UPS_එකක්_වැඩි කාලයක්_පාවිච්චි_කරන්නෙ_මෙහෙමය

waparc

Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    UPS_එකක්_වැඩි කාලයක්_පාවිච්චි_කරන්නෙ_මෙහෙමය


    UPS+copy.jpg



    ආයුබොවන්, කිව්වා ඔබ සැමටම, අපි අතරෙ ඉන්න ගොඩක් දෙනුකට ලැප් එකක් නැ කියන එක අපි කවුරුත් දන්නා රහසක්, ඒ ඉතං වත්කමක් නැති නිසා, වෙන මුකුත් නිසා නෙවෙයි, දවසක්, මම Mobile Stuff Group එක පැත්තෙ පොඩි රවුමක් ගැහුවා :P එදා මට දකින්න පුළුවන් උනා, Sithum Subhash Jayarathna යහළුවා, ලිපියක් ඉදිරිපත් කරතිබුනා, "laptop battery භාවිතා කරන නිවැරදි ක්‍රමය !" මේක කියෙව්වට මට නම් වැඩක් නැ කියලා හිතුනා, මොකද මටත් ලැප් එකක් නෑ, අයියගෙ එක තමයි පට්ට ගහන්නෙ, :P ඉතිං අපි අතරෙ ඉන්නෙත් මම වගේ දුප්පත් අය තමයි, ඉතිං අද කාලේ Computer එකක් භාවිත කරන්නෙක් ලග UPS එකක් කියන දෙය නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබෙනවා, ඔයාලා කවුරුත් කැමති ඇති, ඔයාලගෙ UPS එක වැඩි කාලයත් පාවිච්චි කරන්න, හ්ම් මම නම් කැමතියි, මොකද ඇත්තම කිව්වොත් මගේ UPS එක අරන් දැන් අවුරුදු 5ක් වෙනවා, වගකීමක් ලැබුනා ඒක අවුරුද්දක කාලයක් සදහා පමණයි, වගකීම අවසන් වෙලා දැනට අවුරුදු 4ක් විතර මම UPS එක පාවිච්චි කරලා තියෙනවා.පම්පෝරි නෙවෙයි, ඇත්ත කිව්වෙ හැ....අපි UPS එක අතුලෙ තියෙන්නෙ Battery එකක් කියලා දැනගත්තට, මෙකෙන් මොකද වෙන්නෙ, තාක්ෂණික පැත්ත ටිකක් නොදන්නවා වෙන්න පුළුවන්, මුලින්ම අපි ඒ ගැන ටිකක් බලමු.





    අපි හැමෝම බාවිත කරන UPS (Uninterrupted Power Supply) යන නමින් හදුන්වයි. මෙය අපි කෙටි කරලා වචන තුනේ මුල් අකුරු ටිකෙන් UPS නම නම සම්මත වචනයක් විදිහට භාවිත කරනවා, දැන් කාගෙන් හරි ඇහුවොත් ඇයි අපි UPS එකක් පාවිච්චි කරන්නෙ කියලා, එහා ගත් කටටම කියයි, කරට් එක ගියපු වෙලාවට පරිගණකය අන්ඩව පවත්වාගන්නට. හ්ම් ඇත්ත, මෙහිදී සුදුවන්නේ, අපි පරිගණකය භාවිත කරමින් සිටින අතර තුර, විදුලි ඇනහිටීම් වෙනවා කියන අය කියන්නත් දෙයක් නෙවෙයි. මේ වගේ වෙලාවකදී අපි UPS එකක් භාවිත නොකලොත් අපේ පරිගණකය පෙර දැනුම් දීමකින් තොරව Off වෙනවා, :P මේ වෙලාවට අපි UPS එකක් භාවිත කලොත් විදුලි ඇනහිටීමකදී අපේ UPS එක විදුලි ප්‍රභවයක් ලෙස ක්‍රියාකරමින් අපගේ පරිගණයේ අපි කරන ක්‍රියාවලිය නොනැසී ඉදිරියටත් පවත්වාගෙන යෑමට උදවු වේවි. ඉතිං අපි මේ භාවිත කරන UPS තාක්ෂණය පැත්තෙන් ගත්තොත්, මේවගෙ වර්ග දෙකක් තියෙනවා, ඒ තමයි




    On Line UPS (Uninterrupted Power Supply)

    393288_204009869681096_100002162545606_467469_1471976498_a.jpg


    Off Line UPS (Uninterrupted Power Supply)

    384495_204010176347732_100002162545606_467476_1699610517_a.jpg


    මෙම UPS වර්ග දෙක ප්‍රධාන වශයෙන් එකි නෙක සමග වෙනස් වන්නේ, මෙහි විදුලි ඇනහිටීමකදී පරිගණකය වෙත විදුලිය ලබාදීමට ගන වන කාලය අනුව, මේවායින් Off Line UPS එකක් අපි භාවිත කරන විට යම් මොහොතක විදුලි අනහිටීමක් සිදු වුවහොත්, Off Line UPS සිට පරිගණකය වෙත විදුලිය ලබා දීමට තත්තරයෙන් 0.1 (Second) ගතවෙනවා, හ්ම්, මෙහෙම උනාම කවුරුහරි අහයි. එතකොට පරිගණකය ක්‍රියා විරහිත වෙනවනෙ කියලා. නැ එහෙම වෙන්නෙ නැ, එහෙම නොනැසී භාවිත කිරීමට අපේ පරිගනකට සම්බන්ධ කරලා තියෙන Power Supply එකෙහි අඩංගු වන ධාරිත්‍රක දෙකහි එවකට අරෝපිත විදුලි ප්‍රමාණයන උපයෝගී කරගනී. ඒ නිසාවෙන් අන්ඩව ක්‍රිරයාවලිය සිදු කරගත හැකියි. ඒ වගේම ඉහත සටහන් කල On Line UPS සතු ප්‍රධාන ගුනාංගය වන්නේ, මෙහිදී UPS එකේ සිට පරිගණකය වෙත විදුලිය ලබාදීමට අමතර කාලයක් ගත නොවීමයි. මෙම UPS වර්ග අපි ගෙදර දොර භාවිත කිරීමට නොගනී, ඒ මෙහි වටිනාකම ඉහලයි, මෙය මහාපරිමාන සමාගම් වල භාවිත කරයි. අපගේ ගෙදර දොර භාවිතය සදහා අපි යොදාගන්නෙ Off Line UPS එකක්ය. මෙය මිලෙන් අඩු බැවිනි.



    ඔබ UPS එකක් භාවිත නොකලොත්, ඔබේ පරිණකයට හානි විය හැකි බවත් ඔබ දන්නවාද? අප රටේ ක්ෂනික විදුලි බිදවැටීම් නරන්තරයෙන් සිදු වෙනවා, එහිදී විදුලිය විසන්දි වූ විගස නැවතත් විදුලිය පැමිනෙන අවස්ථා බහුලයි, මෙවන් අවස්ථාවලදී විදුලි ධාරිථාවය Over Load උවහොත්, එය අපේ පරිගණකයට හානි කරයි. මෙය ප්‍රධාන වශයෙන් බලපාන්නේ පරිගණකයේ Hard Disk එක සහ Motherboard එකට, කනට ගහලා ගියා වගේ තමයි. බොහෝ විට මෙයින් එක් උපාංගයක් භාවිතයෙන් ඉවත් කිරීමට සිදු වෙනවා, මේ අපේ ගෙවල් ලග පාත මලයන්ඩි කෙනෙකුත් දැන් මාස ගානක් තිස්සෙ දුක් විදිනවා UPS එකක් නැතිව Computer එක Use කරලා දැන් එයාගෙ Motherboard එකට සොරි වෙලා, සල්ලි නෑ කියලා ඔය කෑ ගගහා හිටියෙ. :P මෙවන් දෑ ඔබටත් වෙන්න කලින් දැනුවත් කිරීම මා සතුයි. ක්‍රියාත්මක කරගැනීම ඔබ සතුයි.



    UPS එකකින් ප්‍රධාන වශයෙන් ඉටු කරන ක්‍රියාවලි හතරක් තිබෙනවා, ඒ ගැන ඔබ දැනුවත්ද?




    • ප්‍රධාන වශයෙන්ම විදුලි ඇනහිටීමකදී විදුලි ප්‍රභවයක් ලෙස ක්‍රියාකරයි.




    • මේ වගේම වෝල්ටීයතා ස්ථායිකරණයක්ද මෙමගින් සිදු කර දීමට සමත් වේ.





    • සංඛ්‍යාත ස්ථායිකරණයක්ද ලෙසද ක්‍රියා කරයි.




    • විදුලි සැපයුම විසන්ධි වූ විට, අපි නිරතව සිටි ක්‍රියාකරකම් Save කිරීමට හැකි වීම සහ Shut down කරගැනීමට හැකි වීම විශේෂයි.


    දැන් අපි පහලින් කතා කරමු අපගේ UPS එක වැඩි කාලයක් භාවිත කිරීමට නම් අපි අනුගමණය කල යුතුක්‍රියාමාර්ග මොනවද විත්තිය.




    • පලමුවෙන්ම කියන්න ඕනෙ මෙන්න මෙන්න මේ දේ, ඔබ ප්‍රථම වතාවට UPS එකක් මිලදී ගත් විට, එක භාවිතයට කලින් පැය 12ක් පමණ ආරෝපණ ගැන්වීම අනිවාර්ය ක්‍රියාවකි.
    • UPS එකෙහි විදුලි සැපයුම් කේබලයෙහි තිබෙන පේනු තුනම විදුලි සැපයුමට සම්බන්ධ ව අයුරින් සකස් කල යුතුයි. (Live, Neutral, Earth (UPS එකක් බාවිත කරන බොහෝ දෙනා, මෙම Earth අග්‍රය ගැන එතරම් සලකිල්ලක් නොදක්වයි. මේ නිසාවෙන් Monitor එක සහ CPU එකද Earth අග්‍රය සම්බන්ධවී නොමැත. මෙවැනි වෙලාවක, System Unit එක අල්ලන කෙනෙකුට විදුලි සැර වැදීමට පුළුවන, ඒ වගේම පරිගණකයේ RAM සහ CPU එකටද අභ්‍යන්තර වශයෙන් හානි විය හැකියි.
    • පරීගණකය Shut Down කල විගස, UPS එකට ලැබෙන විදුලි සැපයුම නතර නොකරන්න, විදුලි සැපයුම දිගටම ලැබාදෙන්න. එහිදී මෙහි තිබෙන බැටරිය හොදින් ආරෝපනය වනු ඇත.
    • විදුලි විසන්දිවීමකදී ඔබ පරිගණකයේ ක්‍රියාත්මක කර තිබුනොත්, අදාලා ක්‍රියාකරකම් ඉක්මනින් Save කර තබා, පරිගණකය Shut Down කරන්න. ඔබ විදුලිය නොමැති විටත් UPS එකෙන් වැඩි භාවිතක් ලබා ගතහොත්, මෙහි තිබෙන විදුලිය නිතර නිතර ශූන්‍ය තත්වයට පැමිනේ. එහිදී මෙහි තිබෙන බැටරිය කෙටි කලකින් සම්පූර්ණයෙක් අක්‍රීය වීමට පුළුවන.
    • ඔබ සතුව ලේසර් ප්‍රින්ටර් එකක් තිබෙනවානම්, කිසිම විටක එයට UPS එක හරහා විදුලිය ලබා නොදෙන්න (Laser Printer එකක් ක්‍රියාත්මක වීමේදී විශාල විදුලි ප්‍රමාණයක් ලබාගැනීම නිසා UPS එක කෙටි කලක් තුල අඩපන විය හැක.
    • UPS එක මොනිටර් එක ආසන්නයේ නොතබන්න, සෑම වෙලාවටම UPS එක පරිගණකයේ මේසයට පහලින් තබා ගන්න, එහෙත් ජල වැනි දෑ මෙය මත පතිත නොවීමට වග බලාගන්න. ( UPS එක Monitor එක ආසන්නයේ තැබුවහොත්, මෙමගින් ප්‍රේරණය වල චුම්භක ක්ෂේත්‍රයේ බලපෑමික් නිසා පරිගණක තිරයේ දෙදරන ස්වාභාවියක් ඇති විය හැකිය.


    ඉහතින් විස්තර කල කරුණු අනුව ඔබ UPS එක භාවිත කලොත්, ඔබට වැඩි කාලයක් UPS එක බාවිත කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම වැසි වෙලාවට UPS එක On කර නොතබන්න (ඔබේ පරිගනකයත්), ඔබට ඔය කියලා තියෙන කරුණු ටික පැහැදිලි ඇති කියලා විශ්වාස කරමි. ස්තූතියි ලිපිය කියවූ ඔබ සැමට.


    උපුටා ගැනීම - http://pariganakalipi.blogspot.com/2011/12/ups.html

     
    Last edited:

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,340
    3,131
    113
    6°54′N 79°54′E
    • Offline UPS
    offline.gif


    Transfer Time
    :rolleyes:
    The typical transfer time for an Off-line UPS is 4 milliseconds. Thanks to its internal capacitors, the power supply on any PC can support outages of up to 10 milliseconds. Top-of-the-range hardware can support micro-breaks lasting about 100 milliseconds, or in other words 25 times longer than the transfer time of an Off-line UPS.
    • ON line UPS
    line2.gif

     
    • Like
    Reactions: waparc
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    Thanks Machan

    menna magenuth podi trick ekak.
    UPS eke machanzla battery eka uda patthata haralawa thiyaganna puluwan nam oka athule thiyena acid eka eliyata leak wena eka aduwei.
    Ethakota thawa kal use karanna puluwan
    CE-Approved-UPS-Battery-12V7Ah-.jpg
     
    • Like
    Reactions: waparc

    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    mage ups 1n dum dala kela una ban.man seethala welawata eka udin kakul thiyan innawa :rofl:
    eth mage kakul ehema bara na ban :(
    me lagadi dum dala kara ganda awa.dan ups 1k na :(

    anyway niyama post 1k machan :)