Valiant Hearts: The Great War

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
අද මං උබලට කියන්න යන්නේ 2014.06.24 ආපු ගේම් එකක් ගැන. මේකෙ නම තමයි Valiant Hearts: The Great War.

4jwzyw.jpg


මුලින්ම කියන්න ඕනේ මේක තමයි මං ප්ලේකරල තියෙන ගේම් වලින් අමතක නොවෙන සහ පට්ටම ඇඩෙන ගේම් එක. ඒ හින්ද උබලටත් මං මේක බය නැතුව කියනවා ප්ලේ කරනවනම් මෙන්න ගේම්. මේක යුබිසොෆ්ට්ලගෙ ප්‍රොඩක්ට් එකක් (බයවෙන්න දෙයක් නෑ එහෙනම්)

70xoy8.jpg


16gzfyc.jpg


2ly27ao.jpg


14mbe6x.jpg



කතාව තියෙන්නේ පලමුවන ලෝක යුද්දේ අතරෙ වෙන සිද්දියක්. කතාවෙ ප්‍රධාන චරිත 4ක් ඉන්නවා. එමීල් සහ ඔහුගේ මුණුබුරා කාර්ල්,ඇමරිකන් සෙබලෙක් වන ෆ්‍රෙඩී සහ බෙල්ජියන් හෙදිය ඇනා තව බල්ලෙකුත් ඉන්නවා.

3010w8w.jpg


ගේම පටන් ගනිද්දිම මේ කට්ටිය ඉන්නෙ වෙන්වෙන්ව. කතාව ගෙතෙන්නේ මේ ඔක්කොම කට්ටිය එකිනෙකා මුනගැහෙනකම්.(හැබැයි ඉතින් ඒක වෙන්නෙ නම් අහම්බෙන්.) 1වෙනි ලෝක යුද්ද කාලෙ තිබුන අවි ආයුද තමයි වැඩිපුරම තියෙන්නේ රශියන් ග්‍රෙනේඩ් වගේ. ගේම් එක ප්ලේ කරන්න අමාරු නෑ හැබැයි ගොඩක් තැන්වල තියෙන්නේ මොලෙන් ගේම ගහන්න. සමහරවිට මොකක් හරි දෙයක් අමතකවෙලා කරන්න බැරි උනොත් ආපහු ගිහිල්ලා කරන්න පුලුවන්(ඒ කියන්නේ අලුතෙන් මිශන් එක පටන් අරන් නෙමෙයි එහාට මෙහාට ගිහින්) අපිට මිශන් එකෙන් මිශන් එකට චරිත මාරු වෙවී වගේ තමයි ප්ලේ කරන්න දෙන්නේ ඒ කියන්නේ ඔක්කොම කට්ටිය එකතු කරන වැඩේ රදාපවතින්නේ අපි ගන්න තීරන මත තමයි. මේ ගේම් එක Game Awards සම්මාන උලෙලේ 2014 වසරේ හොදම වෙනස් මානයන්ගෙන් යුත් ක්‍රීඩවට හිමි සම්මානයත් 42වන Annie Awards සම්මාන උලෙලේ හොඳම සජීවීකරණය වීඩියෝ ක්රිඩා සම්මානයත් දිනාගෙන තියෙනවා.

315zpfc.jpg


දැන් තමයි හොදම ටික. මේ ගේම් එක පුරාවටම තියෙන සංගීතය පට්ටම ගති. ඇත්තම කියනවනම් මම ඇල්බම් එකම ඩවුන් කරගත්තා. අනික තමයි මේ ගේම් එක ප්ලේ කරන අයගෙන් 90%ක් ගේම් එක ඉවරවෙනකොට අඩනවලු. සිරා තමයි බන් ගේම් එක ගහල අන්තිම සීන් එකේදි මට පට්ටට ඇඩුනා යකෝ. :(:(:(:(:yes::yes::yes::yes::yes: උබලත් පුලුවන්නම් හොයාගෙන සෙල්ලම් කරල බලපන් ඒ තරම් වටින ගේම් එකක්. xබොක්ස් & ඇන්ඩ්‍රොයිඩ් වලටත් මේක් රිලීස් කරලලු. ගේම ප්ලේ කරපු අය ඉන්නවනම් අදහස් දාන්න. නැත්නම් බම්පියක්වත් දාගෙන යන්න..
ගේම් එකේ එමීල් අන්තිමට කියන දේ පට්ටට හිතට වදිනව බන්.:eek::eek:
WAR MAKES MEN MAD :yes::yes:





 
Last edited: