Vehicle Tax 2019 - සුඛෝපභෝගී බද්දක්

Feb 28, 2019
23
3
0
Vehicle Tax 2019 - සුඛෝපභෝගී බද්දක්

වැඩිවූ බදු මුදලට අමතරව තවත් සුඛෝපභෝගී බද්දක් - සිතුවාටත් වඩා වාහන මිල ඉහළටම යන්නේ මෙහෙමයි.

අයවැයේදී කුඩා මෝටර්රථවලට වැඩි වූ බදු මුදල්වලට අමතරව සුඛෝපභෝගී බද්දක් ද පනවා ඇති බව වාහන ආනයනකරුවෝ පවසති.

වාහනයේ නිෂ්පාදන මිල (පිරිවැය, ප්‍රවාහන හා නාවික ගාස්තු) රු.මිලියන 3.5 ට වඩා වැඩි සියලු වාහන සඳහා මෙම බද්ද පනවා ඇති බවත්, එය ආනයන බද්දක්ද වන බැවින් ඒ හරහා වාහන මිල නොසිතූ ලෙස ඉහළ යා හැකි බවත් ඔවුන් සඳහන් කරයි.

ඊයේ (7දා) පැවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි.

එන්ජින් ධාරිතාව 1800cc වැඩි වාහන සඳහා මීට පෙර සුඛෝපභෝගී බද්දක් පනවා තිබුණත්, වාහන ආනයනයේදී සුඛෝපභෝගී බද්දක් පැනවූ ප්‍රථම අවස්ථාව 2019 අයවැයේදී සිදුව ඇති බව මෙහිදී අණවාරණය විය.

සුඛෝපභෝගී බද්ද මෙවර අයවැය ඉදිරිපත් කිරීමේ දී ප්‍රකාශ නොකළ අතර මෙම රේගු බදු වැඩිවීමද සමග සුඛෝපභෝගී බද්දට යටත් වන මෝටර් රථවල මුළු බදු මුදල් වැඩිවීම වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. ජනප්‍රිය සන්නාම කිහිපයක් සමග මෙම ප්‍රමාණයන් ගෙනහැර දැක්වීමේදී, හොන්ඩා සිවික් රථයක මුළු බදු වැඩිවීම රු.14,50,000ක්ද, Honda CRV රථයක රු.29,75,000ක්ද, Audi Q2 සහ Audi A3 රථවල රු.27,50,000ක්ද, බෙන්ස් CLA 180 සහ බෙන්ස් GLA රථවල රු.39,00,000ක්ද, බෙන්ස් C200 රථයක රු.46,75,000ක්ද, BMW 318i රථයක රු.41,75,000ක්ද, BMW X1 රථයක රු.46,75,000ක්ද සහ රේන්ජ්රෝවර් රථයක රු.18,900,000ක්ද ලෙස සඳහන් විය.

මීට අමතරව, ජනතාව අතර වඩාත් ජනප්‍රිය Toyota premio, Toyota Axio, Honda vezel, Toyota CHR,Honda grace ආදී රථවලටද අයවැයේ දී වැඩිවූ රේගු බදුවලට අමතරව, රු.400,000ත් - රු.500,000ත් අතර සුඛෝපභෝගී බද්දක්ද එකතු විය හැකි බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

එමෙන්ම, ඉලෙක්ට්‍රික් වාහන මත බදු අඩුවීමක් සිදුවන බව පැවසුණද, අලුත්ම නිසාන් ලීෆ් රථයද මෙම සුඛෝපභෝගී බද්ද ඇතුළත් විය හැකි බැවින්, එවැනි රථයක මිලද රු.ලක්ෂ 20කින් පමණ ඉහළ යා හැකි බව සඳහන් විය. මීට අමතරව, තීරු බදු රහිත බලපත්‍රලාභීන්ටද සුඛෝපභෝගී බදු ඇතුළත් විය හැකි බවද වැඩිදුරටත් අනාවරණය විය.

මෙවර අයවැයේදී පෙට්‍රල් සහ හයිබ්‍රිඩ් වාහන සඳහා රේගු බදු වැඩි විම ජනප්‍රිය මෝටර් රථ සන්නාම කිහිපයක් අනුව ගත් විට Suzuki alto, ඩයිහට්සු මිරා සහ සුසුකි ජෙමිනි ආදී රථ රු.150,000කින්ද, සුසුකි සෙලෙරියෝ, Toyota vitz, Suzuki swiftt, Honda civic, Audi A1, සුසුකි ග්‍රෑන්ඩ් විටාරා ආදී රථ රු.250,000කින්ද, Toyota axio hybrid සහ Honda vezel ආදී රථ රු.525,000කින්ද, Toyota CHR රථය රු.540,000කින්ද, Toyota premio, Toyota allion සහ Honda CRV ආදී රථ රු.675,000කින් රේගු බදු වැඩිවීමක් සිදුව ඇති බව මෙම මාධ්‍ය හමුවේදී සඳහන් විය.


http://nethgossip.lk/article/33394
 

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මේ ප*යල මොනාද මෙච්චර සල්ලි මිනිස්සුන්ගෙන් අරන් කරන්නේ?
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    වාහන ගන්න එපා කියලා නේ කියන්නේ.
    උඹලා අවුරුදු ගානක් හම්බ කරපුවා දාල තව අවුරුදු ගානකට බෙල්ල ලඟට එරිලා ෆිනෑන්ස් කාරයන්ට ණය වෙලා ඔය රුපියල් ලක්ෂ 5ක් වත් වටින්නේ නැති කුණු ගොඩවල් ලක්ෂ 30 40 ට 50 ගන්නේ ඇයි?
    දේශපාලු පරයින්ට ආතල් ගන්න?
    කරන්න දෙයක් නෑ ඉතින් ලංකාවේ ඉපදුනා නේ? රැවුලයි කැඳයි දෙකම බේරන්න බෑ නේ!
    ඒ සල්ලි දාලා වෙන බිස්නස් එකක් කරපං.
    නැත්තන් බිස්නස් එකකට කරන ආයෝජනයක් විදිහට එක්කෝ වාහන ගනින්.
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    f5GoqBN.jpg


    ගාන බලහල්ලා! :angry:
     

    Similar threads