Victoria's Secret සමාගම දරුණු ආගාධයකට..
ලෝකයේ සුප්‍රසිද්ධම කාන්තා යට ඇඳුම් නිර්මාණය සහ නිෂ්පාදනය සිදුකරන ඇමරිකානු සමාගමක් වන Victoria’s Secret සමාගම බරපතල මූල්‍ය සහ අලෙවි අර්බුද හමුවේ ව්‍යාපාරය නවතා දමන තත්වයකට පත්ව ඇතිබව ඇමරිකානු ව්‍යාපාරික සඟරා වාර්තා කරයි.
1977 වර්ෂයේ ආරම්භකල Victoria’s Secret ඉතා වේගයෙන් ලොවපුරා කාන්තාවන් අතර ප්‍රචලිත යට ඇඳුම් සන්නම් නාමයක් බවට පත්වූ අතර මනබඳින විලාසිතා, ඉතා උසස් අමුද්‍රව්‍ය සහ ගුණත්වය, ඉතා විශාල නිෂ්පාදන ප්‍රමාණයක් වැනි හේතු නිසා ලොව පුරා කාන්තාවන්ගේ හොඳම තේරීම බවට පත්විය.
එසේම 90 දශකය වන විට ලොව වැඩිම මිලකට අලෙවිවන කාන්තා යට ඇඳුම් බවට පත්වූයේ Victoria’s Secret නිෂ්පාදනයන්ය. එවකට ලොව ප්‍රකට රාජ්‍ය නායිකාවන් ගණනාවක් පවා තමන් Victoria’s Secret යට ඇඳුම් භාවිතා කරන බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කිරීම සමග Victoria’s Secret තමන්ගේ ව්‍යාපාර ජීවිතයේ ඉහළම ස්ථානය ලඟාකරගත්හ.
නමුත් 2005 වසරෙන් පසුව ඉතා වේගයෙන් බිහිවී තවත් කාන්තා යට ඇඳුම් වර්ග ගණනාවක් හේතුවෙන් Victoria’s Secret වෙළඳපොල කොටස බිඳවැටුණු අතරම නිෂ්පාදනවල ගුණත්වය සම්බන්ධයෙන්ද විවිධ චෝදනා එල්ලවන්නට විය. විශේෂයෙන්ම Victoria’s Secret නිෂ්පාදන මිලදී ගණනන් ලොව ඉහළ අදායම් ලබන ධනවතුන් නියෝජනය කරනන්නන් වීම නිසාවෙන් ඔවුන් මෙම කාන්තා යට ඇඳුම් මිලට ගැනීම අතහැර වෙනත් නිෂ්පාදනයන් වෙත යොමුවීම සමගම Victoria’s Secret ආධිපත්‍ය බරපතල අර්බුදයකට ලක්විය.
පසුගිය සමයෙ Victoria’s Secret වෙතින් නව යොවුන් තරුණියන් වෙනුවෙන් හඳුන්වාදුන් බොහොමයක් නිෂ්පාදන අසාර්ථකවූ අතර, ඒවා නවතාවයන්ට නොගැලපීම එලෙස ප්‍රතික්ෂේපවීමට හේතුව වශයෙන් වාර්තා විය. 90 දශකයෙන් පසු දශක දෙකක් පුරාවට ලිංගිකත්වය පදනම් කරගත් අලෙවිකරණ ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිය වෙළඳපොල කොටස ඉතා ඉහළ නංවාගත්තද 2010න් පසු එම තත්වය බිඳවැටීම Victoria’s Secret සමාගමට දැඩිලෙස අහිතකරව බලපෑ හේතුවක් විය.
පවතින තත්වය අනුව Victoria’s Secret සමාගමේ කොටස් හිමිකරුවන් බොහෝදෙනෙක් සිය කොටස් විකිණීම සිදුකිරීම හමුවේ එහි හිමිකාරිත්වය දැඩි අපහසුතාවයකට ලක්ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝවිට නුදුරු දිනකදී Victoria’s Secret නාමය විනාශවී යනු ඇති බහ බොහොමයක් ව්‍යාපාර විශ්ලේෂකයන්ගේ මතයයි.
උපුටා ගැනීම - www.her.lk