Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Very rare pictures of Ruwanweli seya pinkama...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුවන්වැලිසෑය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

ශ්‍රී ලංකාවේ පිහිටි ස්ථූපයක් වන රුවන්වැලි සෑය එහි ඇති වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි. මෙම ස්ථූපය සොළොස්මස්ථාන(පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.උසින් අඩි 300ක් (මීටර් 92) සහ අඩි 950ක (මීටර් 292) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.

ස්වර්ණමාලි මහා සෑයේ ඉතිහාස කථාව

මේ මහා භද්‍ර කල්පයේ සතර වැනි සම්මා සම්බුදු රජුන් ලෙස පහළ වූ අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝ සතුන් සසර කතරින් එතෙර කරවමින් දහම් අමා වැසි වස්සවමින් වැඩ සිට බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කොට පිරිනිවන් පා වදාළ කල්හි ඒ බුදුරජාණන් වහන්සේ ගේ පිවිතුරු ළය මඩලෙන් උපන් ක්ෂීණාශ්රව මහ රහතන් වහන්සේලා විසින් ශිෂ්‍යනුශිෂ්‍ය පරම්පරාව මගින් උතුම් ශාසන දායාදය වන චතුරාර්ය සත්‍යය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය අඛණ්ඩව, අවිච්ඡින්නව, පාරිශුද්ධව පවත්වාගෙන එන ලද්දේ ය.

එමෙන්ම බුදු සසුනට ඇතුළු වන්නා වූ ඇතැම් පුද්ගලයන් විසින් කරනු ලබන දුර්මතයන්ගෙන් කලින් කලට ඇති වන්නා වූ ශාසනික අර්බුදයන් සමනය කරමින් ශාසනභාරධාරී මහ රහතන් වහන්සේලා ධර්ම සංගායනා මගින් උතුම් ධර්ම විනය යළි යළිත් ස්ථාපිත කරන ලද්දේ ය. ඒ ආකාරයෙන් දඹදිව් තලයේ ගෞතම බුද්ධ ශාසනය මහත් ආනුභාව සම්පන්නව බැබලෙමින් පවතින කල්හි යලිත් එයට අනතුර පහළ වූ විට ධර්මාශෝක අධිරාජයා ගේ සහයෙන් මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විසින් තුන් වන ධර්ම සංගායනාවන් යලිත් ස්ථාපිත කරන ලද ගෞතම බුදු සසුන සකල ලෝකය තුල පතුරුවා හැරිමේ පරම පිවිතුරු හැගීමෙන් යුතුව නා නා දේශයන් වෙත රහතන් වහන්සේලා පිටත් කොට යවන ලද්දාහු ය.

එහිදී අප ගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ නිකෙලෙස් ළය මඩලෙහි උපන් බුදු පුතනුවන් වහන්සේ නමක් වූ හැම කල්හී පිවිතරු සිත් ඇති මහා පින්වන්ත වූ මිහිඳු මහ රහතන් වහන්සේව ඉත්ථීය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ යන සඟ පිරිස ද කැටුව භණ්ඩුක උපාසක සමග මෙම ලංකාවට එවා වදාරණ ලද්දේ ය. එසේ වැඩමවා වදාළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසින් පිහිටුවා වදාරන ලද ගෞතම බුද්ධ ශාසනයේ ආලෝකයෙන් අපගේ මාතෘ භූමිය වූ ශ්‍රී ලංකාද්වීපය සදහම් එළියෙන් ආලෝකමත් වූයේය.

එසේ උතුම් බුදු සසුන රක්ෂිතව ගෝපිතව සිරිලක් ධරණි තලයට ශාන්තිය උදා කරමින් පවතින කල්හි පරදේශ ආක්‍රමණයන්ගෙන් සහ මිසදුටු බලවේගයන්ගෙන් ඇති වූ ශාසන පරිහානිකර අර්බුදයන් බලවත්ව පැමිණි යුගයක “මාගේ මේ ව්‍යායාමය රජ සැප විඳිම පිණිස නොව ගෞතම බුදු සසුනේ චිරස්තිථීය පිණිස ම වන්නේ ය. කියා ලක්දිව එක්සත් කොට රජ පැමිණි දුටුගැමුණු මහා නරේන්ද්‍රයන් හට රජමාලිගයෙහි රන් කරඩුවක තැන්පත් කොට තිබුණු රන් පතෙක ලියා ඇති එක්තරා වාක්‍යයක් කියවන්නට ලැබුනේය.

එය වනාහි දෙවන පෑතිස් රජතුමා හට මිහිඳු මහ රහතන් වහන්සේ විසින් වදාරණ ලද අනාගත වාක්‍යයකි. එනම් පින්වත් මහරජාණෙනි, තොප ගේ මුණුපුරෙක් වන පින්වත් කුමරෙක් දුට්ඨගාමිණී අභය නමින් අනාගතයෙහි ලංකේශ්වර වන්නේ ය. ඒ මහා ප්‍රාඥ වූ නරපතිතෙමේ සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කොට එක්සිය විසිරියනක් උස් වූ මනෝරම්‍ය වූ ස්වර්ණමාලී නම් මහා ස්ථූපයක් කරවන්නේ ය. එමෙන්ම ශාසන මාමක වූ ඒ මුණුබුරාණෝ නොයෙක් මාණික්‍යයන්ගෙන් විභූෂිත වූ තව්තිසාවෙහි සුධර්මා නම් වූ දිව්‍ය සභාව පරදවා නව මහලින් සුසැදි ලෝවාමහාප්රාසාදය නම් වූ උපෝසථාගාරයක් ද කරවන්නාහු ය. මෙම අනාගත වාක්‍යය කියවූ දුට්ඨගාමිණී අභය නරපතිතුමා තෙරුවන් කෙරෙහි උපන් බලවත් ශ්‍රද්ධාවෙන් යුතුව ප්‍රීතියෙන් උද්දාමව අත්පොලසන් දුන්නේ ය.

ඉක්බිති මහමෙව්නා උයනට රහතුන් වහන්සේලා ප්‍රධාන භික්ෂු සංඝයා රැස් කරවා ’පින්වත් ස්වාමීන් වහන්ස, නුඹ වහන්සේලා ගේ පොහොය කර්මය උදෙසා දිව්‍ය විමානයක් බඳු වූ ප්‍රාසාදයක් කරවන්නට මම කැමැත්තෙමි. එම නිසා එක්කෙනෙකුන් වහන්සේ දිව්‍ය විමානයකට පිටත් කොට යවා ඒ ආකාර වූ සිතියමක් මට ගෙන්වා දෙන සේක්වා.

එකල්හී භික්ෂු සංඝයා විසින් රහතන් වහන්සේලා අට නමක් දෙව්ලොවට පිටත් කොට යවන ලද්දාහු ය. එහිදී භරණි නම් දෙව් දුව ගේ දිව්‍ය විමානය ඒ රහතන් වහන්සේලා හට දැක ගන්නට ලැබුණේ ය. එහි අතීත කතාව කෙසේද යත්, මේ මහා භද්‍ර කල්පයෙහි තුන්වැනිව පහළ වී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ අශෝක නම් බ්‍රාහ්මණ පින්වතෙක් නිබඳව සංඝයා උදෙසා දන්පැන් පුදන්නේ එය මනාකොට කරනු පිණිස භරණී නම් දාසිය හට පවරන ලද්දේ ය. එකල්හී ඕතොමෝ ජීවිතාන්තය දක්වා සඟ බත් මැනැවින් පුදන්නී, මරණින් මතු නිදා පිබිදියාක් මෙන් ඉතා චිත්තාකර්ශණීය වූ දිව්‍ය විමානයක උපන්නී ය.

එකී දිව්‍ය විමානයෙහි උපන් භරණී දෙව් දුව සැම කල්හී දහසක් දෙවඟනන් පිරිවරන ලද්දී ය. ඇගේ පිනට පහළ වූ මාණික්‍යම දිව්‍ය ප්‍රාසාදය උසින් දොළොස් යොදුනක් වූයේ ය. හාත්පසින් අට සතලිස් යොදුනක් වූයේ ය. කූටාගාර දහසකින් සැරසුනේය. මහල් නවයකින් සෝභමාන වූයේ ය. ගබඩා දහසකින් යුතු වූයේ ය. සීහපංජරකාවාට නැමැති දුර බැලිය හැකි කවුළු දහසකින් සැරසුනේ ය. කිංකිණිජාලයන්ගෙන් යුතු වට අදින ලද තිර පෙලෙන් අලංකාර වූයේ ය. ඒ ප්‍රාසාදය මධ්‍යයෙහි හාත්පසින් ලෙළ දෙන ධජ පතාකයන්ගෙන් විභූෂිත වූ අම්බට්ඨික නම් වූ ප්‍රාසාදයක් පිහිටියේ ය. තව්තිසා දෙව්ලොව වඩිනා රහතන් වහන්සේලා හට මෙම භරණී දෙව්දුවගේ ප්‍රාසාදය දැක ගන්නට ලැබුනේ ය. ඒ කෙරෙහි පහන් වූ සිත් ඇති රහතන් වහන්සේලා එය විස්තරයක සටහන් කොට භික්ෂු සංඝයා වෙත රැගෙන වැඩි සේක.

එකල්හී එය දුටු දුටුගැමුණු නරනිඳු තෙමේ අතිශයින් ම පැහැදී නවමහල් ලෝවාමහාප්රාසාදය නම් වූ උපෝසථාගාරය කරවා සත්දිනක් මුළුල්ලේ පුද පූජාවන් පවත්වා අපමණ ප්‍රීතියට පත් වූයේ ය. ඉක්බිති දුටුගැමුණු නිරිඳුන් ලක්ෂයක් රන් කහවණු වියදම් කොට උඩ මළුවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝධි පූජාවක් කරවා නුවර පැදකුණු කරන්නේ මහාසෑය පිහිටන බිමෙහි සිටුවන ලද ශිලාස්ථම්භය දැක කියවන්නට ලැබුණේය. එහි සඳහන් වුයේ ද රාජ මාලිගයෙහි කරඬුවක තැන්පත් කොට තිඛෙන රන් පතෙහි ඇති මිහිඳු මහරහතන් වහන්සේ ගේ අනාගත වාක්‍යය නිසා රජතුමා මහත් සතුටට පත් වූයේ ය.

එකල්හී ප්රීතිප්රමෝදයෙන් යුතු රජතුමා එදින රාත්‍රීයේ රාජභෝජන වළඳා ලොවට උතුම් මහා සෑය කරන්නට සිතමින් සේසත යට සයනය කරමින් කල්පනා කරන්නට වූයේ ය. ’මම් වනාහී ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට මහාසෑයක් කරවන්නට තරම් පින් ඇති කෙනෙක් වෙමි. අහෝ` එය මට මහත් ලාභයක් ම වන්නේ ය. එහෙයින් ලක්වැසි කිසිවෙකුටත් පීඩා නොකොට අය බදු වලින් නොපෙලා දැහැමින් උපයන ලද වස්තුවෙන් මහාසෑය කරවන්නට ඇත්නම් කොතරම් අගනේදැයි සිතමින් සිටියේ ය.

එකල්හී මේ පින් සිතිවිල්ල දැන ගත් රාජසේසතෙහි විමනක් තනා සිටි දෙව්දුව ඒ කරුණ දෙවියන්ට සැල කරන ලදුව සිරිලක පිහිටුවන්නා වූ මහාසෑය හදන්නට දුටුගැමුණු මහා රජාණන් හට උපකාර වීම පිණිස දෙව්ලොව දෙවියන් අතර මහත් ස්ථුපඝෝෂාවක් පැන නැංගේ ය. එකල්හී සදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්වකර්ම දෙව්පුතුන් හට අණ කරන්නේ ’එම්බා දිව්‍ය පුත්‍රය, ගෞතම සසුනෙහි පහන්ව සිටින දුටුගැමුණු නරනිඳු තෙමේ මහාසෑය කරවන්නට සිතමින් සිටින්නේ ය. එබැවින් තෙපි එහි ගොස් අනුරාධපුරයෙන් යොදුනක් දුරින් පිහිටි ගම්භීර නම් නදිය අසබඩ මහාසෑයට ගඩොල් මවන්නැයි පවසා සිටියේ ය.

පසුදින දුටුගැමුණු රජතුමා හට මහාසෑය උදෙසා ගඩොල් මැවී ඇති බව අසා අපමණ චිත්රප්රසාදයක් ඇති වූයේ ය. එමෙන්ම අනුරපුරයට ඊසාන දිගින් තුන් යොදුනක් ගිය තැන්හී ආචාරවිටි නම් ගමෙහි නොයෙක් ප්‍රමාණයෙන් යුතු රන්බිජු පහළ වී තිබුණේ ය. එහි තිබූ රන්බිජු අතර වියතක් පමණින් විශාල වූ බොහෝ ස්වර්ණ බීජයෝ වූවාහුය. කුඩා වූ ස්වර්ණ බීජයෝ අඟල් ප්‍රමාණ වූවාහුය. අතිවිශාල බිම් කඩෙක පැතිර තිබූ ඒ සියළු ස්වර්ණ බීජයන් රජතුමා විසින් මහාස්ථූපයට වෙන්කරන ලද්දේ ය.

අනුරපුරෙන් නැගෙනහිර දිශාවෙහි සත්යොදුනක් ගිය තැන්හී මහවැලි ගෙඟන් එතෙරවූ තඹවිටි නම් ගමෙහි මහසෑයට තඹ සහ යකඩ උපන්නේ ය. අනුරපුරයට ඊසාන දිගින් සතර යොදුනක් ගිය තැන්හී සමන් වැව නම් ගමෙහි වැව් තෙර වැල්ලෙහි අති විශාල වූ බොහෝ මාණික්‍යයෝ උපන්නාහු ය. අනුරපුරයෙන් දකුණු පස අට යොදුනක් ගිය තැන්හී අම්බට්ඨකෝල නම් ජනපදයෙහි එක්තරා ගල්ලෙනක මහා රිදී කඳක් පැන නැංගේ ය. අනුරපුරයේ බටහිර දෙස පස් යොදුනක් ගිය තැන්හී උරුවේල නම් පටුනෙහි වර්ණයෙන් හා ප්‍රමාණයෙන් නෙල්ලි ගෙඩි තරම් විශාල වූ මුතු ද පබලූ ද මුහුදෙන් ගොඩ ගසන ලද්දේ ය. අනුරපුරයෙන් උතුරු දිශාවෙන් සත් යොදුනක් ගිය තැන්හි පෙලවැව් නම් ගමෙහි වැවට වැටෙන දිය කඳුරැලියක වැලි අතරේ ඇඹරුම් ගල් ප්‍රමාණයෙන් විශාල වූ දියඛෙරලිය මල් පැහැ ඇති මහා මිණි රුවන් සතරක් උපන්නේ ය. ගෞතම බුදු සසුනෙහි පහන් සිත් ඇති සාසන මාමක නරනිඳු තෙමේ ඒ ඒ තැන පහළ වූ වස්තූන් ගැන තොරතුරු ගෙන ආ සියල්ලන්ට ම ආදර ගෞරව දක්වා මැනැවින් සත්කාර කළේ ය. ඒ සියළු වස්තුව රුවන්වැලි මහා සෑය උදෙසා දේවානුභාවයෙන් පහළ වූ පූජාවන් ම වුයේ ය.

මේ ආකාරයෙන් මෙම මහා ස්ථූපය කරවන්නට සියළු පිරිකර සම්පූර්ණ වුන කල්හි වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල්වැඩ අරඹන ලද්දේ ය. එහිදී මහසෑ බිමෙහි පිහිටි එක්තරා රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වුයේ ය. එකල්හී එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත්නොකරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව්දුව රහතුන්ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. නැවත ඕතොමෝ තමාගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වායැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එකල්හී ඇයගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලී යන නාමය සහිතව මහාස්ථුපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමා හට දැනුම් දුන්නාහු ය.

එකල්හී ස්වර්ණමාලී දෙව් දුව නමින් ස්වර්ණමාලී මහා සෑය තැනවීමට සුදුසු වූ ඒ බිම් කඩෙහි පිහිටි ශිලාස්ථම්භය බැහැර කොට මහාසෑය පිහිටන භූමියෙහි සත්රියනක් යටට සාරවා පස් ඉවත් කරන ලද්දේ ය.

අතිශයින් ම විචක්ෂණ නුවණ ඇති මහාප්රඥ වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ යෝධයන් ලවා සුනු හා ගල් ගෙන්වා මැනැවින් කුඩු කරවා එම භූමියෙහි ඇතිරුවේ ය. ඉන් පසු ඝන සමින් වසන ලද පතුල් ඇති හස්තිරාජයන් ලවා මැනැවින් පාගවන ලද්දේ ය. ඒ මත ඇතිරීම පිණිස ආකාශ ගංගාව ගලා වැටෙන කල්හී නිරන්තරයෙන් තෙත් වූ තිස් යොදුනක් භූමියක පිහිටි සියුම් සුවඳ මැටි ඇති නවනීත හෙවත් වෙඬරු මැටි නම් වූ සියුම් මැටි සෘද්ධිමත් වූ රහත් සාමණේරයන් වහන්සේලා හිමාලයෙන් ගෙන වැඩි සේක. සෑ පිහිටන බිමෙහි ගල් අතුරා හස්තිරාජයන් ලවා තලවා එහි සිදුරු වැසෙන්නට නවනීත මැටි මැනැවින් අතුරන ලද්දේ ය. ඒ මත දෙවියන් විසින් මවන ලද ගඩොල් අතුරන ලද්දේ ය. ඒ මත ඉතා පිරිසිදු වූ කරගල් ද ඒ මත කුරවින්ද නම් විශේෂ පාෂාණය ද අතුරා ඒ මත සවිමත් යකඩ දැලක් දමන ලද්දේ ය. ඒ යකඩ දැල වැසෙන්නට බොරළු දමන ලද්දේ ය. එය සමකොට තලවා ඒ මත සෘද්ධිමත් රහත් සාමණේරයන් වහන්සේලා විසින් හිමාලයෙන් ගෙන එන ලැබූ පළිගු මැණික් ගල් අතුරන ලද්දේ ය. එහි සියළු සිදුරු වැසෙන්නට ඒ මත නවනීත මැටි අතුරන ලද්දේ ය. ඉන් පසු රජතුමා රසදිය නම් රසායනයෙන් මිශ්‍ර කරන ලද මැලියම් තවරන ලද්දේ ය. එය මත අඟල් අටක් ඝන වු ලෝහ තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය. ඒ ලෝහ තහඩුව මත තල තෙලින් පදම් කොට ගත් රත්සිරිගල් අතුරන ලද්දේ ය. ඒ මත අඟල් සතක් ඝණ වූ රිදී තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය.

මේ ආකාරයෙන් ගෞතම බුදු රජුන් කෙරෙහි පිහිටි අපමණ ශ්‍රද්ධාවෙන් යුතුව අපගේ දුටුගැමුණු මහරජාණන් ඒරිදී තහඩුව මත ගොඩනැගෙන මහාසෑය පිණිස මුල් ගල් තබන පින්කමට මහා සංඝරත්නයට ආරාධනා කර සිටියේ ය. ’පින්වත් ස්වාමීන් වහන්ස, අපගේ සර්වඥරාජෝත්තමයන් වහන්සේ උදෙසා ස්වර්ණමාලී මහාචෛත්‍ය කරවන්නට වූ මංගල ගඩොල හෙට උදා වන වෙසක් පුන් පොහෝ දිනයේ මම පිහිටුවන්නෙමි. එබැවින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා සෑ බිමට වඩින සේක්වායි ආදර බැතියෙන් යුතුව භික්ෂු සංඝයාට ඇරයුම් කොට අනතුරුව ලංකාවාසී සැදැහැවතුන් හටද ’පින්වත් ජනයනි සෙට දිනයේ අපගේ බුදු රජාණන් වහන්සේට පුද පූජාවන් පවත්වා පෙහෙවස් සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන මහා සෑය පිහිටුවන භූමිය වෙත පැමිණෙත්වා යැයි කියා සිටියේ ය.

ඉක්බිති ලක්බුදු සසුනෙහි පිනට පහළ වූ දුටුගැමුණු මහරජාණන් ගේ අවවාද පරිදි ස්වර්ණමාලී මහා සෑය කරා යන මග දෙපස අලංකාර කරවා මහා විහාර භූමියට ඇතුලූ වන නුවර සතර දොරටුවෙහි කරණවෑමියන් තබන ලද්දේ ය. බොහෝ සුදු වස්ත්‍ර තබන ලද්දේ ය. ප්‍රණීත ආහාර පාන තබන ලද්දේ ය. එහි පැමිණෙන්නා වූ මහජනයා හිස් රැවුල් කපා දිය නා මධුර වූ ආහාරපානයන් ගෙන් සන්තර්පනය වි සුවඳ මල් රැගෙන එම භූමියෙහි රැස් වූවාහු ය. දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ මැති ඇමති සේනාව පිරිවරාගෙන මහා සෑය පිහිටන බිමට රාජකීය ලීලාවෙන් සම්ප්‍රාප්ත වන කල්හී සිව්සැට බරණින් සැරසුන සුන්දර නාටිකාංගනාවෝ දිව්‍ය කන්‍යාවන්ගේ සෝභා මතු කරවමින් බුදු ගුණ ගායනා කරමින් නැටුම් දක්වමින් ආතත, විතත, විතතාතත, ඝන, සුසිර යන පංච තූර්ය නාදයෙන් ඒකනින්නාද කරවමින් පෙරහැරේ ඉදිරිපස ගමන් කලාහු ය.

ගෞතම බුදු සසුනේ පිළිසරණ ලැබ ක්ෂීණාශ්රව මහරතන් වහන්සේලා ද මෙම අසිරිමත් පින්කම උදෙසා ලොව නා නා දිශාවන්ගෙන් මේ ලක් දිවට සතුටු සිතින් වැඩම කළ සේක. රජගහ නුවර ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේලා අසූදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. බරණැස ඉසිපතන මිගදායේ සිට ධම්මසේන රහතන් වහන්සේ දොළොස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ සිට පියදස්සී රහතන් වහන්සේ සැටදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක.

විශාලා මහනුවර මහ වනයේ සිට බුද්ධරක්ඛිත රහතන් වහන්සේ දහඅටදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කොසබෑ නුවර ඝෝෂිතාරාමයේ සිට මහා ධම්මරක්ඛිත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. උදේනි නුවර දක්ඛිණගිරි විහාරයේ සිට මහා ධම්මරක්ඛිත රහතන් වහන්සේ සතලිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. පාඨලීපුත්ර අගනගරයෙහි අශෝකාරාමයේ සිට මිත්තණ්ණ රහතන් වහන්සේ එක්ලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කාශ්මීර මණ්ඩලයේ සිට උත්තිණ්ණ රහතන් වහන්සේ දෙලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක.

පල්ලවභෝග ජනපදයේ සිට මහාදේව රහතන් වහන්සේ සාරලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. යෝනක දේශයෙහි අලසන්දා නගරයේ සිට මහාධම්මරක්ඛිත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. වින්ද්‍යා වනපියසේ වත්තනීය සේනාසනයේ සිට උත්තර රහතන් වහන්සේ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. බුද්ධගයා බෝධි මණ්ඩල විහාරයේ සිට චිත්තගුත්ත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. වනවාස ප්‍රදේශයේ සිට චන්ද්‍රගුප්ත රහතන් වහන්සේ අසූදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කයිලාස විහාරයේ සිට සුරියගුප්ත රහතන් වහන්සේ අනුසය දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. මේ පින්කම සඳහා ලංකාද්වීපයෙන් වැඩම කොට වදාළ රහතන් වහන්සේ ලා ප්රමුඛ මහා සංඝරත්නයේ ගණන පමණ කළ නො හැක්කේ ම ය.

මේ අයුරින් වැඩම කොට වදාළ ගෞතම බුදු රජුන්ගේ ශ්‍රාවක සඟ රුවන දුටු දුටුගැමුණු නිිරිඳාණෝ ශ්‍රද්ධාවෙන් කුල්මත් වී ගිය සිතින් යුතුව මලින් සංඝයා පුදා පසඟ පිහිටුවා වන්දනා කොට මහා සෑය පිහිටුවන බිමට පැමිණියාහුය. ඒබිම මැද පිහිටුවන ලද රන් කණුවට බඳින ලද රිදියෙන් නිමවූ සීමා දණ්ඩ ගෙන චෛත්‍ය පිහිටුවන භූමිය සළකුණු කරමින් ගමන් කළේය. එහිදී එහි ප්‍රමාණය සිද්ධාර්ථ නම් මහරහතන් වහන්සේ පෙන්වා වදාරන ලද්දේය. නොපසුබට වීර්යය ඇති ශ්‍රද්ධා සම්පන්න වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ එම භූමිය මැද අට දිසාවට යොමු කරන ලද්දාවූ රනින් ද රිදියෙන් ද නිමවන ලද පුන් කලස් අට බැගින් තැබ්බවූයේ ය. එම අට දිසාවට සුවඳ මැටියෙන් තනවන ලද ගඩොල් කැට අටක් තැබ්බවූයේ ය.

එකල්හී දුටුගැමුණු මහරජතුමා පෙරදිසාවේ පිහිටි සුවඳ කැවූ මැටි මත ප්‍රථම ගඩොල සකස්ව තැන්පත් කළේය. අනතුරුව රහතන් වහන්සේලා ප්රමුඛ කොට දුටුගැමුණු නිරිඳු දෑ සමන් මල් පුදන කල්හි සැදැහැයෙන් ඉපිල ගිය ලක්මව කම්පිත වූවාය. ඉතිරි ගඩොල් ද එක් එක් අමාත්‍යයෙක් ලවා පිහිටවූයේ ය. මෙසේ වෙසක් පුන් පොහෝ දින ආරම්භ කරන ලද ස්වර්ණමාලී මහා ස්ථුපයේ මුල් කටයුතු ඇසළ මස පුන් පොහෝ දින සම්පූර්ණ කරන කල්හි පියදස්සී නම් මහරහතන් වහන්සේ සැදැහැවතුන්ගේ සිත් නිවන් මගට යොමු කරවමින් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ සේක. ඒදේශනාව අසා මහාසෑය පිහිටුවන භූමියේ සිට සතලිස් දහසක් ජනයා සෝවාන් මාර්ගඵලයට පත් වූවාහු ය. දහසක් ජනයා සකදාගාමී වූවාහු ය. දහසක් ජනයා අනාගාමී වුවාහු ය. දහසක් ජනයා අරහත්වයට පත් වූවාහු ය. දහඅට දහසක් භික්ෂුන් වහන්සේලා ද, දහ හතර දහසක් භික්ෂුණීන් වහන්සේලා ද අරහත් ඵලයට පත් වුවාහු ය.

[QUOTE="sam@, post: 11005774, member: 27411"] [COLOR="Green"][SIZE="6"]රුවන්වැලිසෑය[/SIZE][/COLOR] [I][SIZE="3"][COLOR="Orange"]විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්[/COLOR][/SIZE][/I] [COLOR="RoyalBlue"][SIZE="3"]ශ්‍රී ලංකාවේ පිහිටි ස්ථූපයක් වන රුවන්වැලි සෑය එහි ඇති වාස්තු විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය තත්වයට පත්වී ඇති ස්ථූපයකි. මෙම ස්ථූපය සොළොස්මස්ථාන(පූජනීය ස්ථාන දහසය) සහ අටමස්ථාන (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි.උසින් අඩි 300ක් (මීටර් 92) සහ අඩි 950ක (මීටර් 292) විෂ්කම්භයකින් යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ.[/SIZE][/COLOR] [COLOR="Orange"][SIZE="5"]ස්වර්ණමාලි මහා සෑයේ ඉතිහාස කථාව[/SIZE][/COLOR] [COLOR="RoyalBlue"][SIZE="3"]මේ මහා භද්‍ර කල්පයේ සතර වැනි සම්මා සම්බුදු රජුන් ලෙස පහළ වූ අප ගේ ගෞතම බුදුරජාණන් වහන්සේ දෙව් මිනිස් ලෝ සතුන් සසර කතරින් එතෙර කරවමින් දහම් අමා වැසි වස්සවමින් වැඩ සිට බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කොට පිරිනිවන් පා වදාළ කල්හි ඒ බුදුරජාණන් වහන්සේ ගේ පිවිතුරු ළය මඩලෙන් උපන් ක්ෂීණාශ්රව මහ රහතන් වහන්සේලා විසින් ශිෂ්‍යනුශිෂ්‍ය පරම්පරාව මගින් උතුම් ශාසන දායාදය වන චතුරාර්ය සත්‍යය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය අඛණ්ඩව, අවිච්ඡින්නව, පාරිශුද්ධව පවත්වාගෙන එන ලද්දේ ය. එමෙන්ම බුදු සසුනට ඇතුළු වන්නා වූ ඇතැම් පුද්ගලයන් විසින් කරනු ලබන දුර්මතයන්ගෙන් කලින් කලට ඇති වන්නා වූ ශාසනික අර්බුදයන් සමනය කරමින් ශාසනභාරධාරී මහ රහතන් වහන්සේලා ධර්ම සංගායනා මගින් උතුම් ධර්ම විනය යළි යළිත් ස්ථාපිත කරන ලද්දේ ය. ඒ ආකාරයෙන් දඹදිව් තලයේ ගෞතම බුද්ධ ශාසනය මහත් ආනුභාව සම්පන්නව බැබලෙමින් පවතින කල්හි යලිත් එයට අනතුර පහළ වූ විට ධර්මාශෝක අධිරාජයා ගේ සහයෙන් මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විසින් තුන් වන ධර්ම සංගායනාවන් යලිත් ස්ථාපිත කරන ලද ගෞතම බුදු සසුන සකල ලෝකය තුල පතුරුවා හැරිමේ පරම පිවිතුරු හැගීමෙන් යුතුව නා නා දේශයන් වෙත රහතන් වහන්සේලා පිටත් කොට යවන ලද්දාහු ය. එහිදී අප ගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ නිකෙලෙස් ළය මඩලෙහි උපන් බුදු පුතනුවන් වහන්සේ නමක් වූ හැම කල්හී පිවිතරු සිත් ඇති මහා පින්වන්ත වූ මිහිඳු මහ රහතන් වහන්සේව ඉත්ථීය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් වහන්සේ යන සඟ පිරිස ද කැටුව භණ්ඩුක උපාසක සමග මෙම ලංකාවට එවා වදාරණ ලද්දේ ය. එසේ වැඩමවා වදාළ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ විසින් පිහිටුවා වදාරන ලද ගෞතම බුද්ධ ශාසනයේ ආලෝකයෙන් අපගේ මාතෘ භූමිය වූ ශ්‍රී ලංකාද්වීපය සදහම් එළියෙන් ආලෝකමත් වූයේය. එසේ උතුම් බුදු සසුන රක්ෂිතව ගෝපිතව සිරිලක් ධරණි තලයට ශාන්තිය උදා කරමින් පවතින කල්හි පරදේශ ආක්‍රමණයන්ගෙන් සහ මිසදුටු බලවේගයන්ගෙන් ඇති වූ ශාසන පරිහානිකර අර්බුදයන් බලවත්ව පැමිණි යුගයක “මාගේ මේ ව්‍යායාමය රජ සැප විඳිම පිණිස නොව ගෞතම බුදු සසුනේ චිරස්තිථීය පිණිස ම වන්නේ ය. කියා ලක්දිව එක්සත් කොට රජ පැමිණි දුටුගැමුණු මහා නරේන්ද්‍රයන් හට රජමාලිගයෙහි රන් කරඩුවක තැන්පත් කොට තිබුණු රන් පතෙක ලියා ඇති එක්තරා වාක්‍යයක් කියවන්නට ලැබුනේය. එය වනාහි දෙවන පෑතිස් රජතුමා හට මිහිඳු මහ රහතන් වහන්සේ විසින් වදාරණ ලද අනාගත වාක්‍යයකි. එනම් පින්වත් මහරජාණෙනි, තොප ගේ මුණුපුරෙක් වන පින්වත් කුමරෙක් දුට්ඨගාමිණී අභය නමින් අනාගතයෙහි ලංකේශ්වර වන්නේ ය. ඒ මහා ප්‍රාඥ වූ නරපතිතෙමේ සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කොට එක්සිය විසිරියනක් උස් වූ මනෝරම්‍ය වූ ස්වර්ණමාලී නම් මහා ස්ථූපයක් කරවන්නේ ය. එමෙන්ම ශාසන මාමක වූ ඒ මුණුබුරාණෝ නොයෙක් මාණික්‍යයන්ගෙන් විභූෂිත වූ තව්තිසාවෙහි සුධර්මා නම් වූ දිව්‍ය සභාව පරදවා නව මහලින් සුසැදි ලෝවාමහාප්රාසාදය නම් වූ උපෝසථාගාරයක් ද කරවන්නාහු ය. මෙම අනාගත වාක්‍යය කියවූ දුට්ඨගාමිණී අභය නරපතිතුමා තෙරුවන් කෙරෙහි උපන් බලවත් ශ්‍රද්ධාවෙන් යුතුව ප්‍රීතියෙන් උද්දාමව අත්පොලසන් දුන්නේ ය. ඉක්බිති මහමෙව්නා උයනට රහතුන් වහන්සේලා ප්‍රධාන භික්ෂු සංඝයා රැස් කරවා ’පින්වත් ස්වාමීන් වහන්ස, නුඹ වහන්සේලා ගේ පොහොය කර්මය උදෙසා දිව්‍ය විමානයක් බඳු වූ ප්‍රාසාදයක් කරවන්නට මම කැමැත්තෙමි. එම නිසා එක්කෙනෙකුන් වහන්සේ දිව්‍ය විමානයකට පිටත් කොට යවා ඒ ආකාර වූ සිතියමක් මට ගෙන්වා දෙන සේක්වා. එකල්හී භික්ෂු සංඝයා විසින් රහතන් වහන්සේලා අට නමක් දෙව්ලොවට පිටත් කොට යවන ලද්දාහු ය. එහිදී භරණි නම් දෙව් දුව ගේ දිව්‍ය විමානය ඒ රහතන් වහන්සේලා හට දැක ගන්නට ලැබුණේ ය. එහි අතීත කතාව කෙසේද යත්, මේ මහා භද්‍ර කල්පයෙහි තුන්වැනිව පහළ වී වදාළ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ කාලයේ අශෝක නම් බ්‍රාහ්මණ පින්වතෙක් නිබඳව සංඝයා උදෙසා දන්පැන් පුදන්නේ එය මනාකොට කරනු පිණිස භරණී නම් දාසිය හට පවරන ලද්දේ ය. එකල්හී ඕතොමෝ ජීවිතාන්තය දක්වා සඟ බත් මැනැවින් පුදන්නී, මරණින් මතු නිදා පිබිදියාක් මෙන් ඉතා චිත්තාකර්ශණීය වූ දිව්‍ය විමානයක උපන්නී ය. එකී දිව්‍ය විමානයෙහි උපන් භරණී දෙව් දුව සැම කල්හී දහසක් දෙවඟනන් පිරිවරන ලද්දී ය. ඇගේ පිනට පහළ වූ මාණික්‍යම දිව්‍ය ප්‍රාසාදය උසින් දොළොස් යොදුනක් වූයේ ය. හාත්පසින් අට සතලිස් යොදුනක් වූයේ ය. කූටාගාර දහසකින් සැරසුනේය. මහල් නවයකින් සෝභමාන වූයේ ය. ගබඩා දහසකින් යුතු වූයේ ය. සීහපංජරකාවාට නැමැති දුර බැලිය හැකි කවුළු දහසකින් සැරසුනේ ය. කිංකිණිජාලයන්ගෙන් යුතු වට අදින ලද තිර පෙලෙන් අලංකාර වූයේ ය. ඒ ප්‍රාසාදය මධ්‍යයෙහි හාත්පසින් ලෙළ දෙන ධජ පතාකයන්ගෙන් විභූෂිත වූ අම්බට්ඨික නම් වූ ප්‍රාසාදයක් පිහිටියේ ය. තව්තිසා දෙව්ලොව වඩිනා රහතන් වහන්සේලා හට මෙම භරණී දෙව්දුවගේ ප්‍රාසාදය දැක ගන්නට ලැබුනේ ය. ඒ කෙරෙහි පහන් වූ සිත් ඇති රහතන් වහන්සේලා එය විස්තරයක සටහන් කොට භික්ෂු සංඝයා වෙත රැගෙන වැඩි සේක. එකල්හී එය දුටු දුටුගැමුණු නරනිඳු තෙමේ අතිශයින් ම පැහැදී නවමහල් ලෝවාමහාප්රාසාදය නම් වූ උපෝසථාගාරය කරවා සත්දිනක් මුළුල්ලේ පුද පූජාවන් පවත්වා අපමණ ප්‍රීතියට පත් වූයේ ය. ඉක්බිති දුටුගැමුණු නිරිඳුන් ලක්ෂයක් රන් කහවණු වියදම් කොට උඩ මළුවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝධි පූජාවක් කරවා නුවර පැදකුණු කරන්නේ මහාසෑය පිහිටන බිමෙහි සිටුවන ලද ශිලාස්ථම්භය දැක කියවන්නට ලැබුණේය. එහි සඳහන් වුයේ ද රාජ මාලිගයෙහි කරඬුවක තැන්පත් කොට තිඛෙන රන් පතෙහි ඇති මිහිඳු මහරහතන් වහන්සේ ගේ අනාගත වාක්‍යය නිසා රජතුමා මහත් සතුටට පත් වූයේ ය. එකල්හී ප්රීතිප්රමෝදයෙන් යුතු රජතුමා එදින රාත්‍රීයේ රාජභෝජන වළඳා ලොවට උතුම් මහා සෑය කරන්නට සිතමින් සේසත යට සයනය කරමින් කල්පනා කරන්නට වූයේ ය. ’මම් වනාහී ගෞතම බුදු රජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට මහාසෑයක් කරවන්නට තරම් පින් ඇති කෙනෙක් වෙමි. අහෝ` එය මට මහත් ලාභයක් ම වන්නේ ය. එහෙයින් ලක්වැසි කිසිවෙකුටත් පීඩා නොකොට අය බදු වලින් නොපෙලා දැහැමින් උපයන ලද වස්තුවෙන් මහාසෑය කරවන්නට ඇත්නම් කොතරම් අගනේදැයි සිතමින් සිටියේ ය. එකල්හී මේ පින් සිතිවිල්ල දැන ගත් රාජසේසතෙහි විමනක් තනා සිටි දෙව්දුව ඒ කරුණ දෙවියන්ට සැල කරන ලදුව සිරිලක පිහිටුවන්නා වූ මහාසෑය හදන්නට දුටුගැමුණු මහා රජාණන් හට උපකාර වීම පිණිස දෙව්ලොව දෙවියන් අතර මහත් ස්ථුපඝෝෂාවක් පැන නැංගේ ය. එකල්හී සදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්වකර්ම දෙව්පුතුන් හට අණ කරන්නේ ’එම්බා දිව්‍ය පුත්‍රය, ගෞතම සසුනෙහි පහන්ව සිටින දුටුගැමුණු නරනිඳු තෙමේ මහාසෑය කරවන්නට සිතමින් සිටින්නේ ය. එබැවින් තෙපි එහි ගොස් අනුරාධපුරයෙන් යොදුනක් දුරින් පිහිටි ගම්භීර නම් නදිය අසබඩ මහාසෑයට ගඩොල් මවන්නැයි පවසා සිටියේ ය. පසුදින දුටුගැමුණු රජතුමා හට මහාසෑය උදෙසා ගඩොල් මැවී ඇති බව අසා අපමණ චිත්රප්රසාදයක් ඇති වූයේ ය. එමෙන්ම අනුරපුරයට ඊසාන දිගින් තුන් යොදුනක් ගිය තැන්හී ආචාරවිටි නම් ගමෙහි නොයෙක් ප්‍රමාණයෙන් යුතු රන්බිජු පහළ වී තිබුණේ ය. එහි තිබූ රන්බිජු අතර වියතක් පමණින් විශාල වූ බොහෝ ස්වර්ණ බීජයෝ වූවාහුය. කුඩා වූ ස්වර්ණ බීජයෝ අඟල් ප්‍රමාණ වූවාහුය. අතිවිශාල බිම් කඩෙක පැතිර තිබූ ඒ සියළු ස්වර්ණ බීජයන් රජතුමා විසින් මහාස්ථූපයට වෙන්කරන ලද්දේ ය. අනුරපුරෙන් නැගෙනහිර දිශාවෙහි සත්යොදුනක් ගිය තැන්හී මහවැලි ගෙඟන් එතෙරවූ තඹවිටි නම් ගමෙහි මහසෑයට තඹ සහ යකඩ උපන්නේ ය. අනුරපුරයට ඊසාන දිගින් සතර යොදුනක් ගිය තැන්හී සමන් වැව නම් ගමෙහි වැව් තෙර වැල්ලෙහි අති විශාල වූ බොහෝ මාණික්‍යයෝ උපන්නාහු ය. අනුරපුරයෙන් දකුණු පස අට යොදුනක් ගිය තැන්හී අම්බට්ඨකෝල නම් ජනපදයෙහි එක්තරා ගල්ලෙනක මහා රිදී කඳක් පැන නැංගේ ය. අනුරපුරයේ බටහිර දෙස පස් යොදුනක් ගිය තැන්හී උරුවේල නම් පටුනෙහි වර්ණයෙන් හා ප්‍රමාණයෙන් නෙල්ලි ගෙඩි තරම් විශාල වූ මුතු ද පබලූ ද මුහුදෙන් ගොඩ ගසන ලද්දේ ය. අනුරපුරයෙන් උතුරු දිශාවෙන් සත් යොදුනක් ගිය තැන්හි පෙලවැව් නම් ගමෙහි වැවට වැටෙන දිය කඳුරැලියක වැලි අතරේ ඇඹරුම් ගල් ප්‍රමාණයෙන් විශාල වූ දියඛෙරලිය මල් පැහැ ඇති මහා මිණි රුවන් සතරක් උපන්නේ ය. ගෞතම බුදු සසුනෙහි පහන් සිත් ඇති සාසන මාමක නරනිඳු තෙමේ ඒ ඒ තැන පහළ වූ වස්තූන් ගැන තොරතුරු ගෙන ආ සියල්ලන්ට ම ආදර ගෞරව දක්වා මැනැවින් සත්කාර කළේ ය. ඒ සියළු වස්තුව රුවන්වැලි මහා සෑය උදෙසා දේවානුභාවයෙන් පහළ වූ පූජාවන් ම වුයේ ය. මේ ආකාරයෙන් මෙම මහා ස්ථූපය කරවන්නට සියළු පිරිකර සම්පූර්ණ වුන කල්හි වෙසක් පුන් පොහෝ දිනයෙහි මහාසෑය කරවන්නට සූදානම් වී මුල්වැඩ අරඹන ලද්දේ ය. එහිදී මහසෑ බිමෙහි පිහිටි එක්තරා රන්තෙලඹු ගසක් ඉවත් කළ යුතු වුයේ ය. එකල්හී එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව්දුවක් රහතන් වහන්සේලා මුණ ගැසී ඇගේ දිව්‍ය විමානය පිහිටි රන්තෙලඹු ගස ඉවත්නොකරන්නැයි ඉල්ලා සිටියා ය. එවිට රහතන් වහන්සේලා ඒ දෙවඟන හට මහාස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව්දුව රහතුන්ගේ ආයාචනයට සතුටු වී රන්තෙලඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළ කොට සිටියා ය. නැවත ඕතොමෝ තමාගේ නාමයෙන් මහා සෑය බඳිනා සේක්වායැයි රහතන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා ය. එකල්හී ඇයගේ ඉල්ලීමට සවන් දුන් රහතන් වහන්සේලා ස්වර්ණමාලී යන නාමය සහිතව මහාස්ථුපය කරවීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමා හට දැනුම් දුන්නාහු ය. එකල්හී ස්වර්ණමාලී දෙව් දුව නමින් ස්වර්ණමාලී මහා සෑය තැනවීමට සුදුසු වූ ඒ බිම් කඩෙහි පිහිටි ශිලාස්ථම්භය බැහැර කොට මහාසෑය පිහිටන භූමියෙහි සත්රියනක් යටට සාරවා පස් ඉවත් කරන ලද්දේ ය. අතිශයින් ම විචක්ෂණ නුවණ ඇති මහාප්රඥ වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ යෝධයන් ලවා සුනු හා ගල් ගෙන්වා මැනැවින් කුඩු කරවා එම භූමියෙහි ඇතිරුවේ ය. ඉන් පසු ඝන සමින් වසන ලද පතුල් ඇති හස්තිරාජයන් ලවා මැනැවින් පාගවන ලද්දේ ය. ඒ මත ඇතිරීම පිණිස ආකාශ ගංගාව ගලා වැටෙන කල්හී නිරන්තරයෙන් තෙත් වූ තිස් යොදුනක් භූමියක පිහිටි සියුම් සුවඳ මැටි ඇති නවනීත හෙවත් වෙඬරු මැටි නම් වූ සියුම් මැටි සෘද්ධිමත් වූ රහත් සාමණේරයන් වහන්සේලා හිමාලයෙන් ගෙන වැඩි සේක. සෑ පිහිටන බිමෙහි ගල් අතුරා හස්තිරාජයන් ලවා තලවා එහි සිදුරු වැසෙන්නට නවනීත මැටි මැනැවින් අතුරන ලද්දේ ය. ඒ මත දෙවියන් විසින් මවන ලද ගඩොල් අතුරන ලද්දේ ය. ඒ මත ඉතා පිරිසිදු වූ කරගල් ද ඒ මත කුරවින්ද නම් විශේෂ පාෂාණය ද අතුරා ඒ මත සවිමත් යකඩ දැලක් දමන ලද්දේ ය. ඒ යකඩ දැල වැසෙන්නට බොරළු දමන ලද්දේ ය. එය සමකොට තලවා ඒ මත සෘද්ධිමත් රහත් සාමණේරයන් වහන්සේලා විසින් හිමාලයෙන් ගෙන එන ලැබූ පළිගු මැණික් ගල් අතුරන ලද්දේ ය. එහි සියළු සිදුරු වැසෙන්නට ඒ මත නවනීත මැටි අතුරන ලද්දේ ය. ඉන් පසු රජතුමා රසදිය නම් රසායනයෙන් මිශ්‍ර කරන ලද මැලියම් තවරන ලද්දේ ය. එය මත අඟල් අටක් ඝන වු ලෝහ තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය. ඒ ලෝහ තහඩුව මත තල තෙලින් පදම් කොට ගත් රත්සිරිගල් අතුරන ලද්දේ ය. ඒ මත අඟල් සතක් ඝණ වූ රිදී තහඩුවක් මැනැවින් අතුරන ලද්දේ ය. මේ ආකාරයෙන් ගෞතම බුදු රජුන් කෙරෙහි පිහිටි අපමණ ශ්‍රද්ධාවෙන් යුතුව අපගේ දුටුගැමුණු මහරජාණන් ඒරිදී තහඩුව මත ගොඩනැගෙන මහාසෑය පිණිස මුල් ගල් තබන පින්කමට මහා සංඝරත්නයට ආරාධනා කර සිටියේ ය. ’පින්වත් ස්වාමීන් වහන්ස, අපගේ සර්වඥරාජෝත්තමයන් වහන්සේ උදෙසා ස්වර්ණමාලී මහාචෛත්‍ය කරවන්නට වූ මංගල ගඩොල හෙට උදා වන වෙසක් පුන් පොහෝ දිනයේ මම පිහිටුවන්නෙමි. එබැවින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා සෑ බිමට වඩින සේක්වායි ආදර බැතියෙන් යුතුව භික්ෂු සංඝයාට ඇරයුම් කොට අනතුරුව ලංකාවාසී සැදැහැවතුන් හටද ’පින්වත් ජනයනි සෙට දිනයේ අපගේ බුදු රජාණන් වහන්සේට පුද පූජාවන් පවත්වා පෙහෙවස් සිල් සමාදන් වී සුවඳ මල් ආදිය ගෙන මහා සෑය පිහිටුවන භූමිය වෙත පැමිණෙත්වා යැයි කියා සිටියේ ය. ඉක්බිති ලක්බුදු සසුනෙහි පිනට පහළ වූ දුටුගැමුණු මහරජාණන් ගේ අවවාද පරිදි ස්වර්ණමාලී මහා සෑය කරා යන මග දෙපස අලංකාර කරවා මහා විහාර භූමියට ඇතුලූ වන නුවර සතර දොරටුවෙහි කරණවෑමියන් තබන ලද්දේ ය. බොහෝ සුදු වස්ත්‍ර තබන ලද්දේ ය. ප්‍රණීත ආහාර පාන තබන ලද්දේ ය. එහි පැමිණෙන්නා වූ මහජනයා හිස් රැවුල් කපා දිය නා මධුර වූ ආහාරපානයන් ගෙන් සන්තර්පනය වි සුවඳ මල් රැගෙන එම භූමියෙහි රැස් වූවාහු ය. දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ මැති ඇමති සේනාව පිරිවරාගෙන මහා සෑය පිහිටන බිමට රාජකීය ලීලාවෙන් සම්ප්‍රාප්ත වන කල්හී සිව්සැට බරණින් සැරසුන සුන්දර නාටිකාංගනාවෝ දිව්‍ය කන්‍යාවන්ගේ සෝභා මතු කරවමින් බුදු ගුණ ගායනා කරමින් නැටුම් දක්වමින් ආතත, විතත, විතතාතත, ඝන, සුසිර යන පංච තූර්ය නාදයෙන් ඒකනින්නාද කරවමින් පෙරහැරේ ඉදිරිපස ගමන් කලාහු ය. ගෞතම බුදු සසුනේ පිළිසරණ ලැබ ක්ෂීණාශ්රව මහරතන් වහන්සේලා ද මෙම අසිරිමත් පින්කම උදෙසා ලොව නා නා දිශාවන්ගෙන් මේ ලක් දිවට සතුටු සිතින් වැඩම කළ සේක. රජගහ නුවර ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේලා අසූදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. බරණැස ඉසිපතන මිගදායේ සිට ධම්මසේන රහතන් වහන්සේ දොළොස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ සිට පියදස්සී රහතන් වහන්සේ සැටදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. විශාලා මහනුවර මහ වනයේ සිට බුද්ධරක්ඛිත රහතන් වහන්සේ දහඅටදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කොසබෑ නුවර ඝෝෂිතාරාමයේ සිට මහා ධම්මරක්ඛිත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. උදේනි නුවර දක්ඛිණගිරි විහාරයේ සිට මහා ධම්මරක්ඛිත රහතන් වහන්සේ සතලිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. පාඨලීපුත්ර අගනගරයෙහි අශෝකාරාමයේ සිට මිත්තණ්ණ රහතන් වහන්සේ එක්ලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කාශ්මීර මණ්ඩලයේ සිට උත්තිණ්ණ රහතන් වහන්සේ දෙලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. පල්ලවභෝග ජනපදයේ සිට මහාදේව රහතන් වහන්සේ සාරලක්ෂ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. යෝනක දේශයෙහි අලසන්දා නගරයේ සිට මහාධම්මරක්ඛිත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. වින්ද්‍යා වනපියසේ වත්තනීය සේනාසනයේ සිට උත්තර රහතන් වහන්සේ සැට දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. බුද්ධගයා බෝධි මණ්ඩල විහාරයේ සිට චිත්තගුත්ත රහතන් වහන්සේ තිස්දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. වනවාස ප්‍රදේශයේ සිට චන්ද්‍රගුප්ත රහතන් වහන්සේ අසූදහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. කයිලාස විහාරයේ සිට සුරියගුප්ත රහතන් වහන්සේ අනුසය දහසක් රහතුන් පිරිවරා මේ පින් බිමට වැඩි සේක. මේ පින්කම සඳහා ලංකාද්වීපයෙන් වැඩම කොට වදාළ රහතන් වහන්සේ ලා ප්රමුඛ මහා සංඝරත්නයේ ගණන පමණ කළ නො හැක්කේ ම ය. මේ අයුරින් වැඩම කොට වදාළ ගෞතම බුදු රජුන්ගේ ශ්‍රාවක සඟ රුවන දුටු දුටුගැමුණු නිිරිඳාණෝ ශ්‍රද්ධාවෙන් කුල්මත් වී ගිය සිතින් යුතුව මලින් සංඝයා පුදා පසඟ පිහිටුවා වන්දනා කොට මහා සෑය පිහිටුවන බිමට පැමිණියාහුය. ඒබිම මැද පිහිටුවන ලද රන් කණුවට බඳින ලද රිදියෙන් නිමවූ සීමා දණ්ඩ ගෙන චෛත්‍ය පිහිටුවන භූමිය සළකුණු කරමින් ගමන් කළේය. එහිදී එහි ප්‍රමාණය සිද්ධාර්ථ නම් මහරහතන් වහන්සේ පෙන්වා වදාරන ලද්දේය. නොපසුබට වීර්යය ඇති ශ්‍රද්ධා සම්පන්න වූ දුටුගැමුණු නරේන්ද්‍ර තෙමේ එම භූමිය මැද අට දිසාවට යොමු කරන ලද්දාවූ රනින් ද රිදියෙන් ද නිමවන ලද පුන් කලස් අට බැගින් තැබ්බවූයේ ය. එම අට දිසාවට සුවඳ මැටියෙන් තනවන ලද ගඩොල් කැට අටක් තැබ්බවූයේ ය. එකල්හී දුටුගැමුණු මහරජතුමා පෙරදිසාවේ පිහිටි සුවඳ කැවූ මැටි මත ප්‍රථම ගඩොල සකස්ව තැන්පත් කළේය. අනතුරුව රහතන් වහන්සේලා ප්රමුඛ කොට දුටුගැමුණු නිරිඳු දෑ සමන් මල් පුදන කල්හි සැදැහැයෙන් ඉපිල ගිය ලක්මව කම්පිත වූවාය. ඉතිරි ගඩොල් ද එක් එක් අමාත්‍යයෙක් ලවා පිහිටවූයේ ය. මෙසේ වෙසක් පුන් පොහෝ දින ආරම්භ කරන ලද ස්වර්ණමාලී මහා ස්ථුපයේ මුල් කටයුතු ඇසළ මස පුන් පොහෝ දින සම්පූර්ණ කරන කල්හි පියදස්සී නම් මහරහතන් වහන්සේ සැදැහැවතුන්ගේ සිත් නිවන් මගට යොමු කරවමින් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ සේක. ඒදේශනාව අසා මහාසෑය පිහිටුවන භූමියේ සිට සතලිස් දහසක් ජනයා සෝවාන් මාර්ගඵලයට පත් වූවාහු ය. දහසක් ජනයා සකදාගාමී වූවාහු ය. දහසක් ජනයා අනාගාමී වුවාහු ය. දහසක් ජනයා අරහත්වයට පත් වූවාහු ය. දහඅට දහසක් භික්ෂුන් වහන්සේලා ද, දහ හතර දහසක් භික්ෂුණීන් වහන්සේලා ද අරහත් ඵලයට පත් වුවාහු ය. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom