Vote Karanda Apa Me Wage Kalakanni Moda Buruweanta

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
අත් දෙකෙන්ම වෙඩි තියන්න හැකි දකුණින් බිහිවන මීළඟ මහ ඇමැති මමයි
සන්ධාන අපේක්‍ෂක නිශාන්ත මුතුහෙට්‌ටිගම

කරාපිටිය - අජිත් නිරෝෂන්

දකුණු පළාත් සභාවේ මීළඟ මහ ඇමැති ලෙස තමා පත්වීමෙන් පසු පොලිසියේ නිරුවත හෙළි කර ඇඳුම් ඇන්දවීමට කටයුතු කරන බවත් දකුණු පළාත් සභා අපේක්‍ෂක නිශාන්ත මුතහෙට්‌ටිගම මහතා ඊයේ (20 දා) මාධ්‍ය හමුවක්‌ සංවිධානය කරමින් පැවසීය. පොලිසියේ පගාව, දූෂණයට ඉඩ නොතබන බව හෙතෙම මෙහිදී අවධාරණය කරමින් තවදුරටත් මෙසේද පැවසීය.

තමා මහ ඇමැති වී පළමු මාස තුන තුළ ළමයින්ටත් අලුතින් චර්යාධර්ම පද්ධතියක්‌ හදනවා. නීති හදනවා. පවතින නීති වෙනස්‌ කරනවා. යුද හමුදාවේ උපාධිධාරීන් විදුහල්පතිවරුන් ලෙස පුහුණුවක්‌ ලබාදී පත් කරනවා. පාසල් ගොඩනැඟිලි, පුටු කිසිම දෙයක්‌ කොන්ත්‍රාත්දී හදන්න දෙන්නේ නෑ. ඒවා පාසල් සංවර්ධන සමිතිවලට භාර දෙනවා. ගමේ පාරවල් ද මින් ඉදිරියට කොන්ත්‍රාත් දෙන්නේ නෑ. විධිමත් සැලසුම් ඔස්‌සේ එම කටයුතු සිදු කරනවා. පසුගිය සුනාමි අවස්‌ථාවේ දිසාපතිවරු සල්ලි ටික ගහගත්තා. ඒ සඳහා නිසි පියවර ගන්නා බව පැවසූ මුතුහෙට්‌ටිගම මහතා, ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ නියෝජිතයන් 23 න් 20 ක්‌ම තම පක්‍ෂයෙන් ජයග්‍රහණය කරන බවත් එජාපයට දෙකක්‌ පමණක්‌ බවත්, ඉතිරි එකද තම පක්‍ෂයට ලබාගැනීමට හැකි බවත්, සියලු දෙනා ඇමැතිවරු බවද ඔවුන්ට සියලු පහසුකම් ලබාදෙන බවත් පැවසීය. මහජන දිනය බදාදා නොවේ, දවස්‌ හතම මහජන දින බවට පත් කරනවා. සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදෙනවා. සාමාන්‍ය පෙළ සමත් අය වෘත්තීය පුහුණු වැඩසටහන්වලට යොමු කරනවා. කලා උපාධිධාරීන්ට ගුරු පත්වීම් දෙන්නේ නැහැ. උසස්‌ පෙළ වැඩ හතර සමත් සැමට නීති උපාධිය හැදෑරීමට අවස්‌ථාව ඇති කරනවා. ඒ සඳහා නොමිලේ පංති පවත්වනවා. හොඳ ඔළු පිටරට යවන්නේ නැහැ. මහින්ද චින්තනයට අනුව දකුණ නංවාලීමේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක්‌ තමා ඉදිරි සතියේ අතිගරු ජනාධිපතිතුමාට, පක්‍ෂ මහ ලේකම්තුමාට ඉදිරිපත් කරන බවද මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

බොරු චෝදනාවලින් තමාගේ ගමන නැවැත්වීමට කිසිවකුට බැරි බවත්, එජාපයේ ඡන්ද ප්‍රතිශතය 5% ට බස්‌සවන බවත්, දකුණේ වැඩිම ඡන්ද ජයග්‍රහණය බෙලිඅත්ත ආසනය නොව අක්‌මීමන ආසනයෙන් අරන්දෙන බවත් අනර්කලී ඇතුළු සියලු දෙනාම තමා සමග එකතුව සහයෝගයෙන් කටයුතු කළ හැකි බව ඔහු මෙහිදී පැවසීය. පිල්ලෙයාන් හැරුණුවිට අත් දෙකෙන්ම වෙඩි තියන්න පුළුවන් මහ ඇමැති මීළඟ දකුණෙන් බිහිවන තමා බවද, නමුත් කාටවත් වෙඩි නොතියන බවත් තමාට හිරිහැර නොකරන ලෙස ඔහු මෙහිදී ඉල්ලා සිටියේය.



:lol::lol::lol::lol::lol::lol::lol:
 

sasamantha

Member
Dec 16, 2008
1,167
18
0
දකුණේ ඡන්දයෙන් පසු පොලිසිය නිවාඩු යවනවාලූ
ඒත් පොලිසිය නිහඬයි

නෝමන් පලිහවඩන

දකුණු පළාත් සභා මැතිවරණයෙන් පසු පොලිසිය නිවාඩු යවන බව කියමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ කළ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අපේක්‍ෂකයකු පිළිබඳ පොලිසිය ඊයේ රාත්‍රි වනතුරුත් නිහඬ ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළේය.

මෙම ප්‍රසිද්ධ ප්‍රකාශය කරනු ලැබුවේ ගාල්ල අපේක්‍ෂක නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතාය.

ඒ මහතා රූපවාහිනි මාධ්‍ය ඔස්‌සේ පවා කළ මෙම ප්‍රකාශය තමන් නොදන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීහු කීපදෙනකුම පැවැසූහ.

ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්‌පති ජයන්ත කුලතිලක මහතා කීවේ මෙවැනි ප්‍රකාශයක්‌ දිය හැක්‌කේ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්‌පති නිමල් මැදිවක මහතාට පමණක්‌ බවයි.

පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති නිමල් මැදිවක මහතා සම්බන්ධ කර ගැනීමට අප දැරූ උත්සාහයන් කීපයක්‌ම ඇනහිටියේ ඔහු ඊයේ සාකච්ඡාවක සිටි නිසාය.

පොලිස්‌පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ ජංගම දුරකථනය නිහඬ වී තිබිණි.

මෙම ප්‍රසිද්ධ ප්‍රකාශය කළ නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා සම්බන්ධ කර ගැනීමට ඔහුගේ ජංගම දුරකථනයට කීපවතාවක්‌ කතා කළ නමුත් එම උත්සාහය ද අසාර්ථක විය.