Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Truth behind the fight--Mahinda Vs Genaral--
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දෙදෙනා ම කොටින්ගේ ඝාතන ප්රයත්නයන්ගෙන් අනූ නමයෙන් බේරුණ අතර, සරත් ෆොන්සේකාගේ ජීවිත බේරීම වෛද්‍ය විද්‍යාත්මක ප්රාතිහාර්යයක් හා ඔහුගේ ප්‍රාණ ශක්තිය පෙන්වන්නක් බව ජයරාජ් පෙන්වා දෙයි.

හමුදා නිලධාරියකුව සිට පසුව ආරක්ෂක ඇමති වූ අනුරුද්ධ රත්වත්ත මෙන් ජනරාල් පදවි ලබා ගැනීම් හෝ නිල ඇඳුම් ඇඳීම් වැනි විකාර නො කළ ගෝඨාභය රාජපක්ෂ කොටි සංවිධානය විනාශ කිරීමේ සිය කාර්යභාරය වෙනුවෙන් යකා සමග වුව වැඩ කිරීමට සූදානම් ව සිටි මුත්, හමුදාවේදී සිය කණිෂ්ඨයකු වූ රාජපක්ෂට සැලියුට් ගැසීමට තමා තුළ ඇති අකැමැත්ත සරත් ෆොන්සේකා විටෙක ප්‍රකාශ කර තිබිණි. මේවා කේලාම් ලෙස රාජපක්ෂගේ කණට ගොස් තිබිණි.

යුද්ධය දිනීමේදී හමුදාවේ කාර්යභාරය වැදගත් වූ මුත් ජයග්‍රහණයේ මුළු අයිතිය හමුදාව සතු කර ගැනීමට සරත් ෆොන්සේකා දැරූ තැත බොළඳ එකක් බව ලේඛක ඩී.බී.එස්. ජයරාජ් පෙන්වා දෙයි.

මෙම තත්වය තුළ හමුදා අතර ද භේද තිබුණු අතර සෙසු හමුදාවල සහාය දිනා ගැනීම විශාල අභියෝගයක් විය. මෙහිදී හිටපු ගුවන් හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඩොනල්ඩ් පෙරේරා විශාල කාර්යභාරයක් කළ මුත් සරත් ෆොන්සේකා ඔහු ගණන් නො ගත්තේ ය. ෆොන්සේකා සහ නාවික හමුදාපති කරන්නාගොඩ එකිනෙකා කතා නො කරන තත්වයක සිටි අතර, ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ ෆොන්සේකා අතර ද සම්බන්ධය හොඳ එකක් නො වීය. මෙම ආතතිමය තත්වයන් කළමනාකරණය කරනු ලැබුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි.

සරත් ෆොන්සේකා හමුදාව තුළ අනුගමනය කළ එහි කාර්යක්ෂමතාව නැංවීමට හේතු වී යයි ඔහු කියන සම්ප්රදාය විරෝධී උසස්වීම් හා මාරු කිරීම් ආදිය නිසා හමුදාව තුළ ඔහු කෙරෙහි නො රිස්සුමක් වූ බව ලේඛකයා පවසයි. නැගෙනහිර මුදා ගැනීමේ මෙහෙයුම්වලට නායකත්වය දුන් මේජර් ජනරාල් පරාක්‍රම පන්නිපිටිය බොරු චෝදනා මත ඉවත් කිරීම හා ආරක්ෂාව ලබා ගැනීම පිණිස ඔහුට අධිකරණයට යන්නට සිදු වීම නිදසුනක් ලෙස පෙන්වා දෙන හේ සරත් ෆොන්සේකාගේ ක්‍රියාකලාපය විස්තර කිරීම සඳහා හමුදා නිලධාරියකු කළ ප්‍රකාශයක් උපුටා දක්වයි. "ඉස්සරහට ගියොත් ජොනී - පසුසට ආවෙත් ෆොනී." මෙහි ජොනී යනු කොටින්ගේ ජොනී බට්ටන් වන අතර ෆොනී යනු සරත් ෆොන්සේකා ය.

2007 විශිෂ්ඨ සේවා විභූෂණ සම්මාන සඳහා ඒ සඳහා සුදුසුකම් ඇති නිලධාරීන් නිර්දේශ නො කිරීම හා ආරක්ෂක ලේකම්වරයාට ඔහුගේ නිර්දේශ නොතකා එම සම්මාන ලබා දීමට සිදු වීම, සරත් ෆොන්සේකා තමිල්නාඩු දේශපාලකයන් කොටින්ගෙන් පඩි ලබන විහිළුකාරයන් බව කියා ඒ පිළිබඳව සමාව ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හා ආරක්ෂක ලේකම්ට එය කරන්නට වීම, කැනේඩියානු පුවත්පතකට ලංකාව අයිති සිංහලයන්ට බව කීම වැනි කරුණු ඔස්සේ ෆොන්සේකා සහ ආණ්ඩුව අතර ගැටුම් ඇති වෙමින් තිබිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය තෙක් සාම්පූර් ජයග්‍රහණය ප්‍රකාශ කිරීම පමා කිරීම වැනි දේශපාලන ක්‍රියාමාර්ග සරත් ෆොන්සේකාගේ නො රිස්සුමට හේතු විය. දේශපාලකයන් නො රිස්සූ හේ යුද ජය තමාගේ ශූරත්වයක් ලෙස සැලකී ය. කලක් ඔහු ඇතු පිට සිටින දුටුගැමුණු ඉදිරියේ දණින් වැටී සිටින එළාරගේ චිත්‍රයක් තබාගෙන සිටියේය. එහි දුටුගැමුණුගේ මුහුණ සරත් ෆොන්සේකාට සමාන වූ බව එය දුටු මාධ්‍යවේදියකු පැවසූ බව ජයරාජ් කියයි.

තමන්ගේ රුහුණු සම්භවය ගැන කියන්නට ෆොන්සේකා ද පටන් ගැනීම රාජපක්ෂලාගේ නො රිස්සුමට හේතු වූ මුත් කාර්යය අවසන් වන තෙක් ඔවුහු ඒවා ඉවසා සිටිය හ. එහෙත් යුද්ධයෙන් සරත් ෆොන්සේකාට ලැබුණු ජනප්‍රියත්වය ජනාධිපති මහින්ද රාජපක්ෂ තුළ අනාරක්ෂිත හැඟීමක් ඇති කළේ ය.

යුද ජයග්‍රහණවල ගෞරවය දේශපාලකයන් සමග බෙදා ගන්නට සිදු වීම සරත් ෆොන්සේකා නො රිස්සුවේ ය. ප්රභාකරන්ගේ මරණය ප්‍රකාශයට පත් කිරීමේ සිද්ධිය මෙයට නිදසුනක් ලෙස ලේඛකයා පෙන්වා දෙයි. එතෙර සිටි ජනාධිපතිට මැයි 16දා ප්රභාකරන් මිය ගිය බවට වැරදි තොරතුරක් ලබා දෙන ලදී. 17දා ලංකාවට පැමිණි ඔහු පොළව සිප ගත්තේ ය. එහෙත් ෆොන්සේකා ප්රභාකරන්ගේ මරණය තහවුරු නො කළ හෙයින් ජනාධිපතිගේ ජාතිය ඇමතීම කල් දමන්නට සිදු විය. ප්රභාකරන්ගේ මරණය ෆොන්සේකා විසින් නිවේදනය කරනු ලැබුවේ මැයි 19දා ජනාධිපති ජාතිය ඇමතීමෙන් අනතුරුව ඔහුගේ මුවෙනි.

යුද්ධයෙන් පසුව ෆොන්සේකා ජනමාධ්‍ය ඔස්සේ ජයග්‍රහණයේ මුළු ගරුත්වය ඔහුට ලබා ගැනීමේ ප්රයත්නයක යෙදුණේ ය. එහෙත්, යුද්ධයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද කාර්යභාරය සුවිසල් බව ජයරාජ් පෙන්වා දෙයි. විශේෂයෙන් ම ඉන්දියාව කළමනාකරණය කර ගැනීමේදී බැසිල් රාජපක්ෂ හා ලලිත් වීරතුංග විශාල වැඩ කොටසක් කළ බව ඔහු පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ජාත්‍යන්තර පීඩනයෙන් නො සැලී, යුද්ධයට පූර්ණව පක්ෂ වෙමින්, කාර්යය අවසන් කිරීමට දුන් නිදහස හා දේශපාලන නායකත්වය ඉහළ පෙළේ එකක් වූ බව ජයරාජ් පවසයි.

අවතැන් වූවන් සැඟවී සිටින කොටි සැකකරුවන් අල්ලා ගැනීමේ උවමනාවෙන් වැඩි කාලයක් රඳවා තබා ගැනීමේ උවමනාව තිබුණේ ෆොන්සේකාට බව ලේඛකයා පවසයි. හමුදාවේ පිරිස් බලය තුන් ලක්ෂය දක්වා වැඩි කිරීමට හා ලක්ෂයක් වන්නියේ රැඳවීමට ද එහි ජන විකසනය වෙනස් වන පරිදි හමුදා පවුල් පදිංචා කිරීමට ද ඔහුට අවශ්‍ය වූ බව ලේඛකයා පවසයි.

මේ අතර සරත් ෆොන්සේකාගේ නැඟීම පිළිබඳ සැලකිලිමත් වූ රාජපක්ෂ පාලනය විසින ලබා ගන්නා ලද බුද්ධි අංශ වාර්තා තුනකට අනුව ෆොන්සේකා තුළ දේශපාලන අභිලාෂයන් ඇති බව හා ඔහු ජනාධිපති මහින්ද තරමට ම ජනප්‍රිය බව වාර්තා විය.

ඔහු බලයෙන් ඈත් කිරීමේ ක්‍රියාමාර්ගවලට රාජපක්ෂවරුන් එළමුණේ සහ එහි ප්‍රතිඵල ලෙස සරත් ෆොන්සේකා ජනාධිපති පදවිය අපේක්ෂා කරන තත්වයට සිදුවීම් පෙළගැසුණේ ඉන් අනතුරුව බව ජයරාජ් සිය ලිපියෙහි පෙන්වා දෙයි.

[QUOTE="SaNI Je, post: 5906546, member: 250863"] [SIZE="4"]මේ දෙදෙනා ම කොටින්ගේ ඝාතන ප්රයත්නයන්ගෙන් අනූ නමයෙන් බේරුණ අතර, සරත් ෆොන්සේකාගේ ජීවිත බේරීම වෛද්‍ය විද්‍යාත්මක ප්රාතිහාර්යයක් හා ඔහුගේ ප්‍රාණ ශක්තිය පෙන්වන්නක් බව ජයරාජ් පෙන්වා දෙයි. හමුදා නිලධාරියකුව සිට පසුව ආරක්ෂක ඇමති වූ අනුරුද්ධ රත්වත්ත මෙන් ජනරාල් පදවි ලබා ගැනීම් හෝ නිල ඇඳුම් ඇඳීම් වැනි විකාර නො කළ ගෝඨාභය රාජපක්ෂ කොටි සංවිධානය විනාශ කිරීමේ සිය කාර්යභාරය වෙනුවෙන් යකා සමග වුව වැඩ කිරීමට සූදානම් ව සිටි මුත්, හමුදාවේදී සිය කණිෂ්ඨයකු වූ රාජපක්ෂට සැලියුට් ගැසීමට තමා තුළ ඇති අකැමැත්ත සරත් ෆොන්සේකා විටෙක ප්‍රකාශ කර තිබිණි. මේවා කේලාම් ලෙස රාජපක්ෂගේ කණට ගොස් තිබිණි. යුද්ධය දිනීමේදී හමුදාවේ කාර්යභාරය වැදගත් වූ මුත් ජයග්‍රහණයේ මුළු අයිතිය හමුදාව සතු කර ගැනීමට සරත් ෆොන්සේකා දැරූ තැත බොළඳ එකක් බව ලේඛක ඩී.බී.එස්. ජයරාජ් පෙන්වා දෙයි. මෙම තත්වය තුළ හමුදා අතර ද භේද තිබුණු අතර සෙසු හමුදාවල සහාය දිනා ගැනීම විශාල අභියෝගයක් විය. මෙහිදී හිටපු ගුවන් හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඩොනල්ඩ් පෙරේරා විශාල කාර්යභාරයක් කළ මුත් සරත් ෆොන්සේකා ඔහු ගණන් නො ගත්තේ ය. ෆොන්සේකා සහ නාවික හමුදාපති කරන්නාගොඩ එකිනෙකා කතා නො කරන තත්වයක සිටි අතර, ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ ෆොන්සේකා අතර ද සම්බන්ධය හොඳ එකක් නො වීය. මෙම ආතතිමය තත්වයන් කළමනාකරණය කරනු ලැබුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි. සරත් ෆොන්සේකා හමුදාව තුළ අනුගමනය කළ එහි කාර්යක්ෂමතාව නැංවීමට හේතු වී යයි ඔහු කියන සම්ප්රදාය විරෝධී උසස්වීම් හා මාරු කිරීම් ආදිය නිසා හමුදාව තුළ ඔහු කෙරෙහි නො රිස්සුමක් වූ බව ලේඛකයා පවසයි. නැගෙනහිර මුදා ගැනීමේ මෙහෙයුම්වලට නායකත්වය දුන් මේජර් ජනරාල් පරාක්‍රම පන්නිපිටිය බොරු චෝදනා මත ඉවත් කිරීම හා ආරක්ෂාව ලබා ගැනීම පිණිස ඔහුට අධිකරණයට යන්නට සිදු වීම නිදසුනක් ලෙස පෙන්වා දෙන හේ සරත් ෆොන්සේකාගේ ක්‍රියාකලාපය විස්තර කිරීම සඳහා හමුදා නිලධාරියකු කළ ප්‍රකාශයක් උපුටා දක්වයි. "ඉස්සරහට ගියොත් ජොනී - පසුසට ආවෙත් ෆොනී." මෙහි ජොනී යනු කොටින්ගේ ජොනී බට්ටන් වන අතර ෆොනී යනු සරත් ෆොන්සේකා ය. 2007 විශිෂ්ඨ සේවා විභූෂණ සම්මාන සඳහා ඒ සඳහා සුදුසුකම් ඇති නිලධාරීන් නිර්දේශ නො කිරීම හා ආරක්ෂක ලේකම්වරයාට ඔහුගේ නිර්දේශ නොතකා එම සම්මාන ලබා දීමට සිදු වීම, සරත් ෆොන්සේකා තමිල්නාඩු දේශපාලකයන් කොටින්ගෙන් පඩි ලබන විහිළුකාරයන් බව කියා ඒ පිළිබඳව සමාව ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හා ආරක්ෂක ලේකම්ට එය කරන්නට වීම, කැනේඩියානු පුවත්පතකට ලංකාව අයිති සිංහලයන්ට බව කීම වැනි කරුණු ඔස්සේ ෆොන්සේකා සහ ආණ්ඩුව අතර ගැටුම් ඇති වෙමින් තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනය තෙක් සාම්පූර් ජයග්‍රහණය ප්‍රකාශ කිරීම පමා කිරීම වැනි දේශපාලන ක්‍රියාමාර්ග සරත් ෆොන්සේකාගේ නො රිස්සුමට හේතු විය. දේශපාලකයන් නො රිස්සූ හේ යුද ජය තමාගේ ශූරත්වයක් ලෙස සැලකී ය. කලක් ඔහු ඇතු පිට සිටින දුටුගැමුණු ඉදිරියේ දණින් වැටී සිටින එළාරගේ චිත්‍රයක් තබාගෙන සිටියේය. එහි දුටුගැමුණුගේ මුහුණ සරත් ෆොන්සේකාට සමාන වූ බව එය දුටු මාධ්‍යවේදියකු පැවසූ බව ජයරාජ් කියයි. තමන්ගේ රුහුණු සම්භවය ගැන කියන්නට ෆොන්සේකා ද පටන් ගැනීම රාජපක්ෂලාගේ නො රිස්සුමට හේතු වූ මුත් කාර්යය අවසන් වන තෙක් ඔවුහු ඒවා ඉවසා සිටිය හ. එහෙත් යුද්ධයෙන් සරත් ෆොන්සේකාට ලැබුණු ජනප්‍රියත්වය ජනාධිපති මහින්ද රාජපක්ෂ තුළ අනාරක්ෂිත හැඟීමක් ඇති කළේ ය. යුද ජයග්‍රහණවල ගෞරවය දේශපාලකයන් සමග බෙදා ගන්නට සිදු වීම සරත් ෆොන්සේකා නො රිස්සුවේ ය. ප්රභාකරන්ගේ මරණය ප්‍රකාශයට පත් කිරීමේ සිද්ධිය මෙයට නිදසුනක් ලෙස ලේඛකයා පෙන්වා දෙයි. එතෙර සිටි ජනාධිපතිට මැයි 16දා ප්රභාකරන් මිය ගිය බවට වැරදි තොරතුරක් ලබා දෙන ලදී. 17දා ලංකාවට පැමිණි ඔහු පොළව සිප ගත්තේ ය. එහෙත් ෆොන්සේකා ප්රභාකරන්ගේ මරණය තහවුරු නො කළ හෙයින් ජනාධිපතිගේ ජාතිය ඇමතීම කල් දමන්නට සිදු විය. ප්රභාකරන්ගේ මරණය ෆොන්සේකා විසින් නිවේදනය කරනු ලැබුවේ මැයි 19දා ජනාධිපති ජාතිය ඇමතීමෙන් අනතුරුව ඔහුගේ මුවෙනි. යුද්ධයෙන් පසුව ෆොන්සේකා ජනමාධ්‍ය ඔස්සේ ජයග්‍රහණයේ මුළු ගරුත්වය ඔහුට ලබා ගැනීමේ ප්රයත්නයක යෙදුණේ ය. එහෙත්, යුද්ධයේදී ගෝඨාභය රාජපක්ෂ විසින් කරන ලද කාර්යභාරය සුවිසල් බව ජයරාජ් පෙන්වා දෙයි. විශේෂයෙන් ම ඉන්දියාව කළමනාකරණය කර ගැනීමේදී බැසිල් රාජපක්ෂ හා ලලිත් වීරතුංග විශාල වැඩ කොටසක් කළ බව ඔහු පවසයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ජාත්‍යන්තර පීඩනයෙන් නො සැලී, යුද්ධයට පූර්ණව පක්ෂ වෙමින්, කාර්යය අවසන් කිරීමට දුන් නිදහස හා දේශපාලන නායකත්වය ඉහළ පෙළේ එකක් වූ බව ජයරාජ් පවසයි. අවතැන් වූවන් සැඟවී සිටින කොටි සැකකරුවන් අල්ලා ගැනීමේ උවමනාවෙන් වැඩි කාලයක් රඳවා තබා ගැනීමේ උවමනාව තිබුණේ ෆොන්සේකාට බව ලේඛකයා පවසයි. හමුදාවේ පිරිස් බලය තුන් ලක්ෂය දක්වා වැඩි කිරීමට හා ලක්ෂයක් වන්නියේ රැඳවීමට ද එහි ජන විකසනය වෙනස් වන පරිදි හමුදා පවුල් පදිංචා කිරීමට ද ඔහුට අවශ්‍ය වූ බව ලේඛකයා පවසයි. මේ අතර සරත් ෆොන්සේකාගේ නැඟීම පිළිබඳ සැලකිලිමත් වූ රාජපක්ෂ පාලනය විසින ලබා ගන්නා ලද බුද්ධි අංශ වාර්තා තුනකට අනුව ෆොන්සේකා තුළ දේශපාලන අභිලාෂයන් ඇති බව හා ඔහු ජනාධිපති මහින්ද තරමට ම ජනප්‍රිය බව වාර්තා විය. ඔහු බලයෙන් ඈත් කිරීමේ ක්‍රියාමාර්ගවලට රාජපක්ෂවරුන් එළමුණේ සහ එහි ප්‍රතිඵල ලෙස සරත් ෆොන්සේකා ජනාධිපති පදවිය අපේක්ෂා කරන තත්වයට සිදුවීම් පෙළගැසුණේ ඉන් අනතුරුව බව ජයරාජ් සිය ලිපියෙහි පෙන්වා දෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom