමතුමක් නොගෙන අංකය කාගේද කියලා හොයා ගන්නේ මෙහෙමයි.

    දුරකථනයක් භාවිතා කරන ඔබට අනන්තවත් නොදන්නා දුරකථන අංක වලින් ඇමතුම් හෝ missed calls ලැබෙනවා ඇතිනේ. ආපසු ඒ නොදන්නා අංකයට ඇමතුමක් ලබාගැනීම සමහර විට අනතුරුදායක වෙන්නත් පුළුවන්. පෙරලා ඇමතුමක් ලබා නොගෙන ඒ අංකය කාගේද කියලා හොයාගන්න පුලුවන් නම් කොච්චර වටිනවාද. ස්මාර්ට් දුරකථන භාවිතා කරන ඔබට දැන් මෙය ඉතා පහසුවෙන් සිදු කර ගන්න පුළුවන්. ස්මාර්ට් දුරකථනයක් නොමැති විටකදී පරිගණක web browser එකක් හරහා වුවද මේ තොරතුරු ලබා ගන්න පුළුවන්.

    Trucaller කියන්නේ ලොව විශාලතම සත්‍යාපනය කල ජංගම දුරකථන භාවිතා කරන්නන්ගේ සමුහය. ස්වීඩනය මූලික කරගත් සමාගමක් වන මෙහි ලොව පුරා නිෂ්පාදන භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව මේ වන විට මිලියන 75 කට වඩා වැඩියි. මේ සේවාව සියයට සීයක්ම ශ්‍රී ලංකාව සඳහාත් සහයෝගය දක්වනවා. iOS, Android, Windows Phone, BlackBerry (7 & 10), Symbian S60 සහ Series 40 යන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති තුල මේ app එක install කරන්න පුළුවන්. මේ app එක භාෂා රාශියකින් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. ඒ අතර සිංහල සහ දෙමල භාෂාවනුත් ඇතුලත්. ඔයාගේ දුරකථනයට ඇතුලත් කරන්න පුළුවන් දුරකථන අංක ප්‍රමාණයක් පවතිනවනේ. නමුත් මේ යෙදුම(app) භාවිතා කිරීම මගින් එම සංඛ්‍යාව අසීමිත වෙනවා.

    මේ යෙදුම ලොව පුරා ජනතාව අතර මේ තරම් ප්‍රචලිත වන්නට ප්‍රධානම හේතුව ජංගම දුරකථන භාවිතයේදී ඇති වෙන ප්‍රධානම ගැටලුවකට පිළිතුරු ලබා දීමට මෙය සමත් වන නිසයි. ලැබෙන ඇමතුම හදුනා ගැනීම හරහා spam දුරකථන ඇමතුම් වලක්වා ගැනීමට හැකියාව මේ හරහා ලැබෙනවා. මේ වන විට 30,000 කට වැඩි ශ්‍රී ලාංකීය spam දුරකථන අංක ප්‍රමාණයක් මේ යෙදුම හරහා වාර්තා වෙලා තිබෙනවා. මුලික වශයෙන් මේ යෙදුම හරහා ඔබට පහත සේවාවන් ලබා ගන්න පුළුවන්.

    • Caller ID: ඇමතුම ලැබෙන අංකය ඔබේ contacts නැති වුවත් ඇමතුම ලබා ගන්නා පුද්ගලයාව හඳුනා ගත හැකි වීම.
    • Block: කරදකාරී දුරකථන අංක අවශ්‍යය නම් අවහිර කර ගත හැකි වීම.
    • Search: ලොව ඕනෑම දුරකථන අංකයක් ඇතුලත් කර එහි හිමිකරුවා සොයා ගත හැකි වීම.

    ඔබ භාවිතා කරන දුරකථනයෙහි මෙහෙයුම් පද්ධතියට අනුව පහත links හරහා මේ app එක download කරගන්නට පුළුවන්.

    1. Android ස්මාර්ට් දුරකථන සඳහා.
    2. iOS ස්මාර්ට් දුරකථන සඳහා.
    3. Windows ස්මාර්ට් දුරකථන සඳහා.

    ඔබ ස්මාර්ට් දුරකථනයක් භාවිතා නොකරන්නේ නම් ඔබට Truecaller වෙබ් අඩවියට ගිහිල්ලා මේ සේවාව භාවිතා කරන්නට පුළුවන්.

    ඉහත වීඩියෝවෙන් මේ සේවාව සහ ලිපියෙහි නොකියූ බොහෝ කරුණු ඉතා සරලව පැහැදිලි කරනවා. අනිවාර්යයෙන් බලන්න. වඩාත් හොඳ ශ්‍රවන තත්වයක් උදෙසා headset එකක් භාවිතා කරන්න.

    TechGuru-New-Logo-90.png
     
    • Like
    Reactions: Dineth1990

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,390
    113
    :rofl: ඔකේ sign in වෙද්දී (via Google/MS) google account එකට sync වෙලා තියන phone numbers ඔක්කොම උන් ගන්නවා.. එහෙම තමයි උන් numbers හොයන්නේ.. අපේ numbers ටික දෙන වැඩක් ඕක.. Log වෙද්දී contact access permission deny කරන්න..

    Edit : Google permission deny කරන්න බෑ වගේ. contacts නැති account එකක් use කරන්න..
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,833
    969
    113
    Hamilton, NZ
    :rofl: ඔකේ sign in වෙද්දී (via Google/MS) google account එකට sync වෙලා තියන phone numbers ඔක්කොම උන් ගන්නවා.. එහෙම තමයි උන් numbers හොයන්නේ.. අපේ numbers ටික දෙන වැඩක් ඕක.. Log වෙද්දී contact access permission deny කරන්න..

    :shocked:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අලුතින් ජීමෙල් එකක් හදලා ඔකෙන් සෙල්ලම් දාපල්ල..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    :rofl: ඔකේ sign in වෙද්දී (via Google/MS) google account එකට sync වෙලා තියන phone numbers ඔක්කොම උන් ගන්නවා.. එහෙම තමයි උන් numbers හොයන්නේ.. අපේ numbers ටික දෙන වැඩක් ඕක.. Log වෙද්දී contact access permission deny කරන්න..

    Edit : Google permission deny කරන්න බෑ වගේ. contacts නැති account එකක් use කරන්න..

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl: ඔකේ sign in වෙද්දී (via Google/MS) google account එකට sync වෙලා තියන phone numbers ඔක්කොම උන් ගන්නවා.. එහෙම තමයි උන් numbers හොයන්නේ.. අපේ numbers ටික දෙන වැඩක් ඕක.. Log වෙද්දී contact access permission deny කරන්න..

    Edit : Google permission deny කරන්න බෑ වගේ. contacts නැති account එකක් use කරන්න..
    :lol::lol::lol::lol: