underworld stories

May 19, 2018
612
42
0
සමයං


පවුලේ දේපොළ වත්කම් සාපයක් වී අවිගත් ‘සමයං‘ගේ සෝබර පාපොච්ඡාරණය
රණාලේ සමයං හෙවත් අරුණ උදය ශාන්ත පතිරණ ගැන රට පුරා පුවත් පැතිරෙන්නට ගත්තේ 2015 වසරේ සැප්තැම්බර් 23 වැනිදා කඩුවෙල අධිකරණ භූමියේදීම පාතාල නායකයකුට වෙඩි තැබීමේ පුවත සමගය. දකුණු උරහිසට වැදුණු වෙඩිපහරින් ජීවිතය බේරාගන්නට රණාලේ සමයංට එදා හැකිවිණි. එහෙත් තමන්ගේ ජීවිතයට ද අකාල මරණයක සෙවණැලි වැටී ඇති වගත් පාතාලයේම උණ්ඩයක් ඉතා ඉක්මණින්ම තමා සොයා එන බව සමයං එදින පසක් කරගත්තේය.
මහඋළුගෙදරින් පිටත ලෝකයට නැවත පියමැන පාතාල ඉසව්වේ අවි අත නොදරා අතීතයට සමුදෙන්නට හැකිද යන සිතුවිලි මාලාවක සමයං තනි වූ මොහොතක් ද විය. සමයංට පාපොච්චාරණයක් කරන්නට අවශ්‍ය විය.
ලියුම්කරු සමංයව සම්බන්ධ කරගත්තේ ඒ අනුවය. මතුදැක්වෙන්නේ මාරයා දැක දැක තම අතීතය හා අනාගතය ගැන ඔහු පුවත්පතක් හමුවේ කළ එකම කතාවයි. අවිගත්තෝ අවියෙන්ම නැසෙති යන ලෝක නියමයට අනුව අද සමයං ජීවතුන් අතර නැත. එහෙත් සමයංලා බිහි කරන සමාජ වටපිටාව වෙනුවට වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් දරදිය අදින්නට මුළු මහත් සමාජයට ඔහු වැටී සිටි අඩිය තේරුම්ගැනීම වැදගත් වනු ඇත.
මම අරුණ කියන්නද? සමයං කියන්නද?
අවුලක් නෑ. අරුණ කියන්න.
ඇයි එතකොට සමාජය ඔබට සමයං කියන්නේ?
යාළුවොත් එක්ක ඉඳලා දඟලලා.. කියන දේ අහන්නේ නෑනෙ.. ඒකයි..
ඔබට චණ්ඩියෙක් වෙන්න ඕනෑ වුණා. එහෙමද?
මට චණ්ඩියෙක් වෙන්නවත් පාතාලයෙක් වෙන්නවත් ඕනේ නෑ. මට දැන් පාඩුවේ ජීවත්වෙන්නයි ඕනෑ. ඒත් ඒකට ඉඩක් නෑ.
ගම්පළාත කොහේද?
මගේ උපන් ගම පොළොන්නරුව. මම ඒක දැනගත්තෙත් පස්සෙ.
ගුරුවරු දෙන්නෙක් අම්මා තාත්තා වුණා කියන්නේ ඇත්තද?
ඒවා ඇත්ත. ඔවුන් තමයි මාව හදාගත්තෙ.
පවුලේ සහෝදර සහෝදරියො?
කවුරුවත් නෑ. මට මම විතරයි.
අධ්‍යාපන කටයුතු කළේ?
බෝමිරියෙ.
කුඩා කාලෙ ගෙවුණු හැටි ගැන කිව්වොත්?
මම 5 වසරෙදි තමයි තාත්තා මියගියේ. අපිට දේපළ ගොඩක් තිබුණා. අම්මයි මායි විතරක් නිසා දේපළවලට වහ වැටුණු අය අපට ප්‍රශ්න ඇතිකළා. මම ඒ අසාධාරණ වැඩ ගැන කතාකරන්න ගියාම හදාගත්ත එකා කියමින් මිනිස්සු මාව කොන්කළා.
ඥාතීන් උදවු කළේ නැද්ද?
ඥාතීන් අපි දෙන්නාව කොන්කළා. උදවු කරන්න කවුරුත් ආවේ නෑ.
පාසැලේ අධ්‍යාපන වැඩවලට මොකද වුණේ එතකොට?
මම ඕ ලෙවලූත් පාස් වුණා. ඒත් ඒ ලෙවල් කරන්න වැඩ කරගෙන යද්දි තමයි ප්‍රශ්න ආවේ.
කැමැත්තෙන් හදාරපු විෂයන් තිබුණාද?
ඔව්. සිංහලවලටයි ගණන්වලටයි මම ගොඩක් ආසාවෙන් හිටියේ.
කොහොම හරි ඒ ලෙවල් කරන්න ඕනෑ කියලා හිතුවෙ නැද්ද?
ගමේ ප්‍රශ්න එන්න එන්නම වැඩිවුණා. නෑදෑයො කියලා කවුරුත් නැති නිසා යාළුවන්ට තමයි බරවුණේ. මාවයි අම්මවයි ගමෙන් එලවන්න තරහකාරයන් නොයෙක් දේ කරන්න ගත්තා. මට අවස්ථා කීපයකදීම පහරදුන්නා. ඊටපස්සෙ තමයි මේ තත්ත්වෙට වැටුණේ.
කරදර වුණා කිව්වේ මොනවද?
තාත්තා නැතිවෙලා අවුරුදු දෙක තුන යද්දී මාව එලවන්න බොහෝ අයට ඕනෑ වුණා. අම්මගෙන් ලක්ෂ තුනහමාරක කප්පම් ඉල්ලලා ගෙදරට ලියුමක් ආවා. මේ ඔක්කෝටම මුල වුණේ දේපොල වත්කම්. ඒ ලියුමෙන් කිව්වේ සල්ලි නොදුන්නොත් මාව මරණවයි කියලයි. අම්මා ඒකට බයවුණා. ඒ ගැන නවගමුව පොලිසියට පැමි‚ල්ලකුත් දැම්මා. එතකොට මම 7 වසරේ. මේ ඉතිහාසෙ පොලිස් පොත්වලින් වුණත් හොයාගන්න පුළුවන්.
මේ දේවල් වැඩිහිටි කෙනෙකුට ගුරුවරයෙකුටවත් කිව්වෙ නැද්ද?
එතකොට මම ටික ටික යාළුවොන්ගෙ ආශ්‍රයට යොමුවෙලා. අම්මා උපරිමෙන්ම මාව ගලවාගන්න බැලූවත් මට ඔක්කොම එපා වෙලා තිබුණෙ.
අතට කීයක් හරි හොයාගන්න ඕනැ කියලා අදහස් ආවද?
නෑ.නෑ..මගේ අම්මා මට කරන්න පුළුවන් උපරිමෙන් සැළකුවා. අපිට කඩ තිබුණා. ඒ ටික බලා කියාගෙන හිටියෙ.
පාසැල් කාලේ ප්‍රේම සම්බන්ධකම් තිබුණා ද?
ප්‍රේම සම්බන්ධකම් තිබුණත් ඒවා ගැන ගැඹුරින් හිතන්න මගේ මනස හැදිලා තිබුණේ නෑ. 2004 තමයි මම ඕ ලෙවල් කළේ. ඊටපස්සෙ මම වැඩිපුර හිටියෙ ගෙදරින් පිට.
මුලින්ම පොලිස් අත්අඩංගුවට පත්වුණේ කවදද?
2007 දි.
මොකද්ද හේතුව?
තුවක්කුවක් තියාගෙන හිටිය කට්ටියක් ළඟ මම හිටියා කියලයි ඇල්ලූවේ. එහෙම අල්ලන් ගිහින් පොලිසිය බෝම්බයක් දාලා මාව ඇතුලට දැම්මා. එතැනින් තමයි මගේ ජීවිතේ වෙනස්ම පැත්තකට යන්න පටන්ගත්තේ.
ඉස්සෙල්ලාම පොලිස් අත්අඩංගුවට පත්වෙද්දි මොකද හිතුණේ?
මාස තුනක් පොලිසියෙන් ඇතිවෙන්න ගුටිකෑවා. මාරක බයක් මට දැනුණෙ. මට අම්මාව මතක් වුණා. අම්මා අදටත් නොන්ඩි ගහනවා. මොකද මාව බලන්න ඇවිල්ලම වැටිලා අම්මට කකුලෙ අමාරුවක් හැදුණා. පොලිසියෙන් දාපු බෝම්ඛෙ තමයි මාව මේ තත්ත්වෙට පත්කළේ. නැත්තන් අද මම මේ වගේ තැනක නෑ.
නැවත හිරෙන් එලියට එන්නේ?
2009 දි.
විවාහක ද?
ඔව්. 2014 තමයි විවාහ වුණේ. මට දරුවෙක් ඉන්නවා.
වැටුණු වළේ හැටියට දරුවාගේ අනාගතේ ගැන මොකද හිතන්නේ?
මම වැටුණු සමාජයට දරුවා වැටෙන්න ඉඩදෙන්නේ නෑ. මම දරුවාව මෙහේටවත් ගෙන්නගන්නේ නෑ. මොකද මට ඉන්නෙ දැන් අම්මයි බිරිඳයි දරුවයි.
ඔබ සමඟ සිටි මිතුරනුත් මේ තත්ත්වෙ එක්ක අනතුරේ වැටෙනවා නේද?
ඔව්. ඒක අනිවාර්යෙන් වෙනවා.
ඔඛෙන් පළිගන්න විරුද්ධ පිලට දේශපාලන සහායත් ලැඛෙනවා යැයි කියන්නෙ ඇත්තද?
ඔව්. මමත් එහෙම හිතනවා.
දේශපාලන වැඩවලට කාට හරි වැඩ කළා ද?
මගේ සම්බන්ධවීමක් නෑ. මගේ හිතවත් පිරිස නම් දේශපාලන වැඩවලට උදවු වුණා.
ජීවිතේ වෙනස් කරගෙන අලූත් ලෝකයකට යන්න හිතෙන්නේ නැද්ද?
මම අලූත් ලෝකයකට යන්න හිතාගෙන ඉන්නකොට තමයි නැවත කරදර කරන්නේ. බිරිඳයි දරුවයි එක්ක විදෙස්ගත වෙලා පාඩුවෙ ජීවත්වෙන්න හැදුවේ. මට උසාවියෙදි වෙඩිතියන්නේ මම වෙනස්වෙන්න හිතන් ඉන්නකොට. කඩුවෙල කුඩු විකුණන්න එපා කිව්වා කියලයි මට වෙඩිතියන්නෙ. මම වෙනස්වෙන්න හදද්දී මගේ කොල්ලො මරනවා.
තාම අවුරුදු විසි හයයි. ජීවිතේ ආපු වේගෙ වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
මගේ ජීවිතෙ වේගවත් කළේ සමාජය. මට ඔය ගහන හංවඩුවල තරම් දේවල් මම කරලා නෑ. මගෙන් කරදර වුණේ මාව මේ තැනට දාපු අයට විතරයි.
ඔබේ ජීවිතේට අනතුරක් වුණොත්?
මට තාමත් ජීවත්වෙන්න ගෙදර පරිසරය තිඛෙනවා. මම කරදර කළේ මට කරදර කළ අයටයි. මම වැදගත් පවුලක කොල්ලෙක්. මම නැතිවුණත් මගේ දරුවාට ඒ වගේ වැදගත් අනාගතයක් ලබාදෙන්න ඕනෑ. මට වෙච්ච දේවල් දරුවාට වෙන්න මම ඉඩතියන්නේ නෑ.
copy rigte
http://www.colombotoday.com
 
Last edited:
May 19, 2018
612
42
0
පාතාලයේ තිබුණ ගිනිදැල් බොහොමයක් දැනටමත් නිවී ගොස් අවසන්. අදුරු අතීතය ලෙස නැවත හැරී බැලුවහොත්
බොහෝ දෙනෙකුට අමතක වී ඇති චරිතයක් ලෙස ධම්මික අමරසිංහ හැදින්විය හැක.එහෙත් ඔහු එසේ මකා දැමිය නොහැක.
එයට හේතුව ලංකාවේ පාතාලයේ බිහි වූ කුරිරුම පාතාල නායකයා ඔහු බැවිනි.එමෙන්ම ඔහු පසුපස පාතාලයේ
සැගවුණු අතීතයන් රැසක මතකයන් පවතින බැවිනි.මෙම ලිපිය ඔහුට ප්‍රශස්ථියක් නොවේ.එහෙත් අදුරු අතිතීයක ආවර්ජනයකි.
----------------------------------------------------------------------
උස්ලියනගේ රුවන් ධම්මික පෙරේරා හෙවත් ධම්මික අමරසිංහ යනු ශ්‍රි ලංකාවේ පැවැති එකම ප්‍රබල අපරාධ පවුල ලෙස
හැදින්විය හැකි අමරසිංහ අපරාධ පවුලේ අන්තිම පුරුකයි . දරුණුතම සාමාජිකයාත් ඔහු බව තතු දන්නා අයගෙ විශ්වාසයයි.
නොයෙල් අමරසිංහ යනු ධම්මික අමරසිංහගේ මාමා කෙනෙකි. 1960 දශකයේදී ශ්‍රි ලංකාවේ පාතාලය යන්නට අත්තිවාරම
දැමිමට නොයෙල් සමත් වී තිබෙනවා. පසු කලෙක පාතාල ලොව ගෝඩ්ෆාදර් ලෙස හැදින්වූ නාවල නිහාල්
එකල ඔහුගෙ සමීප මිතුරෙක්. 1979දී නොයෙල් සිරගත වන්නේ මිනීමැරුම් චෝදනා මත වරදකරු බවට ඔප්පු වීමෙන්.
නොයෙල්ගේ කඩා වැටීම අරඹේවෙල දොන් උපාලි රන්ජිත් හෙවත් සොත්ති උපාලි නම් තැනැත්තාට පාතාල ලොව
හිණිපෙත්තට නැගීමට මග පාදා දෙන්නේ මේ අතරතුරයි. 80 , 90 දශකවලදී සොත්ති උපාලි , ගෝනවල සුනිල් හා චින්තක අමරසිංහ
නැමති පාතාලයේ කෙරුමන් එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රබලයින් අතින් පෝෂණය වෙද්දි බැද්දෙගානේ සංජීව
නම් අයෙක් පාතාලයට තල්ලු කිරීමට තවත් දේශපාලන පක්ෂයකට හැකි විය.ඔවුන් පත්තර වල මුල් පිටුවල වැජබෙද්දී
නාවල නිහාල් , කලු අජිත් , කඩුවෙල වසන්ත , කුඩු නූර් , අම්බිගා , ක්‍රිස්ටෝපර් වැනි චරිත නිහඩවම පාතාලයෙ රජ කරමින් සිටියේය.
චින්තක අමරසිංහ හා සොත්ති උපාලි සමග ආරවුලක් පැවතියේය.ඒ බලය සම්බන්ධයෙනි. එකල සොත්ති උපාලිගේ
බලය කෙතරම්ද වීද යත් පොලිස් නිලධාරීන් පවා ඔහු ඇමතුවේ " සර් " ලෙසය. චින්තක කෑදර වුයේ එයටය.
ගෝනවල සුනිල් දැන් නිහඩ වී ඇති බව දන්නා චින්තක , සොත්ති උපාලි පරලොව යැව්වහොත් දේශපාලන පාතාලයේ
රජු තමන් බව දැන සිටියේය. නාවල නිහාල හට අභියෝග කිරීමට චින්තකට කිසිවිටකත් අවශ්‍ය වුයේ නැත.
1993 මාර්තු මාසයේ චින්තක අතින්ම මාලු නිහාල හා චීනා නැමති සොත්ති උපාලිගේ ප්‍රබල සහායකයින්
මැරුම් කන්නේ එහි ප්‍රතිපලයක් ලෙසිනි.කෝපයට වියරු වැටී සිටි සොත්ති උපාලි එහි පලිය ගැනීමට මග බලා සිටියේය.
චින්තක 1996දී තොටලගදී මැරුම් කන්නේ කලු අජිත්ගෙ කල්ලිය මගිනි.
චින්තකගේ මරණයෙන් පසු ඔහුගේ සොහොයුරා ධම්මික අමරසිංහ හට වේදනාවත් බියත් දැනෙන්නට විය.
සොහොයුරගෙ මිය යාම දුකක් ලෙසත් , සොහොයුරා විසින් මෙහෙයවූ අපරාධ කිහිපයකටම දායක වී තිබීම
ඊලගට මැරුම් කන්නෙ තමා බවත් යන හැගීම බියක් ලෙසත් ඔහුගෙ මනස තුල දෝංකාර දුන්නේය.
එයට විසදුම ලෙස ඔහු සතු වුයේ තම සොහොයුරා මැරු අයගෙන් පලි ගැනීමයි.එහෙත් ධම්මික තවමත්
මෙම අපරාධ ලොවට කෝඩුකාරයෙකි. පාතාල ලොවෙහි කෙරුමන් වූ ඔහුගේ නෑදෑයන් අතරින්
15ක් පමණ දැනටමත් පාතාල ලොවට තමන්ගේ ජීවිත බිලිදී ඇති බවද ඔහු දනී.ධම්මිකගේ මව තම පුතුට
පාතාල ලෝකයේ හරඹ පෑමට ආශිර්වාද කරන්නේ මේ අතරතුරදීය.ඇයගේ මග පෙන්වීම යටතේ ධම්මික තම
පාතාල කල්ලිය ඇති කර ගනී. එහි ප්‍රබල සාමාජිකයන් ලෙස මොරොටු සමන්, ගලා, පියරත්න ,
ලංකා, ජැක්පොට් චමින්ද , පොඩි චමින්ද , ඩයස් , මෙතනල් අමරසිංහ ක්‍රිස්ටෝපර් , චාමර
හා සංජීව හැදින්විය හැක. බඩා මහින්ද නැමැති පාතාල මැරවරයාද ධම්මිකගේ සමීප මිතුරෙකු වූ අතර එකල
කොලඹ විසූ ධන කුවේරයෙකු මෙන්ම දෙශපාලන සම්බන්ධතා තිබු ප්‍රබලයෙකුගෙ දකුණු අත
බවට පත් වීමට ධම්මිකට හැකිවේ.
1998දී කලු අජිත්, අනුර චුට්ටි , වික්ටර් වැනි පාතාල ලොව නම ගිය මැරයින් ධම්මික අතින් මැරුම් කන්නේය.
ධම්මික චුට්ටිගේ ඔලුව කපා වෙන් කල බව පසු කලෙක බඩා මහින්ද සිදු කල පාපොච්චාරණයක පැවසේ .
ඔහු සොත්ති උපාලි ඝාතනයට සැලසුම් නිකුත් කර සිටියත් කඩුවෙල වසන්තගේ සොහොයුරු රජා අතින් සොත්ති උපාලි
ඝාතනය වන්නේ 1998 දෙසැම්බර් මසය. පසු කලෙක කඩුවෙල වසන්තද කරාටේ ධම්මික නම්
මැරවරයා අතින් ඝාතනය වෙයි.ධම්මික දේශපාලන විරසක අතහැර දමා බැද්දගානේ සංජීව සමග දැඩි
මිතුරකමක් ඇති කරගන්නේ මේ අතරතුරදීය. සංජීව තමාට විශ්වාසවන්ත බව ධම්මික නිතර පැවසුවේය.
ඒ හේතුවෙන් බොහෝ විට පිටකොට්ටේ පිහිටි සංජීවගේ නිවසෙහි ලැගුම් ගැනීමටද ධම්මික පුරුද්දක්
කරගෙන සිටියේය. එහිදී ඔහු දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල පාතාල කල්ලි නායකයන් සමගද සම්බන්ධකම්
ඇති කර ගනී. මීගමුව ප්‍රදේශයේ පාතාල කල්ලි නායකයෙකු වූ කැප්ටන් රංජි එවැන්නෙකි.
කාලය ගෙවී යද්දී ධම්මිකගේ දේශපාලන සබදතා වැඩි වූ අතර ඔහු පාතාල ලොව ප්‍රබලතම මැරවරයෙක් විය.
ඔහුගේ සාහිසිකබවත් එයට හේතු විය. මිනීමැරීමේදී ධම්මික තුල කිසිදු චකිතයක් නොතිබුණි. වරක් තම
සොහොයුරුගේ බිරිය සමග තම පවුලේ තවත් සාමාජිකයෙකු මෙන්ම තම අපරාධ කල්ලියේ මැරවරයෙකු වූ
මෙතනල් අමරසිංහ අනියම් සම්බන්ධයක් පවත්වන බව ධම්මිකට අසන්නට ලැබුණි. පසු දිනක
ධම්මික වාහනයෙ නැගී ගමන් කරමින් සිටියේය . ඔහු සමග ඔහුගේ මව, බිරිද ,සොහොයුරන් හා
බඩා මහින්ද සිටියෝය. ධම්මික වාහනය හරවා මෙතොනොල් අමරසිංහගෙ නිවස වෙතට පැමිණියේය.
වාහනයෙන් බැස ගත් ධම්මික , මෙතනල් හට ඉතා බිහිසුණු ලෙස පහර දුන්නේය.
පසු කලෙක බැද්දගානේ සංජීව මැරුම් කන්නේද ගලා හා ධම්මික අතිනි. ධම්මික එවැනි අයෙකි.
ඔහු කන්න දෙන අත හපා කන්නෙකි. තමන්ගෙ පාතාල ලොව ගමනෙ මුල් පියවරවල් තබන විට
තමාට පාර පෙන්වූ මොරොටු සමන් මැරීමට ඔහු තැත් කරන්නේද එබැවිනි.
2004 වර්ෂයෙදී මහෙස්ත්‍රත් අධිකරණයෙදී හමුදාවෙන් පැන යන සෙබලෙකු වන උදය කුමාර අතින් වෙඩි කා මිය
යන විට මිනීමැරුම් 50 අධික සංඛයාවකටත් තවත් අපරාධ රැසකටත් ධම්මික වරදකරු වී සිටියේය. ඔහුගේ
මරණයත් ඔහුට කිරි පෙවු හාම්පුත්තුන්ගේම කොන්ත්‍රාත්තුවක් විය හැක.කෙසේ වෙතත් ධම්මික පාතාල ලොවට
පිවිසියේ තම පරම්පාරවේ එකම උරුමය එය බව ඔහු සිතු නිසාවෙනි. පාතාල ලොව එක්තරා ප්‍රසිද්ධ කියමනක් තිබේ.
" බේරෙන්නනම් , මරපන් ... මරපන් ... මරපන්... උඹ මැරෙනකම් "
එය ශ්‍රී ලාංකික පාතාල ඉතිහාසයෙ දරුණුතම පාතාල නායකයා වූ ධම්මිකටත් පොදුය.


copied from Fb page පොඩි අශෝක
 
May 19, 2018
612
42
0
සමයං මරා පාතාල ලෝකයේ රජු වෙන්න හදන ’’අංගොඩ ලොක්කා’’ පාතාල ලෝකයට පා තැබු හැටි
පාතාල ලෝකයේ නමක් දිනා ගනිමින් සිටි සමයං බන්ධනාගාර රැකවල් මධ්‍යයේ මරා දැමීමට හැකි වූ ‘අංගොඩ ලොක්කා‘ කවුරුන්ද යන්න බොහෝ දෙනාගේ විමසිල්ල යොමු වී තිබේ. මේ ලිපිය අංගොඩ ලොක්කා ගැන සහ සමයංට මරණය අත්කළ පසුබිම් කතා ගැනය.
1985 වසරේ නොවැම්බර් 13 වැනි දා උපන් අංගොඩ ලොක්කාගේ දැන් වයස අවුරුදු 32 ක් පමණ වේ. අංගොඩ බෝගල පාරේ පදිංචිව සිටි ඔහු කරලියට එන්නේ 2011 වසරේදී ය.
අංගොඩ රෝහලට දෙසට යමින් සිටි චන්දන පුෂ්පකුමාර නොහොත් මෝචා 2011 වසරේ ජනවාරි 18 වැනි දා වෙඩි තබා ඝාතනය කෙරිණ. ඔහු සමඟ සිටි රසික ලක්මාල් නම් පුද්ගලයකුට බරපතල තුවාල සිදු විය. ඒ ගැන ඇඟිල්ල දිගු වූයේ අංගොඩ ලොක්කා දෙසටය.
ඒ වන විට සමයං කරලියට එමින් සිටියේය. 2010 ජනවාරි 16 වැනි දා කෙසෙල්වත්තේ කිත්සිරි රාජපක්ෂට වෙඩි තබා ඝාතනය කිරීම ගැන සමයංට චෝදනා එල්ල වී තිබුණු අතර ලොක්කා ලොක්කකු ලෙස එවකට කරලියට පැමිණ සිටියේ නැත. පළතුරු ව්‍යාපාරිකයකු වූ කිත්සිරි රාජපක්ෂ හා සමයං අතර ඇයි හොඳයියක් නොතිබුණි. සමයං ඔහු ඝාතනය කර තිබුණේ වෙනත් ව්‍යාපාරිකයකුගේ කොන්ත්‍රාත්තුවක් උඩය.
කිත්සිරි රාජපක්ෂ මහතාට වෙඩි තැබීම ගැන පරීක්ෂණ පැවැත්වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට තොරතුරක් ලැබිණි. ඒ සමයං දඹුල්ලේ සිටින බවයි. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ උප පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා ඇතුළු පිරිසක් සමයං සොයා දඹුල්ලට ගියහ. දඹුල්ලේ සැඟව සිටියදී සමයං අත්අඩංගුවට ගත්හ. එහි දී තවත් ආන්දෝලනාත්මක කතාවක් හෙළි වී තිබිණි.
භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම සඳහා එක්තරා දේශපාලනඥයකු තමාට කොන්ත්‍රාත්තුවක් ලබා දුන් බව සමයං හෙළි කළේය. එය තමාට ලැබුණේ මෝල් වසන්ත නම් පුද්ගලයා හරහා බව ද සමයං පොලිසියට කීවේය. කිත්සිරි ඝාතන කොන්ත්‍රාත්තුව සමයංට ලැබී තිබුණේද මෝල් වසන්ත හරහාය.
කරුණු මෙසේ වෙද්දී අංගොඩ ලොක්කාද චරිතයක් බවට පත්වීමට උත්සාහ ගනිමින් සිටියේය. අංගොඩ ලොක්කා මුදල් ඉපයීමේ ප්‍රධාන මාර්ගය ලෙස කරගෙන ගියේ වගුරු බිම් ගොඩ කර විකිණීමයි. ඒ සඳහා ඔහුට තවත් පිරිස් සහාය විය. ඔහුගේ මිතුරකු වූ ‘රනිල්‘ ද ඊට සහාය දැක්වීය. ඉඩම් ගොඩ කිරීම ඇතුළු සිදුවීම් කිහිපයක් මුල් කර ගනිමින් සමයං සහ ලොක්කා විරසැක වූයේ මේ අතරය.
2014 වසර වන විට සමයං මෙන්ම අංගොඩ ලොක්කාද කරලියට පැමිණ සිටියේය. 2014 ජුනි හත් වැනි දා කැලණිය පට්ටිවිලදී බාල්දි තිලක් සහ ලඩියා නම් තවත් පුද්ගලයකු ඝාතනය කළැයි අංගොඩ ලොක්කාට චෝදනා එල්ල වෙද්දී 2014 අගෝස්තු 17 වැනි දා ටී56 ගිනි අවියකින් වෙඩි තබා නවගමුවේ දීප්ති කුමාර ඝාතනය කළැයි සමයංට චෝදනා එල්ල විය.
අතුරුගිරිය ප්‍රදේශයේ තරුණ පිරිසක් ලොක්කාට සහාය පළ කළ අතර ඒ ගැන සමයං සිටියේ දැඩි තරහකිනි. මුල්ලේරියාවේ පදිංචිව සිටි සුරංග කුමාර පෙරේරා නොහොත් වෙල්ගහවත්තේ රත්තරන් සහ අතුරුගිරිය මොරටුවාහේනේ පදිංචිව සිටි වත්තේගම අනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් බණ්ඩා අංගොඩ ලොක්කාගේ දකුණත සහ වමත මෙන් ඔහු සමග සිටියහ.
සමයං රිමාන්ඩ් බාරයේ සිටිය දී අංගොඩ ලොක්කා තවත් ඉදිරියට එමින් සිටියේය. ඔහුගේ කෙරුම්වලට තාවකාලිකව තිත තබමින් 2015 මැයි 26 වැනි දා ලොක්කා අත්අඩංගුවට පත් විය.
සුරාබදු නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මුල්ලේරියාව අංගොඩ දී කළ වැටලීමකදී ගිනි අවි සමඟ ලොක්කා හසුවිය. ටී 56 ගිනි අවියක්, එම උණ්ඩ 29ක් එම මැගසින් එකක්, මිලිමීටර නවය වර්ගයේ පිස්තෝලයක්, එම උණ්ඩ හයක්, කඩු දෙකක් ඇතුළු අවි ආයුධ සමඟ සැකකරු බාර කැරුණේ මුල්ලේරියාව පොලිසියටය. ලොක්කා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබීය.
දකුණු පාතාලයේ ප්‍රබලයකු ලෙස සැලකූ මධූෂ් සහ අංගොඩ ලොක්කා අතර මිත්‍රත්වයක් ගොඩ නැගෙන්නේ සතුරාගේ සතුරා මිතුරාය යන කියමන පසක් කරමිනි. හර්ෂ යසස් හෙවත් කඹුරුපිටියේ හර්ෂ මාතර මධූෂ්ගේ හොඳම ගෝලයා වූයේය. දක්ෂිණ අධිකාරියේ සභාපතිව සිටි ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතනයේ පළමු සැකකරු ලෙස මධූෂ් නම් වෙද්දී දෙවැනි සැකකරු වූයේ කඹුරු පිටියේ හර්ෂය.
හර්ෂ ද බන්ධනාගාර ගත විය. හර්ෂට සමයං හමුවූයේ බන්ධනාගාරයේ දී ය. එහිදී දෙදෙනා මිතුරන් ලෙස කටයුතු කළ අතර වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔවුහු වෛරක්කාරයෝ බවට පත් වූහ. වරක් බන්ධනාගාරයේදී සමයං හර්ෂගේ ප්‍රහාරයකටද ලක් විය. ලොක්කා සහ හර්ෂ සුහදත්වය වර්දනය කර ගනිද්දී දෙදෙනාම සමයංගේ තරහ කාරයෝ බවට පත්වූහ.
ලොක්කාගේ ඉඩම් ගනුදෙනුවලට සහාය දක්වමින් සිටි රනිල් ඉන් පසු තනිවම එම ව්‍යාපාර කටයුතු කරගෙන ගියේය. තම හිතවතා තමා රිමාන්ඩ් වූ පසු තනිවම ව්‍යාපාර කරගෙන යෑම ගැන ලොක්කා දැඩි වෛරයකින් පසු විය. රනිල් ඝාතනය වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය.
හර්ෂලාගේ කණ්ඩායම සහ අංගොඩ ලොක්කාගේ කණ්ඩායම එක්ව සමයං මරා දැමීමට වැර යෙදුවේ කවදා හෝ සමයංගෙන් තමන්ට මැරුම් කෑමට සිදුවන බව දන්නා නිසාය. 2015 සැප්තැම්බර් 23 වැනිදා කඩුවෙල උසාවියේදී ක්‍රියාත්මක වූයේ එම සැලසුමයි. කෙසේ වෙතත් දිවි බේරා ගැනීමට සමයන් සමත් විය. එම සිදුවීමත් සමග හර්ෂ මෙන්ම ලොක්කාද සිටියේ දැඩි භීතියකිනි.
පසුගිය සතියේ පළ වූ ලිපියේ සඳහන් කළ පරිදි 2016 මාර්තු තුන් වැනිදා කඹුරුපිටියේ හර්ෂ මරා දැමීමට සමයංගේ කල්ලිය සමත් විය. නමුත් ලොක්කාට කිසිවක් කිරීමට ඔවුනට නොහැකි විය.
2016 අප්‍රේල් මස 29 වැනි දා අංගොඩ දෙල්ගහවත්තේ දී රම්‍යජිත් ඇලෙක්සැන්ඩර් නම් පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෙතියාගොඩ සංඛ නම් පුද්ගලයෙක් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අත්අඩංගුවට ගනු ලැබීය. ඒ 2016 මැයි 10 වැනි දා ය. ඔහුගේ ප්‍රශ්න කිරීම් අනුව අංගොඩ පෙතියාගොඩ ගල් වැඩපොළක් පිටුපස සඟවා තිබූ යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල හතරක් සොයා ගත්තේය.
සමයං ඝාතනය කිරීමට අංගොඩ ලොක්කාගේ එම උත්සාහය ද අසාර්ථක විය. යුද හමුදා නිල ඇඳුමෙන් ගොස් බන්ධනාගාර බස් රථයේ සිටින සමයං ඝාතනය කිරීම ඔවුන්ගේ සැලසුම වී තිබුණේය. එම සැලසුම හෙළි වීමෙන් පසු අංගොඩ ලොක්කා දිවුර දිවුරා කීවේ සමයං කෙලෙස හෝ ඝාතනය කරන බවයි.
අංගොඩ ලොක්කා ඉවරයක් කිරීමට සමයං ලොකු උත්සාහයක් දැරීය. බැරි තැන ඔහුගේ දකුණත සහ වමත ලෙස සිටි මුල්ලේරියාවේ පදිංචිව සිටි සුරංග කුමාර පෙරේරා නොහොත් වෙල්ගහවත්තේ රත්තරන් සහ අතුරුගිරිය මොරටුවාහේනේ පදිංචිව සිටි වත්තේගම අනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් බණ්ඩා ඉවරයක් කිරීමට සමයං තීරණය කළේය.
එහි මුල්ම පියවර ක්‍රියාත්මක වූයේ පසුගිය ජනවාරි පස් වැනි දා ය. වෙල්ගහවත්තේ රත්තරන් වෙඩි තබා මරා දැමිණි. ලොක්කා එම මළගෙදරට එතියි සමයංගේ කල්ලිය බලාගෙන සිටියේය. නමුත් ලොක්කා අල්ලා ගැනීමට ඔවුන්ට නොහැකි විය. ලොක්කාගේ හයියට සිටි වත්තේගම අනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් බණ්ඩා ද ජනවාරි 17 වැනි දා මරා දැමුණේ අතුරුගිරිය රූපලාවන්‍යාගාරකයදීය.
මෙම ඝාතන දෙකත් සමඟ ලොක්කා දැඩි භීතියකින් පසු විය. සමයං මරාගෙන මැරීමට හෝ ඔහු තීරණය කළේය. තමා ඉස්සර නොවුණොත් සමයං කෙලෙස හෝ තමා මරණ බව ද ලොක්කා දැන සිටියේය. ඒ අනුව තමන් සතු සියලු සම්පත් සහ වැර යොදා සමයං ඝාතනය කිරීමට ඔහු සැලසුම් කළේය. මාතර මධූෂ්ගේ සහාය ද ඊට ලැබිණි.
Do or Die (ඩූ ඕ ඩයි) හෙවත් ‘කරපං නැත්තං මැරියං‘ යන පාතලයේ සුප්‍රසිද්ධ න්‍යාය ‘අංගොඩ ලොක්කා‘ ද අත්හදා බැලීය. පෙබරවාරි 27 වැනි දා බන්ධනාගාර බස් රියට වෙඩි තබා සමයං ඝාතනය කිරීමට ලොක්කා පැමිණියේ තමා ඉස්සර වුවහොත් සමයංට මරණ අත්වන බව හා වැඩේ ගැස්සුණොත් තමා මැරුම් කන බව හොඳ හැටි දැනගෙනය. අංගොඩ ලොක්කා ඉස්සර විය. සමයං අතින් මැරුම් කෑමට සිටි අංගොඩ ලොක්කා විසින් සමයං මරා දමනු ලැබිණ.
copy right
http://gossip.channel4.lk/article/43/2086/

1
 

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නොවේ.😡😡😡😡😡ඔ්කුන කරපු දේවල් වලින් කීයක් නන් ජීවිත නන් විනාශ උනාද
     
    May 19, 2018
    612
    42
    0
    සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව ආරක්ෂක බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ දිනෙන් දිනම ඒවා උත්සන්න වීමත් මාධ්‍යයෙන් ඒවා ප්‍රචාරය වීමත් සමගිනි.
    ඊට මුහුණ දෙන්නට හැකි සුවිශේෂ ඒකකයක් පිහිටුවීමේ වගකීම දේශපාලන අධිකාරිය විසින් ‍පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාට භාර දෙන්නේ දේශපාලන බලපෑම් හමුවේ දණ නොනමා නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියකු ලෙස ඔහු ප්‍රකට නිසාය.
    නියෝජ්‍ය ‍පොලිස්පති කමල් සිල්වා හා නියෝජ්‍ය ‍පොලිස්පති සජීව මැදවත්ත යටතේ ඇති සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නාශක අංශ එක්කර ඉතිහාසයේ පළමුවරට අපරාධ මර්දනය සඳහා සුවිශේෂ කණ්ඩායම් සැකසීමේ නියෝගය ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ්ට ‍පොලිස් මූලස්ථානයෙන් නිකුත් කෙරෙන්නේ ඉකුත් සිකුරාදාය.
    ඒ වනවිටත් රටටම පිළිලයක් වන පාතාල රැල්ල මර්දනය සඳහා ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා විසින් ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර යටතේ අධීක්ෂණය වන ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දනය සඳහා වූ බුද්ධි අංශය රට පුරා ඇති පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකම් සෙවීමට යොදවා තිබුණේය.
    එහි ප්‍රතිඵලයක් ලෙස එම ඒකකයේ ස්ථානාධිපති වූ ‍පොලිස් පරීක්ෂක ඊ. එස්. ධර්මප්‍රිය යටතේ සුවිශේෂ පුහුණුවක් ඇති පාතාල මර්දන කණ්ඩායම් පාතාල ක්‍රියාකාරකම් සෙවීම සඳහා මෙහෙයුම් රැසක් අරඹා තිබුණි.
    එම බුද්ධි මෙහෙයුම් අතරේ ලද තොරතුරකින් කියවෙන්නේ පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ කණ්ඩායමක් කොල්ලයක් සඳහා ආයුධ සන්නද්ධව වෑන් රියකින් මීගමුවට පැමිණ සිටින බවයි. එම ඔත්තුව පසුපස යන ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි නිලධාරීන් හට පාතාල කණ්ඩායමක් විසින් කොල්ලයක් සඳහා සූදානමින් ආයුධ සන්නද්ධව මීගමුව ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ආයතනය අසල රැඳී සිටින වග අනාවරණය වන්නේය. ඒ අනුව විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරි ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.අර්. ලතීෆ් මහතාගේ නියෝග මත විශේෂ අවි හා උපක්‍රම ඒකකයේ සන්නද්ධ භට කණ්ඩායමක් බුද්ධි නිලධාරීන්ගේ සහායට ළඟම කඳවුරකින් පිටත්ව යන්නේය.
    ආයුධ සන්නද්ධ කණ්ඩායම රැගත් වෑන් රථය අනාවරණය කරගත් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය වහාම වෑන් රථය ආසන්නයේ රැඳී විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම ගෙන්වා ගත්හ. ඒ ඉතා උපක්‍රමශීලීවය. නිල ඇඳුමෙන් සැරසී විශේෂ අවි හා උපක්‍රම ඒකකයේ කණ්ඩායම එහි පැමිණි වහාම කොල්ල කල්ලිය ආයුධ සන්නද්ධව සිටින බැවින් උපක්‍රමශීලීව කොටු කරගන්නට බුද්ධි අංශ ලොක්කා අණ දුන්නේය. ඒ අනුව ඩිෆෙන්ඩර් රථය වෑන් රථය අසල නවත්වන්නට සූදානම් වත්ම එයින් වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වන්නට වූයේය.
    වහාම ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකා භට පිරිස් එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් වෑන් රථයේ සිටි පාතාල සාමාජිකයන්ගේ වෙඩි ප්‍රහාරය නැවතී ‍ලේ විලක් මැද ඇද වැටුණේය. වෑන් රථය වෙඩි ප්‍රහාර මැද ඉදිරියට ධාවනය කරන්නට රියැදුරා ලෙස සිටි පාතාලයා උත්සාහ දරද්දී එහි රෝදවලටද වෙඩි ප්‍රහාර එල්ල කර වෑන් රථය නවත්වා ගනිති.
    වෑන් රථය කළු පැහැති අඳුරු වීදුරු සහිත වූයෙන් කී දෙනෙක් එහි සිටිනවාද, ගිනි අවි කීයක් ඔවුන් සතුද යන්නවත් අනාවරණය කර ගන්නට කාලයක් නොවීය.
    දෙනෝදාහක් බලා සිටියදී තත්පර අටක් වැනි කාලයක් තුළදී පාතාලයේ මහ කෙරුම්කරුවන් සිව් දෙනකු ගිනිඅවිත් සමග ‍පොලිස් විශේෂ කාර්ය බළකා ග්‍රහණයට ගත්තේ මෑතකදී කළ සජීවී සාර්ථකම මෙහෙයුම ලෙසය.
    තුවාල මැද සිටි පාතාලයන් දෙදෙනකු රෝහල්ගත කෙරුණු අතර සෙසු දෙදෙනා අවි ආයුධ සමග අත්අඩංගුවට පත් වූහ. වෑන් රථය තුළ තිබි සොයාගත් අවිආයුධ අතර ‍පොලිස් නිලධාරීන් භාවිත කරන එම්.පී. 22 වර්ගයේ චීනයේ නිෂ්පාදිත පිස්තෝලයක්, ටී 56 අවි දෙකක්, ටී 56 පතොරම් 54ක්, මැගසින් තුනක්, වාහන අංක තහඩු අටක්, ජංගම දුරකථන දහයක් සොයා ගැනිණි.
    වෑන් රථය තුළ තුවාල ලබා සිටි දෙදෙනාගේ අයකු වජිර කුමාර හෙවත් පෙරේරා නමැති පාතාල නායක මධුෂ්ගේ කොල්ල කල්ලියේ මෙරට නායකයා බව හෙළි විය. පිස්තෝලයකින් විශේෂ කාර්ය බළකා භට පිරිස්වලට වෙඩි තබා තිබුණේ වජිරය.
    මෙම වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ වජිර රාගම රෝහලෙන් කොළඹ ජාතික රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණේය. වජිර හෙවත් පෙරේරා පාතාල කල්ලිවල සහායෙන් සංවිධානාත්මක කොල්ල කණ්ඩායම් මෙහෙයවන ලංකාවේ අංක එකේ කොල්ල කල්ලි නායකයා බවට තහවුරු වන්නේය. ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය මාස එකහමාරක දෙකක පටන් වජිරගේ මෙම කල්ලිය ගැන ඇස ගසාගෙන සිටියේද දිගින් දිගටම ලද බුද්ධි තොරතුරු අනුවය.
    මෙම කල්ලියේ සුවිශේෂත්වය වූයේ අවි ආයුධ සන්නද්ධව ‍පොලිසියේ හා රහස් ‍පොලිසියේ නිලධාරීන් ලෙස කොල්ලකෑම් මෙහෙයවීමය. ‍පොලිස් නිල ඇඳුම් අත්විලංගු (මාංචු) රැගෙන ගොස් ‍පොලිස් නිලධාරීන් සේ නිවාස පරීක්ෂාවට යන මුවාවෙන් නිවෙස් කොල්ලකෑම මෙම කල්ලියේ පුරුද්දය. බොහෝ
    මංකොල්ලයන්වලදී කෝටිපතියන්ගේ නිවෙස්වලට ගොස් “අපි සීඅයිඩී එකෙන්. අපිට ගේ චෙක් කරන්න අවශ්‍යයි. ඔයාලාගේ රත්රන් බඩු, වටිනා කියන දේවල් තියෙනවා නම් එක තැනකට අරන් තියන්න” යැයි දන්වා වටිනා රන් ආභරණ මුදල් එක් තැනකට එකතු කරවාගෙන ගිනි අවි පෙන්වා මංකොල්ලකෑම වජිරගේ කල්ලියේ පුරුද්ද වූහ.
    මීට අමතරව කෝටි ගණනින් ඉඩම් ගනුදෙනු සිදුවෙන අවස්ථාවල බ්‍රෝකර්වරුන් මාර්ගයෙන් තොරතුරු ලබාගෙන ගනුදෙනුව සිදුවූ පසුව මුදල් කොල්ලකෑම වජිරගේ කල්ලියේ පුරුද්දය. වජිරගේ කල්ලිය මෙවරත් ආවේ එවැනි දෙයකටය.
    තෙල්දෙණියේ උපත ලබා ඇති වජිර නොහොත් පෙරේරා මව පියා කුඩා කලම මරණයට පත්වීම නිසා සිය මිත්තණිය ළඟ හැදී වැඩී අපරාධ ලෝකයට ප්‍රවිෂ්ට වූ අයෙකි.
    මීගමුවේ පාතාල නායක ෆේරෝස්ගේ මරණයෙන් පසුව පාතාල කිරුළ ගන්නට කටයුතු කළ ලලිත් පින්තෝ සහ දකුණේ පාතාල කිරුළට සටන් කරන ඩුබායිහි සිටින මාකඳුරේ මධුෂ්ගේ කල්ලි දෙකේම සුසංයෝගයක් ලෙස වජිරගේ සංවිධානාත්මක අපරාධ කල්ලිය පෙරට එන්නේය.
    මීගමුවේ ලලිත් පින්තෝ සහ මාකඳුරේ මධුෂ් හිරේ සිටියදී අපරාධ කණ්ඩායම් මෙහෙයවමින් ඇරඹූ අපරාධ රැල්‍ලේ කොල්ලකෑම් මෙහෙයවූ නායකයා වූයේ වජිරය. මධුෂ්ගේ අවි ආයුධ අවශ්‍ය තැනට ගෙනැවිත් දීම අවි ආයුධ හා පුද්ගලයන් රැස් කිරීම භාර වූයේත් වජිරටය.
    2011 නොවැම්බර් 03දා වත්තල කෙරවළපිටියේ ව්‍යාපාරික නිවසකට ‍පොලිස් නිලධාරීන් මෙන් ගොස් මංකොල්ලයක් සිදු කරන්නට මෙම කල්ලිය එහිදී හදිසියේම නිවසට පැමිණ නිවෙස් හිමියාගේ පුත්‍රයා සමග ගැටෙන පාතාල කල්ලිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එම පුත්‍රයා මියගොස් නිවැසි කාන්තාව තුවාල ලැබුවාය. ‍පොලිස් විමර්ශනවලට අනුව මාකඳුරේ මධුෂ් මීගමුවේ බන්ධනාගාරයේ සිට සිද්ධිය මෙහෙයවා ඇති අතර කොල්ලය හා ඝාතනය සිදුකර ඇත්තේ ලලිත් පින්තෝ වජිර ඇතුළු කණ්ඩායමයි.
    මධුෂ්ට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙ‍ලේ සුදා හඳුනා ගන්නට ලැබෙන්නේ බන්ධනාගාරගතව සිටියදීය. වෙ‍ලේ සුදාගේ සහායෙන් හෙරොයින් බෙදාහැරීමේ ජාලයට අතගැසීමත් සමග කොල්ලකෑම් අඩු කර හෙරොයින් බෙදාහැරීමේ ජාවාරම දියුණු කර ගැනීමට මධුෂ් අදිටන් කර ගත්තේය.
    කෙසේ වුවද ලලිත් පින්තෝ සහ වජිර කොල්ලකෑම් මෙහෙයවූයේ මාකඳුරේ මධුෂ්ගේ ශක්තියෙනි. ඇප ලබාගත නොහැකිව සිටින හමුදාවෙන් පලාගියවුන් ඇතුළු හිර ගෙවල්වල සිටි සුළු වැරදිවලට හසුවූවන් හට ඇප ලබාදී අවශ්‍ය මොහොතක අපරාධ සඳහා යෙදවීම මාකඳුරේ මධුෂ්ගේ සැලැස්ම වූයේය.
    ඒ අයුරින් පාතාල ක්‍රියාකාරකම් සඳහා යෙදවූ කණ්ඩායම් ලලිත් පින්තෝ සහ වජිරට අවශ්‍ය මොහොතට ලබා දුන්නේ මධුෂ් විසින්ය. ඩුබායි සිට පාතාලය මෙහෙයවන මාකඳුරේ මධුෂ් හිරබත් කමින් සිටි වජිරට ඇප දෙන්නට සල්ලි එව්වේත් එවකට ලංකාවේ සිටි අංගොඩ ලොක්කා හරහාය.
    වජිර යටතේ තිබූ මධුෂ්ගේ ආයුධ සංචිතයෙන් කළුතර එතනමඩලදී බන්ධනාගාර බස් රථයට වෙඩි තබා කඩුවෙල රණා‍ලේ සමයං ඇතුළු පස්දෙනා ඝාතනයට මෙන්ම ‍පොලිස් පරීක්ෂක රංගජීව මහතාට පිළියන්දලදී වෙඩි තැබූ සිද්ධියට ආයුධ යැවූ බවටද මේ වන විට තොරතුරු අනාවරණය වෙමින් ඇත්තේය. සමංයව මරන්නට ආ කල්ලියේ සිටි මීගමුවෙන් ආ තුවක්කුකරු වජිර විය හැකි බව විමර්ශන කණ්ඩායම් සැක පහළ කරයි.
    මාකඳුරේ මධුෂ්ට කප්පම් මුදල් ගෙවීම පැහැර හැරිය පුද්ගලයකුව මධුෂ්ගේ නියමයෙන් 2014 ජනවාරි 14 දා මාතර ‍පොලිස් වසමේදී මරා දමන්නේත් වජිර හෙවත් පෙරේරාය. එම සිද්ධියට ඇප මත මුදාහලද දැනට වරෙන්තු වී ඇත්තේ අධිකරණයට නොයෑම නිසාය.
    2015 සැප්තැම්බර් 10දා හංවැල්ල, කහහේන මහජන බැංකුවට කඩා වැදී වෙඩි තබා විසිපන් ලක්ෂයකට අධික මුදලක් කොල්ලකා තිබුණේද වජිරගේ නායකත්වයෙනි. එම මංකොල්ලයේද වරෙන්තු නිකුත් වී ඇත්තේය.
    2013 ජනවාරි 23දා වජිරව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගන්නේ මාකඳුරේ මධුෂ් සමග එක්වී එල්.ටී.ටී.ඊ.යේ අවි ආයුධ යොදා ගනිමින් ප්‍රභූ ඝාතනයක් සඳහා අර ඇදීමේ චෝදනාවටය. සිරභාරයට පත්ව සිටි මාකඳුරේ මධුෂ්ටද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අධිකරණ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබුවේය. එහිදී වජිරට එල්ල වූයේ ‍පොලිස් නිල ඇඳුමෙන් පැමිණ ප්‍රභූ ඝාතනයකට අරඇදීමේ චෝදනාවයි.
    මේ අතරේ මෙ වසර තුළ වාද්දුවේදී යතුරුපැදිවලින් පැමිණ රුපියල් දෙලක්ෂ පනස්දහසක් කොල්ලකෑම, හංවැල්‍ලේ දෙලක්ෂ පනස්අටදහසක සිගරැට් හා මුදල් කොල්ලකෑම, කොස්ගමදී වෙළෙඳසලක් කොල්ලකෑම, කළුතර උතුරේදී රුපියල් දෙලක්ෂයක් කොල්ලකෑම, පාදුක්ක පිටුම්පේ ග්‍රාමීය බැංකු කොල්ලය, පූගොඩ අරක්කු තැබෑරුම කොල්ලකෑම ඇතුළු මංකොල්ලකෑම් තිහකට ආසන්න ප්‍රමාණයක් වජිර විසින් මෙහෙයවා ඇතැයි හෙළි විය.
    වජිරගේ අපරාධ කල්ලිය බළන්ගොඩ ව්‍යාපාරික නිවසක් කොල්ලකා නිවසේ දරු දැරියන්ගේ කනකර පවා ගලවාගෙන ගොස් ඇති වගද ‍පොලිස් විමර්ශනවලින් කියැවුණේය. දෙවිනුවර බස්නායක නිලමේගේ නිවස කොල්ලකෑමටද මෙම කල්ලිය සම්බන්ධ බව කියැවෙන්නේය.
    වරෙන්තු මත ‍පොලිසිය සොයද්දී වජිර වෙනත් නමකට ව්‍යාජ හැඳුනුම්පතක් සකසා මංකොල්ල මෙහෙයවන්නට වූ කාලයක්ද වූයේය. වජිර වෙනත් නමකින් සිටින අතරේ කොල්ලයකට හසුවී සිරගත කර සිටියදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සොයා ගත්තේය.
    වජිර සමග මෙම සිද්ධියේදී අත්අඩංගුවට ගත්තේ ජනක අරුණ ශාන්ත නමැති නාවික හමුදා බුද්ධි අංශයේ සේවයකර සේවය අහිමි වූ නැවියෙකි. මුහුදු මාර්ගයෙන් මිනිසුන් ඉතාලියට යවන මිනිස් ජාවාරම සම්බන්ධව රහස් ‍පොලිසිය ඇරඹූ විමර්ශනයකදී මෙම නාවික බුද්ධි අංශ සාමාජිකයා අත්අඩංගුවට ගන්නේ මිනිස් ජාවාරම්කරුවන් සමග එක්වී බෝට්ටු මුදාහළ වරදටය. ට්‍රින්කෝ ශාන්ත නමින් හැඳින්වූ මෙම නාවික සෙබළා මිනිස් ජාවාරමට කොටුවූ පසුව මධුෂ්ගේ කල්ලියේ අපරාධ රැල්ලට එක්වූ අයකු වූයේය.
    කොළඹ සිටි ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ කුඩු ලාලිතගේ ප්‍රධාන ගෝලයා ලෙස කුඩු ජාවාරම මෙහෙයවූ චරිත මධුෂංකද වජිර සමග කොටුවූ සිව්දෙනා අතර සිටිති. චරිත 2013 අගෝස්තු මාසයේ මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය මගින් හෙරොයින් ග්‍රෑම් දෙසීයක් සමග කොටු කරගත් පසු අධිකරණයෙන් ඇප ලබාගත් අපරාධකරුවෙකි.
    කෙසේ වුවද මෙම එස්.ටී.එෆ්. ප්‍රහාරයෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටින ලංකාවේ මංකොල්ලකෑම්වලට සම්බන්ධ අංක එකේ හොරා වූ වජිර කොළඹ ජාතික රෝහ‍ලේ ජීවිතයත් මරණයත් අතර සටනක සිටින්නේය. ඔහු දැනට ජීවත් වන්නේ හුස්ම ගැනීමේ ආධාරක යන්ත්‍රයක පිහිටෙනි. වජිරව එම යන්ත්‍රයෙන් ඉවත් කළහොත් ඔහුගේ ජීවිතය පවා විශ්වාස නැතැයි කියති.
    මාකඳුරේ මධුෂ්ගේ මුදල් බලයෙන් හා පාතාල බලයෙන් වජිර කෙසේ හෝ ගොඩගන්නට යන්ත්‍රයේම රඳවා තබන්නට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවටද තොරතුරු ලැබි ඇත්තේය. යම් හෙයකින් වජිරගේ ජීවිතය අවසන් වුවහොත් මධුෂ්ගේ අපරාධ ජාලයේ අවි ආයුධ හා සගයන් ඇති තැන් සොයා ගැනීමට මධුෂ්ට හැකියාවක් නොමැති නිසා වජිරව රැක ගන්නට කුමක් හෝ කරන්නට මධුෂ් උත්සාහ ගන්නේය. ඒ මධුෂ්ගේ අපරාධ රැල්‍ලේ සැඟවුණු චරිතය ලෙස වජිරත් කටයුතු කළ නිසාය.
    වජිරත් සමග ‍පොලිස් විශේෂ කාර්ය බළකායට කොටුවූ තරිඳුගේ නිවසේ තිබූ මෙම අපරාධ කල්ලියට අයත් තවත් ගිනිඅවියක් තරිඳුගේ බිරිඳගෙන් ඉල්ලාගෙන ගිය බවට පෑලියගොඩ විශේෂ කාර්යාංශයේ සැරයන් බණ්ඩාර (53252) තොරතුරක් ලැබුණේ මේ අතරය. එම තොරතුරට අනුව එම ඒකකයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක සමන් ගුණරත්න, කොස්තාපල්වරුන් වන සෝමසිරි (14868), ධර්මසිරි (74521) ඇතුළු කණ්ඩායමක් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමග රාගම, කුරුකුලාවේ පිහිටි නිවසක් වටලා තවත් ටී 56 ගිනිඅවියක්, මැගසිනයක් ‍පොලිස් පරීක්ෂක නිල ඇඳුමක් ඇතුළු අවි ආයුධ සමග අත්අඩංගුවට ගත්තේය.
    වජිරගේ කොල්ල කල්ලියට සම්බන්ධ රන්දීර් කෞෂල්‍ය නමැත්තෙක්ද මේ සමග කොටුවන්නේය. රත්නපුරේ රන් භාණ්ඩ අලෙවිහලක් කොල්ලකෑම, සපුගස්කන්ද ඇතුළු ප්‍රදේශ රැසක කොල්ලකෑම්වලට සම්බන්ධ වූ අපරාධකරුවකු ලෙස රන්දීර් නමැති මෙම සැකකරු හඳුනාගෙන ඇත්තේය.
    මෙම ගිනිඅවිය හා නිල ඇඳුම දෙමටගොඩ චමින්ද නමැති පාතාල නායකයා ඝාතනය කිරීම සඳහා සූදානම් කර තිබූ බව කියැවෙන්නේ එතැනදීය.
    මත්කුඩු ජාවාරමේ ඒකාධිකාරිය ගන්නට සටන් කරන මාකඳුරේ මධුෂ්ට අභියෝගයක් වී ඇති දෙමටගොඩ චමින්දද දැනට ඉන්නේ බන්ධනාගාරගතවය.
    දෙමටගොඩ චමින්ද ඝාතනය කරන්නට මෙම කල්ලි සමග එක්වී කටයුතු කරන බ්ලූමැන්ඩල් කල්ලියද මීට පෙර බන්ධනාගාර බස් රථයට වෙඩි තැබුවද දෙමටගොඩ චමින්දව බේරුණි.
    මෙවර ‍පොලිස් නිල ඇඳුමෙන් ගොස් දෙමටගොඩ චමින්දව ඉලක්ක කිරීම පාතාල කල්ලිවල අරමුණ බව කියවෙන්නේය.
    මේ සියලු කාරණා හරහා රට හොල්ලන මංකොල්ලකෑම් කළ කල්ලියේ සුලමුල ‍පොලිස් විශේෂ කාර්ය බළකාය සොයා ගන්නේ ‍පොලිසියෙන් කට්ටි පනිමින් අපරාධ රැල්ලක් මෙහෙයවද්දීය.
    උදෑසනම භාවනාවේ යෙදීමට පමණක් නොව රටේ උත්සන්න වන අපරාධ රැල්ල මැඬ පැවැත්වීමට ‍පොලිස් නිලධාරින් උනන්දු වන නියෝග නිකුත් කරන්නේ නම් නීතිය හරිහැටි ක්‍රියාත්මක වන්නේ නම් අපරාධ රැල්ලෙන් අඩක් අඩු කර ගත හැකිය.
    රටම ආවරණය වන පරිදි සංවිධානාත්මක අපරාධ රැල්ලත් මත්ද්‍රව්‍ය ජාවාරමේ හා පාතාල ක්‍රියාකාරකම් නැවැත්වීමටත් ‍පොලිස් විශේෂ කාර්ය බළකා සේනා විධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් යටතේ අලුතින් ඇරඹෙන විශේෂ බළඇණියට ‍පොලිසියේ දක්ෂතා පෙන්වන දෙදහසක් බඳවා ගැනීමට අයැදුම් කර ඇත.මෙසේ එක් කර ගන්නා කණ්ඩායම්වලට ලබන සතියේ සිට පුහුණුව ලබාදීමටද නියමිතය. ‍පොලිස් පරීක්ෂක තනතුරේ සිට පහළට සිටින ‍පොලිසියේ කාන්තා, පිරිමි දෙපාර්ශ්වයම බඳවා ගෙන ‍පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ විශේෂ පුහුණුවීම් ලබාදී එම ඒකක විශේෂ බළකා කඳවුරුවලට ස්ථානගත කිරීමටද නියමිතය.මෙම බළකායේ විශේෂත්වය වන්නේ බුද්ධි තොරතුරු ලබාගැනීම, වැටලීම, අධිකරණය සඳහා ඉදිරිපත් කිරීම යන සියලු කාරණා සඳහා ඔවුනොවුන්ගෙන්ම සැදුම්ලත් කණ්ඩායමක් සිටීමය.
    මීට පෙර විශේෂ වැටලීම් ඒකක අත්අඩංගුවට ගන්නා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට ‍පොලිසිය වෙත භාර දුන් අවස්ථාවල සිදුවූ අක්‍රමිකතා වැළැක්වීමටද මෙමගින් ඉලක්කය වී ඇත්තේය.
    අපරාධ මර්දනයට නමක් දිනා ඇති දක්ෂ නිලධාරියකු ලෙස ප්‍රකට ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා මෙම විශේෂ කණ්ඩායම්වලට එල්ල වන ඕනෑම අභියෝගයක් භාරගෙන බලපෑම්වලට යටත් නොවී අපරාධ රැල්ලට තිත තබන්නට යන මෙහෙයුම සාර්ථක වුවහොත් රටේ අපරාධ රැල්ල මැඬ පැවැත්විය හැකිය.


    rivira
     
    Last edited:
    May 19, 2018
    612
    42
    0
    1. කංජිපාන ඉම්රාන්

    මාකඳුරේ මදුෂ් සමග අත්අඩංගුවට ගැනීමත් සමග කතාබහට ලක්වූ නමකි, කංජිපාන ඉම්රාන්. කංජිපාන යන්න දෙමළ භාෂාවෙන් කැඳ හට්ටිය ලෙස පරිවර්තනය වේ. කංජිපාන ඉම්රාන් විසූ මාළිගාවත්තේ ප්‍රදේශවාසියෙකු පැවසුවේ, ඉම්රාන්ගේ පියා කැඳ විකිණීමේ නිරත වීම ඔහුට එලෙස නමක් පටබැඳීමට හේතු වී ඇති බවයි. ඉතිරි වන කැඳ හට්ටි තම නිවසට ගෙන යාම ඉම්රාන් විසින් සිදු කළ නිසා ඔහු ප්‍රදේශයේ කංජිපාන ඉම්රාන් ලෙස ප්‍රකට වී තිබේ. 2015 වසරේදී ඔහු ඩුබායි වෙත පැන ගොස් ඇත්තේ පොලීසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සෙවීමත් සමගය.
    2. වෙලේ සුදා

    මෑත කාලයේ මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා හැඳින්විය හැකිය. තමන්ට වෙලේ සුදා යන නම ලැබුණේ කෙසේ දැයි ඔහුගෙන් වරක් අධිකරණයේදී ප්‍රශ්න කර තිබිණි. එයට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ කුඩා අවදියේ සිට පවුලේ හිතමිතුරන් තමන්ව සුදා ලෙස හැඳින්වූ බවත් සිය නිවස ආසන්නයේ වෙලක් තිබීම හේතුවෙන් තමන් පසුකාලයේ වෙලේ සුදා බවට පත්වූ බවත් ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.
    3. සොත්ති උපාලි

    1990 දශකයේ නම ගිය පාතාල නායකයෙකු ලෙස හැඳින්වෙන සොත්ති උපාලි මෙරට නම ගිය අපරාධකරුවෙකු විය. උපාලි රංජිත් වන ඔහු සොත්ති උපාලි ලෙසින් ඔහුව ඇමතීම එතරම් ප්‍රිය නොකළ බව පැවසේ. ඔහුගේ එක් අතක පැවති අබාධිත තත්ත්වය නිසා ඔහුට සොත්ති උපාලි යන නම පටබැඳුණු බව වාර්තා වේ. පොලිස් නිලධාරියෙකු ලෙස ද කටයුතු කර ඇති ඔහු 1998 වසරේදී ඝාතනයට ලක් විය.
    4. පොට්ට නවුෆර්

    මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින පාතාලයේ ප්‍රබලයෙකු ලෙස හඳුන්වන පොට්ට නවුෆර් ද ඔහුගේ පටබැඳි නාමයට කැමැත්තක් දැක්වූ අයෙකු නොවීය. පාතාල ගැටුමකදී එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ දකුණු ඇස අන්ධ වීම මොහමඩ් නියාස් නවුෆර් "පොට්ට නවුෆර්" වීමට හේතු වී තිබේ. බදුල්ල බන්ධනාගාරයේ දැනට රඳවා සිටින පොට්ට නවුෆර් එහි සිට තම කල්ලිය මෙහෙයවන බවට ද පසුගිය කාලයේ චෝදනා එල්ල විය.
    5. වම්බොට්ටා

    දකුණේ පාතාලේ ප්‍රධාන චරිතයක් ලෙස සැලකෙන අජිත් වසන්ත හෙවත් වම්බොට්ටා 2000 වසරේ සිට 2006 වසර දක්වා සිදු වූ අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා ලැබූවෙකි. වම්බොට්ටා යන නම ඔහුට පටබැඳි තිබුණේ, ඔහු මුල් කාලයේ සූරියවැව වෙළඳපොළේ වම්බටු ව්‍යාපාරිකයෙකු ලෙස ප්‍රසිද්ධ වීම නිසාය. 2006 වසරේ ඝාතනය වෙද්දී ඔහුට එරෙහිව ඝාතන නඩුවක් විභාග වෙමින් තිබිණි.
    6. ආනමාළු ඉම්තියාස්

    මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් 2000 වසරේ සිට විවිධ අපරාධ සිදු කළ බවට ප්‍රසිද්ධව සිටි පුද්ගලයෙකි, එම්.කේ. ඉමිතියාස් හෙවත් ආනමාළු ඉමිතියාස්. කෙසෙල් ව්‍යාපාර සිදු කිරීම නිසා ඔහුට මෙම නම පටබැඳුණු බවට ඇතැමුන් ප්‍රකාශ කළත් තවත් සමහරෙකු පවසන්නේ ඕනෑ ම ප්‍රශ්නයකින් ලිස්සා යාමට ඔහුට ඇති දක්ෂතාව නිසා ඔහුට 'ආනමාළු ඉමිතියාස්' යන නම පටබැඳුණු බවයි. වසර ගණනාවක් මාලිගාවත්ත ප්‍රදේශය පුරා අණසක පතුරවමින් සිටි ආනමාළු ඉම්තියාස් 2009 වසරේදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබිණි.
    7. තෙල් බාලා

    1990 දශකයේ නම ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස චෝදනා ලැබූවෙකු ලෙස කරුපයියා වාප්පුබාලන් හෙවත් තෙල් බාලා හැඳින්විය හැකියි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ කම්කරුවෙකු ලෙස තම ජීවිතය ආරම්භ කර ඇති ඔහුට තෙල් බාලා ලෙස නම ලැබෙන්නේ තෙල් කරත්තයක්‌ මිලදී ගෙන ගෙයින් ගෙට ගොස්‌ තෙල් විකිණීම සිය රැකියාව කර ගැනීමත් සමගය. පසුව එම ප්‍රදේශයේ තෙල් ව්‍යාපාරය ම ඔහුගේ අණසකට පත් වීම එම නම තවත් ජනප්‍රිය වීමට හේතු වී තිබේ. 90 දශකය අවසානයේ එල්.ටී.ටි.ඊ සංවිධානයට සහය දැක්වූ බවට චෝදනා කරමින් පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට තෙල් බාලා ඉන්දියාවට පැන යාමට සමත් විය. 2017 වසරේ ඔහු ඉන්දියාවේදී මරණයට පත් විය.
    8. කිඹුලා ඇළේ ගුණා
    සින්නයියා ගුණසේකරන් හෙවත් කිඹුලා ඇළේ ගුණා 90 දශකයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ප්‍රකට අපරාධකරුවෙකු ලෙස පොලිසිය හඳුන්වයි. කිඹුලා ඇළ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පාතාලයට පිවිසි නිසා පාතාල ලෝකයේ ඔහුව හැඳින්වූයේ කිඹුලා ඇළේ ගුණා ලෙසිනි. 2008 වසරේ මොහු ඉන්දියාවට පැන ගිය අතර තවමත් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියැලෙන බවට පොලිසිය සැක කරයි. පසුගිය වසරේ බලපිටිය මුහුදු තිරයේදී අත්අඩංගුවට පත්වූ හොරොයින් කිලෝග‍්‍රෑම් 231ට කිඹුලා ඇළේ ගුණාගේ සම්බන්ධතාවක් ඇත්දැයි පොලිසිය පරීක්ෂණ පවත්වයි.
    9. කරාටේ ධම්මික

    කඩුවෙල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පාතාල නායකයෙකු ලෙස ක්‍රියා කළ ධම්මික ප්‍රදීප් කුමාර, දක්ෂ කරාටේ ක්‍රීඩකයෙකු වීම නිසා කරාටේ ධම්මික නමින් හැඳින්වූ බව සැලකේ. කරාටේ ක්‍රීඩාවෙන් සමස්ත ලංකා මට්ටමේ සම්මාන ද ඔහු දිනාගෙන ඇති බවට වාර්තා වන අතර එක වර කිහිප දෙනෙකුට පහර දීමට හැකියාවක් ඇති පුද්ගලයෙකු ලෙස ඔහු හැඳින්වෙයි. මිනීමැරුම් චෝදනා ගණනාවක් ඇති කරාටේ ධම්මික 2011 වසරේදී අභිරහස් ලෙස අතුරුදන් විය.
    10. රණාලේ සමයං

    රණාලේ සමයං හෙවත් අරුණ උදය ශාන්ත පතිරණ මෑත කාලයේදී දැඩි කතාබහට ලක්වූ පාතාල නායකයෙකු ලෙස හැඳින්විය හැක. 2017 වසරේ කළුතරදී බන්ධනාගාර බසයක් තුළ සමයං ඝාතනය කළ අතර ඔහුට එරෙහිව ඒ වන විටත් අපරාධ චෝදනා ගණනාවක් විභාග වෙමින් තිබිණි. තමන් සමයං ලෙස හඳුන්වන්නේ "යාළුවොත් එක්ක ඉඳලා දඟලලා.. කියන දේ අහන්නේ නෑනෙ.. ඒකයි" යනුවෙන් ඔහු ඝාතනයට ලක් වීමට පෙර පුවත්පතකට පවසා තිබිණි.