මේකට එක එක්කෙනා එක එක කමෙන්ට් දාල තියෙනවා...
මගේ අදහස හා විශ්වාශය නම්,මෙතැනදී මෙම නිළිය, බුදු සරණ යන්නේ චතුරාර්ය සත්‍යයේ කියවෙන දුක අවබෝධ කරගත් නිසාය...ඉන් මිදීමට හැකි මාර්ගය සොයන්නටය...ඉන් ලැබෙන මානසික සතුට සැනසීම ලබාගන්නටය...
අනිත් කරුණ,
මෙය share කරපු එක බෞද්ධ දර්ශනයට කරන සේවයකි...
මක් නිසාද යත්,මෙම නිළිය ප්‍රසිද්ධ කෙනෙක්. නිලියක් ලෙස මැයව අනුගමනය කරන පිරිසක් ලෝකේ ඉන්නවා...ඔවුන් සොයා බලනවා මැය මේ දර්ශනය අනුගමනය කිරීම ගැන...මැගේ අනුගාමිකයන්ටද ජීවිතයේ ගැටළු ඇති වූ විට, බුදු සරණ යන්න හා ඉන් තම ලෞකික ජීවිතයට සැනසුමක් ලඟා කරන්න උත්සහ කරනවා...
මෙවැනි දේ සහ බුද්ධ දර්ශනයේ සඳහන් දේ ප්‍රචාරය කිරීම සැදැහැවත් ක්‍රියාවක්...බුද්ධ වර්ෂ වල කටින් කට පැවත ආ බුද්ධ දර්ශනය ලෝකයට ගෙන යාම සඳහා අන්තර්ජාලය උපයොගී කරගැනීම බොහොම හොඳ දෙයක්....