Types of Motorcycle Chain [Guide]

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Types of Motorcycle Chain [Guide]


    DD6PLX2.jpg


    මේ දවස් ටිකේ පොඩි නිවාඩුවක් ලැබුණ නිසා වැඩිපුර ත්‍රෙඩ් ටිකක් දාන්න හිතුව බයික් වල technical පැත්තෙන්. මොකද හැමදාම බයික් ගැන දැම්මට ඔකේ තියෙන ප්‍රශ්න සහ කොටස් පිළිබඳව දැනුමක් නැතිව වැඩක් නැහැනේ.

    මම කලින් දැම්ම Chain Lubricants [GUIDE] එකට ලැබුණු ප්‍රතිචාර මත මට හිතුන බයික් එකේ chain එක ගැන වැඩිදුර විස්තර ඔබට ගෙන එන්න.

    English වලින් නම් මේ ගැන ඕන තරම් විස්තර හොයාගන්න පුළුවන්. නමුත් මගේ මේ උත්සාහය සියලුම බයික් chain වර්ග ගැන එක ත්‍රෙඩ් එකකින් ඔබට කියල දෙන්නයි.
    මොකද chain වර්ග ටික ගැන දැනගන්නේ නැතිව බොරුවට chain ගැන කතා කරලා වැඩක් නැහැනේ.ඉතින් ඒ නිසා දැනට ජනප්‍රියම chain වර්ග ගැන සහ ඊට අදාළ Sizes ගැනත් මම මේ ත්‍රෙඩ් එකේ කියන්න හිතාගෙන ඉන්නේ.

    හැබැයි ඉතින් අපේ එළකිරියේ ඉන්නවා නම් Harly Davidson, Ducati, Triumph වගේ සමහර belt driven models පදින අය ඔයාලගේ ප්‍රශ්න වෙනම අහන්න මොකද ඒවා වෙනම කතන්දරයක් නිසා.


    මොකද්ද මේ chain එක.
    35jcspc.jpg


    පටන් ගන්න කලින් කියන්න එපැයි මේ chain එකෙන් මොකද්ද වෙන්නේ කියන එක.
    chain එකක් කියන්නේ යම් තැනක තිබෙන බලය තවත් තැනකට විතැන් කිරීමට යොදාගන්න ක්‍රමවේදයක්.
    chain එක බිහිවුනේ ඉතාම අතීතයේ ලණුවකින්, වර පටකින්, නුල් වැටකින් රෝද දෙකක් කරකවීමෙදී ඇතිවන ලිස්සන සුළු භාවය නැති කිරීම උදෙසායි. ඒ කියන්නේ chain එක බිහිවීමේ ඉතිහාසය ඉතාම ඈත අතීතය දක්වා දිවෙනවා.
    ඒකාකාරීව බලය නොකැඩී (constant) විදියට එක තැනක ඉඳල තවත් තැනකට ගෙනයාමේදී ලනු , belt ආදිය භාවිත කිරීමේදී අතර මැදදී ලිස්සිම, කැඩී යාම වැනි ප්‍රශ්න වලට මුහුණදීමට සිදුවීම නිසා එයට විසඳුමක් සොයන විටදී දැති රෝද සමඟ සිදුරු සහිත යකඩ වලින් සෑදු දම්වැලකින් බලය එක තැනක සිට තව තැනකට ගෙනයා හැකි බව සොයාගත්තා. එය තමයි chain එකේ ඇරඹුම.

    ඉතින් ඔහොම කාලයක් යනවිට chain එක නැතිවම බැරි උපාංගයක් උනා. අද වන විට chain එකක් භාවිත නොකරන විශාල පරිමානයේ උපකරණයක් සොයාගැනීමට කොකි වන තරම් chain භාවිත කරයි.

    යතුරු පැදි වල Drivetrain systems (ඉදිරියට යාමට බලය සපයන ක්‍රමවේද)
    35jcspc.jpg


    01. Chain Driven
    02. Shaft Driven
    03. Belt Driven

    මෙම වර්ග තුනෙන්ම drivetrain සහිත බයික් වර්තමානයේ නිපදවයි. නමුත් වැඩියෙන්ම නිපදවන්නේ chain driven බයික්. shaft driven සහ belt driven බයික් වැඩිහරියක් නිපදවන්නේ යුරෝපයේ සහ ඇමරිකාව තුලයි.



    Chain වර්ගකිරීම් යටතේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.
    35jcspc.jpg


    01. without rubber ring (Normal Chain)
    02. with rubber ring


    රබර් ring රහිත සාමාන්‍ය chain එක.
    35jcspc.jpg


    lb6dRCM.jpg


    5BGMGKY.jpg


    මෙම chain වර්ගයේ chain එකේ පුරුක් අතර රබර් washer එහෙම නැත්නම් ring එකක් නොමැතිව පුරුක් එකිනෙක සම්බන්ධ කර ඇත.වර්තමානයේ ඔබට අඩුම මුදලට මිලදී ගැනීමට හැකි chain වර්ගය වන්නේ මෙම වර්ගයයි.

    නමුත් ගැටලුව වන්නේ මෙම chain වර්ගය ඉක්මනට ගෙවීයාමයි.මන්ද මෙම chain වර්ගයෙහි chain lube රඳවා ගැනීමට හැකියාවක් නොමැති හෙයින් ඉක්මනින්ම ස්නේහන හැකියාව නැතිව ගොස් chain එක ගෙවී යැයි.


    රබර් ring එකක් සහිත chain වර්ග.
    35jcspc.jpg


    01. O-Ring type
    02. X-Ring type

    දැනට ලෝකයේ බහුලවම භාවිතාවන්නේ මේ වර්ග දෙක වන අතර මීට අමතරව තවත් විවිධ හැඩයන් සහිත රබර් washer (ring) සහිතව chain පැමිණියත් ඒවා මෙම හැඩයන්ම භාවිතා කොට මදක් වෙනස් කර නිපදවා ඇත.මෙතනදී chain එකේ පුරුක් එකිනෙක අමුණන විටදී ඒ අතර මැදට රබර් washer එකක් එහෙම නැත්නම් ring එකක් යොදා පුරුද්දනු ලබයි.

    NKR6bvx.jpg


    මෙම වර්ගයේ chain නිසියාකාරව නඩත්තු කළහොත් සාමාන්‍ය chain එකක ආයු කාලය මෙන් දෙගුණයක් භාවිත කල හැකි බව ක්ෂේත්‍රයේ සිටින විද්වතුන් පවසයි.


    ඇයි මේ රබර් ring එකක් සහිතව chain එක නිර්මාණය කලේ..?

    මේ රබර් ring එක යොදාගැනීමෙන් ඔවුන් ප්‍රධාන වශයෙන් අරමුණු කලේ.

    01. පුරුක් එකිනෙක මැදීමේ දී ඇතිවන ගෙවීයාම අවම කිරීම.
    02. පුරුක් අතර ඝර්ෂණය අවම කිරීම
    03. chain lube පුරුක් අතර රඳවා තබා ගැනීම.
    04. chain එකෙන් නැගෙන ශබ්දය හැකි තරම් අවම කිරීමයි.

    YT7y5y8.jpg





    O-Ring Type

    මෙහි රබර් washer එක එහෙම නැත්නම් ring එක මුදුවක් ආකාර වෙයි.මෙහි මුදුවේ මතුපිටද වෘත්තාකාර හැඩයක් ගනී.රබර් ring එකක් දමා සෑදු මුල්ම chain නිපදවූයේ මෙම ආකාරයටයි. මෙහි වැඩිදියුණු කිරීමක් ලෙස පසු කාලීනව තමයි අනෙක් වර්ග වල chain පැමිණියේ.

    දැන් අපි o-ring chain එකක කොටස් හඳුනාගනිමු.

    NM1hk9z.jpg





    X-Ring Type

    URy0ivW.jpg


    වර්තමානයේ නිපදවෙන ඉතාම ජනප්‍රිය සහ ආයුකාලය ඉතාමත් වැඩි හොඳම chain එක ලෙස හඳුන්වන්නේ මෙම chain වර්ගයයි.O-ring type chain වලින් මුලික අදහස් ලබාගැනීමෙන් පසුව මෙම chain වර්ගය නිෂ්පාදනය කිරීමෙන් නිෂ්පාදකයින් ප්‍රධානවශයෙන් අරමුණු කලේ.

    රබර් ring එකේ මැද chain lube හෝ oil දිගු කාලයක් රඳවාගෙන chain එක ස්නේහනය කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමයි.

    JRstgHI.jpg


    මෙහිදී මෙම රතු පාටින් රවුම් කර තිබෙන්නේ අලුත්ම X-ring type chain වල යොදාගන්නා තාක්ෂණයයි. එහිදී පැති 3 ක oil රඳවා ගැනීම නිසා chain එක දිගුකලක් oil රඳවාගෙන ස්නේහනය කරයි.(උපුටා ගත්තේ D.I.D chain manufactures වෙබ් පිටුවෙනි)

    ඇත්තවශයෙන්ම කියනවා නම් ඔවුන්ගේ අදහස ඉතාම සාර්ථක උනා.ඒ නිසා අද වන විට මිලෙන් ඉහල වැඩි ආයු කාලයක් සහිත හොඳම chain වර්ගය බවට මෙම X-Ring type chain ජනප්‍රිය උනා.

    w0JMyff.jpg



    ඔන්න එහෙනම් chain ගැන විස්තරේ නම් කියල ඉවරයි.දැන් අපි බලමු මෙම chain වර්ග කොහොමද සංවෘත කරන්නේ එහෙම නැත්නම් chain එකේ අවසානයන් දෙක එකතු කරන්නේ කොහොමද කියල.

    RX9piBc.gif


    මේ රුපයෙන් දැක්වෙන්නේ master link එකක් සහ master pin එකක් සහිත මුට්ටුව.මෙහිදී කරන්නේ අවසානයන දෙක pin එකක් තුලින් link එකතුකිරීමයි.වර්තමානයේ බොහෝ o-ring , x-ring chain සඳහා මෙමෙ ක්‍රමය යොදාගනී.

    මෙම master link එක unlink එහෙම නැත්නම් ගැලවීම සඳහා විශේෂ උපකරණයක් යොදාගනී

    HZajySu.jpg
    c4BZvei.jpg
    cRWvJBS.jpg




    ඉහත දැක්වෙන ඕනෑම උපකරණයක් භාවිතයෙන් chain එක unlink (break) කරගන්න පුළුවන්.එය පහත පරිදි වෙයි.

    2yFLWAQ.jpg
    6xP10jE.jpg





    මීළඟට කියන්න යන්නේ master link එක lock එකකින් link කරන ආකාරයේ chain ගැන කියන්නයි.

    b7pK3u8.gif


    මෙම ආකාරයට master link එක lock කරන විටදී පහත රුපයේ දැක්වෙන අකාරයටම lock එක දමන්න නැත්නම් ඔබ වේගයෙන් යන විටදී lock එක ගැලවීමට ඉඩ තිබේ. හදිසියෙවත් එහෙම උනොත් ලොකු විනාශයක් සිදුවීමට ඉඩ ඇත.

    kd4iTMZ.gif



    දැන් අපි බලමු ගෙවී ගිය chain එකක් කොහොමද හඳුනාගන්නේ කියල.

    01.පිටුපස sprocket එකේ chain එකේ පුරුක් අතර gap එක බැලීමෙන්.

    MDxVsgI.gif



    02. සිලි සිලි වැනි ශබ්දයක් නගමින් chain එක කරකැවීම. (chain එකේ rollers ගෙවී යාමෙන් මේ ශබ්දය නැගේ)
    03. කාපට් පාරක වේගයෙන් යනවිට chain එකෙන් hum එකක් පැමිණීම.( මෙයින් අදහස් වන්නේ chain එක එක තැනකින් ඇදිලා යන්නයි.)



    Chain එක පිරිසිදු කිරීම.


    6IstLyV.gif
    VRuBADq.jpg


    chain එක පිරිසිදු කිරීම සඳහා භූමිතෙල් හෝ WD40 වැනි ද්‍රවයක් භාවිත කල හැකි වේ. නමුත් කරුණාකර හැකි ඉක්මනින් සෝදා මෙම cleaners chain එකෙන් ඉවත් කරන්න. මන්ද මෙම ද්‍රාවන ගොඩක් වෙලා chain එකේ රැදීමෙන් o-ring තැම්බීම සිදුවෙයි.එහි දිගුකාලීන ප්‍රතිපලයක් වශයෙන් o-ring පලුදු විය හැකිය.

    chain එක පිරිසිදු කිරීමට මෙම brush එකක් මිලදී ගැනීමට ඔබට හැකි නම් අදාළ කාර්ය ඉතාම පහසු වෙයි.

    JwP7ZAL.jpg


    මේ තියන්නේ හොඳින් නඩත්තු කල o-ring සහිත සාමාන්‍ය chain එකක්. බැලු බැල්මට පේනවා නියමාකාරයට liquid grease spray කර තිබෙන බව.

    NKV423S.jpg



    මේ තියන්නේ හොඳින් නඩත්තු කල x-ring හෝ o-ring gold chain එකක්.Liquid grease එහෙමත් spray කරලා තියෙන බව පේනවා.

    PiDMsvD.jpg


    මෙහි වැදගත් කම වන්නේ මෙය gold chain එකක් වීමයි.gold chain වල විශේෂත්වය වන්නේ බොහෝ විට gold chain x-ring type chain වීමයි.එම නිසා ඔබගේ බයික් එකේ තියන්නේ gold chain එකක් නම් ඉතාම පරිස්සමෙන් නදත්ති කරන්න. මොකද එය x-ring chain එකක් වන නිසා.කාලාන්තරයක් ඔබට chain එක මාරු නොකර භාවිත කල හැකියි.
    මෙහි gold chain කියල කිව්වට gold plated හෝ යමක් නොව මලකඩ කෑම වැලැක්වීම සඳහා පිත්තල කලවම් කරන ලද ලෝහයකින් නිපදවා ඇත.


    0cYlSjw.jpg


    එහෙනම් ඔන්න අද chain ගැන ලොකු විස්තරයක් කළා. එහෙනම් තවත් දවසක අලුත් විස්තරයක් සමඟ හමුවෙමු.

    සමහර විස්තර උපුටාගැනීම:


    හැමදාමත් කියනවා වගේ මේක කොපි කරලා තම තමන්ගේ බ්ලොග් වල හොරෙන් දාගන්නේ නැතිව කොහෙන්ද ගත්තේ කියන එක අහල දැම්ම නම් වටිනවා....
    මොකද මමත් සැහෙන්න මහන්සි වෙලා මගේ දැනුම ඔයාලට දෙන්නේ..........:yes::D


    මගේ වෙනත් ලිපි:

    ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

    Honda VTR250

    Honda Hornet CB250F

    Honda Jade CB250F

    Latest Scooters From Honda 2013

    Honda CB400 Super Four

    All-in-one Honda CB400 SF models

    Chain Lubricants [GUIDE]

    What is Honda Dio HET (Indian)

    Motorcycle Lease [Guide]
     
    Last edited:
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    සුපිරියි අයියේ! දැන් කොල්ලා ටෙක්නිකල් පැත්තට වැඩිපුර බැහැලා වගේ! :frown: :P
    එළ එළ අයියේ! හැමදාමවගේ කියන්න දෙයක් නෑ සුපිරි

     
    • Like
    Reactions: kandyan

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    patta machan discover 100 model ekata o ring type chain ekak daanna puluwanda?

    මචන් මුලින්ම chain එකේ size එක හොයාගන්න ඕන. නිකන් discover 100 එක කිව්වට බැහැ. model එක හරියටම කියන්න.කොහොමත් මම අර reserve කරපු පොස්ට් එකේ ලංකාවේ දැනට තියෙන ඔක්කොම වගේ බයික් වල chain size ටික දාන්න හිතාගෙන ඉන්නේ...!
     
    • Like
    Reactions: chrishanelloyd

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    patta machan.nodanna dewal denagaththa.

    එළකිරි කොල්ලෙක්;15477001 said:
    සුපිරියි අයියේ! දැන් කොල්ලා ටෙක්නිකල් පැත්තට වැඩිපුර බැහැලා වගේ! :frown: :P
    එළ එළ අයියේ! හැමදාමවගේ කියන්න දෙයක් නෑ සුපිරි




    Elaaz +10

    Ela aiyye...

    patta
    rep+6

    Rep දුන්න comment කරපු හැමෝටම ස්තුතියි....!
    11.gif
     
    • Like
    Reactions: cjanaka

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    හොඳ විස්තරයක්,
    මිල ගණනුත් දල වශයෙන් දාන්න පුළුවන් නම් හොදයි ,
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    machoo mage eka apache 160 ekak dan rode karakeddi taka taka gala sound ekak enawa chain eka maru karama athida anthnam spocket wheel danda weida