Volkswagen : Api Ravetuna

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    (ලංකා ඊ නිව්ස් - 2017.ජන.07, පෙ.ව.5.20) වොක්ස් වැගන් සමාගම සහ කුරුණෑගල වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ගැන ඇත්ත නැත්ත පැහැදිලි කරමින් කිලී මහාරාජාගේ සිරසට අවවාද කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා “ඔබේ මනස විකෘති වූ පසු හානිය සිදුවන්නේ ඔබට මිස මට නොවේ..“ යයි කීය.

    හොරණ, කඳන කළුගග ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු පියවරේ දෙවන අදියර විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අගමැතිවරයා මෙසේ කීය.

    “මා දින කිහිපයකට පෙර වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වුණා. මෙම සියලූම ආයතන රැකියා බිහි කිරීමේ කර්මාන්තයි. කර්මාන්ත ඇරැඹෙන විට ඊට විරුද්ධව විවිධ ව්‍යාපාර ක්‍රියාත්මක වනවා. හම්බන්තොට කර්මාන්තකරණයටත් විරුද්ධව මත පළකරනවා.

    වෙස්ටර්න් ඔටෝමොබයිල් ආයතනයට වොක්ස්වැගන් සමාගමේ ආයෝජනයක් නැතැයි නිව්ස් ෆස්ට් ආයතනය පවසා තිබෙනවා. ඒක ඔටෝමොබයිල් ආයතනයෙන් අහන්න දෙයක් නැහැ. මගෙන් ඇසුවා නම් මම කියනවා. වොක්ස්වැගන් සමාගමේ ආයෝජනයක් මෙරටට අවශ්‍ය බව 2015 වසරේ දී අප පැවසුවා. නමුත් 2016 වසරේ මුල් භාගයේ දී වොක්ස්වැගන් සමාගමට විශාල වශයෙන් ජාත්‍යන්තර අර්බුදයකට මුහුණදීමට සිදුවුණා. ඒ නිසා වොක්ස්වැගන් ආයෝජනය නොගැනීමට අප තීරණය කළා. වොක්ස්වැගන් ආයෝජනය ගැනීමට නම් එම සමාගමට ඇති ජාත්‍යන්තර විභාග අවසන් වන තුරු ඉන්නට සිදු වෙනවා. නමුත් අපට ඉක්මනින් කර්මාන්ත ශාලා ඉදිකර ගත යුතුයි.

    වොක්ස් වැගන් සමාගමේ ආයෝජන නැතිව ක්‍රියා කළත් වොක්ස් වැගන් මෝටර් රථ නිෂ්පාදනය කරන්නට හැකියාව තිබෙනවා. වොක්ස් වැගන් රථ වලට සීමා නොකර වෙනත් වාහනත් නිෂ්පාදනය කළ හැකිදැයි අදාළ සමාගම අපෙන් ඇසුවා. එලෙස වෙනත් වාහන නිෂ්පාදනය කරන්නට හැකි බව අප පැවසුවා. ඒ අනුව වර්ග කිහිපයක වාහන මෙම කම්හලේ නිෂ්පාදනය කරනවා.

    ඔය දේ අහන්න ඒ කම්හලට ගිහින් වැඩක් නැහැ. අපෙන් ඇසුවා නම් අපි කියනවා. "මගෙත් එක්ක තියන තරහට ඔබේ මනස විකෘති කර ගන්න එපා. " බුදුන් වහන්සේත් එය දේශනා කර තිබෙනවා. ඔබේ මනස විකෘති වූ විට හානිය වන්නේ ඔබටයි.

    රටේ තරුණ තරුණියන්ගේ රැකියා ව්‍යාපාරය කඩාකප්පල් කරන්නට උත්සාහ කළාම මම ඔබට අනුකම්පා කරනවා. කුමක් හෝ ප්‍රශ්ණයක් තිබුණා නම් ඇමතිවරයා හෝ අදාළ සමාගම එය පැහැදිලි කරනවා.“