Used Car Buying

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    මචන්ලා used vehicle එකක් ගන්නකොට vehicle එකෙ පොත ටමන්ගෙ නමට හරවගන්නෙ කොමද? අය්තිකරුට මුදල් ගෙව්ව කියල ලියවිල්ලක් අත්සන් කරගන්න ඔනද? මම මිට කලින් මෙව කරල නැතිනිසා දන්නෙ නැ වාහනයක් මිලදි ගැනිමෙදි document wise monawada karanna ona kiyala poddak kiyala dennako....?
     

    thiluka

    Junior member
  • Nov 3, 2007
    240
    17
    18
    ;) වාහනයක් ගන්නකොට ඒක Tranfer කරන්ඩ පොතක් තියනවා. මම හිතන්නෙ ඒක ගන්ඩ ඕනා RNB එකන් ;)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වාහනේ ගන්න කොට Transfer Papers අත්සන් කරලා ගන්න.. ඔයාගේ නමට හරවනවනම් ඔයාට පුළුවන් ඔයාගේ විස්තර දාලා RMV එකට දෙන්න.. ඒකට ඔයාගේ Photos එහෙමත් ඕන මම් හිතන්නේ.. ඔයා වාහනේ ආයේ විකුනන්න හිතන් ඉන්නවනම් Transfer Papers අත්සන් කරන්නේ නැතුව තියාගෙන ඉන්න.. එතකොට ඕන වෙලාවක ඩෙන්න පුළුවන්.. ඒකට තමයි Open Papers කියන්නේ..
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    uba kalin ownergen letter ekak ganna oni... eta passe e letter ekai vehicle eke book ekai dila vehicle eka ube name ekata haravaganna oni
     

    maxtec

    Member
    Dec 7, 2008
    68
    13
    0
    43
    මෝටර් වාහන අයිතිය පැවරීම

    මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් රු 25/- මුදලක් ගෙවා අනුමත ආකෘති කට්ටල ලබා ගන්න.

    ආකෘති කට්ටලය එම්ටීඒ 6 සහ එම් ටී ඒ 8 ආකෘති වලින් සමන්විතයි

    එම් ටී ඒ 6 පිටපත් 4 කින් යුක්තය
    එම පිටපත් ඒ, ඒ1, බී, බී1. යනුවෙන් සලකුණු කර ඇත

    එම් ටී ඒ 8 පිටපත් දෙකකින් යුක්තය
    ඒවා සි සහ සි1 යනුවෙන් ලකුණු කර ඇත

    එම පිටපත් සියල්ල නිසි ලෙස සම්පූර්ණ කර

    ඔබ අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පහත විස්තර සඳහන් පිටපත් හා සහතික භාර දෙන්න

    එම් ටි ඒ 6 (බී පිටපත ) හා අයදුම්පත, එම් ටී ඒ 8 (සි පිටපත)
    පැවරුම් ලාභියාගේ 35 x 25 සෙමි ජායාරූප 02ක් ( එක් ජායාරූපයක් ග්‍රාම නිලධාරි සහතික කල යුතුයි)
    පැවරීම සිදු කරන වර්ෂයේ වලංගු ආදායම් බලපත්‍රය
    වාහවයේ ලියාපදිංචි සහතිකයේ (පොත)
    උගසක්/පරම අයිතියක් ඇතිනම් එය අවලංගු කල බවට අදාල ආයතනයේ ලිපියක්

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාර දුන් පසු ඔබට පැවරීමට අදාල මුදල් ගෙවීම සිදු කල හැකියි
     

    maxtec

    Member
    Dec 7, 2008
    68
    13
    0
    43
    හිමිකම් පැවරීම ලියාපදිංචිය

    ලියාපදිංචි හිමිකම් පැවරීමේදීඅනුගමනය කලයුතු ක්‍රියා පටිපාටිය

    • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හෝ සියළුම දිස්ත්‍රික් ලේකම්/දිසාපති කාර්යාල වලින් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් නොමිලයේ ලබාදෙන ආකෘති පත්‍ර කට්ටලය ලබාගන්න.
    • ආකෘති පත්‍ර කට්ටලය එම්.ටී.ඒ. 6 සහ එම්.ටී.ඒ. 8 ආකෘති වලින් සමන්විතය.
    • එම්.ටී.ඒ 6 අකෘති පිටපත් 6කි. එම පිටපත් ඒ, ඒ1, බී, බී1 යනුවෙන් සලකුණු කර ඇත.
    • එම්.ටී.ඒ 8 පිටපත් දෙකකින් යුක්තය. ඒවා සී සහ සී1 යනුවෙන් සලකුණු කර ඇත.
    • වාහනයේ වර්තමාන ලියාපදිංචි අයිතිකරු එම්.ටී.ඒ 6 ආකෘති පත්‍රයේ සියළුම පිටපත් සම්පූර්ණ කරන්න.
    • වර්තමාන අයිතකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 හි ඒ සහ ඒ1 පිටපත් තමා ලඟ තබා ගෙන එම්.ටී.ඒ. 6 හි බී, බී1 සහ එම්.ටී.ඒ. 8 සී, සී1 පිටපත් නව අයිතිකරු වෙත බාරදෙන්න.
    • වර්තමාන ලියාපදිංචි අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරන ලද එම්.ටී.ඒ. 6 ඒ පිටපත ‍මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් වෙත ලේඛනගත තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් බාරදී ඊට අදාල සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබා ගන්න. එම්.ටී.ඒ. 6 ඒ1 පිටපත තමා ළඟ තබාගන්න.
    • නව අයිතිකරු නිසි ලෙස සම්පූර්ණ කරනලද එම්.ටී.ඒ. 6 හි බී පිටපත, එම්.ටී.ඒ. 8 හි සී පිටපත සහ මෙහි පහත සඳහන් වන අනෙකුත් අදාල ලියකියවිලි සමඟ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් අංශය වෙත බාරදී සී.එම්.ටී 52 දරන කුවිතාන්සියක් ලබාගන්න.
    • නව අයිතිකරු එම්.ටී.ඒ 6 හි බී1 පිටපත හා එම්.ටී.ඒ 6 හි සී පිටපත තමා ලඟ තබා ගත යුතුය.
    • සාමාන්‍ය සේවා යටතේ මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීම සඳහා ඉදිරිපත් කලයුතු ලියවිලි කොළඹ 05, නාරාහේන්පිට පිහිටි මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් පැවරුම් (සාමාන්‍ය සේවා) අංශයට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ අදාල ප්‍රදේශිය ලේකම් කාර්යාලයට, රජයේ කාර්යාල විවෘත දින වල පෙ.ව 9.00 සිට 3.00 දක්වා බාරදිය හැකිය.

    ලියාපදිංචි හිමිකම් පැවරීමේ එක් දින සේවාව

    • වාහන ලියාපදිංචි හිමිකම් පැවරීමේදී පහත සඳහන් අවශ්‍යතා සම්පූර්ණ කරන්නේ නම් පමණක් නව අයිතිකරුගේ අවශ්‍යතාවය මත එක් දින සේවාව ලබා ගත හැක.
    • එක් දින සේවාව ලබා ගත හැක්කේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පමණකි.
    එක් දින සේවාව ලබාගැනීමේදී;

    • නව අයිතිකරු (පැවරුම් ලාභියා) විසින්ම අයදුම්පත සහ අදාල ලියකියවිලි පෙ.ව 9.00 ත් මධ්‍යහ්න 12 ත් අතර කාලයේදී වාහන පන්තියට අදාල පැවරුම් අංශයේ එක් දින සේවා කවුළුවට බාරදිය යුතුය.
    • යම් අවස්ථාවක දී එක් දින සේවාව ලබාගෙන ඇතිවිට නැවත එක් දින සේවාව යටතේ පැවරුමක් ලියාපදිංචි කිරීම සඳහා අවම වශයෙන් මාස 6 ක් පසුවිය යුතුය.
    • ලියාපදිංචි සහතිකයේ තත්වය මුල් පිටපත (Original CR) විය යුතුය.
    • එකම පවුලේ ලඟම ඥාතීන් අතර ලියාපදිංචි හිමිකම් පැවරීම එක් දිනකින් සිදුකිරීමට පවරන්නා (වර්තමාන ලියාපදිංචි අයිතිකරු) සහ පැවරුම්ලාභියා (නව අයිතිකරු) යන දෙදෙනාම පුද්ගලිකව පැමිණිය යුතුය.
    • විහාර දේවාල සතු දේපලක් නම් පැවරිමේ විරෝධයක් නොමැති බව සඳහන් බෞද්ධ කටයුතු කොමසාරිස් නිකුත් කල ලිපිය ඉදිරිපත් කරන්න.
    • රාජ්‍ය හෝ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සතු වාහන එක්දින සේවා පහසුකම් යටතේ තනි පුද්ගලයන්ට හිමිකම් මාරු කරනු නොලැබේ.
    • නැසීගිය අයිතිකරුවකුගෙන් වාහනයක් පැවරීම, ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය, ද්විත්ව පැවරුමක් එනම් වර්තමාන ලියාපදිංචි අයිතිකරුගෙන් පසු පැවරුම් ලාභීන් දෙදෙනෙක් ඇතිවිට, ලියාපදිංචි සහතිකයේ හෝ අංක තහඩුවල අනු පිටපතක් ලබා ගැනීම යන අවස්ථාවන් නොවිය යුතුය.
    • ලියාපදිංචි සහතික එදිනම ප.ව 2.00න් පසු පැවරුම්ලාභියා වෙත පමණක් නිකුත් කරනු ලැබේ.


    එක් දින සේවාව යටතේ ඉටු කරනු ලබන්නේ මෙම සේවාවන් පමණි

    • වර්තමාන ලියාපදිංචි අයිතිකරුගෙන් නව අයිතිකරුට හිමිකම් පැවරුම ලියාපදිංචි කිරීම
    • ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය ලියාපදිංචි කිරීම
    • ලියාපදිංචි සහතිකයේ පරම අයිතිය ඉවත් කිරීම
    මෝටර් වාහනයක ලියාපදිංචි හිමිකම් පැවරීමේදි අවශ්‍ය ලියවිලි මොනවාද?

    • එම්.ටී.ඒ. 6 බී ආකෘතිය (පැවරුම් නිවේදනය)
    • එම්.ටී.ඒ. 8 සී ආකෘතිය (අයදුම්පත)
    පැවරුම්කරු හෝ නව අයිතිකරු සී/ස සමාගමක් නම් එහි ආකෘති පත්‍ර වල තෙරපුම් මුද්‍රාව සහිතව අත්සන් කළ යුතුය. තෙරපුම් මුද්‍රාව නොමැති නම් ඒ බවට ආයතනයේ ලිපි ශීර්ෂයක ලියු ලිපියක් සහ සමාගම් ලියාපදිංචි කිරීමේ සහතිකයේ ඡායා පිටපතක් ඉදිරිපත් කළ යුතුය. පැවරුම්කරු හවුල් ව්‍යාපාරයක් නම් අනෙකුත් හවුල් කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශකරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

    • අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි, සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය.
      සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය.)
    • පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    • පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය සහ එහි ඡායා පිටපතක්
    • අ. වාහනයේ ලියාපදිංචි සහතිකය
    ආ. වාහනයේ හැඳුනුම්පත (නව ඉංශ්‍රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා 2010.05.03 දක්වා නිකුත් කරන ලදී)

    • උගසක්, පරම අයිතියක් හෝ බද්දක් ලියාපදිංචි වී ඇත්නම් එය අවලංගු කළ ලිපිය
    • සුඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට්පත් වල මුල්පිටපත් සහ ඒවායේ ඡායා පිටපත්
    • පැවරුම්ලාභියා කාන්තාවක් වන විට විවාහයෙන් පසු වෙනස් කළ නමක් සදහන් කරන්නේනම් විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපතක් අවශ්‍යවේ.
    වර්තමාන ලියාපදිංචි අයිතිකරු මියගොස් ඇතිවිට ලියාපදිංචි හිමිකම් පවරා ගැනීම

    වර්තමාන අයිතිකරු මියගොස් ඇතිවිට හිමිකම මාරුකිරීම සඳහා පහත සඳහන් ලියවිලි කොළඔ 05 නාරහේන්පිට පිහිටි ‍මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඇති වාහන පන්තියට අදාල ලියාපදිංචි හිමිකම් ( සාමන්‍ය සේවා) පැවරීම් අංශය‍ට රජයේ කාර්යාලය විවෘත දිනවලදී පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා භාරදිය හැකිය. ලියවිලි භාරගත් බවට කුවිතාන්සියක් (සී.එම්.ටී 52) නිතුත් කරනු ඇත.
    අවශ්‍ය ලියකියවිලි

    • එම්.ටී.ඒ. 5
    • එම්.ටී.ඒ. 7
    • වාහනයේ ලියාපදිංචි සහතිකය
    වාහනයේ හැඳුම්පත (නව ඉංශ්‍රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා 2010.05.03 දක්වා නිකුත් කරන ලදී)

    • අයදුම් කරන දිනට මාස 6 ක් තුළ ලබාගත් අඟල් 2.0 x 2.5 ප්‍රමාණයේ පැවරුම්ලාභියාගේ වර්ණ හෝ කළු සුදු උඩුකය ඡායාරුප දෙකක් (අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි, සාමදාන විනිශ්චයකාරවරයකු හෝ රජයේ මාණ්ඩලික සේවයේ නිලධාරියෙකු විසින් එක් ඡායාරූපයක පසුපිටුවේ සහතික කළ යුතුය. සාමාදාන විනිශ්චයකාරවරයාගේ ලියාපදිංචි අංකය මුද්‍රාවෙහි සටහන්ව තිබිය යුතුය.)
    • පැවරුම්ලාභියාගේ ජාතික හැඳුනුම්පත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    • පැවරුම් දිනට අදාළ වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    • මරණ සහතිකයේ මුල් පිටපත එහි ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
    • වර්තමාන අයිති කරු විවාහක නම් ‍ඔහු‍ගේ විවාහ සහතිකය අවිවාහක නම් ඒ බව ග්‍රාම නිලධාරි විසින් සනාථ කරනු ලැබ ප්‍රදේශිය ලේකම් විසින් අනු අත්සන් කළ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
    • පවුලේ අනිකුත් සමාජිකයන් විසින් පැවරීමට කැමැත්ත පළ කරන බව ප්‍රකාශ කරන ලිපිය (ග්‍රාම නිලධාරි විසින් සනාථ කර අදාළ ප්‍රදේශිය ලේකම් කාර්යාලයෙන් අනු අත්සන් ලබා ගත යුතුය)
    • බූදල් නඩුවකින් බෙදා වෙන්කරන ලද නම් එයට අදාල බූදල් නඩු තීන්දුවේ සහතික කළ පිටපතක්
    • බූදල් නඩු නොමැති බව සඳහන් කර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි විසින් නිකුත් කර ප්‍රදේශිය ලේකම් විසින් සහතික කල ලිපිය.
    සැ.යු එක්දින සේවා පහසුකම් යටතේ පැවරීම් කරනු නොලැබෙන අතර ගාස්තුව සාමාන්‍ය පැවරුම් ගාස්තුව අනුව අය කරනු ලැබේ.

    උපුටා ගැනීම
    මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වෙබ් අඩවිය
    http://www.motortraffic.gov.lk