පහත රූප රාමු තුන බලන්න.
මාර්තු 21 වෙනිදා රුපියල් 550ක් වූ Roast chicken කොත්තුව අද දින වන විට රුපියල් 700ක් වී ඇත.
මා සිතුවේ යම් කිසි ප්‍රමෝශන් එකක් වත් ගිහින් ඇති කියාය. නමුත් එසේ නොවන බව ඔබට වැටහෙනවා ඇති.
20%කින් මිල අඩු කරන්නට කියන රටක සිදුවන්නෙ මෙහෙම දේවල්ය. මට මතක් වන්නෙ සමහර ශීතකරණ, රූපවාහිනී යන්ත්‍ර විකුණන අලෙවිසැල් කරන කුප්‍රකට සේල් දැමීමේ ක්‍රමෝපායන්ය. ගාණ ඉහලට උස්සා එයින් 20%ක් මිල වට්ටම් දෙන බව පවසමින් පාරම් බාන හැටි සිහිවේ..
මේවා එහෙමත් නැත. 20%කින් මිල අඩු කරන්නට කියූ තැන රුපියල් 550ට තිබූ Roast Chicken කොත්තුවක් රුපියල් 700 වී ඇත. එමෙන්ම රුපියල් 800ට තිබූ Chicken koththu large එක රුපියල් 900 වී ඇත. Portions large හෝ small ලෙස වෙනම තෝරන්නට නැත. ඒවා වෙන වෙනම menu එකේම වෙන්කොට දක්වා ඇත. මෙම සටහනෙන් පසුව හෝ දැන් 700 ට තිබූ කොත්තුව 20%කින් අඩු කළහොත් එය රුපියල් 560ක් දක්වා අඩු වෙයි. එවිටද මාර්තු 21 තිබූ මිලට වඩා වැඩිය..
ව්‍යාපාර මොළ යනු මේවාය..
පාරිභෝගිකයන්ව ඉතා අසාධාරණ ලෙසින් සූරාගෙන කන "පානදුර Chopsticks" වෙළඳ ව්‍යාපාරය ඉක්මණින්ම වැඩි වැඩියෙන් දියුණු වේවායි පතමි..