UNP Deshadrohin + NGO Rata Winasa Kireeme Kumanthrana

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
කොටි ත්‍රස්‌තවාදය සහමුලින් විනාශ කිරීමට කටයුතු කළ
ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදාවට එරෙහිව දෙබිඩි පිළිවෙත් එපා!

ආරක්‌ෂක ලේකම් ගෝඨාභය අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන

කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදාව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක්‌ අනුගමනය නොකරන්නැයි ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා අන්තර්ජාතික ප්‍රජාව වෙතින් ඉල්ලා ඇත.

හෙතෙම මෙම ඉල්ලීම කර ඇත්තේ ලබන 21 වැනිදා ඇමරිකානු කොන්ග්‍රසය වෙත ශ්‍රී ලංකා ආරක්‌ෂක හමුදාවට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙනි.

ඇමරිකාව තාලිබාන්වරුන් මර්දනය කිරීම සඳහා අනුගමනය කරන ත්‍රස්‌ත මර්දන පිළිවෙත අනිකුත් රටවලටද පොදු විය යුතු යයි ඔහු පවසයි.

කොටි සංවිධානය පරාජය වීම වළක්‌වාලීමට දැඩි ලෙස උත්සාහ ගත් දෙස්‌ විදෙස්‌ එන්.ජී.ඕ. ප්‍රධානීන් විසිදෙනකු පමණ සිටින බව ශ්‍රී ලංකා රජය වෙත තොරතුරු ලැබී තිබේ.

මේ එන්.ජී.ඕ. ඒජන්තවරුන් කවුරුන් දැයි දැන් හෙළිවී තිබෙනවා යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.

මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙයට කලකට පෙර ඇමරිකාවේ සමුළුවක්‌ මුවාවෙන් නිව්යෝක්‌ ගිය එන්ජීඕ ප්‍රධානීන් දෙදෙනෙක්‌ ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් හමුවී රහස්‌ සාකච්ඡාවක්‌ද පවත්වා ඇත.

එසේම කොටි සංවිධානය ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු කොන්ග්‍රසය මගින් පරීක්‌ෂණ කළ යුතු යෑයි මුලින්ම ඉල්ලා ඇත්තේ ඇමරිකානු කොටි ඒජන්ත විශ්වනාදන් රුද්රකුමාරන් යෑයිද හෙළිවී තිබේ.

මෙයට පෙරද වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීම වැළැක්‌වීම සඳහා ඇමරිකානු කොන්ග්‍රසය වෙත යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ බව අනාවරණය වී ඇත.

මේ අතර ඇමරිකානු කොන්ග්‍රසය හමුවේ නිදහසට කරුණු දැක්‌වීම සඳහා මෙරට හමුදා බලධාරීන් කිසිදු ලෙසකින් යවන්නේ නැතැයි රජයේ බලධාරීහු පවසති.