UDDAMANAYA ADU WELA BADU GANNA MINISSU NATHUWA කඩවල් වැසී යයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මිල ඉහළයාම නිසා පාරිභෝගිකයෝ එළවළු නොගනිති - කඩවල් වැසී යයි

    එළවළු මිල ඉහළ යාම හේතුවෙන් කුඩා පරිමාණයේ සිල්ලර එළවළු වෙළෙඳසල් සියයට හැත්තෑ පහක් (75%)ක් පමණ වැසී ගොස් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    එළවළු වර්ග බොහොමයක මිල පසුගිය මාසයට සාපේක්ෂව සියයට සියයකින් පමණ ඉහළ ගොස් තිබේ. ඒ හේතුවෙන් එළවළු ඉල්ලුම විශාල ලෙස අඩුවී ඇතැයි ද එළවළු තොග වෙළෙන්දෝ පැවසූහ.

    තවද එළවළු මිල ඉහළ යෑමත් සමග බොහෝ පාරිභෝගිකයන් එළවළු වර්ග මිලදී ගන්නේ ග්‍රෑම් 100 - 250ත් අතර ප්‍රමාණයකින් බවද වෙළෙන්දෝ කීවෝය.

    එළවළු අලෙවි නොවීම සහ නරක් වන එළවළු යම් ප්‍රමාණයක් දෛනිකව ඉවත් කිරීමට සිදුවන බැවින් වැඩි පිරිසක් සිල්ලර එළවළු වෙළෙදාමෙන් ඈත්වී සිටින බව එළවළු තොග වෙළෙන්දෝ සඳහන් කළහ.

    මේ අතර, මෙලෙස සිල්ලර එළවළු වෙළෙඳාම අඩාළ වීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානවලට පැමිණෙන තොග වෙළෙඳුන් සංඛ්‍යාව ද සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයි ආර්ථික මධ්‍යස්ථානවල නිලධාරීහු පැවසූහ.

    ඇතැම් ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණය, තද වැසි සහ සුළං තත්ත්වය එළවළු අස්වැන්න අඩුවීමට තදින් බලපා තිබේ.

    @2osama mehe waren nawala jangi ponnaya
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Sanwardhana-News.gif