UPFA just became a tuktuk party

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,420
    17,389
    113
    Auckland
    ශ්‍රීලනිපය, එජාපය සන්ධානගත වෙයි – නිදහස් සන්ධානය අහෝසියි :rofl::rofl:


    upfa-unp-2.jpg

    upfa-unp-1.jpg


    මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපිටදී එක්ව ආණ්ඩුවක් පිහිටවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක හා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් මෙම ගිවිසුමට අත්සන් කරනු ලැබීය. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති පාර්ලිමේන්තුවට තේරීපත් වූ මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී සිටියේය. මේ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විශාලම පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වීමත් සමග එක්සත් ජනතා නිදහස් සන්ධානය අහෝසි වේ.



    avatar520020_6.gif
    avatar520020_6.gif
    avatar520020_6.gif
    avatar520020_6.gif
    avatar520020_6.gif
    avatar520020_6.gif
    avatar520020_6.gif



    දැන් ඉතින් ත්‍රීවිල් පක්ශ කාරයෝ ටිකට යන එනමන් නැති වෙයි. විමල් වාසු වගේ දේශපාලන ජැක් කාරයෝ ටික අනාතයි. :lol::lol:
     
    Last edited: