Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
UNP karayo warew
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මේවා දාගන්නේ ලජ්ජා හිතුනද

ඇවන්ට් ගාඩ් සෝලිය ආන්ඩුවට අර්බුදයක් නිර්මානය කරයි

ඇවන්ට් ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව පිලිබඳ සිද්ධිය මේ වනවිට ආන්ඩුව අලලාගත් සෝලියක් බවට පත්ව තිබේ. පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ මෙන්ම වත්මන් සිරිසේන - වික්‍රමසිංහ ආන්ඩුවේ ද කුනු වීම මෙම සෝලිය තුලින් එලිමහනට පැමින තිබේ.

පසුගිය ජනවාරි 8 දින පැවති ජනාධිපතිවරනයෙන් පසුව පිහිටවූ මෛත්‍රීපාල සිරිසේනගේ හා රනිල් වික්‍රමසිංහගේ අන්තර්වාර තාවකාලික ආන්ඩුව විසින් පසුගිය ආන්ඩුවේ දූෂන හෙලිදරව් කිරීම සම්බන්ධයෙන් ගත් මූලික ප්රයත්නයක් ලෙස මෙම අවි ගබඩාව පිලිබඳ සිද්ධිය මුලින්ම උලුප්පා පෙන්වනු ලැබිනි. අගෝස්තු 17 පාර්ලිමේන්තු මහ මැතිවරන උද්ඝෝෂනය තුලදී, පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ දූෂන සම්බන්ධිතව මෙම සිද්ධිය යහමින් යොදා ගැනිනි. මහා පරිමාන වංචා දූෂන විමර්ෂනය කිරීමේ කමිටුව මෙම දූෂනය පිලිබඳව දිගටම පරීක්ෂන ගෙන යන බව මාධ්‍යයන්ට ප්‍රකාශ කල අතර හිටපු ප්‍රබල ආරක්ෂක ලේකම් හා හිටපු ජනාධිපති රාජපක්ෂගේ සොහොයුරු ගෝඨාබය රාජපක්ෂ ද පරීක්ෂනය සඳහා කිහිප වතාවක් එම කමිටුව වෙත කැඳවනු ලැබිනි.

ඇවන්ට් ගාඩ් සමාගමෙහි පසුබිම වන්නේ ලාංකීය මුහුදු තීරයේ හා ජාත්‍යන්තර මුහුදේ ලංකාවේ ලියාපදිංචි සමාගමකට අයත් නැව් ලෙස අවි ගබඩා සහිත නැව් කිහිපයක් පවත්වා ගෙන යමින් එම අවි ගබඩා සහිත නෞකා ඉන්දු උප මහාද්වීපය හා රතු මුහුද අවට මුහුදේ ගමන් කරන වානිජ නැව් වල ආරක්ෂාව සඳහා කුලියට යොදවමින් හා වෙනත් එලිදරව් නොකෙරෙනු ආකාර වලින් ලාභ ලැබීමට එම සමාගමට ඉඩ ලබා දීමයි. මෙම සමාගම සතුව MV මහනුවර, (ශ්‍රී ලංකා මුහුද අවට) හා MV ඇවන්ට් ගාඩ් (රතු මුහුද) යනාදී පාවෙන අවි ගබඩා සහිත නැව් තිබේ. සමාගමේ හය දහසක පමන සේවකයන්ගෙන් විශාල පිරිසක් විශ්‍රාමික නාවික භටයන් බව පැවසේ.

ඇවන්ට් ගාඩ් පුද්ගලික සමාගමක් වන අතර එහි සභාපති නිශ්ශංක සේනාධිපති නම් විශ්‍රාමික යුද හමුදා මේජර් වරයෙකි. මෙම සමාගම ගිනි අවි හා අනෙකුත් ආයුධ ලබා ගෙන ඇත්තේ “රක්නා අරක්ෂක ලංකා” නමැති පූර්න අයිතිය ශ්‍රී ලංකා නාවික හමුදාව සතු යැයි පැවසෙන සමාගමක් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුමක් මගිනි

අනතුරුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවී බිහි කල සිරිසේන - වික්‍රමසිංහ ආන්ඩුවේ හිටපු නීතිය හා සාමය පිලිබඳ ඇමති තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී පසුගිය නොවැම්බර් 5 ප්‍රකාශයට පත් කලේ ඇවන්ට් ගාඩ් සමාගම සම්පූර්නයෙන්ම නීත්‍යානුකූල බවත් ලකුනු දමා ගැනීම සඳහා පොලිසිය විසින් පුම්බන ලද වාර්තාවක් ඉදිරිපත් කලත් රජයේ නීතිපතිට අනුව නඩු පැවරීම සඳහා සුදුසු සාක්ෂි මෙම සමාගමට එරෙහිව නොමැති බවත්ය. අධිකරන ඇමති විජේදාස රාජපක්ෂ ද මීට සමාන අදහස් මාධ්‍යයට පැවසීය.

මීට එරෙහිව ආන්ඩුවේ තවත් ප්‍රබල කැබිනට් ඇමති කන්ඩායමක් වන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න හා මෙගාපොලිස් පිලිබඳ ඇමති චම්පික රනවක විසින් සිදුව ඇති දූෂනය දිගටම විභාග කල යුතු බවට අවධාරනය කරනු ලැබූ අතර තිලක් මාරපන හට සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදු විය. ඇමති ධුරයට පත්වීමට පෙර ඔහු ඇවන්ට් ගාඩ් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වීය. තමා කැබිනට් මන්ඩලය තුල සිටීමෙන් පරීක්ෂනයන්ට බාධා විය හැකි යැයි ඇමතිවරුන් සිතන නිසා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වන බව ඔහු මාධ්‍යයට පැවසුව ද ආන්ඩුව තුල පැන නැගී ඇති ආතතිය එමගින් ඉස්මතු විය.

ඇවන්ට් ගාඩ් සමාගමේ අයිතිකරුවන් විශාල වශයෙන් මුදල් වීසිකර ඇති බවත් පසුගිය මහ මැතිවරනයේදී වත්මන් ආන්ඩුවේ නොයෙකුත් මැති ඇමතීන්ට විශාල මුදල් කන්දරාවන් වියදම් කර ඇති බවත් දැන් කුප්‍රකට ය. මෙම සමාගම ලංකාවේ පමනක් නොව මාල දිවයින වැනි අවට රට වල ආන්ඩු වල ඇමතීන්ට ද ගෙවීම් කර ඇති බවට ද වාර්තා විය.

කුස ගින්න නිවා ගැනීමට කරන සුලු සොරකමක් පවා සිපිරි ගෙහි වසර ගනනක් සිරගත කිරීමට හේතු වන පසුබිමක මෙම ප්‍රකෝටි ගනනක මුදල් කොල්ලයට සම්බන්ධ බවට එලිදරව් වූවන් ඉහත ආන්ඩුව තුල මෙන්ම මෙම ආන්ඩුව තුල ද යහතින් වැජඹෙති. ඇවන්ට් ගාඩ් සමාගමට එරෙහි පරීක්ෂන යට ගැසීමට මෙම කොටස් උත්සාහ ගෙන ඇති බව පෙනේ.

ඉල්ලා අස්වීමට පෙර මාරපන පාර්ලිමේන්තුවේදී පැවසූවේ “මාගේ සේවා දායකයා (ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති) මා හට එලිදරව් කල කරුනු මා මෙම සභාවට එලිදරව් කලහොත් මෙහි සිටින බොහෝ දෙනා ලජ්ජාවට පත්වනු ඇති” බවයි. ආන්ඩුව මෙන් ම මාරපන ද හොරුන් එලිදරව් නො කිරීමේ ලැජ්ජාව විඳ දරා ගැනීමට සූදානම් ය.

නය කන්දකට යටවී සිටින සිරිසේන - වික්‍රමසිංහ ආන්ඩුව ද මෙම ලාභදායී ව්‍යාපාරයෙන් උපරිම වාසි ගන්නේ කෙසේද යන්න කෙරෙහි අවධානය යොමු කර ඇති බව පැහැදිලිය.

2000 දශකයේ මැද භාගයේ සිට ශ්‍රී ලංකාව හා නැගෙනහිර අප්‍රිකාව අවට විශාල වශයෙන් වානිජ නාවික ගමනාගමනය කෙරෙන ඉන්දියානු සාගර කලාපයේ මුහුදු කොල්ල කෑම් ඉහල යෑම මෙවන් ආරක්ෂක සේවාවන් සඳහා පසුබිම සැපයීය. ජාත්‍යන්තර වානිජ මන්ඩලයේ වානිජ අපරාධ සේවයට අනුව 2014 දී මුහුදු කොල්ල කෑම් හා එවන් උත්සාහයන් 231ක් වාරතා වී ඇති අතර ඉන්දු උප මහාද්වීප සාගර කලාපය, රතු මුහුද හා අප්‍රිකාව අවට මෙවන් ප්‍රහාර පිලිබඳව කුප්රකටය. දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේන්, කොමරෝස් දූපත්, ඩ්ජිබෞටි වැනි රට වලට අයත් සමාගම් මගින් මෙවන් පාවෙන අවි ගබඩා 20ක පමන සංඛ්‍යාවක් මෙම මුහුදු තීරයේ පවත්වා ගෙන යන බව වාර්තාවේ.

එසේ වුවද මෙවන් පාවෙන අවි ගබඩා ජාත්‍යන්තර මුහුදේ පවත්වා ගෙන යාම පිලිබඳව පවතින නීතිමය පසුබිම ජාත්‍යන්තර මුහුදු නීතියට අනුව පැහැදිලි කෙරී නොමැත. මෑතදී මේ පිලිබඳව අධ්‍යයනයක් කල ඔමේගා රිසර්ච් ෆවුන්ඬේෂන් ආයතනය පවසන්නේ මෙවන් “පාවෙන අවි ගබඩා” පිලිබඳ ජාතික හෝ ජාත්‍යන්තර රෙගුලාසි නොමැති බැවින් ඒවා නීති සම්පාදනයන්ට අභියෝගයක් වී ඇති බවයි.

මෙහි අර්ථය නම් මේ අන්දමේ ජාවාරමක් සිදු කිරීමට අවශ්‍ය නෛතික රාමුවක් ලංකාව තුල නොතිබුන ද ලංකාවේ නීතිය හෝ ජාත්‍යන්තර නීතිය නොතකා මෙම අතිශය ලාබදායී ව්‍යාපාරය කරගෙන ගොස් ඇති බවයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව 2009 සිට 2012 සිට දක්වා මෙම ව්‍යාපාරයේ සෘජුව නියැලී ඇති අතර එසමයේ වසරකට රුපියල් බිලියන 1.2 ක ආදායමක් ලැබූ බව වාර්තා වී තිබේ. අනතුරුව ඇවන්ට් ගාඩ් සමාගමට මෙම සුපිරි ලාභදායී ව්‍යාපාරය ලබා දී ඇත්තේ ටෙන්ඩර් පටිපාටියකින් නොවේ. ඇවන්ට් ගාඩ් සේවකයන්ට අනුව 2012 සිට 2014 දක්වා මෙම සමාගම රුපියල් බිලියන 9කට අධික මුදලක් උපයා ඇත.

පාර්ලිමේන්තුව තුල කල කතාවන් ගෙන් පසුව ජනාධිපති සිරිසේන පසුගිය නොවැම්බර් 9 දා ඇවන්ට් ගාඩ් සමාගම පිලිබඳව විශේෂ කැබිනට් මන්ඩල සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මෙම සමාගම සතු ආයුධ ශ්‍රී ලංකා නාවික හමුදාවට අත්පත් කර ගැනීමට තීන්දු කර ඇත. මෙම රැස්වීමේදී තීන්දු කර ඇත්තේ මෙම ව්‍යාපාරය තරඟකාරී පටිපාටියක් මත පදනම්ව ආරක්ෂක සමාගම් කිහිපයකට ලබා දිය යුතු අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පමනක් මුදල් අය කර ඒවාට ආයුධ සපයා දිය යුතු බවයි.

මීට අමතරව ඇවන්ට් ගාඩ් සමාගම සතුව තිබෙන MV ඇවන්ට් ගාඩ් නැවේ තිබී නාවික හමුදාව විසින් ලංකාවේ ලියාපදිංචි නොමැති බව පැවසෙන 816 ක් පමන නොයෙකුත් වර්ගයේ රයිෆල් ප්‍රමානයක් ද 202,674ක ජීව උන්ඩ ප්‍රමානයක් ද සොයා ගෙන තිබේ. මුහුන බේරා ගැනීමක් ලෙස මේ පිලිබඳව විශේෂ පරීක්ෂනයක් කිරීමට ජනාධිපති සිරිසේන රහස් පොලීසියට නියෝග කර තිබේ.

සුඩානයේ සිට ගාල්ල වරාය දක්වා පැමින ඇති මෙම ඇවන්ට් ගාඩ් නෞකාව එතුල ඇත්තේ ආරක්ෂකයන් (මාෂල්) සතු ගිනි අවි තුනක් පමනක් බවට වරාය බලධාරීන්ට ප්‍රකාශ කර තිබුන ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලය යොදා කල මෙහෙයුමේ දී මෙම විශාල අවි තොගය හමුවී තිබේ.

මෙම සෝලිය මැදි කරගෙන මැති ඇමතියන් දූෂන විරෝධීන් ලෙස පෙනී සිටිමින් කරන ප්‍රකාශ ද ජන මාධ්‍ය ඒ අතට මේ අතට පෙරලමින් කරන ප්‍රචාර ද යොදා ගෙන ඇත්තේ ආන්ඩුවත් ධනපති පන්ති පාලනයත් කෙරෙහි කම්කරුවන්, දුගීන් හා තරුනයන් අතර වැඩෙන විරෝධය පීලි පැන්නවීමට හා ජීවිත හා ප්රජාතන්ත්රවාදී අයිතීන් මැඩීමට එල්ල වන ප්‍රහාර ආවරනය කිරීමට යි.

දූෂනයෙන් තොර ආන්ඩු හා ධනපති ක්‍රමය පිරිසිදු කර තබා ගැනීම පිලිබඳව විවිධ මාදිලියේ ලිපි ලියන්නන් මහ ජනයා නොමග යවති. සිරිසේන- වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමේ ප්රතිගාමී ඇමරිකානු අධිරාජ්‍ය ගැති ව්‍යාපාරය ආවරනය කර ගැනීමට යහමින් යොදා ගන්නා ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවෙන් පෙන්නුම් කෙරුනු තුච්ඡම ගනයේ දූෂන කි්රයාවන් ය. එම ප්රචාරයේ මූලිකත්වය ගත් ව්‍යාජ වම්මුන්ගේ සංවිධාන හා සමාජ සාධාරනත්වය සඳහා ජාතික ව්‍යාපාරය වැනි කන්ඩායම් දූෂිතයන් නොරකින ලෙසට කන්නලව් කරන්නේ තමන්ගේ ද ධනපති පාලකයන්ගේ ද හෙලුව වසා ගැනීම යි.

දූෂනය හා මංකොල්ලය කුනුවන මට්ටමකින් ප්රකාශනයට පත්වීම ධනපති ක්රමයේ වත්මන් පරිවර්තනය හා අර්බුදය සමග බැඳී ඇත. නිෂ්පාදනයට කිසිසේත් ම සම්බන්ධ නැති පරපුටු මූල්‍ය කතිපයාධිකාරයක් වඩවඩා හීන වන ලාභ අනුපාතයෙන් වැඩි කොටස ඩැහැ ගැනීම සඳහා අන්ත කොල්ලකාරී කි‍්‍රයාවල නිරත වී සිටියි. මෙය මහ ඉහලින් ප්‍රදර්ශනය වී ඇත්තේ ඇමරිකාව ඇතුලු මහ ධනපති රටවලය.

ධනපති දූෂනය හෙලිදරව් කිරීමට ධනපති උසාවියම යොදා ගත හැකිය යන්න තවත් මිත්‍යාවකි. ධනපති ක්රමයේ උග්රවන අර්බුදය හමුවේ ධනපති නීතිය හා උසාවි ද දූෂනය එලිදරව් කිරීමට නොව පාලක පන්තියේ දූෂන මහා ව්‍යාපාරික අවශ්‍යතා මත ආවරනය කරන අතරේ වැඩ කරන ජනයා මත රුදුරු මර්දනය ගෙන ඒමේ ධනපති රාජ්‍ය උපකරන ලෙස ඉස්මතුවේ. ධනපති රාජ්‍යය මෙහෙයවන ආන්ඩු දූෂනයන් කරන්නේ ධනපති නීතියට හසුවන අයුරින් නොව අවශ්‍ය නීති උපදෙස් මත හා අවශ්‍ය නීති සම්පාදනය කර ගනිමිනි. මෙහිදී කම්කරු පීඩිත ජනයා මතකයට නගා ගත යුත්තේ “නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ” යන පැරනි කියමනයි.

ධනේශ්වර පන්ති පාලනයේ කුනුවීම පුද්ගලයන් පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. එහි උල්පත අර්බුද ග්රස්ත ධනපති ක්‍රමයයි. එකම විසඳුම වන්නේ ලාභය සඳහා නොව බහුතර ජනයාගේ අවශ්‍යතා අනුව නිෂ්පාදනය තාක්ෂනිකව සැලසුම් ගත කෙරෙන සමාජවාදය ස්ථාපිත කිරීමයි.

[QUOTE="සොහොන, post: 19409527, member: 454429"] :love: ඇයි මේවා දාගන්නේ ලජ්ජා හිතුනද :lol: [SIZE="5"][COLOR="DarkRed"]ඇවන්ට් ගාඩ් සෝලිය ආන්ඩුවට අර්බුදයක් නිර්මානය කරයි[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Black"]ඇවන්ට් ගාඩ් සමාගමට අයත් පාවෙන අවි ගබඩාව පිලිබඳ සිද්ධිය මේ වනවිට ආන්ඩුව අලලාගත් සෝලියක් බවට පත්ව තිබේ. පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ මෙන්ම වත්මන් සිරිසේන - වික්‍රමසිංහ ආන්ඩුවේ ද කුනු වීම මෙම සෝලිය තුලින් එලිමහනට පැමින තිබේ. පසුගිය ජනවාරි 8 දින පැවති ජනාධිපතිවරනයෙන් පසුව පිහිටවූ මෛත්‍රීපාල සිරිසේනගේ හා රනිල් වික්‍රමසිංහගේ අන්තර්වාර තාවකාලික ආන්ඩුව විසින් පසුගිය ආන්ඩුවේ දූෂන හෙලිදරව් කිරීම සම්බන්ධයෙන් ගත් මූලික ප්රයත්නයක් ලෙස මෙම අවි ගබඩාව පිලිබඳ සිද්ධිය මුලින්ම උලුප්පා පෙන්වනු ලැබිනි. අගෝස්තු 17 පාර්ලිමේන්තු මහ මැතිවරන උද්ඝෝෂනය තුලදී, පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ දූෂන සම්බන්ධිතව මෙම සිද්ධිය යහමින් යොදා ගැනිනි. මහා පරිමාන වංචා දූෂන විමර්ෂනය කිරීමේ කමිටුව මෙම දූෂනය පිලිබඳව දිගටම පරීක්ෂන ගෙන යන බව මාධ්‍යයන්ට ප්‍රකාශ කල අතර හිටපු ප්‍රබල ආරක්ෂක ලේකම් හා හිටපු ජනාධිපති රාජපක්ෂගේ සොහොයුරු ගෝඨාබය රාජපක්ෂ ද පරීක්ෂනය සඳහා කිහිප වතාවක් එම කමිටුව වෙත කැඳවනු ලැබිනි. ඇවන්ට් ගාඩ් සමාගමෙහි පසුබිම වන්නේ ලාංකීය මුහුදු තීරයේ හා ජාත්‍යන්තර මුහුදේ ලංකාවේ ලියාපදිංචි සමාගමකට අයත් නැව් ලෙස අවි ගබඩා සහිත නැව් කිහිපයක් පවත්වා ගෙන යමින් එම අවි ගබඩා සහිත නෞකා ඉන්දු උප මහාද්වීපය හා රතු මුහුද අවට මුහුදේ ගමන් කරන වානිජ නැව් වල ආරක්ෂාව සඳහා කුලියට යොදවමින් හා වෙනත් එලිදරව් නොකෙරෙනු ආකාර වලින් ලාභ ලැබීමට එම සමාගමට ඉඩ ලබා දීමයි. මෙම සමාගම සතුව MV මහනුවර, (ශ්‍රී ලංකා මුහුද අවට) හා MV ඇවන්ට් ගාඩ් (රතු මුහුද) යනාදී පාවෙන අවි ගබඩා සහිත නැව් තිබේ. සමාගමේ හය දහසක පමන සේවකයන්ගෙන් විශාල පිරිසක් විශ්‍රාමික නාවික භටයන් බව පැවසේ. ඇවන්ට් ගාඩ් පුද්ගලික සමාගමක් වන අතර එහි සභාපති නිශ්ශංක සේනාධිපති නම් විශ්‍රාමික යුද හමුදා මේජර් වරයෙකි. මෙම සමාගම ගිනි අවි හා අනෙකුත් ආයුධ ලබා ගෙන ඇත්තේ “රක්නා අරක්ෂක ලංකා” නමැති පූර්න අයිතිය ශ්‍රී ලංකා නාවික හමුදාව සතු යැයි පැවසෙන සමාගමක් සමග ඇති කරගෙන තිබෙන ගිවිසුමක් මගිනි අනතුරුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතුවී බිහි කල සිරිසේන - වික්‍රමසිංහ ආන්ඩුවේ හිටපු නීතිය හා සාමය පිලිබඳ ඇමති තිලක් මාරපන පාර්ලිමේන්තුවේදී පසුගිය නොවැම්බර් 5 ප්‍රකාශයට පත් කලේ ඇවන්ට් ගාඩ් සමාගම සම්පූර්නයෙන්ම නීත්‍යානුකූල බවත් ලකුනු දමා ගැනීම සඳහා පොලිසිය විසින් පුම්බන ලද වාර්තාවක් ඉදිරිපත් කලත් රජයේ නීතිපතිට අනුව නඩු පැවරීම සඳහා සුදුසු සාක්ෂි මෙම සමාගමට එරෙහිව නොමැති බවත්ය. අධිකරන ඇමති විජේදාස රාජපක්ෂ ද මීට සමාන අදහස් මාධ්‍යයට පැවසීය. මීට එරෙහිව ආන්ඩුවේ තවත් ප්‍රබල කැබිනට් ඇමති කන්ඩායමක් වන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න හා මෙගාපොලිස් පිලිබඳ ඇමති චම්පික රනවක විසින් සිදුව ඇති දූෂනය දිගටම විභාග කල යුතු බවට අවධාරනය කරනු ලැබූ අතර තිලක් මාරපන හට සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වීමට සිදු විය. ඇමති ධුරයට පත්වීමට පෙර ඔහු ඇවන්ට් ගාඩ් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වීය. තමා කැබිනට් මන්ඩලය තුල සිටීමෙන් පරීක්ෂනයන්ට බාධා විය හැකි යැයි ඇමතිවරුන් සිතන නිසා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වන බව ඔහු මාධ්‍යයට පැවසුව ද ආන්ඩුව තුල පැන නැගී ඇති ආතතිය එමගින් ඉස්මතු විය. ඇවන්ට් ගාඩ් සමාගමේ අයිතිකරුවන් විශාල වශයෙන් මුදල් වීසිකර ඇති බවත් පසුගිය මහ මැතිවරනයේදී වත්මන් ආන්ඩුවේ නොයෙකුත් මැති ඇමතීන්ට විශාල මුදල් කන්දරාවන් වියදම් කර ඇති බවත් දැන් කුප්‍රකට ය. මෙම සමාගම ලංකාවේ පමනක් නොව මාල දිවයින වැනි අවට රට වල ආන්ඩු වල ඇමතීන්ට ද ගෙවීම් කර ඇති බවට ද වාර්තා විය. කුස ගින්න නිවා ගැනීමට කරන සුලු සොරකමක් පවා සිපිරි ගෙහි වසර ගනනක් සිරගත කිරීමට හේතු වන පසුබිමක මෙම ප්‍රකෝටි ගනනක මුදල් කොල්ලයට සම්බන්ධ බවට එලිදරව් වූවන් ඉහත ආන්ඩුව තුල මෙන්ම මෙම ආන්ඩුව තුල ද යහතින් වැජඹෙති. ඇවන්ට් ගාඩ් සමාගමට එරෙහි පරීක්ෂන යට ගැසීමට මෙම කොටස් උත්සාහ ගෙන ඇති බව පෙනේ. ඉල්ලා අස්වීමට පෙර මාරපන පාර්ලිමේන්තුවේදී පැවසූවේ “මාගේ සේවා දායකයා (ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති) මා හට එලිදරව් කල කරුනු මා මෙම සභාවට එලිදරව් කලහොත් මෙහි සිටින බොහෝ දෙනා ලජ්ජාවට පත්වනු ඇති” බවයි. ආන්ඩුව මෙන් ම මාරපන ද හොරුන් එලිදරව් නො කිරීමේ ලැජ්ජාව විඳ දරා ගැනීමට සූදානම් ය. නය කන්දකට යටවී සිටින සිරිසේන - වික්‍රමසිංහ ආන්ඩුව ද මෙම ලාභදායී ව්‍යාපාරයෙන් උපරිම වාසි ගන්නේ කෙසේද යන්න කෙරෙහි අවධානය යොමු කර ඇති බව පැහැදිලිය. 2000 දශකයේ මැද භාගයේ සිට ශ්‍රී ලංකාව හා නැගෙනහිර අප්‍රිකාව අවට විශාල වශයෙන් වානිජ නාවික ගමනාගමනය කෙරෙන ඉන්දියානු සාගර කලාපයේ මුහුදු කොල්ල කෑම් ඉහල යෑම මෙවන් ආරක්ෂක සේවාවන් සඳහා පසුබිම සැපයීය. ජාත්‍යන්තර වානිජ මන්ඩලයේ වානිජ අපරාධ සේවයට අනුව 2014 දී මුහුදු කොල්ල කෑම් හා එවන් උත්සාහයන් 231ක් වාරතා වී ඇති අතර ඉන්දු උප මහාද්වීප සාගර කලාපය, රතු මුහුද හා අප්‍රිකාව අවට මෙවන් ප්‍රහාර පිලිබඳව කුප්රකටය. දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍ය, බහරේන්, කොමරෝස් දූපත්, ඩ්ජිබෞටි වැනි රට වලට අයත් සමාගම් මගින් මෙවන් පාවෙන අවි ගබඩා 20ක පමන සංඛ්‍යාවක් මෙම මුහුදු තීරයේ පවත්වා ගෙන යන බව වාර්තාවේ. එසේ වුවද මෙවන් පාවෙන අවි ගබඩා ජාත්‍යන්තර මුහුදේ පවත්වා ගෙන යාම පිලිබඳව පවතින නීතිමය පසුබිම ජාත්‍යන්තර මුහුදු නීතියට අනුව පැහැදිලි කෙරී නොමැත. මෑතදී මේ පිලිබඳව අධ්‍යයනයක් කල ඔමේගා රිසර්ච් ෆවුන්ඬේෂන් ආයතනය පවසන්නේ මෙවන් “පාවෙන අවි ගබඩා” පිලිබඳ ජාතික හෝ ජාත්‍යන්තර රෙගුලාසි නොමැති බැවින් ඒවා නීති සම්පාදනයන්ට අභියෝගයක් වී ඇති බවයි. මෙහි අර්ථය නම් මේ අන්දමේ ජාවාරමක් සිදු කිරීමට අවශ්‍ය නෛතික රාමුවක් ලංකාව තුල නොතිබුන ද ලංකාවේ නීතිය හෝ ජාත්‍යන්තර නීතිය නොතකා මෙම අතිශය ලාබදායී ව්‍යාපාරය කරගෙන ගොස් ඇති බවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව 2009 සිට 2012 සිට දක්වා මෙම ව්‍යාපාරයේ සෘජුව නියැලී ඇති අතර එසමයේ වසරකට රුපියල් බිලියන 1.2 ක ආදායමක් ලැබූ බව වාර්තා වී තිබේ. අනතුරුව ඇවන්ට් ගාඩ් සමාගමට මෙම සුපිරි ලාභදායී ව්‍යාපාරය ලබා දී ඇත්තේ ටෙන්ඩර් පටිපාටියකින් නොවේ. ඇවන්ට් ගාඩ් සේවකයන්ට අනුව 2012 සිට 2014 දක්වා මෙම සමාගම රුපියල් බිලියන 9කට අධික මුදලක් උපයා ඇත. පාර්ලිමේන්තුව තුල කල කතාවන් ගෙන් පසුව ජනාධිපති සිරිසේන පසුගිය නොවැම්බර් 9 දා ඇවන්ට් ගාඩ් සමාගම පිලිබඳව විශේෂ කැබිනට් මන්ඩල සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මෙම සමාගම සතු ආයුධ ශ්‍රී ලංකා නාවික හමුදාවට අත්පත් කර ගැනීමට තීන්දු කර ඇත. මෙම රැස්වීමේදී තීන්දු කර ඇත්තේ මෙම ව්‍යාපාරය තරඟකාරී පටිපාටියක් මත පදනම්ව ආරක්ෂක සමාගම් කිහිපයකට ලබා දිය යුතු අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පමනක් මුදල් අය කර ඒවාට ආයුධ සපයා දිය යුතු බවයි. මීට අමතරව ඇවන්ට් ගාඩ් සමාගම සතුව තිබෙන MV ඇවන්ට් ගාඩ් නැවේ තිබී නාවික හමුදාව විසින් ලංකාවේ ලියාපදිංචි නොමැති බව පැවසෙන 816 ක් පමන නොයෙකුත් වර්ගයේ රයිෆල් ප්‍රමානයක් ද 202,674ක ජීව උන්ඩ ප්‍රමානයක් ද සොයා ගෙන තිබේ. මුහුන බේරා ගැනීමක් ලෙස මේ පිලිබඳව විශේෂ පරීක්ෂනයක් කිරීමට ජනාධිපති සිරිසේන රහස් පොලීසියට නියෝග කර තිබේ. සුඩානයේ සිට ගාල්ල වරාය දක්වා පැමින ඇති මෙම ඇවන්ට් ගාඩ් නෞකාව එතුල ඇත්තේ ආරක්ෂකයන් (මාෂල්) සතු ගිනි අවි තුනක් පමනක් බවට වරාය බලධාරීන්ට ප්‍රකාශ කර තිබුන ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලය යොදා කල මෙහෙයුමේ දී මෙම විශාල අවි තොගය හමුවී තිබේ. මෙම සෝලිය මැදි කරගෙන මැති ඇමතියන් දූෂන විරෝධීන් ලෙස පෙනී සිටිමින් කරන ප්‍රකාශ ද ජන මාධ්‍ය ඒ අතට මේ අතට පෙරලමින් කරන ප්‍රචාර ද යොදා ගෙන ඇත්තේ ආන්ඩුවත් ධනපති පන්ති පාලනයත් කෙරෙහි කම්කරුවන්, දුගීන් හා තරුනයන් අතර වැඩෙන විරෝධය පීලි පැන්නවීමට හා ජීවිත හා ප්රජාතන්ත්රවාදී අයිතීන් මැඩීමට එල්ල වන ප්‍රහාර ආවරනය කිරීමට යි.[/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="7"][SIZE="5"]දූෂනයෙන් තොර ආන්ඩු හා ධනපති ක්‍රමය පිරිසිදු කර තබා ගැනීම පිලිබඳව විවිධ මාදිලියේ ලිපි ලියන්නන් මහ ජනයා නොමග යවති. සිරිසේන- වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමේ ප්රතිගාමී ඇමරිකානු අධිරාජ්‍ය ගැති ව්‍යාපාරය ආවරනය කර ගැනීමට යහමින් යොදා ගන්නා ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවෙන් පෙන්නුම් කෙරුනු තුච්ඡම ගනයේ දූෂන කි්රයාවන් ය. එම ප්රචාරයේ මූලිකත්වය ගත් ව්‍යාජ වම්මුන්ගේ සංවිධාන හා සමාජ සාධාරනත්වය සඳහා ජාතික ව්‍යාපාරය වැනි කන්ඩායම් දූෂිතයන් නොරකින ලෙසට කන්නලව් කරන්නේ තමන්ගේ ද ධනපති පාලකයන්ගේ ද හෙලුව වසා ගැනීම යි[/SIZE].[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Black"] දූෂනය හා මංකොල්ලය කුනුවන මට්ටමකින් ප්රකාශනයට පත්වීම ධනපති ක්රමයේ වත්මන් පරිවර්තනය හා අර්බුදය සමග බැඳී ඇත. නිෂ්පාදනයට කිසිසේත් ම සම්බන්ධ නැති පරපුටු මූල්‍ය කතිපයාධිකාරයක් වඩවඩා හීන වන ලාභ අනුපාතයෙන් වැඩි කොටස ඩැහැ ගැනීම සඳහා අන්ත කොල්ලකාරී කි‍්‍රයාවල නිරත වී සිටියි. මෙය මහ ඉහලින් ප්‍රදර්ශනය වී ඇත්තේ ඇමරිකාව ඇතුලු මහ ධනපති රටවලය. ධනපති දූෂනය හෙලිදරව් කිරීමට ධනපති උසාවියම යොදා ගත හැකිය යන්න තවත් මිත්‍යාවකි. ධනපති ක්රමයේ උග්රවන අර්බුදය හමුවේ ධනපති නීතිය හා උසාවි ද දූෂනය එලිදරව් කිරීමට නොව පාලක පන්තියේ දූෂන මහා ව්‍යාපාරික අවශ්‍යතා මත ආවරනය කරන අතරේ වැඩ කරන ජනයා මත රුදුරු මර්දනය ගෙන ඒමේ ධනපති රාජ්‍ය උපකරන ලෙස ඉස්මතුවේ. ධනපති රාජ්‍යය මෙහෙයවන ආන්ඩු දූෂනයන් කරන්නේ ධනපති නීතියට හසුවන අයුරින් නොව අවශ්‍ය නීති උපදෙස් මත හා අවශ්‍ය නීති සම්පාදනය කර ගනිමිනි. මෙහිදී කම්කරු පීඩිත ජනයා මතකයට නගා ගත යුත්තේ “නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ” යන පැරනි කියමනයි. ධනේශ්වර පන්ති පාලනයේ කුනුවීම පුද්ගලයන් පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. එහි උල්පත අර්බුද ග්රස්ත ධනපති ක්‍රමයයි. එකම විසඳුම වන්නේ ලාභය සඳහා නොව බහුතර ජනයාගේ අවශ්‍යතා අනුව නිෂ්පාදනය තාක්ෂනිකව සැලසුම් ගත කෙරෙන සමාජවාදය ස්ථාපිත කිරීමයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom