chanaka

Well-known member
  • May 4, 2006
    3,190
    752
    113
    (UNESCO) ගාලු ක්‍රීඩාංගනය ඉවත් කිරීම ගැන යුනෙස්කෝ යෝජනාවක් නොමැති බවට ප්‍රකාශයක්​


    ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ගැන ක්‍රීඩා අමාත්‍යවරයා කළ විශේෂ හෙළිදරව්ව​


    ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් නිත්‍යානුකූලවන බවට සනාථ කළ හැකි සියලු ලිපි ලේඛන තමන් සතු බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා.

    ඔහු මේ බව පැවසුවේ ඊයේ හිරු ටී.වී. සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

    එහිදී එතුමාට යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ පැවසුවා.

    මම හිතන්නේ අද ක්‍රීඩා පිට්ටනියක නම විකුණලත් දේශපාලනය කරන යුගය උදාවෙලා, අසූචි දේශපාලනය.“

    “ප්ලෑන් එක 2007 තුන්වෙනි මාසේ විසි එක්වෙනිදා යූ.ඩී. එක සහ නගර සභාව අනුමත කළා. කවුරු හරි කිව්වා නම් අනුමත කරපු සැලැස්මක් තිබුණේ නැහැ කියන එක එය මම ප්‍රතික්ෂේප කරනවා. මම වගකීමෙන් කියනවා ගාල්ල ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් අනුමත කරපු සැලැස්මක් තියෙනවා. මගේ ඒ සතු කොපියකුත් තියෙනවා. ඒ වගේම යුනෙස්කෝ වාර්තාව කිසිසේත්ම ස්ටේඩියම් එක ඉවත් කරන්න කියලා නැහැ. යුනෙස්කෝව සඳහන් කරලා තියෙනවා., විකල්පයකට යන්න බලකිරීමක් නැහැ කියලා “​
     
    Last edited: