Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Truth behind the fight--Mahinda Vs Genaral--
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(2009 නොවැම්බර් 19 - W3Lanka) සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම දෙවන ලෝක යුද්ධයෙන් පසු බර්නාඩ් මොන්ට්ගොමරි වින්ස්ටන් චර්චිල්ට එරෙහිව තරග කිරීම හා බංග්ලාදේශ යුද්ධයෙන් පසු සෑම් මැනෙක්ෂෝ ඉන්දිරා ගාන්ධිට එරෙහිව තරග කිරීම හා සමාන කරන ප්‍රකට දේශපාලන හා යුද විශ්ලේෂක ඩී.බී.එස්. ජයරාජ් මෙම කරුණු පෙළගැස්ම පිළිබඳව මෙසේ පවසයි.

1991දී ශ්‍රී ලංකා හමුදාවේ ලුතිනන් කර්නල් ධුරයෙන් සමුගෙන එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ 2005දී ජනාධිපති පදවියට පත් සිය සහෝදරයාට හා රටට සේවය කිරීමටත්, කොටි සංවිධානය පරාජය කිරීමටත් ලංකාවට පැමිණි අතර හිටපු හමුදාපති වූ මේජර් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ බ්‍රසීලයේ තානාපති තනතුරකට පත් කර 2005 දෙසැම්බර් 6දා විශ්‍රාම යාමට සිටි ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාපති පදවියට පත් කරනු ලැබුවේ ද, එතැන් සිට දිගින් දිගට ම ඔහුගේ සේවය දීර්ඝ කරනු ලැබුවේ ද ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම මතයි. මේ දෙදෙනා කලින් එකට මෙහෙයුම්වල යෙදුණු අය වන අතර ගෝඨාභය රාජපක්ෂ හමුදාවෙන් අස් වන විට සරත් ෆොන්සේකා ලුතිනන් කර්නල් තනතුරක් දැරීය.ෆොන්සේකා රාජපක්ෂට වඩා එක් කණ්ඩායමක් ජ්‍යේෂ්ඨ විය.

සරත් ෆොන්සේකා දැවැන්ත ධෛර්යයක් හා කැපී පෙනෙන තීක්ෂණ යුද ඥානයක් ඇත්තකු බවට සියලු දෙනා එකඟ වන බව පවසන ජයරාජ් එහෙත් මෙම කරුණු නිශේධනය කරන ලක්ෂණ ඔහුගේ චරිතයේ ඇති බව ද පෙන්වා දෙයි.

ඔහු සතුව දැවැන්ත මමංකාරයක් හෙවත් ඊගෝවක් ඇති බව පෙන්වා දෙන ජයරාජ් මේ හේතුවෙන් මීට ඉහතදී හමුදාව තුළ ම හිටපු මේජර් ජනරාල් ජානක පෙරේරා සමග හා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සමග ගැටුම් ඇති වූ බව පවසයි. ඔහුගේ වෘත්තිකභාවය අගය කළ බොහෝ දෙනෙක් තමන් පිළිබඳ අධි ඇගයීමකින් යුක්ත මෙම ලක්ෂණයට අකැමැති වූ බව ද, කෙසේ වෙතත්, හමුදාව තුළ සෙබළුන්ගේ සුබසාධනය පිළිබඳ නිති සොයා බැලූ ඔහු ජනප්‍රිය පුද්ගලයකු වූ බව ද ජයරාජ් පෙන්වා දෙයි.

ඔහු පිළිබඳව ඔප්පු නො වූ ලිංගික හා මානව හිමිකම් චෝදනා ඇති බව ද, ඔහු යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් තරුණයන් අතුරුදහන් වූ බව ද, මෑතකදී ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර සමග ද ඔහුගේ නම සම්බන්ධ වූ බව ද ජයරාජ් පවසයි.

එකිනෙකා සමග හිත හොඳ නො වූවත් ජානක පෙරේරාගේ මෙන් ම සරත් ෆොන්සේකාගේ ද නම් විවිධ මානව හිමිකම් සංවිධාන වාර්තාවල සඳහන් වූ අතර ඔවුන් හමුදා කුමන්ත්රණයක යෙදීමට ඉඩ ඇතැයි තිබූ සැකය නිසා මීට පෙර චන්ද්‍රිකා බංඩාරනායක සහ රනිල් වික්‍රමසිංහ මොවුන් හමුදාපති පදවියට පත් කිරීමට අකැමැති වූ බව ද, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුව පත් කළේ හා පළමු වසරෙන් පසු සේවය දීර්ඝ කළේ අකැමැත්තෙන්, එහෙත් සිය සොයුරා ඔහු පිළිබඳව වග බලා ගන්නා බවට ඇති විශ්වාසය මත බව ජයරාජ් පවසයි.

[QUOTE="SaNI Je, post: 5906544, member: 250863"] [SIZE="4"](2009 නොවැම්බර් 19 - W3Lanka) සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම දෙවන ලෝක යුද්ධයෙන් පසු බර්නාඩ් මොන්ට්ගොමරි වින්ස්ටන් චර්චිල්ට එරෙහිව තරග කිරීම හා බංග්ලාදේශ යුද්ධයෙන් පසු සෑම් මැනෙක්ෂෝ ඉන්දිරා ගාන්ධිට එරෙහිව තරග කිරීම හා සමාන කරන ප්‍රකට දේශපාලන හා යුද විශ්ලේෂක ඩී.බී.එස්. ජයරාජ් මෙම කරුණු පෙළගැස්ම පිළිබඳව මෙසේ පවසයි. 1991දී ශ්‍රී ලංකා හමුදාවේ ලුතිනන් කර්නල් ධුරයෙන් සමුගෙන එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ 2005දී ජනාධිපති පදවියට පත් සිය සහෝදරයාට හා රටට සේවය කිරීමටත්, කොටි සංවිධානය පරාජය කිරීමටත් ලංකාවට පැමිණි අතර හිටපු හමුදාපති වූ මේජර් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ බ්‍රසීලයේ තානාපති තනතුරකට පත් කර 2005 දෙසැම්බර් 6දා විශ්‍රාම යාමට සිටි ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා හමුදාපති පදවියට පත් කරනු ලැබුවේ ද, එතැන් සිට දිගින් දිගට ම ඔහුගේ සේවය දීර්ඝ කරනු ලැබුවේ ද ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීම මතයි. මේ දෙදෙනා කලින් එකට මෙහෙයුම්වල යෙදුණු අය වන අතර ගෝඨාභය රාජපක්ෂ හමුදාවෙන් අස් වන විට සරත් ෆොන්සේකා ලුතිනන් කර්නල් තනතුරක් දැරීය.ෆොන්සේකා රාජපක්ෂට වඩා එක් කණ්ඩායමක් ජ්‍යේෂ්ඨ විය. සරත් ෆොන්සේකා දැවැන්ත ධෛර්යයක් හා කැපී පෙනෙන තීක්ෂණ යුද ඥානයක් ඇත්තකු බවට සියලු දෙනා එකඟ වන බව පවසන ජයරාජ් එහෙත් මෙම කරුණු නිශේධනය කරන ලක්ෂණ ඔහුගේ චරිතයේ ඇති බව ද පෙන්වා දෙයි. ඔහු සතුව දැවැන්ත මමංකාරයක් හෙවත් ඊගෝවක් ඇති බව පෙන්වා දෙන ජයරාජ් මේ හේතුවෙන් මීට ඉහතදී හමුදාව තුළ ම හිටපු මේජර් ජනරාල් ජානක පෙරේරා සමග හා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සමග ගැටුම් ඇති වූ බව පවසයි. ඔහුගේ වෘත්තිකභාවය අගය කළ බොහෝ දෙනෙක් තමන් පිළිබඳ අධි ඇගයීමකින් යුක්ත මෙම ලක්ෂණයට අකැමැති වූ බව ද, කෙසේ වෙතත්, හමුදාව තුළ සෙබළුන්ගේ සුබසාධනය පිළිබඳ නිති සොයා බැලූ ඔහු ජනප්‍රිය පුද්ගලයකු වූ බව ද ජයරාජ් පෙන්වා දෙයි. ඔහු පිළිබඳව ඔප්පු නො වූ ලිංගික හා මානව හිමිකම් චෝදනා ඇති බව ද, ඔහු යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් තරුණයන් අතුරුදහන් වූ බව ද, මෑතකදී ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර සමග ද ඔහුගේ නම සම්බන්ධ වූ බව ද ජයරාජ් පවසයි. එකිනෙකා සමග හිත හොඳ නො වූවත් ජානක පෙරේරාගේ මෙන් ම සරත් ෆොන්සේකාගේ ද නම් විවිධ මානව හිමිකම් සංවිධාන වාර්තාවල සඳහන් වූ අතර ඔවුන් හමුදා කුමන්ත්රණයක යෙදීමට ඉඩ ඇතැයි තිබූ සැකය නිසා මීට පෙර චන්ද්‍රිකා බංඩාරනායක සහ රනිල් වික්‍රමසිංහ මොවුන් හමුදාපති පදවියට පත් කිරීමට අකැමැති වූ බව ද, ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුව පත් කළේ හා පළමු වසරෙන් පසු සේවය දීර්ඝ කළේ අකැමැත්තෙන්, එහෙත් සිය සොයුරා ඔහු පිළිබඳව වග බලා ගන්නා බවට ඇති විශ්වාසය මත බව ජයරාජ් පවසයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom