UNP නිවාස වියාපෘතිය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,567
    113
    පොන්සි ආණ්ඩුව
    UNP නිවාස වියාපෘතිය

    13645189_1768954760048730_480740460648627389_n.jpg
    13626378_1768954773382062_1613953149354583390_n.jpg


    ජනතාව ගෙන් අයකරගත් බදු මුදල් වලින් කල දේවල් ජනතාවට එතුමා ඉතුරු කලා!

    අද එසේ වෙනවාද?


    අනුරාධපුර ඉපලෝගම
    ‘රණජයපුර’ රණවිරු ගම්මානය...

    රණවිරුවන් උදෙසා
    නිවාස 50,000 ක් ඉදිකර දීමේ
    සංකල්පය ක්‍රියාවට නැංවීමේ
    'අප වෙනුවෙන් අපි'
    වැඩ සටහන යටතේ
    රණවිරුවන් උදෙසා සියලු
    පහසුකම්වලින් සමන්විතව
    අනුරාධපුර ඉපලෝගම
    ‘රණජයපුර’ ගම්මානය
    ඉදිකරන ලදී..

    අක්කර 180 කින් සමන්විත
    මෙම ගම්මානයේ ඉදි කර ඇති
    නිවාස සංඛ්‍යාව 1509 කි...

    එහි නව නගරයක්ද
    නිර්මාණය වී ඇත.
    මංමාවත්, බස් නැවතුම් පොළ,
    පාසල්, ප්‍රජා ශාලා, බෙහෙත් ශාලා,
    සුපිරි වෙළෙඳසලක්, බැංකු ශාඛාවක්
    ව්‍යායාම මධ්‍යස්ථානයක් ඇතුළු
    සියලු පහසුකම් ද මෙහි ඇතුළත්ය...

    ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්
    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ
    අධීක්ෂණය යටතේ
    රණවිරු අධිකාරියේ ‘ඉපලෝගම’
    රණජය නිවාස සහිත නගරය
    ඉදිකිරීමේ ව්‍යාපෘති භාරව ක්‍රියාකෙළේ
    බ්‍රිගේඩියර් ලෙස්ලි තෙන්නකෝන්ය...

    මෙහි කාමර තුනකින්
    විසිත්ත කාමරයකින්,
    සමීපාරක්ෂක කාමරයකින්
    මුළුතැන්ගෙයකින් යුත් නිවසක් සහිත
    පර්චස් 10ක ඉඩමක
    වටිනාකම රුපියල් මිළියන 1.4කි..
    ඉන් ලක්ෂ 6ක් රජයෙන්ද
    ඉතිරි ලක්ෂ 8 පොලී රහිත
    දිගු කාලීන බැංකු ණය මගින්ද
    ආයෝජනය කර ඇත...

    ඉපලෝගම රණජය ගම්මානයේ
    ඉදිකරන ලද නිවාස 1509 න්
    නිවාස 767 යුද හමුදා සාමාජිකත්වය
    සෙසු නිවාස 742 ගුවන් හා නාවික
    හමුදා සාමාජිකයන්ට හිමිවී ඇත. .

    මෙහි නිවාස ලබාදීමේදී ක්‍රියාන්විතයේ
    යෙදී සිටියදී දිවිපිදු රණවිරු පවුල්,
    ආබාධිත වූ රණවිරුවන් හා
    ක්‍රියාන්විතයේ යෙදී සිටි රණවිරුවන්
    ආදි වශයෙන් බේදයෙන් තොරව
    සියලු අංශවලින් තෝරා ගෙන ඇත.

    මෙම නිවාස සංකීරණය
    2009 වර්ශයේ නොවැම්බර් වන 22 දින
    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ
    සුරතින් රණවිරු අයිතියට පවරන ලදී....!!!

    බලන් 'රණජයපුර' සිරි...

    https://www.youtube.com/watch?v=eIy92OUy1w4