Umbalata mehema hithunada?

kitsooftlk

Well-known member
  • Mar 11, 2011
    502
    341
    63
    Home
    kitsooftlk.blogspot.com


    ඉපදුන දවසේ ඉඳන්
    කවලා පොවලා
    ඉස්කෝලේ යවලා
    උගන්නලා, මෙහෙම වෙයන් කියලා
    ටික ටික ලොකු කරේ
    මොකටද අම්මේ?

    අවුරුදු 40ක් 50ක් තිස්සේ
    මේ පොළොවේ කරක් ගහලා
    දුක් කන්දක් ඔළුවේ තියන්
    පන ගැටගහගත්තා
    අමතකද අම්මේ?

    පන්සලේ හාමුදුරුවන්ගේ ඉඳන්
    පල්ලියේ ෆාදර් වෙනකං
    බස් එකේ කොන්දොස්තරගේ ඉඳන්
    ඉස්පිරිතාලේ දොස්තර වෙනකං
    උඹට මුණගැහිලත්
    උන්ගේ හිත
    නොදැක්කේ කොහොමද අම්මේ?

    ඉස්කෝලේ ළමයි සර්ලා
    ගමේ මන්තිරියයි ගෝලයනුයි
    මං පාරේ යනකොට
    කලබල උන හැටි
    නොදැක්කේ කොහොමද අම්මේ?

    ඒත්,

    දවසක හොඳ මිනිහෙක් හම්බවෙයි
    උඹලා සතුටින් ඉඳී
    දරුවෙක් දෙන්නෙක් හදයි
    කියලා කිව්වේ
    කොහොමද අම්මේ?

    අම්මා නොදන්නවා උනාට
    මම දන්නවා අම්මේ
    උඹලා ඇස් කං පියාගත්තට
    මට ඕවා පෙනුනා අම්මේ

    පන්සලේ ලොකු හාමුදුරුවෝ
    ඇහැක් ගහපු දවසේ
    ඌ මගේ ඇඳුම් ගැලෙව්වේ
    මටවත් නොදැනී අම්මේ

    බස් එකට නැග්ග වෙලේ ඉඳන්
    උඩහ ගෙදර ඉංජිනේරු අයියනුත්
    පහළ ගෙදර දොස්තර මල්ලියත්
    වරින් වර හැරිලා බැලුවේ
    මොකටද කියලා
    දන්නවද අම්මේ?

    තරුණයින් විතරක් නෙමෙයි
    නාකි හම්පඩ මහල්ලනුත්
    පොඩි පොඩි හැච්ච බෑච්චනුත්
    බැලුවේ මොකටද කියලා
    දන්නවද අම්මේ?

    ලෙඩක් හැදිලා මැරුණු වෙලාවේ
    දවස් තුනක් ගෙදර තියං
    වටේ උන්ට කන්න දුන්නේ
    උඹේ අසරණකම නිසා
    නෙමෙයිද අම්මේ?

    නිදහසේ පස් වෙන්න
    ඉඩ හැරපු වෙලාවෙත්
    දූෂණය වෙනවා කියලා
    උඹ දන්නේ නෑ අම්මේ

    අද එකෙක්
    ඇරියස් එක ගත්තේ
    පෙට්ටියත් කඩලා
    මිනියටත් ඇරලයි අම්මේ

    ඌ තමයි අම්මා හොඳයි කියපු
    අර කන්තෝරුවේ ලොකු මහත්තයා
    අලුත් ඉස්කෝලේ ගුරුතුමා
    අල්ලපු ගමේ මුදලාලි අයියා
    ලොකු මාමා පොඩි මාමා මද්දුම මාමා

    උන්ට සැරව පේන්නේ නෑ
    පණුවෝ පේන්නේ නෑ
    ගඳ දැනෙන්නේ නෑ
    මත් වෙච්ච මී හරක් වගේ අම්මේ

    උඹලට මේක තේරෙන්නේ නෑ
    උඹලට මේකෙන් ගැලවෙන්න බෑ
    උඹලා කන්නේ මොනවද දන්නේ නෑ
    කොහොම කියන්නද මම දන්නේ නෑ

    උන් උඹලා ඔක්කොම කන්න හොයන්නේ
    මැරිච්ච කුණු ගඳ ගහන
    ඉදීමිච්ච සැරව බේරෙන
    උඹලගේම මලකුණු යි අම්මේ

    මේ රාග හිත හරි බයයි අම්මේ
    මිනිස්සු පෙරේතයෝ කරනවා
    තිරිසන්නු කරලා දානවා
    නිරයටම දක්කන් යනවා

    අනේ අම්මේ

    තව තවත් මාන බලන්නේ
    රාගයෙන්
    පිරුණු යක්ෂයන් පෙරේතයන්
    කුම්භාණ්ඩයන් පිසාචයන් පිරුණු
    මේ මහපොළොවේ
    සැපක් හොයන්නද?

    නවත්තපන් දැන්වත් ඕක
     

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    තාත්තා -

    1706454926582.png
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,090
    66,527
    113
    Sankara nirodha,vincnaya,namarupa,salayatathana,sparsha,vedana,tanha,upadhana,bawa,jathi,jara marana nirdoha
     
    • Haha
    Reactions: newbie22

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    Sankara nirodha,vincnaya,namarupa,salayatathana,sparsha,vedana,tanha,upadhana,bawa,jathi,jara marana nirdoha
    මිනිස්සු තිරිසනුන් vela
    ඉවරයි... ආයේ ගොඩ ඒමක් නැ
     
    • Sad
    Reactions: Emios

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    හොරු tv එකෙත් බ්ලර් කරපු මුණ රැකේ පඩිකල් එවුන් ටික රීච් වලට විකුනනව.

    තොපිට හොරු tv තරම් වත් සදාචාරයක්‌ නැද්ද යකෝ