vehicle registration

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ජූලි මාසයේ දී වාහන ලියාපදිංචිය පහළට

    මෙරට වාහන ලියාපදිංචිය පසුගිය ජූලි මාසයේ දී සෑම කාණ්ඩයකින්ම පාහේ පහළ ගොස් තිබෙන බව වාර්තා වේ. JB Securities විසින් කරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත.

    මේ අනුව 2016 ජූලි මාසය තුළ ලියාපදිංචි කර ඇති නව මෝටර් රථ වාහන ඒකක ගණන 2,489 ක් වන අතර ඊට පෙර මාසයේ දී එය ඒකක 3,026 ක් ලෙසින් සටහන්ව ඇත. පසුගිය මාස 12 ක කාලය සලකා බලන කල 2015 සැප්තැම්බර් මාසයේ දී වාහන ඒකක 14,544 ක් ලියාපදිංචි කර තිබෙන අතර එය මෙම කාලවකවානුව තුළ එක් මසක් තුළ ලියාපදිංචි කර ඇති වැඩිම වාහන සංඛ්‍යාව ලෙසින් ද වාර්තා වේ.

    2016 ජූනි මාසය තුළ ලියාපදිංචි කර තිබෙන සුසුකි මරුටි වාහන සංඛ්‍යාව 633 ක් ලෙසින් සටහන් වන අතර ජූලි මාසයේ දී එහි සුළු වර්ධනයක් පෙන්වමින් ඒකක 663 ක් ලියාපදිංචි වී ඇත. මෙහිදී Alto 474 ක් සහ Celerio 178 ක් ලියාපදිංචි කර ඇත. තවද ජූලි මාසය තුළ දී Micro රථ 169 ක්, Hyundai Eon 88 ක් සහ Renault Kwid 72 ක් ලියාපදිංචි කර තිබේ.

    1,000 cc එංජින් ධාරිතාවට අඩු කාණ්ඩයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා ලෙසින් සුසුකි මරුටි මේ දක්වා වැජඹෙන අතර ඊට ක්‍රමයෙන් අභියෝග කරමින් Hyundai Eon සහ Renault Kwid සහ Micro මෝටර් රථ ලියාපදිංචිය ද වර්ධනය වෙමින් පවතී.

    ටොයෝටා වාහන ලියාපදිංචිය අඩුවෙන්ම වාර්තා වූ මාසය ලෙසින් පසුගිය ජූලි මාසය වාර්තා වන අතර එහිදී අලුතින් ලියාපදිංචි කර ඇත්තේ ටොයෝටා වාහන 423 ක් පමණි. ඒ අතර Axio 175 ක් සහ Aqua 173 ක් වන බව සඳහන් වේ. මේ අතර Wagon R 403 ක් ඇතුළුව Suzuki වාහන 431 ක්, Grace 78 ක් සහ Fit 67 ක් ඇතුළුව හොන්ඩා වාහන 210 ක් 2016 ජූලි මාසය තුළ ලියාපදිංචි කර තිබේ.

    කෙසේවෙතත් ජූලි මාසය තුළ දී අලුතින් ලියාපදිංචි කර තිබෙන සුඛෝපභෝගී වාහන ප්‍රමාණය 64 සිට 87 දක්වා වර්ධනය වී ඇත. මෙහිදී C-class 7, E-class 28 හා S-class 1 ක් සමඟින් මර්සඩීස් බෙන්ස් රථ 36 ක්, 5-series 14 ක් ඇතුළුව BMW 15 ක් හා A6 – 10 ක් සමඟින් Audi 14 ක් ලියාපදිංචි කර තිබේ.

    ජූලි මාසය තුළ දී ලියාපදිංචි කරන ලද ඉලෙක්ට්‍රික් මෝටර් රථ ගණන 64 ක් වන අතර ජූනි මාසයේ දී එම ප්‍රමාණය 71 ක් ලෙසින් වාර්තා වේ. මේ අතර නිසාන් ලීෆ් රථ 59 ක් වේ.

    පසුගිය ජූලි මාසය තුළ ලියාපදිංචි කර තිබෙන SUV රථ ගණන 414 කි. මෙය පූර්ව මාසයේ අගය වූ ඒකක 631 ට වඩා පහළ අගයයක් ලෙසින් වා ර්තා වේ. මෙලෙස ලියාපදිංචි කර තිබෙන SUV රථ අතර Prado 32 ක් ඇතුළු ටොයෝටා වාහන 52 ක්, Vezal 96 ක් ඇතුළු Honda වාහන 100ක්, X-trail hybrid 76 ක් සමගින් Nissan වාහන 82 ක් සහ දේශීයව එකලස් කරනු ලබන DFSK Glory 330 රථ 62 ක් අන්තර්ගත වේ.

    මෝටර් කාර් රථ කාණ්ඩයට ගැනෙන හයිබ්‍රිඩ් රථ ලියාපදිංචිය 1,695 සිට 1,275 දක්වා අඩු වී තිබේ. මෙහිදී Aqua 173, Axio 172 හා Prius 47 ක් ලෙසින් ටොයෝටා රථ 397 ක්, Suzuki Wagon R 403 ක් සහ Honda කාර් රථ 207 ක් ලෙසින් ජූලි මාසය තුළ ලියාපදිංචි කර ඇත.

    ජූලි මාසය තුළ ලියාපදිංචි කර ඇති ත්‍රීරෝද රථ සංඛ්‍යාව 6,995 සිට 3,678 දක්වා පහළ ගොස් තිබෙන අතර මෝටර් බයිසිකල් ප්‍රමාණය ද 29,264 සිට 24,994 දක්වා පහළ ගොස් තිබේ.


    http://biz.adaderana.lk/%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B7%93-%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF/
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ අනුව 2016 ජූලි මාසය තුළ ලියාපදිංචි කර ඇති නව මෝටර් රථ වාහන ඒකක ගණන 2,489 ක්

    ත්‍රී වීල් & මෝටර් බයිසිකල්තුත් මේ කැටගරි එකට අයිතියි නේද බං?


    ජූලි මාසය තුළ ලියාපදිංචි කර ඇති ත්‍රීරෝද රථ සංඛ්‍යාව 6,995 සිට 3,678 දක්වා පහළ ගොස් තිබෙන අතර මෝටර් බයිසිකල් ප්‍රමාණය ද 29,264 සිට 24,994 දක්වා පහළ ගොස් තිබේ.

    එහෙනම් මේ කියල තියෙන එකේ තේරුම මොකක්ද? උඩින් කියල තියෙනවා 2,489 ක් ලු යටින් කියල තියෙනවා ත්‍රී වීල් වතරක් 3,678ක් ලු, තේරෙන එකෙක් තේරුම් කරල දීපං...
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ අනුව 2016 ජූලි මාසය තුළ ලියාපදිංචි කර ඇති නව මෝටර් රථ වාහන ඒකක ගණන 2,489 ක්

    ත්‍රී වීල් & මෝටර් බයිසිකල්තුත් මේ කැටගරි එකට අයිතියි නේද බං?


    ජූලි මාසය තුළ ලියාපදිංචි කර ඇති ත්‍රීරෝද රථ සංඛ්‍යාව 6,995 සිට 3,678 දක්වා පහළ ගොස් තිබෙන අතර මෝටර් බයිසිකල් ප්‍රමාණය ද 29,264 සිට 24,994 දක්වා පහළ ගොස් තිබේ.

    එහෙනම් මේ කියල තියෙන එකේ තේරුම මොකක්ද? උඩින් කියල තියෙනවා 2,489 ක් ලු යටින් කියල තියෙනවා ත්‍රී වීල් වතරක් 3,678ක් ලු, තේරෙන එකෙක් තේරුම් කරල දීපං...

    e deka e category ekata watenne naha neda
     
    Last edited: