Uber දැන් ලංකාවේ ක්‍රියාත්මකයි

cns11

Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    Uber දැන් ලංකාවේ ක්‍රියාත්මකයි

    uber-taxi-in-srilanka-660x400.jpg

    Uber (ඌබර්) කියන නම ඔයගොල්ලෝ අහලා තියනවද ? සමහරු නම් අහලත් ඇති. ඒත් ඒ නම හුරුපුරුදු නැති අය ගොඩක් අපි අතර ඉන්නවා කියලා කිසි සැකයක් නැහැ. Uber කියන්නේ මොකක්ද ? ඇත්තටම Uber කියන්නේ ඔබට එහා මෙහා යාමට කුලී රථයක් එහෙම නැතිනම් ටැක්සියක් සොයාගැනීම පහසු කරන App එකකට. මේ සමාගම ආරම්භ කෙරුනේ 2009 වසරේදී. ඒ Garret Camp සහ Travis Kalanick දෙදෙනාගේ එක්වීමෙන්. ආරම්භයේදී ඩොලර් 200,000ක වත්කමක් සහිත සමාගමක් වුණු මේ සමාගම අදවන විට ලොව පුරා රටවල් 60ක විවිධ නගර 360ක ව්‍යාප්ත වූ ඩොලර් බිලියන 50ක වටිනාකමක් සහිත සමාගමක්.

    uber_logo.jpg

    මේ සමාගම ශ්‍රී ලංකාව තුල ඊයේ දිනයේ දී සිය වැඩකටයුතු ආරම්භ කළා. එහිදී අදහස් දක්වමින් එම සමාගම පවසා සිටියේ Uber ආරම්භ කරන සෑම නගරයකම මේ සේවාව පැරණි කැබ් රථ සේවා අභිබවා ඉදිරියට ඇදීමට සමත්වී ඇති බවත් එය කොළඹ නගරයේදී ද එසේම වනු ඇති පවසා සිටියා. Uber ලංකාවට පැමිණියේ 2014 වසරේදී යි. කොළඹ නගරයේ ස්ථාන 3ක සිය සාමාජිකයන් රඳවා Uber සමාගම සිය වැඩකටයුතු ආරම්භ කිරීමට සුදුසු පරිසරයක් ඇත්දැයි බලන්නට වුණා. ආරම්භයේ දී මේ ගැන වැඩි උනන්දුවක් තිබුනත් කාලයත් සමඟ එය මැකී යන්නට වුණා. නමුත් මේ ගැන උනන්දු වන බොහෝ පිරිසකුත් වුණා.

    ලංකාවේ credit කාඩ් භාවිතා කරන්නන් මිලියනයක් ද debit කාඩ් භාවිතා කරන්නන් මිලියන 11ක් ද ස්මාර්ට් දුරකථන භාවිතා කරන්නන් මුළු ජනගහනයෙන් 20% ක් වන නිසා මේ සේවාව ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවන බවයි.
    මේ Taxi සේවාව ලබාගන්නා ඔබේ ගමන් ගාස්තුව ගණනය වන්නේ සැටලයිට් දත්ත ආශ්‍රයෙනි. ඒ වගේම ඔබේ අතට බිලක් ලැබෙන්නේ ද නැත. එය ස්වයංක්‍රියවම ඔබේ ක්‍රෙඩිට් කාඩ් ගිණුමෙන් අයවනු ඇත. බිල්පත ඔබේ e-mail ගිණුමට යැවෙනු ඇත.
    මේ App එක ක්‍රියාකරන ආකාරය පහත සඳහන් විඩියෝවෙන් නැරඹිය හැක.

    ඔවුන්ගේ සේවාව ලබාගැනීමට යොමු වන ඔබට අංශ 5ක් යටතේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි මෝටර් රථයකක් ගෙන්වා ගත හැක. ඒවායේ මිලගණන් ද තරමක් වෙනස් වනු ඇත.
    1. UberX – The budget uber cab
    2. UberTaxi – The normal taxi
    3. UberBLACK – The original Uber cab
    4. UberSUV – The SUV with enough space to fit 6 people at any given time
    5. UberLUX – The luxury option for those who only want the finest cars

    UberX-700x393.png

    UberX යනු සාමාන්‍ය බජට් කැබ් වර්ගයේ කැබ් රථයකි. මේ වනවිට කොළඹ නගරය තුල Uber සමාගම UberX වර්ගයේ මෝටර් රථ සේවාවේ යොදවා තිබේ. මේ කැබ් රථ සඳහා ආරම්භක ගාස්තුව රු.100ක් වන අතර සෑම කිලෝමීටරයක් සඳහා ම රුපියල් 50ක් අයකෙරේ. ඊට අමතරව ගමනට ගත වන සෑම මිනිත්තුවකටම රුපියල් 2 බැගින් අයකෙරේ. මෙහි වෙනම waiting සඳහා ගාස්තු අයකිරීමක් සිදු නොකෙරේ. ඒවගේම ඔබගේ ගමන පිලිබඳ සියලු විස්තර රියදුරු මහතාට App එක හරහාම ලබා දිය හැක. ඔබ ගමනාන්තයට ගිය පසු තවත් තැනකට යාමට අවශ්‍යනම් නව ඇණවුමක් කිරීමට සිදු වනු ඇත. මේ ගාස්තු ක්‍රමය අනෙක් ක්‍රම වලට වඩා ලාභදායි දැයි ඉදිරියේදී පාරිභෝගිකයන්ගෙන් ම දැනගැනීමට හැකි වනු ඇත. මේ සමාගම දැනට,

    Toyota Allion
    Toyota Prius
    Toyota Axio
    Nissan Bluebird
    Honda City
    Mitsubishi Lancer

    වර්ගයේ මෝටර් රථ සේවයට යොදවා තිබේ. මේ දිනවලදී පාරිභෝගිකයන් මේ සඳහා යොමු වන ආකාරය නිරීක්ෂණය කෙරෙමින් තිබෙන අතර මෙය නිලවශයෙන් හඳුන්වාදීමෙන් පසු තවත් වාහන මේ සේවාවට සම්බන්ධ වනු ඇත.

    උපුටා ගැනීම - http://sira.lk/uber-arrives-in-sri-lanka/
     
    • Like
    Reactions: sudu appooo

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    දැන් taxi income එකත් යන්නේ පිට රට උන්ටද :lol:
    GG ශ්‍රී ලංකා :P
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Worst Part is they are Charging Rs.2 for each minute , if there is huge traffic then you have to pay Rs. 2 for each minute regardless the KMs.
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    දැන් taxi income එකත් යන්නේ පිට රට උන්ටද :lol:
    GG ශ්‍රී ලංකා :P
    :P:yes:
    :D:D
    meka expensive neda ban?
    :yes::yes:
    :P:P
    Worst Part is they are Charging Rs.2 for each minute , if there is huge traffic then you have to pay Rs. 2 for each minute regardless the KMs.
    :yes::yes:
    ithin bn ganan wedi neda :sorry:
    hmm
    :D:D
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    This is very popular in developed countries. Usually cheaper than a traditional cab. But IMO they'll struggle in SL.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    මම යාලුවෙක් බලන්න ලංකා හොස්පිටල් එකට ගියා බජට් ටැක්සියකින් රු:550 ගියෙ ... ආපහු එනකොට එතන එන්ට්‍රන්ස් එකේ දකුණු පැත්තේ ගහල තිබුණු මීටර් හයි කරපු ත්‍රීවිල් එකකින් ආව .. ගෙදර ඇවිල්ල බැලුවාම මීටරේ 934 ... ෂුවර් එකටම මූ මීටරේ වෙනස් කරල .. :angry::angry: .. කන බත් ඇටයක් ගානේ බඩ පලයන් කියල හිතාගෙන ඌට සල්ලි දුන්න ... :angry: ... මේ ත්‍රීවිල් හොර හැත්ත නම් නැති වෙලාම යන්න ඕනෙ, ඇත්තටම බන් මේ වගේ වංචාවල් හොයන්න එවුන් නැද්ද බන් ලංකාවෙ .. අපි ලියුම් යව යව මුන් ගැන කිය කිය පෙත්සම් ගහන්නම ඕනෙද මේ රජයවල් වලට මේවා ගැන හොයල බලන්න ... :angry::angry:
     
    රු: 934 ක් :shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    :rolleyes: කාලයක් යයි ඉතින් ඕක මෙහේ අල්ලන්න...... බජට් ටැක්සි / සොනිට් / කැන්ගරූ කෑබ්ස් දැන් මෙහේ අල්ලලා ඉවරයි නේ..... :D
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    මම යාලුවෙක් බලන්න ලංකා හොස්පිටල් එකට ගියා බජට් ටැක්සියකින් රු:550 ගියෙ ... ආපහු එනකොට එතන එන්ට්‍රන්ස් එකේ දකුණු පැත්තේ ගහල තිබුණු මීටර් හයි කරපු ත්‍රීවිල් එකකින් ආව .. ගෙදර ඇවිල්ල බැලුවාම මීටරේ 934 ... ෂුවර් එකටම මූ මීටරේ වෙනස් කරල .. :angry::angry: .. කන බත් ඇටයක් ගානේ බඩ පලයන් කියල හිතාගෙන ඌට සල්ලි දුන්න ... :angry: ... මේ ත්‍රීවිල් හොර හැත්ත නම් නැති වෙලාම යන්න ඕනෙ, ඇත්තටම බන් මේ වගේ වංචාවල් හොයන්න එවුන් නැද්ද බන් ලංකාවෙ .. අපි ලියුම් යව යව මුන් ගැන කිය කිය පෙත්සම් ගහන්නම ඕනෙද මේ රජයවල් වලට මේවා ගැන හොයල බලන්න ... :angry::angry:

    මාත් ඔය ටොපිය කාල තියනවා කිරුලපන ඉදන් කොටුවට යන්න මීටර් ටැක්සි #ස #කයෙකුට 900ගානක් දෙන්න උනා. ඒ රුට් එකේම nano ටැක්සියක යන්නත් වෙනදට 650යි ගන්නේ. ඕකුන් මිනිස්සුන්ගේ සල්ලි හූරගන කන නිසා තමා හැමදාම මළ පෙරේතයෝ වගේ ඉන්නේ :yes:
     
    Similar threads