Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Very rare pictures of Ruwanweli seya pinkama...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කාරණාව දන්නා වූ මහා කස්සප මහරහතන් වහන්සේ ධර්මාශෝක නිරිඳුන් විසින් ධාතුන් වහන්සේලා විසිරුවා දඹදිව් තලය පුරා චෛත්‍යයන් කරවන බව දැන රජගහ නුවර නගරාසන්නයේ අජාසත් මහනිරිඳුන් විසින් කරවන ලද ස්ථූපයට ද්‍රෝණ සතක් පමණක් තැන්පත් කරවූ සේක. රාමග්රාමයෙහි ද්‍රෝණයක් වූ ධාතුන් වහන්සේලා නොගත් සේක. ධර්මාශෝක අධිරාඡ්යය තෙමේ ධාතුන් වහන්සේලා නිදන් කොට අසූ දහසක් ස්ථුප කරවන්නේ අට වැනි ද්‍රෝණයද ගෙන්වන්නට අදහස් කළේය. එකල්හි රහතන් වහන්සේලා ශ්‍රී ලංකාද්විපයෙහි පිහිටුවන මහාසෑය පිණිස ඒධාතුන් වහන්සේලා වෙන් කරන ලද්දේ යැයි පවසා ධර්මාශෝක නරේන්ද්‍රයන් වැළැක්වූ සේක.

රාමග්රාමයෙහි වූ ස්ථූපය වනාහී නදී තීරයෙහි කරවන ලද්දේය. එකල්හී ගංඟා නදියෙහි සැඩ දිය පහරින් ක්‍රමක්‍රමයෙන් බිඳී ගිය ගං තෙරෙන් ස්ථූපය දෙකඩ වී ගිය කල්හී ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරන ලද කරඬුව ගංඟා නදියට වැටුනේය. එය ක්‍රමක්‍රමයෙන් මහාසමුද්‍රයට ඇදී ගියේය. එකල්හී නා රජවරු එම කරඬුව දැක මහත් චිත්තප්රමෝදයෙන් යුතුව නම් මංජේරික නම් නාග භවනට ගෙන ගියාහුය. ඉක්බිති මහාකාල නම් නාග රාජයා හට මෙය දැනුම් දුන්නාහුහ. එය ඇසු මහාකාල නාරජ තෙමේ ලක්ෂ ගණනින් නාගයන් පිරිවරන ලද්දේ අතිශයින් අලංකාර මණ්ඩපයක තැන්පත් කොට පුදනු ලබන්නේ ස්වකීය නා භවනට වඩමවා ගන්නා ලද්දේය. ඉක්බිති නාරජ තෙමේ එම ධාතුන් වහන්සේලා උදෙසා මාණික්‍යමය ස්ථුපයක් කරවූයේය. නිරතුරුවම රැකවල් කරන ලද්දේය. එහෙයින් ආයුෂ්මත් සෝණුත්තරයනි එහි ගොස් ඒධාතුන් වහන්සේලා වැඩමවා එනු මැනව. හෙට දවසේ මහාරජාණෝ ධාතු නිධානය කරවන්නාහුයැ යි සංඝයා විසින් වදාරන ලද්දේය.

දුටුගැමුණු නරනිඳු තෙමේ ධාතු නිධානය පිණිස සියළු කෘතයන් විධාන කොට විහාර මාර්ගය අලංකාර ලෙස සරසා අනුරාධපුර නගරය දෙව් විමනක් මෙන් සරසා ධාතු පූජාවට සූදානම් වූයේය. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා කැදවා සකල ලංකාද්වීපයම අනේකාකාරයෙන් සැරසවුයේ ය. නරේන්ද්‍ර තෙමේ ස්වර්ණාභරණයෙන් සැරසී ඇත් අස් රථ පාබල යන සිව්රඟ සේනාවන්ගෙන් සමන්විත වී නාටිකාංගනාවන් ගේ උපහාරයන් මැද ඉදිරියට යන්නේය.සෛන්ධව නම් වූ සුදු අශ්වයන් බඳනා ලද සරසන ලද්දා වූ රථයට නැගුණු කණ්ඩුල හස්තිරාජයා සර්වාභරණයෙන් විභූෂිතව රන් කරඩුව කුම්භස්තලය මත තබා සේසත යට සිටියේය. එම රථය පිරිවරා ගත් දහස් ගණන් ස්ත්‍රී පුරුෂයෝ නොයෙක් මල් ද, නොයෙක් ආලෝකයන් ද දරා සිටියාහු ය. මහා මේඝ වනෝද්‍යානය සක්දෙව් රජුගේ නන්දන උයන මෙන් ඒකශ්රීයෙන් විරාජමාන වන්නට පටන් ගත්තේය. ධාතු පූජා පිණිස නින්නාදවන තූර්ය නාදයෙන් ද කන්කළු බුදු ගුණ ගායනාවන් ද අනුරාපුර නගරය ගිගුම් දුන්නේය.

නගරයේ පවත්නා මහා තූර්ය නාදය අසා සෝණුත්තර රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් පොළොවේ කිමිඳී මහාකාල නාගරාජයා ගේ නාග භවනයෙහි නාරජු ඉදිරියෙහි පහළ වූ සේක. නා රජ තෙමේ හුනස්නෙන් නැගී සිට සත්කාරකරන්නේ පැමිණි කරුණ විමසා සිටියේය. එකල්හී රහතන් වහන්සේ භික්ෂු මහා සංඝයාගේ සන්දේශය පවසන්නේ ’පින්වත් නාග නාග රාජයාණෙනි, අපගේ ශාස්තෘන් වහන්සේ වන සම්්‍යක් සම්බුද්ධ සර්වඥයන් වහන්සේ විසින් ලංකාද්වීපයෙහි ඉදිකෙරෙන මහා ස්ථුපයෙහි නිදන් කිරීම පිණිස වදාරණ ලද ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දැන් ඔබ ලඟ ඇත්තාහු ය. ඒධාතුන් වහන්සේලා මාහට දෙනු මැනැව. එය රැගෙන යනු පිණිස මම පැමිණියෙමි වදාළ සේක.

ආගන්තුක ශ්රමණයන් වහන්සේ ගේ බස් ඇසීමෙන් මහාකාල නාරජ තෙමේ මහත් දොම්නසට පැමිණියේය. මෙම ශ්රමණයන් වහන්සේ ධාතුන් වහන්සේලා කෙසේ හෝ ගන්නට පොහොසත් වන්නේය. එබැවින් හැකිතාක් ඉක්මණින් එම ධාතුන් වහන්සේලා වැඩ සිටිනා තැනින් අන්‍ය වූ ස්ථානයක සැඟවිය යුත්තේ යැයි තම සමීපයෙහි සිටි බෑණනුවන් වන වාසුලදත්ත නම් නාගරාජයා හට ඉඟියකින් සංඥා කළේය. එකල්හී වාසුලදත්ත නම් නාරජතෙමේ මහාකාල නාරජුගේ අදහස දැන සැනෙකින් ධාතු මන්දිරයට පිවිසියේය. ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති කරඬුව ගිල්ලේය. මහා මේරු පර්වත පාදයට ගොස් දරන ලා සයනය කළේ ය. එවිට ඒනාග රාජයාගේ ශරීරය යොදුන් තුන්සීයක් දික්ව ගියේය. දරනය යොදුනක් තරම් වූයේ ය. දහස් ගණනින් යුතු විශාල පෙනයක් මවාගෙන සයනය කරන්නාහුය. නාරජුගේ මුඛයෙන් විටින් විට ගිනි දැල් පිට වන්නේය. දුම් දමන්නේය. එකල්හී බොහෝ දෙවියෝද නාගයෝද අද තථාගත ශ්‍රාවක වූ ශ්‍රමණ නාගයෙකුගේ ද දිව්‍ය නාගයෙකුගේ ද සංග්‍රාමයක් දැකිය හැකි වන්නේ යැයි කියා රැස් වූවාහු ය.

එකල්හි මහාකාල නා රජතෙමේ තම බෑණනුවන් විසින් ඒධාතුන් සඟවන ලද බව දැන ’අනේ ස්වාමීනි, ඔබ වහන්සේ සොයන ධාතුන් වහන්සේලා මා සන්තකයේ නැතැයි පවසා සිටියේය. මහරහතන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලා දෙනු මැනවැයි යලි යලිත් පවසන කල්හී ඒනාරජ තෙමේ රහතන් වහන්සේව ධාතු මන්දිරයට ගෙන ගොස් මාණික්‍යමය චෛත්‍ය පිහිටි භූමිය වර්ණනා කළේය. ’පින්වත් ශ්‍රමණයන්වහන්ස, ඇස් විදහා බලා වදාළ මැනව, නොයෙක් මාණික්‍යයන්ගෙන් ශෝභමාන වූ මේ චේතියඝරයද මේ අවට සැරසිලිද මැනැවින් බලනු මැනව, සකල ලංකාද්වීපයෙහි ඇති සියළු මුතු මැණික් එක් රැස් කළ ද මෙහි ඇති සඳකඩ පහණ තරම් වත් නොවටින්නේ ය. අන්‍ය වස්තුන් ගේ වටිනාකම ගැන කවර කතා ද? එහෙයින් පින්වත් ශ්‍රමණයන්වහන්ස, දැන් මේ නුඹ වහන්සේ කරන්නට යන්නේ මහා පුද සත්කාර පවතින්නා වූ තැනින් සර්වඥ ධාතූන් වහන්සේලා බැහැර කොට අල්ප සත්කාර පවතින්නා වූ තැනකට ගෙන යාම නොවේ ද? මෙය නම් අකටයුත්තකි යි පවසා සිටියේ ය.

එවිට සෝණුත්තර නම් රහතන් වහන්සේ නාරජ හට මෙසේ පිළිතුරු වදාරන්නාහු. ’පින්වත් නාගරාජය, තොපගේ මේ ධාතු මන්දිරයෙහි ඇති මුක්තා මාණික්‍ය හිරණ්‍ය ස්වර්ණාදියෙහි වටිනාකම පමණ කළ නොහැක්කේ ම ය. පින්වත් නාගරාජය එය මම් දනිමි. එහෙත් තොප හට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ නොහැක්කේම ය. එම නිසා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ ඇත්තා වූ ස්ථානයට ම ධාතුන් වහන්සේලා ගෙන යෑම යුතු වන්නේම ය. තථාගතයන් වහන්සේලා ලොවට පහළ වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවා දෙව් මිනිස් ලෝසතුන් සසර දුකින් එතෙර කරවීම පිණිසම ය. එය වනාහී සර්වඥයන් වහන්සේගේ ඒකායන පැතුම යි. එම කාරණය කරණ කොට ගෙන මම ධාතුන් වහන්සේලා ගෙනයන්නට පැමිණියෙමි. දුටුගැමුණු අභය මහරජාණන් අද ධාතු නිධානය කරන හෙයින් ප්‍රමාද නොකොට මා හට ධාතුන් වහන්සේලා දුන මැනවයි වදාළ සේක. රහතන් වහන්සේ ගේ ඒ බසට පිළිතුරු දෙන මහාකාල නාරජුන් ’පින්වත් ශ්රමණයන් වහන්ස, මා ලඟ ධාතුන් වහන්සේලා නැත්තේය. ධාතුන් වහන්සේලා වැඩ සිටින තැනක් ඔබ වහන්සේ දන්නාහු නම් ගෙන යනු මැනවයි කියා සිටියේය.

එකල්හී මහා ප්‍රාඥ වූ සෝණුත්තර රහතන් වහන්සේ එම වචනය නාරජු ලවා තුන් වරක්ම කියවාගෙන එහිම වැඩහුන් සේක. ඒක්ෂණයෙහිම ඉතා සියුම් අතක් මවා මහාමේරු පර්වතප්රාන්තයෙහි දුම් දමමින් නිදා සිටි වාසුලදත්ත නාරජුගේ මුඛයට ඒඅත ඇතුලූ කොට කුස තිබූ ධාතු කරඬුව ගෙන නාගය, සිටිනු මැනැවැයි කියා පොලොවෙහි කිමිද ගොස් සංඝයා මධ්‍යයෙහි උඩට මතුවී නැගී සිටි සේක. මෙය නොදත් මහාකාල නාරජු අප විසින් මෙම ශ්‍රමණයා රවටන ලදුව හිස් අතින්ම ගියේවයැයි සිතා ධාතුන් වහන්සේලා රැගෙන එනු පිණිස වාසුලදත්ත නාරජුන් හට දැනුම් දුන්නේය. එවිට වාසුලදත්ත නාරජ තෙමේ තම කුසේ කරඬුව නොදැක හඬමින් වැළපෙමින් අවුත් තම මාමණ්ඩිය වූ මහාකාල නාරජුට පවසා සිටියේය. නා රජ තෙමේ ද ශ්‍රමණයෙකු විසින් අපි රවටන ලද්දෝම යැයි හඬන්නට වුයේ ය. සියළු නාගයෝ රැස්ව එක් වන් හඬින් ශබ්ද නගා සෝක කරන්නට වූහ.

මෙය බලා සිටි දෙවියෝ භික්ෂු ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ජයග්රහණයෙන් සතුටට පත්ව ධාතු පූජාවට සැරසි මහා සෑ බිමට රැස් වූවාහු ය. ධාතුන් වහන්සේලා අහිමි වූ ශෝකයෙන් භරිත නාගයෝ භික්ෂු සංඝයා ඉදිරියට පැමිණ හඬන්නට වන්හ. ඔවුන් හට අනුකම්පා කර සංඝ තෙමේ ධාතුන් ස්වල්පයක් ලබා දුන්නේ ය. මහත් සතුටට පත් නාරජවරු බුදු ගුණ කිය කියා ස්ථූප පූජාවට එක් වුවාහු ය.

ශක්රදේවේන්ද්ර තෙමේ ධාතු කරඬුව තැන්පත් කිරීමට ස්වර්ණමය කරඬුවක් ද මැණික් පළගක් ද රැගෙන ආවේය. සෝණුත්තර රහතන් වහන්සේ අතින් ධාතු කරඬුව ගෙන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා රන් කරඬුවේ එය බහා මැණික් පළගෙහි තැබුවේය. මහා බ්රහ්මරාජයා සුදු සේසතක් එයට ඉහළින් දරා සිටියේ ය. සුයාම නම් දිව්‍ය පුත්‍රයා මැණික් තල්වැට දරා සිටියේ ය. ශක්‍ර දේවේන්ද්‍රයා සුවඳ පැන් පිරවූ විජයුත්තර නම් ශංඛය දරා සිටියේ ය. සතර වරම් දෙව් රජ මහා දරුවෝ රන් වන් කඩු අතැතිව සිටගෙන සිටියාහු ය. අනේක දිව්‍ය දිව්‍යාංගනාවෝ මාලාදාමයෙන් සුසැදි අත් ඇතිව ධාතු පූජා කරන්න ට සිට ගත්තාහු ය. අටවිසි යක් සෙනෙවියෝ හාත්පස රැකවල්ලා සිටියාහු ය. පංචසිඛ නම් දිව්‍ය පුත්‍රයාණෝ වීණා වාදනය කරමින් මිහිරි නද එක් කළාහු ය. තිම්බරු නම් දිව්‍ය පුත්‍රයා තූර්ය නාදයන් පවත්වමින් සිටියේ ය. මහාකාල නාරජ තෙමේ දෙවියන් හා එක්ව ස්තුති ගීතිකා පැවැත්වූවාහු ය. දේවතාවෝ සුවඳ මල්, සුවඳ දිය වැසි වස්සවන්නට පටන් ගත්හ.

එකල්හී මාරයාගෙන් සිදුවන බාධා මැඩලීම පිණිස මහා සෘද්ධිමත් ඉන්ද්‍රගුප්ත මහරහතක් වහන්සේ සක්වලටම සෙවන සැලසිය හැකි මහත් ලෝහමය ඡත්රයක් මැවූ සේක. ධාතුන් වහන්සේලා ඉදිරියේ පස් තැනක වැඩහුන් භික්ෂුන් වහන්සේලා සුත්‍ර සජ්ඣායනා කළ සේක. අතිශයින් ම සතුටින් යුතු දුටුගැමුණු නරේන්ද්‍ර රජතෙමේ තමන් හිස මත දරා ගෙන පැමිණි රන්කරඬුව ආසනයෙහි පිහිටුවා ධාතු පුජා කොට වැඳ වැටුනේ ය. ඒමොහොතේ රජතෙමේ මෙසේ පවසා සිටියේ ය. ’පින්වත් ස්වාමීන් වහන්ස මාගේ ස්වාමී වූ ඒභාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ධාතු පූජාව කරන්නා වූ මේ මහා පින් කමේදී, ස්වාමීනී, ’සර්වඥධාතුන් වහන්සේලාට පුද කරන්නට මේ අහසේ ලෙළ දෙන දිව්‍යමය ඡත්රයන් මට පෙනෙන්නේ ය, දිව්‍යමය පුෂ්පයන් මට පෙනෙන්නේ ය, දිව්‍යමය සුගන්ධයන් හාත්පස විහිදෙන්නේ ය, දිව්‍යමය තූර්ය නාදය අවට සිසාරා යන්නේ ය. එහෙත් ඒවා දරා සිටින්නුවූ දෙවියන්,බ්‍රහ්මයන් ඔබ වහන්සේලාට නම් දැකිය හැකි වන්නේ ය. පින්වත් ස්වාමීන් වහන්ස, මෙසේ දිව්‍යමය වූ ඡත්රය ද, මානුෂික ඡත්රය ද, විමුක්ති ඡත්‍රයද යන ත්රිඡත්රය දරා වැඩ සිටින්නා වූ ලෝකනාථයන් වහන්සේ වන තථාගත අරහත් සම්මා සම්බුදු වූ ශාස්තෘන් වහන්සේ උදෙසා මාගේ ලංකාරාජ්‍ය මම පූජා කරන්නෙමි. කියා සතුටු සිතින් යුතුව තුන් වතාවක් ම ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා ඉදිරියේ හෙතෙම බුදු සසුන උදෙසා ලංකාරාජ්‍ය පූජා කළේ ය.

අනතුරුව දෙවිමිනිස් පිරිවරා ගත් රජතුමා ධාතු පූජා පවත්වමින් යලිත් ධාතු කරඬුව හිසින් ගෙන භික්ෂු සංඝයා සමග මහා සෑය ප්රදක්ෂිණා කරන්නේ නැගෙනහිර දිශාවෙන් ධාතු ගර්භයට බැස්සේය. ලක්ෂ ගණන් රහතන් වහන්සේලා බුදු ගුණ කියමින් දෑත් බැඳ වන්දනා කරමින් ස්ථුපය හාත්පස වැඩ සිටි සේක. ධාතු ගර්භයට බැස ප්‍රිතියෙන් පිනා ගිය නරේන්ද්‍ර තෙමේ එහි තැන්පත් කරන ලද යහනෙහි තැන්පත් කරන්නෙමි යි සිතූ කල්හී සෘද්ධි බලයෙන් ධාතු කරඬුව අහස් කුසට පැන නැංගේ ය.

ඉක්බිති ධාතු කරඬුව සෘද්ධි බලයෙන් විවෘත විය. ධාතුන් වහන්සේලා එළියට වැඩම කළ සේක. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභහාන වූ පරම සුන්දර වූ බුදු රජාණන් වහන්සේගේ ශ්රීශරීරය ජීවමාන ආකාරයෙන් පෙනෙන්නට පටන් ගත්තේ ය. ගන්ධබ්බ වෘක්ෂ මූලයේ දී දක්වන ලද්දා වූ යමක මහා ප්රාතිහාර්ය පරිද්දෙන් අපගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ඒ ධාතුන්ගෙන් නිර්මිත ශ්‍රී සම්බුද්ධ ශරීරයෙන් එක මොහොතේම සියුම් ගිනි දැල් ද, සියුම් ජලධාරා ද නික්මෙන්නට පටන් ගත්තාහු ය.

මේ විශ්මයජනක ප්රාතිහාර්ය දර්ශනයෙන් ප්‍රසන්නව එකග වූ සිත් ඇති කෝටි ගණන් දිව්‍ය මනුෂ්‍යයෝ මාර්ගඵලප්රාප්ත වුවාහුය. ඉන් පසු ඒ ධාතුන් වහන්සේලා බුද්ධ වේශය අත්හැර කරඬුවේ පිහිටි සේක. කරඬුව එයින් පහළට බැස රජුගේ සිරසෙහි පිහිටියේය. නරේන්ද්‍ර තෙමේ ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ ප්රමුඛ භික්ෂූන් සමග එක්ව නාටිකාංගනාවන්ගේ පූජෝපහාරයන් මැද එම ධාතු කරඬුව යහන මත තබා රන් පළගේ තැන්පත් කොට සුවඳ දියෙන් දෑත් සෝදා යළි කරඬුව විවෘත කළේය. ඒධාතුන් වහන්සේලා මත තම දෑත තැබුවේ ය.

එකල්හී දුටුගැමුණු රජතුමා මේ අයුරින් අධිෂ්ඨානයක් කළේ ය. ඒකාන්තයෙන්ම මෙම ධාතුන් වහන්සේලා ඒසර්වඥයන් වහන්සේ ගේ ම ශාරීරික කොටස් වන සේක. ඒකාන්තයෙන් ම මේ ධාතුන් වහන්සේලා ලෝක සත්වයාගේ හිත සුව පිණිස වැඩ සිටින සේක. එහෙයින් මේ ධාතුන් වහන්සේලා මේ මහාර්ඝ වූ සයනය මත සර්වඥයන් වහන්සේ පිරිනිවන් පා වදාළ දිනයෙහි සැතපී සිටි පරිද්දෙන් වැඩ සිටිනා සේක්වා යැයි කියා යහන මත ධාතූන් වහන්සේලා තැන්පත් කළේය. පිරිනිවන් පා වදාරණ ලද භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ සැතපෙන ඉරියව්වේ හැඩයට ධාතුන් වහන්සේලා සෘද්ධි බලයෙන් තැන්පත් වූ සේක. මහා පෘථීවිතොමෝ කම්පා වී ගියා ය. අනේකවිද වූ අද්භූතජනක ප්රාතිහාර්යෝ හාත්පසින් දිස්වුවාහු ය.

පහන් සිතැති රජතෙමේ රාජ සේසතින් ද ධාතුන් වහන්සේලා මට පූජා පැවැත්වුයේ ය. ලංකාරාජ්‍යයෙන් සත් දවසක් පුජා පැවැත්වූයේ ය. රජුන්ගේ සියළු රාජාභරණ ධාතුන් වහන්සේලාට පිදුවේ ය. අමාත්‍යවරුද, නාටිකාංගනාවෝ ද, පිරිවර ජනයා ද, දේවතාවෝ ද තම ආභරණයන්ගෙන් ධාතුන් වහන්සේලාට පුජා පැවැත්වුවාහු ය. භික්ෂුන් වහන්සේලා රැය පහන් වන තුරු සූත්‍ර සජ්ඣායනා කරමින් වැඩ සිටියාහු ය. සියළු ජනතාවට ම සත්දින මුළුල්ලේ ධාතු පුජා කරන්නට නුවර පුරා අඬ ඛෙර ඇස්සවුයේ ය.

ලංකාද්වීපවාසීහු මනුෂයන් අතරින් යමෙක් සර්වඥයන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කරන්නට කැමැත්තාහු නම් ඔවුහු වහා අවුත් ධාතුන් වහන්සේලා දැක වන්දනා කරත්වායැයි විධාන කරන ලද්දේය.

සත් දවසක් පුරා කරන ලද ධාතු පූජාවෙන් සහ ඒසඳහා වැඩම කොට වදාළ සංඝයා උදෙසා කරන ලද සංඝෝපස්ථානයෙන් ප්‍රමුදිත වූ දුටුගැමුණු මහරජතුමා භික්ෂු සංඝයා වෙත පැමිණ සාදරයෙන් වන්දනා කොට මෙසේ පවසා සිටියේ ය.

’පින්වත් ස්වාමීන් වහන්ස, මා විසින් ධාතු ගර්භයෙහි සියළු කටයුතු සම්පුර්ණ කරන ලද්දේ ය. ධාතු ගර්භය වැසීම පිණිස නුඹ වහන්සේලා දැන් කටයුතු කරන සේක්වා.

එකල්හී සෘද්ධිමත් සාමණේරයන් වහන්සේලා දෙනමක් විසින් උතුරුකුරු දිවයිනෙන් ගෙනෙන ලද මේඝවර්ණ පාෂාණයන්ගෙන් එම ධාතු ගර්භය වසන ලද්දේ ය. ඒමොහොතේ එහි වැඩ සිටි ලක්ෂ සංඛ්‍යාත රහතන්වහන්සේලා මෙම අධිෂ්ඨානය කළ සේක. ’අපගේ ශාස්තෘන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා උදෙසා පුජා කරන ලද මෙම සුගන්ධ පුෂ්පයෝ නො මැලවෙත්වා. මෙම සුවඳ මැටි නොවේලෙත්වා. හාත්පස ආලෝකවත් කරන්නා වූ මෙම ප්රදීපයෝ නොනිමෙත්වා. මෙහි පුජා භාණ්ඩයෝ ඒ අයුරින් පවතිත්වා. මෙම මේඝවර්ණ පාෂාණයෝ එකිනෙකට සිදුරු නැතිව මැනැවින් ගැලපෙත්වා’ මෙම අධිෂ්ඨානය කොට අවසන් වනවාත් සමග ලංකාද්විපය නම් වූ මාතාව ගේ හදවත වන් ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ ගේ ධාතු පූජෝස්තවය නිමාවට පත් වූයේ ය.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ˜˜

[QUOTE="sam@, post: 11005823, member: 27411"] [COLOR="RoyalBlue"][SIZE="3"]මේ කාරණාව දන්නා වූ මහා කස්සප මහරහතන් වහන්සේ ධර්මාශෝක නිරිඳුන් විසින් ධාතුන් වහන්සේලා විසිරුවා දඹදිව් තලය පුරා චෛත්‍යයන් කරවන බව දැන රජගහ නුවර නගරාසන්නයේ අජාසත් මහනිරිඳුන් විසින් කරවන ලද ස්ථූපයට ද්‍රෝණ සතක් පමණක් තැන්පත් කරවූ සේක. රාමග්රාමයෙහි ද්‍රෝණයක් වූ ධාතුන් වහන්සේලා නොගත් සේක. ධර්මාශෝක අධිරාඡ්යය තෙමේ ධාතුන් වහන්සේලා නිදන් කොට අසූ දහසක් ස්ථුප කරවන්නේ අට වැනි ද්‍රෝණයද ගෙන්වන්නට අදහස් කළේය. එකල්හි රහතන් වහන්සේලා ශ්‍රී ලංකාද්විපයෙහි පිහිටුවන මහාසෑය පිණිස ඒධාතුන් වහන්සේලා වෙන් කරන ලද්දේ යැයි පවසා ධර්මාශෝක නරේන්ද්‍රයන් වැළැක්වූ සේක. රාමග්රාමයෙහි වූ ස්ථූපය වනාහී නදී තීරයෙහි කරවන ලද්දේය. එකල්හී ගංඟා නදියෙහි සැඩ දිය පහරින් ක්‍රමක්‍රමයෙන් බිඳී ගිය ගං තෙරෙන් ස්ථූපය දෙකඩ වී ගිය කල්හී ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරන ලද කරඬුව ගංඟා නදියට වැටුනේය. එය ක්‍රමක්‍රමයෙන් මහාසමුද්‍රයට ඇදී ගියේය. එකල්හී නා රජවරු එම කරඬුව දැක මහත් චිත්තප්රමෝදයෙන් යුතුව නම් මංජේරික නම් නාග භවනට ගෙන ගියාහුය. ඉක්බිති මහාකාල නම් නාග රාජයා හට මෙය දැනුම් දුන්නාහුහ. එය ඇසු මහාකාල නාරජ තෙමේ ලක්ෂ ගණනින් නාගයන් පිරිවරන ලද්දේ අතිශයින් අලංකාර මණ්ඩපයක තැන්පත් කොට පුදනු ලබන්නේ ස්වකීය නා භවනට වඩමවා ගන්නා ලද්දේය. ඉක්බිති නාරජ තෙමේ එම ධාතුන් වහන්සේලා උදෙසා මාණික්‍යමය ස්ථුපයක් කරවූයේය. නිරතුරුවම රැකවල් කරන ලද්දේය. එහෙයින් ආයුෂ්මත් සෝණුත්තරයනි එහි ගොස් ඒධාතුන් වහන්සේලා වැඩමවා එනු මැනව. හෙට දවසේ මහාරජාණෝ ධාතු නිධානය කරවන්නාහුයැ යි සංඝයා විසින් වදාරන ලද්දේය. දුටුගැමුණු නරනිඳු තෙමේ ධාතු නිධානය පිණිස සියළු කෘතයන් විධාන කොට විහාර මාර්ගය අලංකාර ලෙස සරසා අනුරාධපුර නගරය දෙව් විමනක් මෙන් සරසා ධාතු පූජාවට සූදානම් වූයේය. ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා කැදවා සකල ලංකාද්වීපයම අනේකාකාරයෙන් සැරසවුයේ ය. නරේන්ද්‍ර තෙමේ ස්වර්ණාභරණයෙන් සැරසී ඇත් අස් රථ පාබල යන සිව්රඟ සේනාවන්ගෙන් සමන්විත වී නාටිකාංගනාවන් ගේ උපහාරයන් මැද ඉදිරියට යන්නේය.සෛන්ධව නම් වූ සුදු අශ්වයන් බඳනා ලද සරසන ලද්දා වූ රථයට නැගුණු කණ්ඩුල හස්තිරාජයා සර්වාභරණයෙන් විභූෂිතව රන් කරඩුව කුම්භස්තලය මත තබා සේසත යට සිටියේය. එම රථය පිරිවරා ගත් දහස් ගණන් ස්ත්‍රී පුරුෂයෝ නොයෙක් මල් ද, නොයෙක් ආලෝකයන් ද දරා සිටියාහු ය. මහා මේඝ වනෝද්‍යානය සක්දෙව් රජුගේ නන්දන උයන මෙන් ඒකශ්රීයෙන් විරාජමාන වන්නට පටන් ගත්තේය. ධාතු පූජා පිණිස නින්නාදවන තූර්ය නාදයෙන් ද කන්කළු බුදු ගුණ ගායනාවන් ද අනුරාපුර නගරය ගිගුම් දුන්නේය. නගරයේ පවත්නා මහා තූර්ය නාදය අසා සෝණුත්තර රහතන් වහන්සේ සෘද්ධි බලයෙන් පොළොවේ කිමිඳී මහාකාල නාගරාජයා ගේ නාග භවනයෙහි නාරජු ඉදිරියෙහි පහළ වූ සේක. නා රජ තෙමේ හුනස්නෙන් නැගී සිට සත්කාරකරන්නේ පැමිණි කරුණ විමසා සිටියේය. එකල්හී රහතන් වහන්සේ භික්ෂු මහා සංඝයාගේ සන්දේශය පවසන්නේ ’පින්වත් නාග නාග රාජයාණෙනි, අපගේ ශාස්තෘන් වහන්සේ වන සම්්‍යක් සම්බුද්ධ සර්වඥයන් වහන්සේ විසින් ලංකාද්වීපයෙහි ඉදිකෙරෙන මහා ස්ථුපයෙහි නිදන් කිරීම පිණිස වදාරණ ලද ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දැන් ඔබ ලඟ ඇත්තාහු ය. ඒධාතුන් වහන්සේලා මාහට දෙනු මැනැව. එය රැගෙන යනු පිණිස මම පැමිණියෙමි වදාළ සේක. ආගන්තුක ශ්රමණයන් වහන්සේ ගේ බස් ඇසීමෙන් මහාකාල නාරජ තෙමේ මහත් දොම්නසට පැමිණියේය. මෙම ශ්රමණයන් වහන්සේ ධාතුන් වහන්සේලා කෙසේ හෝ ගන්නට පොහොසත් වන්නේය. එබැවින් හැකිතාක් ඉක්මණින් එම ධාතුන් වහන්සේලා වැඩ සිටිනා තැනින් අන්‍ය වූ ස්ථානයක සැඟවිය යුත්තේ යැයි තම සමීපයෙහි සිටි බෑණනුවන් වන වාසුලදත්ත නම් නාගරාජයා හට ඉඟියකින් සංඥා කළේය. එකල්හී වාසුලදත්ත නම් නාරජතෙමේ මහාකාල නාරජුගේ අදහස දැන සැනෙකින් ධාතු මන්දිරයට පිවිසියේය. ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති කරඬුව ගිල්ලේය. මහා මේරු පර්වත පාදයට ගොස් දරන ලා සයනය කළේ ය. එවිට ඒනාග රාජයාගේ ශරීරය යොදුන් තුන්සීයක් දික්ව ගියේය. දරනය යොදුනක් තරම් වූයේ ය. දහස් ගණනින් යුතු විශාල පෙනයක් මවාගෙන සයනය කරන්නාහුය. නාරජුගේ මුඛයෙන් විටින් විට ගිනි දැල් පිට වන්නේය. දුම් දමන්නේය. එකල්හී බොහෝ දෙවියෝද නාගයෝද අද තථාගත ශ්‍රාවක වූ ශ්‍රමණ නාගයෙකුගේ ද දිව්‍ය නාගයෙකුගේ ද සංග්‍රාමයක් දැකිය හැකි වන්නේ යැයි කියා රැස් වූවාහු ය. එකල්හි මහාකාල නා රජතෙමේ තම බෑණනුවන් විසින් ඒධාතුන් සඟවන ලද බව දැන ’අනේ ස්වාමීනි, ඔබ වහන්සේ සොයන ධාතුන් වහන්සේලා මා සන්තකයේ නැතැයි පවසා සිටියේය. මහරහතන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලා දෙනු මැනවැයි යලි යලිත් පවසන කල්හී ඒනාරජ තෙමේ රහතන් වහන්සේව ධාතු මන්දිරයට ගෙන ගොස් මාණික්‍යමය චෛත්‍ය පිහිටි භූමිය වර්ණනා කළේය. ’පින්වත් ශ්‍රමණයන්වහන්ස, ඇස් විදහා බලා වදාළ මැනව, නොයෙක් මාණික්‍යයන්ගෙන් ශෝභමාන වූ මේ චේතියඝරයද මේ අවට සැරසිලිද මැනැවින් බලනු මැනව, සකල ලංකාද්වීපයෙහි ඇති සියළු මුතු මැණික් එක් රැස් කළ ද මෙහි ඇති සඳකඩ පහණ තරම් වත් නොවටින්නේ ය. අන්‍ය වස්තුන් ගේ වටිනාකම ගැන කවර කතා ද? එහෙයින් පින්වත් ශ්‍රමණයන්වහන්ස, දැන් මේ නුඹ වහන්සේ කරන්නට යන්නේ මහා පුද සත්කාර පවතින්නා වූ තැනින් සර්වඥ ධාතූන් වහන්සේලා බැහැර කොට අල්ප සත්කාර පවතින්නා වූ තැනකට ගෙන යාම නොවේ ද? මෙය නම් අකටයුත්තකි යි පවසා සිටියේ ය. එවිට සෝණුත්තර නම් රහතන් වහන්සේ නාරජ හට මෙසේ පිළිතුරු වදාරන්නාහු. ’පින්වත් නාගරාජය, තොපගේ මේ ධාතු මන්දිරයෙහි ඇති මුක්තා මාණික්‍ය හිරණ්‍ය ස්වර්ණාදියෙහි වටිනාකම පමණ කළ නොහැක්කේ ම ය. පින්වත් නාගරාජය එය මම් දනිමි. එහෙත් තොප හට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ නොහැක්කේම ය. එම නිසා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ ඇත්තා වූ ස්ථානයට ම ධාතුන් වහන්සේලා ගෙන යෑම යුතු වන්නේම ය. තථාගතයන් වහන්සේලා ලොවට පහළ වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවා දෙව් මිනිස් ලෝසතුන් සසර දුකින් එතෙර කරවීම පිණිසම ය. එය වනාහී සර්වඥයන් වහන්සේගේ ඒකායන පැතුම යි. එම කාරණය කරණ කොට ගෙන මම ධාතුන් වහන්සේලා ගෙනයන්නට පැමිණියෙමි. දුටුගැමුණු අභය මහරජාණන් අද ධාතු නිධානය කරන හෙයින් ප්‍රමාද නොකොට මා හට ධාතුන් වහන්සේලා දුන මැනවයි වදාළ සේක. රහතන් වහන්සේ ගේ ඒ බසට පිළිතුරු දෙන මහාකාල නාරජුන් ’පින්වත් ශ්රමණයන් වහන්ස, මා ලඟ ධාතුන් වහන්සේලා නැත්තේය. ධාතුන් වහන්සේලා වැඩ සිටින තැනක් ඔබ වහන්සේ දන්නාහු නම් ගෙන යනු මැනවයි කියා සිටියේය. එකල්හී මහා ප්‍රාඥ වූ සෝණුත්තර රහතන් වහන්සේ එම වචනය නාරජු ලවා තුන් වරක්ම කියවාගෙන එහිම වැඩහුන් සේක. ඒක්ෂණයෙහිම ඉතා සියුම් අතක් මවා මහාමේරු පර්වතප්රාන්තයෙහි දුම් දමමින් නිදා සිටි වාසුලදත්ත නාරජුගේ මුඛයට ඒඅත ඇතුලූ කොට කුස තිබූ ධාතු කරඬුව ගෙන නාගය, සිටිනු මැනැවැයි කියා පොලොවෙහි කිමිද ගොස් සංඝයා මධ්‍යයෙහි උඩට මතුවී නැගී සිටි සේක. මෙය නොදත් මහාකාල නාරජු අප විසින් මෙම ශ්‍රමණයා රවටන ලදුව හිස් අතින්ම ගියේවයැයි සිතා ධාතුන් වහන්සේලා රැගෙන එනු පිණිස වාසුලදත්ත නාරජුන් හට දැනුම් දුන්නේය. එවිට වාසුලදත්ත නාරජ තෙමේ තම කුසේ කරඬුව නොදැක හඬමින් වැළපෙමින් අවුත් තම මාමණ්ඩිය වූ මහාකාල නාරජුට පවසා සිටියේය. නා රජ තෙමේ ද ශ්‍රමණයෙකු විසින් අපි රවටන ලද්දෝම යැයි හඬන්නට වුයේ ය. සියළු නාගයෝ රැස්ව එක් වන් හඬින් ශබ්ද නගා සෝක කරන්නට වූහ. මෙය බලා සිටි දෙවියෝ භික්ෂු ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ජයග්රහණයෙන් සතුටට පත්ව ධාතු පූජාවට සැරසි මහා සෑ බිමට රැස් වූවාහු ය. ධාතුන් වහන්සේලා අහිමි වූ ශෝකයෙන් භරිත නාගයෝ භික්ෂු සංඝයා ඉදිරියට පැමිණ හඬන්නට වන්හ. ඔවුන් හට අනුකම්පා කර සංඝ තෙමේ ධාතුන් ස්වල්පයක් ලබා දුන්නේ ය. මහත් සතුටට පත් නාරජවරු බුදු ගුණ කිය කියා ස්ථූප පූජාවට එක් වුවාහු ය. ශක්රදේවේන්ද්ර තෙමේ ධාතු කරඬුව තැන්පත් කිරීමට ස්වර්ණමය කරඬුවක් ද මැණික් පළගක් ද රැගෙන ආවේය. සෝණුත්තර රහතන් වහන්සේ අතින් ධාතු කරඬුව ගෙන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා රන් කරඬුවේ එය බහා මැණික් පළගෙහි තැබුවේය. මහා බ්රහ්මරාජයා සුදු සේසතක් එයට ඉහළින් දරා සිටියේ ය. සුයාම නම් දිව්‍ය පුත්‍රයා මැණික් තල්වැට දරා සිටියේ ය. ශක්‍ර දේවේන්ද්‍රයා සුවඳ පැන් පිරවූ විජයුත්තර නම් ශංඛය දරා සිටියේ ය. සතර වරම් දෙව් රජ මහා දරුවෝ රන් වන් කඩු අතැතිව සිටගෙන සිටියාහු ය. අනේක දිව්‍ය දිව්‍යාංගනාවෝ මාලාදාමයෙන් සුසැදි අත් ඇතිව ධාතු පූජා කරන්න ට සිට ගත්තාහු ය. අටවිසි යක් සෙනෙවියෝ හාත්පස රැකවල්ලා සිටියාහු ය. පංචසිඛ නම් දිව්‍ය පුත්‍රයාණෝ වීණා වාදනය කරමින් මිහිරි නද එක් කළාහු ය. තිම්බරු නම් දිව්‍ය පුත්‍රයා තූර්ය නාදයන් පවත්වමින් සිටියේ ය. මහාකාල නාරජ තෙමේ දෙවියන් හා එක්ව ස්තුති ගීතිකා පැවැත්වූවාහු ය. දේවතාවෝ සුවඳ මල්, සුවඳ දිය වැසි වස්සවන්නට පටන් ගත්හ. එකල්හී මාරයාගෙන් සිදුවන බාධා මැඩලීම පිණිස මහා සෘද්ධිමත් ඉන්ද්‍රගුප්ත මහරහතක් වහන්සේ සක්වලටම සෙවන සැලසිය හැකි මහත් ලෝහමය ඡත්රයක් මැවූ සේක. ධාතුන් වහන්සේලා ඉදිරියේ පස් තැනක වැඩහුන් භික්ෂුන් වහන්සේලා සුත්‍ර සජ්ඣායනා කළ සේක. අතිශයින් ම සතුටින් යුතු දුටුගැමුණු නරේන්ද්‍ර රජතෙමේ තමන් හිස මත දරා ගෙන පැමිණි රන්කරඬුව ආසනයෙහි පිහිටුවා ධාතු පුජා කොට වැඳ වැටුනේ ය. ඒමොහොතේ රජතෙමේ මෙසේ පවසා සිටියේ ය. ’පින්වත් ස්වාමීන් වහන්ස මාගේ ස්වාමී වූ ඒභාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ධාතු පූජාව කරන්නා වූ මේ මහා පින් කමේදී, ස්වාමීනී, ’සර්වඥධාතුන් වහන්සේලාට පුද කරන්නට මේ අහසේ ලෙළ දෙන දිව්‍යමය ඡත්රයන් මට පෙනෙන්නේ ය, දිව්‍යමය පුෂ්පයන් මට පෙනෙන්නේ ය, දිව්‍යමය සුගන්ධයන් හාත්පස විහිදෙන්නේ ය, දිව්‍යමය තූර්ය නාදය අවට සිසාරා යන්නේ ය. එහෙත් ඒවා දරා සිටින්නුවූ දෙවියන්,බ්‍රහ්මයන් ඔබ වහන්සේලාට නම් දැකිය හැකි වන්නේ ය. පින්වත් ස්වාමීන් වහන්ස, මෙසේ දිව්‍යමය වූ ඡත්රය ද, මානුෂික ඡත්රය ද, විමුක්ති ඡත්‍රයද යන ත්රිඡත්රය දරා වැඩ සිටින්නා වූ ලෝකනාථයන් වහන්සේ වන තථාගත අරහත් සම්මා සම්බුදු වූ ශාස්තෘන් වහන්සේ උදෙසා මාගේ ලංකාරාජ්‍ය මම පූජා කරන්නෙමි. කියා සතුටු සිතින් යුතුව තුන් වතාවක් ම ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා ඉදිරියේ හෙතෙම බුදු සසුන උදෙසා ලංකාරාජ්‍ය පූජා කළේ ය. අනතුරුව දෙවිමිනිස් පිරිවරා ගත් රජතුමා ධාතු පූජා පවත්වමින් යලිත් ධාතු කරඬුව හිසින් ගෙන භික්ෂු සංඝයා සමග මහා සෑය ප්රදක්ෂිණා කරන්නේ නැගෙනහිර දිශාවෙන් ධාතු ගර්භයට බැස්සේය. ලක්ෂ ගණන් රහතන් වහන්සේලා බුදු ගුණ කියමින් දෑත් බැඳ වන්දනා කරමින් ස්ථුපය හාත්පස වැඩ සිටි සේක. ධාතු ගර්භයට බැස ප්‍රිතියෙන් පිනා ගිය නරේන්ද්‍ර තෙමේ එහි තැන්පත් කරන ලද යහනෙහි තැන්පත් කරන්නෙමි යි සිතූ කල්හී සෘද්ධි බලයෙන් ධාතු කරඬුව අහස් කුසට පැන නැංගේ ය. ඉක්බිති ධාතු කරඬුව සෘද්ධි බලයෙන් විවෘත විය. ධාතුන් වහන්සේලා එළියට වැඩම කළ සේක. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සෝභහාන වූ පරම සුන්දර වූ බුදු රජාණන් වහන්සේගේ ශ්රීශරීරය ජීවමාන ආකාරයෙන් පෙනෙන්නට පටන් ගත්තේ ය. ගන්ධබ්බ වෘක්ෂ මූලයේ දී දක්වන ලද්දා වූ යමක මහා ප්රාතිහාර්ය පරිද්දෙන් අපගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේගේ අධිෂ්ඨානය පරිදි ඒ ධාතුන්ගෙන් නිර්මිත ශ්‍රී සම්බුද්ධ ශරීරයෙන් එක මොහොතේම සියුම් ගිනි දැල් ද, සියුම් ජලධාරා ද නික්මෙන්නට පටන් ගත්තාහු ය. මේ විශ්මයජනක ප්රාතිහාර්ය දර්ශනයෙන් ප්‍රසන්නව එකග වූ සිත් ඇති කෝටි ගණන් දිව්‍ය මනුෂ්‍යයෝ මාර්ගඵලප්රාප්ත වුවාහුය. ඉන් පසු ඒ ධාතුන් වහන්සේලා බුද්ධ වේශය අත්හැර කරඬුවේ පිහිටි සේක. කරඬුව එයින් පහළට බැස රජුගේ සිරසෙහි පිහිටියේය. නරේන්ද්‍ර තෙමේ ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ ප්රමුඛ භික්ෂූන් සමග එක්ව නාටිකාංගනාවන්ගේ පූජෝපහාරයන් මැද එම ධාතු කරඬුව යහන මත තබා රන් පළගේ තැන්පත් කොට සුවඳ දියෙන් දෑත් සෝදා යළි කරඬුව විවෘත කළේය. ඒධාතුන් වහන්සේලා මත තම දෑත තැබුවේ ය. එකල්හී දුටුගැමුණු රජතුමා මේ අයුරින් අධිෂ්ඨානයක් කළේ ය. ඒකාන්තයෙන්ම මෙම ධාතුන් වහන්සේලා ඒසර්වඥයන් වහන්සේ ගේ ම ශාරීරික කොටස් වන සේක. ඒකාන්තයෙන් ම මේ ධාතුන් වහන්සේලා ලෝක සත්වයාගේ හිත සුව පිණිස වැඩ සිටින සේක. එහෙයින් මේ ධාතුන් වහන්සේලා මේ මහාර්ඝ වූ සයනය මත සර්වඥයන් වහන්සේ පිරිනිවන් පා වදාළ දිනයෙහි සැතපී සිටි පරිද්දෙන් වැඩ සිටිනා සේක්වා යැයි කියා යහන මත ධාතූන් වහන්සේලා තැන්පත් කළේය. පිරිනිවන් පා වදාරණ ලද භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ගේ සැතපෙන ඉරියව්වේ හැඩයට ධාතුන් වහන්සේලා සෘද්ධි බලයෙන් තැන්පත් වූ සේක. මහා පෘථීවිතොමෝ කම්පා වී ගියා ය. අනේකවිද වූ අද්භූතජනක ප්රාතිහාර්යෝ හාත්පසින් දිස්වුවාහු ය. පහන් සිතැති රජතෙමේ රාජ සේසතින් ද ධාතුන් වහන්සේලා මට පූජා පැවැත්වුයේ ය. ලංකාරාජ්‍යයෙන් සත් දවසක් පුජා පැවැත්වූයේ ය. රජුන්ගේ සියළු රාජාභරණ ධාතුන් වහන්සේලාට පිදුවේ ය. අමාත්‍යවරුද, නාටිකාංගනාවෝ ද, පිරිවර ජනයා ද, දේවතාවෝ ද තම ආභරණයන්ගෙන් ධාතුන් වහන්සේලාට පුජා පැවැත්වුවාහු ය. භික්ෂුන් වහන්සේලා රැය පහන් වන තුරු සූත්‍ර සජ්ඣායනා කරමින් වැඩ සිටියාහු ය. සියළු ජනතාවට ම සත්දින මුළුල්ලේ ධාතු පුජා කරන්නට නුවර පුරා අඬ ඛෙර ඇස්සවුයේ ය. ලංකාද්වීපවාසීහු මනුෂයන් අතරින් යමෙක් සර්වඥයන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කරන්නට කැමැත්තාහු නම් ඔවුහු වහා අවුත් ධාතුන් වහන්සේලා දැක වන්දනා කරත්වායැයි විධාන කරන ලද්දේය. සත් දවසක් පුරා කරන ලද ධාතු පූජාවෙන් සහ ඒසඳහා වැඩම කොට වදාළ සංඝයා උදෙසා කරන ලද සංඝෝපස්ථානයෙන් ප්‍රමුදිත වූ දුටුගැමුණු මහරජතුමා භික්ෂු සංඝයා වෙත පැමිණ සාදරයෙන් වන්දනා කොට මෙසේ පවසා සිටියේ ය. ’පින්වත් ස්වාමීන් වහන්ස, මා විසින් ධාතු ගර්භයෙහි සියළු කටයුතු සම්පුර්ණ කරන ලද්දේ ය. ධාතු ගර්භය වැසීම පිණිස නුඹ වහන්සේලා දැන් කටයුතු කරන සේක්වා. එකල්හී සෘද්ධිමත් සාමණේරයන් වහන්සේලා දෙනමක් විසින් උතුරුකුරු දිවයිනෙන් ගෙනෙන ලද මේඝවර්ණ පාෂාණයන්ගෙන් එම ධාතු ගර්භය වසන ලද්දේ ය. ඒමොහොතේ එහි වැඩ සිටි ලක්ෂ සංඛ්‍යාත රහතන්වහන්සේලා මෙම අධිෂ්ඨානය කළ සේක. ’අපගේ ශාස්තෘන් වහන්සේ ගේ ධාතුන් වහන්සේලා උදෙසා පුජා කරන ලද මෙම සුගන්ධ පුෂ්පයෝ නො මැලවෙත්වා. මෙම සුවඳ මැටි නොවේලෙත්වා. හාත්පස ආලෝකවත් කරන්නා වූ මෙම ප්රදීපයෝ නොනිමෙත්වා. මෙහි පුජා භාණ්ඩයෝ ඒ අයුරින් පවතිත්වා. මෙම මේඝවර්ණ පාෂාණයෝ එකිනෙකට සිදුරු නැතිව මැනැවින් ගැලපෙත්වා’ මෙම අධිෂ්ඨානය කොට අවසන් වනවාත් සමග ලංකාද්විපය නම් වූ මාතාව ගේ හදවත වන් ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ ගේ ධාතු පූජෝස්තවය නිමාවට පත් වූයේ ය. [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Orange"]පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ˜˜[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom