Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
underworld stories
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව ආරක්ෂක බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ දිනෙන් දිනම ඒවා උත්සන්න වීමත් මාධ්‍යයෙන් ඒවා ප්‍රචාරය වීමත් සමගිනි.

ඊට මුහුණ දෙන්නට හැකි සුවිශේෂ ඒකකයක් පිහිටුවීමේ වගකීම දේශපාලන අධිකාරිය විසින් පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට භාර දෙන්නේ දේශපාලන බලපෑම් හමුවේ දණ නොනමා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියකු ලෙස ඔහු ප්‍රකට නිසාය.

නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා හා නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත යටතේ ඇති සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නාශක අංශ එක්කර ඉතිහාසයේ පළමුවරට අපරාධ මර්දනය සඳහා සුවිශේෂ කණ්ඩායම් සැකසීමේ නියෝගය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට පොලිස් මූලස්ථානයෙන් නිකුත් කෙරෙන්නේ ඉකුත් සිකුරාදාය.

ඒ වනවිටත් රටටම පිළිලයක් වන පාතාල රැල්ල මර්දනය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර යටතේ අධීක්ෂණය වන පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දනය සඳහා වූ බුද්ධි අංශය රට පුරා ඇති පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකම් සෙවීමට යොදවා තිබුණේය.

එහි ප්‍රතිඵලයක් ලෙස එම ඒකකයේ ස්ථානාධිපති වූ පොලිස් පරීක්ෂක ඊ. එස්. ධර්මප්‍රිය යටතේ සුවිශේෂ පුහුණුවක් ඇති පාතාල මර්දන කණ්ඩායම් පාතාල ක්‍රියාකාරකම් සෙවීම සඳහා මෙහෙයුම් රැසක් අරඹා තිබුණි.

එම බුද්ධි මෙහෙයුම් අතරේ ලද තොරතුරකින් කියවෙන්නේ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායමක් කොල්ලයක් සඳහා ආයුධ සන්නද්ධව වෑන් රියකින් මීගමුවට පැමිණ සිටින බවයි. එම ඔත්තුව පසුපස යන පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් හට පාතාල කණ්ඩායමක් විසින් කොල්ලයක් සඳහා සූදානමින් ආයුධ සන්නද්ධව මීගමුව ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ආයතනය අසල රැඳී සිටින වග අනාවරණය වන්නේය. ඒ අනුව විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.අර්. ලතීෆ් මහතාගේ නියෝග මත විශේෂ අවි හා උපක්‍රම ඒකකයේ සන්නද්ධ භට කණ්ඩායමක් බුද්ධි නිලධාරීන්ගේ සහායට ළඟම කඳවුරකින් පිටත්ව යන්නේය.

ආයුධ සන්නද්ධ කණ්ඩායම රැගත් වෑන් රථය අනාවරණය කරගත් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය වහාම වෑන් රථය ආසන්නයේ රැඳී විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම ගෙන්වා ගත්හ. ඒ ඉතා උපක්‍රමශීලීවය. නිල ඇඳුමෙන් සැරසී විශේෂ අවි හා උපක්‍රම ඒකකයේ කණ්ඩායම එහි පැමිණි වහාම කොල්ල කල්ලිය ආයුධ සන්නද්ධව සිටින බැවින් උපක්රමශීලීව කොටු කරගන්නට බුද්ධි අංශ ලොක්කා අණ දුන්නේය. ඒ අනුව ඩිෆෙන්ඩර් රථය වෑන් රථය අසල නවත්වන්නට සූදානම් වත්ම එයින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වන්නට වූයේය.

වහාම ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකා භට පිරිස් එල්ල කළ ප්රතිප්රහාරයෙන් වෑන් රථයේ සිටි පාතාල සාමාජිකයන්ගේ වෙඩි ප්‍රහාරය නැවතී ලේ විලක් මැද ඇද වැටුණේය. වෑන් රථය වෙඩි ප්‍රහාර මැද ඉදිරියට ධාවනය කරන්නට රියැදුරා ලෙස සිටි පාතාලයා උත්සාහ දරද්දී එහි රෝදවලටද වෙඩි ප්‍රහාර එල්ල කර වෑන් රථය නවත්වා ගනිති.

වෑන් රථය කළු පැහැති අඳුරු වීදුරු සහිත වූයෙන් කී දෙනෙක් එහි සිටිනවාද, ගිනි අවි කීයක් ඔවුන් සතුද යන්නවත් අනාවරණය කර ගන්නට කාලයක් නොවීය.

දෙනෝදාහක් බලා සිටියදී තත්පර අටක් වැනි කාලයක් තුළදී පාතාලයේ මහ කෙරුම්කරුවන් සිව් දෙනකු ගිනිඅවිත් සමග පොලිස් විශේෂ කාර්ය බළකා ග්‍රහණයට ගත්තේ මෑතකදී කළ සජීවී සාර්ථකම මෙහෙයුම ලෙසය.

තුවාල මැද සිටි පාතාලයන් දෙදෙනකු රෝහල්ගත කෙරුණු අතර සෙසු දෙදෙනා අවි ආයුධ සමග අත්අඩංගුවට පත් වූහ. වෑන් රථය තුළ තිබි සොයාගත් අවිආයුධ අතර පොලිස් නිලධාරීන් භාවිත කරන එම්.පී. 22 වර්ගයේ චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක්, ටී 56 අවි දෙකක්, ටී 56 පතොරම් 54ක්, මැගසින් තුනක්, වාහන අංක තහඩු අටක්, ජංගම දුරකථන දහයක් සොයා ගැනිණි.

වෑන් රථය තුළ තුවාල ලබා සිටි දෙදෙනාගේ අයකු වජිර කුමාර හෙවත් පෙරේරා නමැති පාතාල නායක මධුෂ්ගේ කොල්ල කල්ලියේ මෙරට නායකයා බව හෙළි විය. පිස්තෝලයකින් විශේෂ කාර්ය බළකා භට පිරිස්වලට වෙඩි තබා තිබුණේ වජිරය.

මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ වජිර රාගම රෝහලෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණේය. වජිර හෙවත් පෙරේරා පාතාල කල්ලිවල සහායෙන් සංවිධානාත්මක කොල්ල කණ්ඩායම් මෙහෙයවන ලංකාවේ අංක එකේ කොල්ල කල්ලි නායකයා බවට තහවුරු වන්නේය. පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය මාස එකහමාරක දෙකක පටන් වජිරගේ මෙම කල්ලිය ගැන ඇස ගසාගෙන සිටියේද දිගින් දිගටම ලද බුද්ධි තොරතුරු අනුවය.

මෙම කල්ලියේ සුවිශේෂත්වය වූයේ අවි ආයුධ සන්නද්ධව පොලිසියේ හා රහස් පොලිසියේ නිලධාරීන් ලෙස කොල්ලකෑම් මෙහෙයවීමය. පොලිස් නිල ඇඳුම් අත්විලංගු (මාංචු) රැගෙන ගොස් පොලිස් නිලධාරීන් සේ නිවාස පරීක්ෂාවට යන මුවාවෙන් නිවෙස් කොල්ලකෑම මෙම කල්ලියේ පුරුද්දය. බොහෝ

මංකොල්ලයන්වලදී කෝටිපතියන්ගේ නිවෙස්වලට ගොස් “අපි සීඅයිඩී එකෙන්. අපිට ගේ චෙක් කරන්න අවශ්‍යයි. ඔයාලාගේ රත්රන් බඩු, වටිනා කියන දේවල් තියෙනවා නම් එක තැනකට අරන් තියන්න” යැයි දන්වා වටිනා රන් ආභරණ මුදල් එක් තැනකට එකතු කරවාගෙන ගිනි අවි පෙන්වා මංකොල්ලකෑම වජිරගේ කල්ලියේ පුරුද්ද වූහ.

මීට අමතරව කෝටි ගණනින් ඉඩම් ගනුදෙනු සිදුවෙන අවස්ථාවල බ්‍රෝකර්වරුන් මාර්ගයෙන් තොරතුරු ලබාගෙන ගනුදෙනුව සිදුවූ පසුව මුදල් කොල්ලකෑම වජිරගේ කල්ලියේ පුරුද්දය. වජිරගේ කල්ලිය මෙවරත් ආවේ එවැනි දෙයකටය.

තෙල්දෙණියේ උපත ලබා ඇති වජිර නොහොත් පෙරේරා මව පියා කුඩා කලම මරණයට පත්වීම නිසා සිය මිත්තණිය ළඟ හැදී වැඩී අපරාධ ලෝකයට ප්‍රවිෂ්ට වූ අයෙකි.

මීගමුවේ පාතාල නායක ෆේරෝස්ගේ මරණයෙන් පසුව පාතාල කිරුළ ගන්නට කටයුතු කළ ලලිත් පින්තෝ සහ දකුණේ පාතාල කිරුළට සටන් කරන ඩුබායිහි සිටින මාකඳුරේ මධුෂ්ගේ කල්ලි දෙකේම සුසංයෝගයක් ලෙස වජිරගේ සංවිධානාත්මක අපරාධ කල්ලිය පෙරට එන්නේය.

මීගමුවේ ලලිත් පින්තෝ සහ මාකඳුරේ මධුෂ් හිරේ සිටියදී අපරාධ කණ්ඩායම් මෙහෙයවමින් ඇරඹූ අපරාධ රැල්ලේ කොල්ලකෑම් මෙහෙයවූ නායකයා වූයේ වජිරය. මධුෂ්ගේ අවි ආයුධ අවශ්‍ය තැනට ගෙනැවිත් දීම අවි ආයුධ හා පුද්ගලයන් රැස් කිරීම භාර වූයේත් වජිරටය.

2011 නොවැම්බර් 03දා වත්තල කෙරවළපිටියේ ව්‍යාපාරික නිවසකට පොලිස් නිලධාරීන් මෙන් ගොස් මංකොල්ලයක් සිදු කරන්නට මෙම කල්ලිය එහිදී හදිසියේම නිවසට පැමිණ නිවෙස් හිමියාගේ පුත්‍රයා සමග ගැටෙන පාතාල කල්ලිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එම පුත්‍රයා මියගොස් නිවැසි කාන්තාව තුවාල ලැබුවාය. පොලිස් විමර්ශනවලට අනුව මාකඳුරේ මධුෂ් මීගමුවේ බන්ධනාගාරයේ සිට සිද්ධිය මෙහෙයවා ඇති අතර කොල්ලය හා ඝාතනය සිදුකර ඇත්තේ ලලිත් පින්තෝ වජිර ඇතුළු කණ්ඩායමයි.

මධුෂ්ට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා හඳුනා ගන්නට ලැබෙන්නේ බන්ධනාගාරගතව සිටියදීය. වෙලේ සුදාගේ සහායෙන් හෙරොයින් බෙදාහැරීමේ ජාලයට අතගැසීමත් සමග කොල්ලකෑම් අඩු කර හෙරොයින් බෙදාහැරීමේ ජාවාරම දියුණු කර ගැනීමට මධුෂ් අදිටන් කර ගත්තේය.

කෙසේ වුවද ලලිත් පින්තෝ සහ වජිර කොල්ලකෑම් මෙහෙයවූයේ මාකඳුරේ මධුෂ්ගේ ශක්තියෙනි. ඇප ලබාගත නොහැකිව සිටින හමුදාවෙන් පලාගියවුන් ඇතුළු හිර ගෙවල්වල සිටි සුළු වැරදිවලට හසුවූවන් හට ඇප ලබාදී අවශ්‍ය මොහොතක අපරාධ සඳහා යෙදවීම මාකඳුරේ මධුෂ්ගේ සැලැස්ම වූයේය.

ඒ අයුරින් පාතාල ක්‍රියාකාරකම් සඳහා යෙදවූ කණ්ඩායම් ලලිත් පින්තෝ සහ වජිරට අවශ්‍ය මොහොතට ලබා දුන්නේ මධුෂ් විසින්ය. ඩුබායි සිට පාතාලය මෙහෙයවන මාකඳුරේ මධුෂ් හිරබත් කමින් සිටි වජිරට ඇප දෙන්නට සල්ලි එව්වේත් එවකට ලංකාවේ සිටි අංගොඩ ලොක්කා හරහාය.

වජිර යටතේ තිබූ මධුෂ්ගේ ආයුධ සංචිතයෙන් කළුතර එතනමඩලදී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා කඩුවෙල රණාලේ සමයං ඇතුළු පස්දෙනා ඝාතනයට මෙන්ම පොලිස් පරීක්ෂක රංගජීව මහතාට පිළියන්දලදී වෙඩි තැබූ සිද්ධියට ආයුධ යැවූ බවටද මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් ඇත්තේය. සමංයව මරන්නට ආ කල්ලියේ සිටි මීගමුවෙන් ආ තුවක්කුකරු වජිර විය හැකි බව විමර්ශන කණ්ඩායම් සැක පහළ කරයි.

මාකඳුරේ මධුෂ්ට කප්පම් මුදල් ගෙවීම පැහැර හැරිය පුද්ගලයකුව මධුෂ්ගේ නියමයෙන් 2014 ජනවාරි 14 දා මාතර පොලිස් වසමේදී මරා දමන්නේත් වජිර හෙවත් පෙරේරාය. එම සිද්ධියට ඇප මත මුදාහලද දැනට වරෙන්තු වී ඇත්තේ අධිකරණයට නොයෑම නිසාය.

2015 සැප්තැම්බර් 10දා හංවැල්ල, කහහේන මහජන බැංකුවට කඩා වැදී වෙඩි තබා විසිපන් ලක්ෂයකට අධික මුදලක් කොල්ලකා තිබුණේද වජිරගේ නායකත්වයෙනි. එම මංකොල්ලයේද වරෙන්තු නිකුත් වී ඇත්තේය.

2013 ජනවාරි 23දා වජිරව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගන්නේ මාකඳුරේ මධුෂ් සමග එක්වී එල්.ටී.ටී.ඊ.යේ අවි ආයුධ යොදා ගනිමින් ප්‍රභූ ඝාතනයක් සඳහා අර ඇදීමේ චෝදනාවටය. සිරභාරයට පත්ව සිටි මාකඳුරේ මධුෂ්ටද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබුවේය. එහිදී වජිරට එල්ල වූයේ පොලිස් නිල ඇඳුමෙන් පැමිණ ප්‍රභූ ඝාතනයකට අරඇදීමේ චෝදනාවයි.

මේ අතරේ මෙ වසර තුළ වාද්දුවේදී යතුරුපැදිවලින් පැමිණ රුපියල් දෙලක්ෂ පනස්දහසක් කොල්ලකෑම, හංවැල්ලේ දෙලක්ෂ පනස්අටදහසක සිගරැට් හා මුදල් කොල්ලකෑම, කොස්ගමදී වෙළෙඳසලක් කොල්ලකෑම, කළුතර උතුරේදී රුපියල් දෙලක්ෂයක් කොල්ලකෑම, පාදුක්ක පිටුම්පේ ග්‍රාමීය බැංකු කොල්ලය, පූගොඩ අරක්කු තැබෑරුම කොල්ලකෑම ඇතුළු මංකොල්ලකෑම් තිහකට ආසන්න ප්‍රමාණයක් වජිර විසින් මෙහෙයවා ඇතැයි හෙළි විය.

වජිරගේ අපරාධ කල්ලිය බළන්ගොඩ ව්‍යාපාරික නිවසක් කොල්ලකා නිවසේ දරු දැරියන්ගේ කනකර පවා ගලවාගෙන ගොස් ඇති වගද පොලිස් විමර්ශනවලින් කියැවුණේය. දෙවිනුවර බස්නායක නිලමේගේ නිවස කොල්ලකෑමටද මෙම කල්ලිය සම්බන්ධ බව කියැවෙන්නේය.

වරෙන්තු මත පොලිසිය සොයද්දී වජිර වෙනත් නමකට ව්‍යාජ හැඳුනුම්පතක් සකසා මංකොල්ල මෙහෙයවන්නට වූ කාලයක්ද වූයේය. වජිර වෙනත් නමකින් සිටින අතරේ කොල්ලයකට හසුවී සිරගත කර සිටියදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සොයා ගත්තේය.

වජිර සමග මෙම සිද්ධියේදී අත්අඩංගුවට ගත්තේ ජනක අරුණ ශාන්ත නමැති නාවික හමුදා බුද්ධි අංශයේ සේවයකර සේවය අහිමි වූ නැවියෙකි. මුහුදු මාර්ගයෙන් මිනිසුන් ඉතාලියට යවන මිනිස් ජාවාරම සම්බන්ධව රහස් පොලිසිය ඇරඹූ විමර්ශනයකදී මෙම නාවික බුද්ධි අංශ සාමාජිකයා අත්අඩංගුවට ගන්නේ මිනිස් ජාවාරම්කරුවන් සමග එක්වී බෝට්ටු මුදාහළ වරදටය. ට්‍රින්කෝ ශාන්ත නමින් හැඳින්වූ මෙම නාවික සෙබළා මිනිස් ජාවාරමට කොටුවූ පසුව මධුෂ්ගේ කල්ලියේ අපරාධ රැල්ලට එක්වූ අයකු වූයේය.

කොළඹ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ කුඩු ලාලිතගේ ප්‍රධාන ගෝලයා ලෙස කුඩු ජාවාරම මෙහෙයවූ චරිත මධුෂංකද වජිර සමග කොටුවූ සිව්දෙනා අතර සිටිති. චරිත 2013 අගෝස්තු මාසයේ මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය මගින් හෙරොයින් ග්‍රෑම් දෙසීයක් සමග කොටු කරගත් පසු අධිකරණයෙන් ඇප ලබාගත් අපරාධකරුවෙකි.

කෙසේ වුවද මෙම එස්.ටී.එෆ්. ප්‍රහාරයෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටින ලංකාවේ මංකොල්ලකෑම්වලට සම්බන්ධ අංක එකේ හොරා වූ වජිර කොළඹ ජාතික රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනක සිටින්නේය. ඔහු දැනට ජීවත් වන්නේ හුස්ම ගැනීමේ ආධාරක යන්ත්‍රයක පිහිටෙනි. වජිරව එම යන්ත්‍රයෙන් ඉවත් කළහොත් ඔහුගේ ජීවිතය පවා විශ්වාස නැතැයි කියති.

මාකඳුරේ මධුෂ්ගේ මුදල් බලයෙන් හා පාතාල බලයෙන් වජිර කෙසේ හෝ ගොඩගන්නට යන්ත්රයේම රඳවා තබන්නට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවටද තොරතුරු ලැබි ඇත්තේය. යම් හෙයකින් වජිරගේ ජීවිතය අවසන් වුවහොත් මධුෂ්ගේ අපරාධ ජාලයේ අවි ආයුධ හා සගයන් ඇති තැන් සොයා ගැනීමට මධුෂ්ට හැකියාවක් නොමැති නිසා වජිරව රැක ගන්නට කුමක් හෝ කරන්නට මධුෂ් උත්සාහ ගන්නේය. ඒ මධුෂ්ගේ අපරාධ රැල්ලේ සැඟවුණු චරිතය ලෙස වජිරත් කටයුතු කළ නිසාය.

වජිරත් සමග පොලිස් විශේෂ කාර්ය බළකායට කොටුවූ තරිඳුගේ නිවසේ තිබූ මෙම අපරාධ කල්ලියට අයත් තවත් ගිනිඅවියක් තරිඳුගේ බිරිඳගෙන් ඉල්ලාගෙන ගිය බවට පෑලියගොඩ විශේෂ කාර්යාංශයේ සැරයන් බණ්ඩාර (53252) තොරතුරක් ලැබුණේ මේ අතරය. එම තොරතුරට අනුව එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගුණරත්න, කොස්තාපල්වරුන් වන සෝමසිරි (14868), ධර්මසිරි (74521) ඇතුළු කණ්ඩායමක් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමග රාගම, කුරුකුලාවේ පිහිටි නිවසක් වටලා තවත් ටී 56 ගිනිඅවියක්, මැගසිනයක් පොලිස් පරීක්ෂක නිල ඇඳුමක් ඇතුළු අවි ආයුධ සමග අත්අඩංගුවට ගත්තේය.

වජිරගේ කොල්ල කල්ලියට සම්බන්ධ රන්දීර් කෞෂල්‍ය නමැත්තෙක්ද මේ සමග කොටුවන්නේය. රත්නපුරේ රන් භාණ්ඩ අලෙවිහලක් කොල්ලකෑම, සපුගස්කන්ද ඇතුළු ප්‍රදේශ රැසක කොල්ලකෑම්වලට සම්බන්ධ වූ අපරාධකරුවකු ලෙස රන්දීර් නමැති මෙම සැකකරු හඳුනාගෙන ඇත්තේය.

මෙම ගිනිඅවිය හා නිල ඇඳුම දෙමටගොඩ චමින්ද නමැති පාතාල නායකයා ඝාතනය කිරීම සඳහා සූදානම් කර තිබූ බව කියැවෙන්නේ එතැනදීය.

මත්කුඩු ජාවාරමේ ඒකාධිකාරිය ගන්නට සටන් කරන මාකඳුරේ මධුෂ්ට අභියෝගයක් වී ඇති දෙමටගොඩ චමින්දද දැනට ඉන්නේ බන්ධනාගාරගතවය.

දෙමටගොඩ චමින්ද ඝාතනය කරන්නට මෙම කල්ලි සමග එක්වී කටයුතු කරන බ්ලූමැන්ඩල් කල්ලියද මීට පෙර බන්ධනාගාර බස් රථයට වෙඩි තැබුවද දෙමටගොඩ චමින්දව බේරුණි.

මෙවර පොලිස් නිල ඇඳුමෙන් ගොස් දෙමටගොඩ චමින්දව ඉලක්ක කිරීම පාතාල කල්ලිවල අරමුණ බව කියවෙන්නේය.

මේ සියලු කාරණා හරහා රට හොල්ලන මංකොල්ලකෑම් කළ කල්ලියේ සුලමුල පොලිස් විශේෂ කාර්ය බළකාය සොයා ගන්නේ පොලිසියෙන් කට්ටි පනිමින් අපරාධ රැල්ලක් මෙහෙයවද්දීය.

උදෑසනම භාවනාවේ යෙදීමට පමණක් නොව රටේ උත්සන්න වන අපරාධ රැල්ල මැඬ පැවැත්වීමට පොලිස් නිලධාරින් උනන්දු වන නියෝග නිකුත් කරන්නේ නම් නීතිය හරිහැටි ක්‍රියාත්මක වන්නේ නම් අපරාධ රැල්ලෙන් අඩක් අඩු කර ගත හැකිය.

රටම ආවරණය වන පරිදි සංවිධානාත්මක අපරාධ රැල්ලත් මත්ද්‍රව්‍ය ජාවාරමේ හා පාතාල ක්‍රියාකාරකම් නැවැත්වීමටත් පොලිස් විශේෂ කාර්ය බළකා සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් යටතේ අලුතින් ඇරඹෙන විශේෂ බළඇණියට පොලිසියේ දක්ෂතා පෙන්වන දෙදහසක් බඳවා ගැනීමට අයැදුම් කර ඇත.මෙසේ එක් කර ගන්නා කණ්ඩායම්වලට ලබන සතියේ සිට පුහුණුව ලබාදීමටද නියමිතය. පොලිස් පරීක්ෂක තනතුරේ සිට පහළට සිටින පොලිසියේ කාන්තා, පිරිමි දෙපාර්ශ්වයම බඳවා ගෙන පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ විශේෂ පුහුණුවීම් ලබාදී එම ඒකක විශේෂ බළකා කඳවුරුවලට ස්ථානගත කිරීමටද නියමිතය.මෙම බළකායේ විශේෂත්වය වන්නේ බුද්ධි තොරතුරු ලබාගැනීම, වැටලීම, අධිකරණය සඳහා ඉදිරිපත් කිරීම යන සියලු කාරණා සඳහා ඔවුනොවුන්ගෙන්ම සැදුම්ලත් කණ්ඩායමක් සිටීමය.

මීට පෙර විශේෂ වැටලීම් ඒකක අත්අඩංගුවට ගන්නා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය වෙත භාර දුන් අවස්ථාවල සිදුවූ අක්‍රමිකතා වැළැක්වීමටද මෙමගින් ඉලක්කය වී ඇත්තේය.

අපරාධ මර්දනයට නමක් දිනා ඇති දක්ෂ නිලධාරියකු ලෙස ප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා මෙම විශේෂ කණ්ඩායම්වලට එල්ල වන ඕනෑම අභියෝගයක් භාරගෙන බලපෑම්වලට යටත් නොවී අපරාධ රැල්ලට තිත තබන්නට යන මෙහෙයුම සාර්ථක වුවහොත් රටේ අපරාධ රැල්ල මැඬ පැවැත්විය හැකිය.

rivira

[QUOTE="Schwarzenigger, post: 24223476, member: 567396"] [SIZE=3]සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව ආරක්ෂක බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ දිනෙන් දිනම ඒවා උත්සන්න වීමත් මාධ්‍යයෙන් ඒවා ප්‍රචාරය වීමත් සමගිනි. [/SIZE][CENTER][SIZE=3] ඊට මුහුණ දෙන්නට හැකි සුවිශේෂ ඒකකයක් පිහිටුවීමේ වගකීම දේශපාලන අධිකාරිය විසින් පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට භාර දෙන්නේ දේශපාලන බලපෑම් හමුවේ දණ නොනමා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියකු ලෙස ඔහු ප්‍රකට නිසාය.[/SIZE] [/CENTER] [SIZE=3] නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා හා නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත යටතේ ඇති සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නාශක අංශ එක්කර ඉතිහාසයේ පළමුවරට අපරාධ මර්දනය සඳහා සුවිශේෂ කණ්ඩායම් සැකසීමේ නියෝගය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට පොලිස් මූලස්ථානයෙන් නිකුත් කෙරෙන්නේ ඉකුත් සිකුරාදාය. ඒ වනවිටත් රටටම පිළිලයක් වන පාතාල රැල්ල මර්දනය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර යටතේ අධීක්ෂණය වන පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දනය සඳහා වූ බුද්ධි අංශය රට පුරා ඇති පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකම් සෙවීමට යොදවා තිබුණේය. එහි ප්‍රතිඵලයක් ලෙස එම ඒකකයේ ස්ථානාධිපති වූ පොලිස් පරීක්ෂක ඊ. එස්. ධර්මප්‍රිය යටතේ සුවිශේෂ පුහුණුවක් ඇති පාතාල මර්දන කණ්ඩායම් පාතාල ක්‍රියාකාරකම් සෙවීම සඳහා මෙහෙයුම් රැසක් අරඹා තිබුණි. එම බුද්ධි මෙහෙයුම් අතරේ ලද තොරතුරකින් කියවෙන්නේ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායමක් කොල්ලයක් සඳහා ආයුධ සන්නද්ධව වෑන් රියකින් මීගමුවට පැමිණ සිටින බවයි. එම ඔත්තුව පසුපස යන පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් හට පාතාල කණ්ඩායමක් විසින් කොල්ලයක් සඳහා සූදානමින් ආයුධ සන්නද්ධව මීගමුව ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ආයතනය අසල රැඳී සිටින වග අනාවරණය වන්නේය. ඒ අනුව විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.අර්. ලතීෆ් මහතාගේ නියෝග මත විශේෂ අවි හා උපක්‍රම ඒකකයේ සන්නද්ධ භට කණ්ඩායමක් බුද්ධි නිලධාරීන්ගේ සහායට ළඟම කඳවුරකින් පිටත්ව යන්නේය. ආයුධ සන්නද්ධ කණ්ඩායම රැගත් වෑන් රථය අනාවරණය කරගත් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය වහාම වෑන් රථය ආසන්නයේ රැඳී විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම ගෙන්වා ගත්හ. ඒ ඉතා උපක්‍රමශීලීවය. නිල ඇඳුමෙන් සැරසී විශේෂ අවි හා උපක්‍රම ඒකකයේ කණ්ඩායම එහි පැමිණි වහාම කොල්ල කල්ලිය ආයුධ සන්නද්ධව සිටින බැවින් උපක්රමශීලීව කොටු කරගන්නට බුද්ධි අංශ ලොක්කා අණ දුන්නේය. ඒ අනුව ඩිෆෙන්ඩර් රථය වෑන් රථය අසල නවත්වන්නට සූදානම් වත්ම එයින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වන්නට වූයේය. වහාම ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකා භට පිරිස් එල්ල කළ ප්රතිප්රහාරයෙන් වෑන් රථයේ සිටි පාතාල සාමාජිකයන්ගේ වෙඩි ප්‍රහාරය නැවතී ලේ විලක් මැද ඇද වැටුණේය. වෑන් රථය වෙඩි ප්‍රහාර මැද ඉදිරියට ධාවනය කරන්නට රියැදුරා ලෙස සිටි පාතාලයා උත්සාහ දරද්දී එහි රෝදවලටද වෙඩි ප්‍රහාර එල්ල කර වෑන් රථය නවත්වා ගනිති. වෑන් රථය කළු පැහැති අඳුරු වීදුරු සහිත වූයෙන් කී දෙනෙක් එහි සිටිනවාද, ගිනි අවි කීයක් ඔවුන් සතුද යන්නවත් අනාවරණය කර ගන්නට කාලයක් නොවීය. දෙනෝදාහක් බලා සිටියදී තත්පර අටක් වැනි කාලයක් තුළදී පාතාලයේ මහ කෙරුම්කරුවන් සිව් දෙනකු ගිනිඅවිත් සමග පොලිස් විශේෂ කාර්ය බළකා ග්‍රහණයට ගත්තේ මෑතකදී කළ සජීවී සාර්ථකම මෙහෙයුම ලෙසය. තුවාල මැද සිටි පාතාලයන් දෙදෙනකු රෝහල්ගත කෙරුණු අතර සෙසු දෙදෙනා අවි ආයුධ සමග අත්අඩංගුවට පත් වූහ. වෑන් රථය තුළ තිබි සොයාගත් අවිආයුධ අතර පොලිස් නිලධාරීන් භාවිත කරන එම්.පී. 22 වර්ගයේ චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක්, ටී 56 අවි දෙකක්, ටී 56 පතොරම් 54ක්, මැගසින් තුනක්, වාහන අංක තහඩු අටක්, ජංගම දුරකථන දහයක් සොයා ගැනිණි. වෑන් රථය තුළ තුවාල ලබා සිටි දෙදෙනාගේ අයකු වජිර කුමාර හෙවත් පෙරේරා නමැති පාතාල නායක මධුෂ්ගේ කොල්ල කල්ලියේ මෙරට නායකයා බව හෙළි විය. පිස්තෝලයකින් විශේෂ කාර්ය බළකා භට පිරිස්වලට වෙඩි තබා තිබුණේ වජිරය. මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ වජිර රාගම රෝහලෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණේය. වජිර හෙවත් පෙරේරා පාතාල කල්ලිවල සහායෙන් සංවිධානාත්මක කොල්ල කණ්ඩායම් මෙහෙයවන ලංකාවේ අංක එකේ කොල්ල කල්ලි නායකයා බවට තහවුරු වන්නේය. පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය මාස එකහමාරක දෙකක පටන් වජිරගේ මෙම කල්ලිය ගැන ඇස ගසාගෙන සිටියේද දිගින් දිගටම ලද බුද්ධි තොරතුරු අනුවය. මෙම කල්ලියේ සුවිශේෂත්වය වූයේ අවි ආයුධ සන්නද්ධව පොලිසියේ හා රහස් පොලිසියේ නිලධාරීන් ලෙස කොල්ලකෑම් මෙහෙයවීමය. පොලිස් නිල ඇඳුම් අත්විලංගු (මාංචු) රැගෙන ගොස් පොලිස් නිලධාරීන් සේ නිවාස පරීක්ෂාවට යන මුවාවෙන් නිවෙස් කොල්ලකෑම මෙම කල්ලියේ පුරුද්දය. බොහෝ මංකොල්ලයන්වලදී කෝටිපතියන්ගේ නිවෙස්වලට ගොස් “අපි සීඅයිඩී එකෙන්. අපිට ගේ චෙක් කරන්න අවශ්‍යයි. ඔයාලාගේ රත්රන් බඩු, වටිනා කියන දේවල් තියෙනවා නම් එක තැනකට අරන් තියන්න” යැයි දන්වා වටිනා රන් ආභරණ මුදල් එක් තැනකට එකතු කරවාගෙන ගිනි අවි පෙන්වා මංකොල්ලකෑම වජිරගේ කල්ලියේ පුරුද්ද වූහ. මීට අමතරව කෝටි ගණනින් ඉඩම් ගනුදෙනු සිදුවෙන අවස්ථාවල බ්‍රෝකර්වරුන් මාර්ගයෙන් තොරතුරු ලබාගෙන ගනුදෙනුව සිදුවූ පසුව මුදල් කොල්ලකෑම වජිරගේ කල්ලියේ පුරුද්දය. වජිරගේ කල්ලිය මෙවරත් ආවේ එවැනි දෙයකටය. තෙල්දෙණියේ උපත ලබා ඇති වජිර නොහොත් පෙරේරා මව පියා කුඩා කලම මරණයට පත්වීම නිසා සිය මිත්තණිය ළඟ හැදී වැඩී අපරාධ ලෝකයට ප්‍රවිෂ්ට වූ අයෙකි. මීගමුවේ පාතාල නායක ෆේරෝස්ගේ මරණයෙන් පසුව පාතාල කිරුළ ගන්නට කටයුතු කළ ලලිත් පින්තෝ සහ දකුණේ පාතාල කිරුළට සටන් කරන ඩුබායිහි සිටින මාකඳුරේ මධුෂ්ගේ කල්ලි දෙකේම සුසංයෝගයක් ලෙස වජිරගේ සංවිධානාත්මක අපරාධ කල්ලිය පෙරට එන්නේය. මීගමුවේ ලලිත් පින්තෝ සහ මාකඳුරේ මධුෂ් හිරේ සිටියදී අපරාධ කණ්ඩායම් මෙහෙයවමින් ඇරඹූ අපරාධ රැල්ලේ කොල්ලකෑම් මෙහෙයවූ නායකයා වූයේ වජිරය. මධුෂ්ගේ අවි ආයුධ අවශ්‍ය තැනට ගෙනැවිත් දීම අවි ආයුධ හා පුද්ගලයන් රැස් කිරීම භාර වූයේත් වජිරටය. 2011 නොවැම්බර් 03දා වත්තල කෙරවළපිටියේ ව්‍යාපාරික නිවසකට පොලිස් නිලධාරීන් මෙන් ගොස් මංකොල්ලයක් සිදු කරන්නට මෙම කල්ලිය එහිදී හදිසියේම නිවසට පැමිණ නිවෙස් හිමියාගේ පුත්‍රයා සමග ගැටෙන පාතාල කල්ලිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එම පුත්‍රයා මියගොස් නිවැසි කාන්තාව තුවාල ලැබුවාය. පොලිස් විමර්ශනවලට අනුව මාකඳුරේ මධුෂ් මීගමුවේ බන්ධනාගාරයේ සිට සිද්ධිය මෙහෙයවා ඇති අතර කොල්ලය හා ඝාතනය සිදුකර ඇත්තේ ලලිත් පින්තෝ වජිර ඇතුළු කණ්ඩායමයි. මධුෂ්ට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේ සුදා හඳුනා ගන්නට ලැබෙන්නේ බන්ධනාගාරගතව සිටියදීය. වෙලේ සුදාගේ සහායෙන් හෙරොයින් බෙදාහැරීමේ ජාලයට අතගැසීමත් සමග කොල්ලකෑම් අඩු කර හෙරොයින් බෙදාහැරීමේ ජාවාරම දියුණු කර ගැනීමට මධුෂ් අදිටන් කර ගත්තේය. කෙසේ වුවද ලලිත් පින්තෝ සහ වජිර කොල්ලකෑම් මෙහෙයවූයේ මාකඳුරේ මධුෂ්ගේ ශක්තියෙනි. ඇප ලබාගත නොහැකිව සිටින හමුදාවෙන් පලාගියවුන් ඇතුළු හිර ගෙවල්වල සිටි සුළු වැරදිවලට හසුවූවන් හට ඇප ලබාදී අවශ්‍ය මොහොතක අපරාධ සඳහා යෙදවීම මාකඳුරේ මධුෂ්ගේ සැලැස්ම වූයේය. ඒ අයුරින් පාතාල ක්‍රියාකාරකම් සඳහා යෙදවූ කණ්ඩායම් ලලිත් පින්තෝ සහ වජිරට අවශ්‍ය මොහොතට ලබා දුන්නේ මධුෂ් විසින්ය. ඩුබායි සිට පාතාලය මෙහෙයවන මාකඳුරේ මධුෂ් හිරබත් කමින් සිටි වජිරට ඇප දෙන්නට සල්ලි එව්වේත් එවකට ලංකාවේ සිටි අංගොඩ ලොක්කා හරහාය. වජිර යටතේ තිබූ මධුෂ්ගේ ආයුධ සංචිතයෙන් කළුතර එතනමඩලදී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා කඩුවෙල රණාලේ සමයං ඇතුළු පස්දෙනා ඝාතනයට මෙන්ම පොලිස් පරීක්ෂක රංගජීව මහතාට පිළියන්දලදී වෙඩි තැබූ සිද්ධියට ආයුධ යැවූ බවටද මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් ඇත්තේය. සමංයව මරන්නට ආ කල්ලියේ සිටි මීගමුවෙන් ආ තුවක්කුකරු වජිර විය හැකි බව විමර්ශන කණ්ඩායම් සැක පහළ කරයි. මාකඳුරේ මධුෂ්ට කප්පම් මුදල් ගෙවීම පැහැර හැරිය පුද්ගලයකුව මධුෂ්ගේ නියමයෙන් 2014 ජනවාරි 14 දා මාතර පොලිස් වසමේදී මරා දමන්නේත් වජිර හෙවත් පෙරේරාය. එම සිද්ධියට ඇප මත මුදාහලද දැනට වරෙන්තු වී ඇත්තේ අධිකරණයට නොයෑම නිසාය. 2015 සැප්තැම්බර් 10දා හංවැල්ල, කහහේන මහජන බැංකුවට කඩා වැදී වෙඩි තබා විසිපන් ලක්ෂයකට අධික මුදලක් කොල්ලකා තිබුණේද වජිරගේ නායකත්වයෙනි. එම මංකොල්ලයේද වරෙන්තු නිකුත් වී ඇත්තේය. 2013 ජනවාරි 23දා වජිරව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගන්නේ මාකඳුරේ මධුෂ් සමග එක්වී එල්.ටී.ටී.ඊ.යේ අවි ආයුධ යොදා ගනිමින් ප්‍රභූ ඝාතනයක් සඳහා අර ඇදීමේ චෝදනාවටය. සිරභාරයට පත්ව සිටි මාකඳුරේ මධුෂ්ටද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබුවේය. එහිදී වජිරට එල්ල වූයේ පොලිස් නිල ඇඳුමෙන් පැමිණ ප්‍රභූ ඝාතනයකට අරඇදීමේ චෝදනාවයි. මේ අතරේ මෙ වසර තුළ වාද්දුවේදී යතුරුපැදිවලින් පැමිණ රුපියල් දෙලක්ෂ පනස්දහසක් කොල්ලකෑම, හංවැල්ලේ දෙලක්ෂ පනස්අටදහසක සිගරැට් හා මුදල් කොල්ලකෑම, කොස්ගමදී වෙළෙඳසලක් කොල්ලකෑම, කළුතර උතුරේදී රුපියල් දෙලක්ෂයක් කොල්ලකෑම, පාදුක්ක පිටුම්පේ ග්‍රාමීය බැංකු කොල්ලය, පූගොඩ අරක්කු තැබෑරුම කොල්ලකෑම ඇතුළු මංකොල්ලකෑම් තිහකට ආසන්න ප්‍රමාණයක් වජිර විසින් මෙහෙයවා ඇතැයි හෙළි විය. වජිරගේ අපරාධ කල්ලිය බළන්ගොඩ ව්‍යාපාරික නිවසක් කොල්ලකා නිවසේ දරු දැරියන්ගේ කනකර පවා ගලවාගෙන ගොස් ඇති වගද පොලිස් විමර්ශනවලින් කියැවුණේය. දෙවිනුවර බස්නායක නිලමේගේ නිවස කොල්ලකෑමටද මෙම කල්ලිය සම්බන්ධ බව කියැවෙන්නේය. වරෙන්තු මත පොලිසිය සොයද්දී වජිර වෙනත් නමකට ව්‍යාජ හැඳුනුම්පතක් සකසා මංකොල්ල මෙහෙයවන්නට වූ කාලයක්ද වූයේය. වජිර වෙනත් නමකින් සිටින අතරේ කොල්ලයකට හසුවී සිරගත කර සිටියදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සොයා ගත්තේය. වජිර සමග මෙම සිද්ධියේදී අත්අඩංගුවට ගත්තේ ජනක අරුණ ශාන්ත නමැති නාවික හමුදා බුද්ධි අංශයේ සේවයකර සේවය අහිමි වූ නැවියෙකි. මුහුදු මාර්ගයෙන් මිනිසුන් ඉතාලියට යවන මිනිස් ජාවාරම සම්බන්ධව රහස් පොලිසිය ඇරඹූ විමර්ශනයකදී මෙම නාවික බුද්ධි අංශ සාමාජිකයා අත්අඩංගුවට ගන්නේ මිනිස් ජාවාරම්කරුවන් සමග එක්වී බෝට්ටු මුදාහළ වරදටය. ට්‍රින්කෝ ශාන්ත නමින් හැඳින්වූ මෙම නාවික සෙබළා මිනිස් ජාවාරමට කොටුවූ පසුව මධුෂ්ගේ කල්ලියේ අපරාධ රැල්ලට එක්වූ අයකු වූයේය. කොළඹ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ කුඩු ලාලිතගේ ප්‍රධාන ගෝලයා ලෙස කුඩු ජාවාරම මෙහෙයවූ චරිත මධුෂංකද වජිර සමග කොටුවූ සිව්දෙනා අතර සිටිති. චරිත 2013 අගෝස්තු මාසයේ මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය මගින් හෙරොයින් ග්‍රෑම් දෙසීයක් සමග කොටු කරගත් පසු අධිකරණයෙන් ඇප ලබාගත් අපරාධකරුවෙකි. කෙසේ වුවද මෙම එස්.ටී.එෆ්. ප්‍රහාරයෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටින ලංකාවේ මංකොල්ලකෑම්වලට සම්බන්ධ අංක එකේ හොරා වූ වජිර කොළඹ ජාතික රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටනක සිටින්නේය. ඔහු දැනට ජීවත් වන්නේ හුස්ම ගැනීමේ ආධාරක යන්ත්‍රයක පිහිටෙනි. වජිරව එම යන්ත්‍රයෙන් ඉවත් කළහොත් ඔහුගේ ජීවිතය පවා විශ්වාස නැතැයි කියති. මාකඳුරේ මධුෂ්ගේ මුදල් බලයෙන් හා පාතාල බලයෙන් වජිර කෙසේ හෝ ගොඩගන්නට යන්ත්රයේම රඳවා තබන්නට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවටද තොරතුරු ලැබි ඇත්තේය. යම් හෙයකින් වජිරගේ ජීවිතය අවසන් වුවහොත් මධුෂ්ගේ අපරාධ ජාලයේ අවි ආයුධ හා සගයන් ඇති තැන් සොයා ගැනීමට මධුෂ්ට හැකියාවක් නොමැති නිසා වජිරව රැක ගන්නට කුමක් හෝ කරන්නට මධුෂ් උත්සාහ ගන්නේය. ඒ මධුෂ්ගේ අපරාධ රැල්ලේ සැඟවුණු චරිතය ලෙස වජිරත් කටයුතු කළ නිසාය. වජිරත් සමග පොලිස් විශේෂ කාර්ය බළකායට කොටුවූ තරිඳුගේ නිවසේ තිබූ මෙම අපරාධ කල්ලියට අයත් තවත් ගිනිඅවියක් තරිඳුගේ බිරිඳගෙන් ඉල්ලාගෙන ගිය බවට පෑලියගොඩ විශේෂ කාර්යාංශයේ සැරයන් බණ්ඩාර (53252) තොරතුරක් ලැබුණේ මේ අතරය. එම තොරතුරට අනුව එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් ගුණරත්න, කොස්තාපල්වරුන් වන සෝමසිරි (14868), ධර්මසිරි (74521) ඇතුළු කණ්ඩායමක් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමග රාගම, කුරුකුලාවේ පිහිටි නිවසක් වටලා තවත් ටී 56 ගිනිඅවියක්, මැගසිනයක් පොලිස් පරීක්ෂක නිල ඇඳුමක් ඇතුළු අවි ආයුධ සමග අත්අඩංගුවට ගත්තේය. වජිරගේ කොල්ල කල්ලියට සම්බන්ධ රන්දීර් කෞෂල්‍ය නමැත්තෙක්ද මේ සමග කොටුවන්නේය. රත්නපුරේ රන් භාණ්ඩ අලෙවිහලක් කොල්ලකෑම, සපුගස්කන්ද ඇතුළු ප්‍රදේශ රැසක කොල්ලකෑම්වලට සම්බන්ධ වූ අපරාධකරුවකු ලෙස රන්දීර් නමැති මෙම සැකකරු හඳුනාගෙන ඇත්තේය. මෙම ගිනිඅවිය හා නිල ඇඳුම දෙමටගොඩ චමින්ද නමැති පාතාල නායකයා ඝාතනය කිරීම සඳහා සූදානම් කර තිබූ බව කියැවෙන්නේ එතැනදීය. මත්කුඩු ජාවාරමේ ඒකාධිකාරිය ගන්නට සටන් කරන මාකඳුරේ මධුෂ්ට අභියෝගයක් වී ඇති දෙමටගොඩ චමින්දද දැනට ඉන්නේ බන්ධනාගාරගතවය. දෙමටගොඩ චමින්ද ඝාතනය කරන්නට මෙම කල්ලි සමග එක්වී කටයුතු කරන බ්ලූමැන්ඩල් කල්ලියද මීට පෙර බන්ධනාගාර බස් රථයට වෙඩි තැබුවද දෙමටගොඩ චමින්දව බේරුණි. මෙවර පොලිස් නිල ඇඳුමෙන් ගොස් දෙමටගොඩ චමින්දව ඉලක්ක කිරීම පාතාල කල්ලිවල අරමුණ බව කියවෙන්නේය. මේ සියලු කාරණා හරහා රට හොල්ලන මංකොල්ලකෑම් කළ කල්ලියේ සුලමුල පොලිස් විශේෂ කාර්ය බළකාය සොයා ගන්නේ පොලිසියෙන් කට්ටි පනිමින් අපරාධ රැල්ලක් මෙහෙයවද්දීය. උදෑසනම භාවනාවේ යෙදීමට පමණක් නොව රටේ උත්සන්න වන අපරාධ රැල්ල මැඬ පැවැත්වීමට පොලිස් නිලධාරින් උනන්දු වන නියෝග නිකුත් කරන්නේ නම් නීතිය හරිහැටි ක්‍රියාත්මක වන්නේ නම් අපරාධ රැල්ලෙන් අඩක් අඩු කර ගත හැකිය. රටම ආවරණය වන පරිදි සංවිධානාත්මක අපරාධ රැල්ලත් මත්ද්‍රව්‍ය ජාවාරමේ හා පාතාල ක්‍රියාකාරකම් නැවැත්වීමටත් පොලිස් විශේෂ කාර්ය බළකා සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් යටතේ අලුතින් ඇරඹෙන විශේෂ බළඇණියට පොලිසියේ දක්ෂතා පෙන්වන දෙදහසක් බඳවා ගැනීමට අයැදුම් කර ඇත.මෙසේ එක් කර ගන්නා කණ්ඩායම්වලට ලබන සතියේ සිට පුහුණුව ලබාදීමටද නියමිතය. පොලිස් පරීක්ෂක තනතුරේ සිට පහළට සිටින පොලිසියේ කාන්තා, පිරිමි දෙපාර්ශ්වයම බඳවා ගෙන පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ විශේෂ පුහුණුවීම් ලබාදී එම ඒකක විශේෂ බළකා කඳවුරුවලට ස්ථානගත කිරීමටද නියමිතය.මෙම බළකායේ විශේෂත්වය වන්නේ බුද්ධි තොරතුරු ලබාගැනීම, වැටලීම, අධිකරණය සඳහා ඉදිරිපත් කිරීම යන සියලු කාරණා සඳහා ඔවුනොවුන්ගෙන්ම සැදුම්ලත් කණ්ඩායමක් සිටීමය. මීට පෙර විශේෂ වැටලීම් ඒකක අත්අඩංගුවට ගන්නා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය වෙත භාර දුන් අවස්ථාවල සිදුවූ අක්‍රමිකතා වැළැක්වීමටද මෙමගින් ඉලක්කය වී ඇත්තේය. අපරාධ මර්දනයට නමක් දිනා ඇති දක්ෂ නිලධාරියකු ලෙස ප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා මෙම විශේෂ කණ්ඩායම්වලට එල්ල වන ඕනෑම අභියෝගයක් භාරගෙන බලපෑම්වලට යටත් නොවී අපරාධ රැල්ලට තිත තබන්නට යන මෙහෙයුම සාර්ථක වුවහොත් රටේ අපරාධ රැල්ල මැඬ පැවැත්විය හැකිය. rivira[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom