කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුහුණු කිරීමේ පාසලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ තමන් ඇතුළු මන්ත්‍රීන් පිරිසකට ගල් ප්‍රහාරයක් එල්ල වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසීය.
රජයට අයත් දේපොල මැතිවරණයට යොදා ගන්නා බවට තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට ලැබුණු තොරතුරක් මත ඒ පිළිබඳ සොයා බැලීමට හා එම පරිශ්‍රයේ සිදුවන වංචා හා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ස්ථානය නිරීක්ෂණ කිරීමට ගිය බව හෙතෙම පෙන්වා දුන්නේය.
තමන් සමඟ මෙම නිරීක්ෂණ චාරිකාවට රවී කරුණානායක, අජිත් පී. පෙරේරා, ආර්. යෝගරාජන් හා නලීන් බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූ බවත් එම අවස්ථාවේදී එල්ල කළ ප්‍රහාරයෙන් වාහනවලටද හානි වූ බවත් මන්ත්‍රීවරයා පැවසී ය.
එක්සත් ජාතික් පක්ෂයේ මන්ත්‍රීන් කණ්ඩායමක් පසුගිය සමයේදී හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, නොරොච්චෝලේ විදුලිබලාගාරය, සපුගස්කන්ද තෙල් පිරිපහදුව, දුම්රිය දෙපාර්තමේන්තුව, වැලිකඩ බන්ධනාගාරය යන ස්ථානවල නිරීක්ෂණ චාරිකාවල නිරත විය.