nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    සිසු වීසා දීමේදී එංගලන්තයෙන් නව තහංචි මාලාවක්
    Wednesday, 23 March 2011 18:10


    Sri Lanka students face tougher entry to Britain

    එංගලන්තයේ අධ්‍යාපනය සඳහා යන විදේශීය සිසුන්ට වීසා ලබාදීමේ නීති රීති තවත් දැඩි කරමින් නව කොන්දේසි මාලාවක් සහිතව සිසුන් සඳහා වීසා ලබාදීමේ නව යෝජනා ක්‍රමයක් එරට විසින් හඳුන්වා දෙයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් මෙරට පිහිටි බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය පවසා තිබෙන්නේ අධ්‍යාපනය සඳහා යන මුවාවෙන් වීසා ලබාගෙන සිදුකරන වංචනික ක්‍රියා අවම කර සත්‍ය ලෙසම අධ්‍යාපනය සඳහා යන සිසුන්ගේ අයිතීන් තවත් තහවුරු කිරීම වෙනුවෙන් මෙම නව වීසා ක්‍රමය හඳුන්වා දී තිබෙන බවයි.

    මෙයට අනුව, මින් පසුව ඉතාමත් හොඳින් ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකි කිසිවෙකුට එංගලන්තයේ අධ්‍යාපනය සඳහා දොරටු විවර නොවන බවත් සිසුන්ගේ භාෂා කුසලතාවය තදින්ම සොයා බලන බවත් සඳහන්ය.

    මීට අමතරව, එරටදී සිසුන් රැකියාවල නිරතවීමද නව වීසා යෝජනා වලිය මගින් දැඩි ලෙස සීමා කර තිබේ.

    අධ්‍යාපනය වෙනුවෙන් එරට ගතකරන කාලයද ඒ ඒ පාඨමාලා අනුව සීමා කර තිබෙන බවද සඳහන්ය.