හැමෝම මේ දවස් වල VPN සහ proxy ගැන හොදට දන්නවා. නොදන්න අයත් ඇති. VPN සහ Proxy කියන්නේ අන්තර්ජාලය තුල රහසේ මගසටහන් නොතියා යන්න තියන ක්‍රමයක්. මේ ක්‍රමය ආරක්ෂිතයි. හැබැයි ඇත්තටම ආරක්ෂිතද? ඔබේ අනන්‍යතාවය 100% ක්ම සගවනවාද? මේ ලිපිය මගින් කියන්න යන්නේ මම ඒ ගැනයි.
මුලින්ම මෙම සේවා සපයන සමාගම් සහ මෘදුකාංග ගැන අනිවාරයෙන්ම දක්වන්න ඕන. වඩාත් ප්‍රසිද්ධම VPN සේවා සහය දෙන්නේ TOR වෙබ් බ්‍රව්සරය මගින්. ඒ වගේම සයිබර් ගොස්ට් වගේ නොමිලේ සේවා සපයන ආයතනත් තියෙනවා. Proxy වලින් වඩාත් ප්‍රසිද්ධම වෙන්නේ hidemyass.com වෙබ් අඩවිය. ප්‍රොක්සි නම් VPN තරම් සාර්ථක නැහැ මොකද යම් වෙබ් අඩවි පරිශීලකයාගේ මුහුණතෙහි ජාවාස්ක්‍රිප්ට් වැනි ක්‍රමලේඛ භාෂා යොදාගෙන විශේෂ තත්ව ඉල්ලන නිසා වැඩ කරන්නේ නැහැ. ඒ වගේම කුකී සහයත් ඉල්ලන නිසාත් වැඩ කරන්නේ නැහැ. විශේෂයෙන් youtube.com, facebook.com වගේ ප්‍රසිද්ධ වෙබ් අඩවි බොහොමයක් මේවායේ වැඩ කරන්නේ නැහැ.
Proxy වල ඇති තවත් විශාල බයානක තත්වයක් වෙන්නේ ඒවාට ඔබේ මුරපද සහ ඔබේ තොරතුරු ලබා ගන්න පුළුවන් වීම. මේ නිසාවෙන් මේ ක්‍රමය නම් සාර්ථක ක්‍රමයක් විදියට ගන්න බැහැ. විශාල විදියට ආරක්ෂාව පිලිබද ගැටළුවක් තියෙනවා. ඒවගේම බොහෝම මන්ද ගාමියි. හේතුව වෙන්නේ මේවායේ දත්ත වෙනමම සේවා පරිගණක මගින් පරිශීලනය කර නැවත සකසලයි ඔබට එවන්නේ. ඒවගේම තවත් ක්‍රමයක් තියෙනවා එහිදී රීඩිරෙක්ට් වීමක් කරනවා. විවිධ ආකාරයට ප්රොක්සී සේවා ලබාදෙනවා. මේ සෑම ආකාරයෙන්ම දත්ත නැවත සැකසීමෙන් පසුවයි ඔබ වෙතට එන්නේ.
VPN නම් වෙනම ආකාරයෙනුයි කාර්ය කරන්නේ මෙහිදී යම් මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ තබාගෙන එම වැඩසටහන මගින් ඔබේ අන්තර්ජාල සේවා සපයන්නා ලබාදුන් අයිපී ලිපිනය වෙනුවට වෙනත් සේවා පරිඝණකයකට සම්බන්ධවී අයිපී ලිපිනයක් ලබාදෙනවා. මේ ක්‍රමයේදී ආරක්සා පිලිබද විශාල ගැටළු ඇතිවෙන්නේ නැහැ. මොකද කේත යොදා දත්ත හුවමාරු කරන්න පුළුවන්. දත්ත වර්ගය කුමක්ද මෙයට අදාල නැති නිසා ක්‍රමලේඛ පිලිබද ගැටළුවක් නැහැ.
හොදයි කොහොම හරි ඔබේ අයිපී ලිපිනයෙන් නැතිව දැන් ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වුනාය සිතමු. දැන් ඔබ ආරක්ෂිතද? ඔබ සැගවී සිටීම සාර්ථකද? මෙය තීරණය වන්නේ ඔබේ පරිගණකයේ ඔබ ස්ථපනය කර ඇති මෘදුකාංග සහ සේවා මතයි. උදාහරණ ලෙස ඔබ ගූගල් කුමක් හෝ සේවාවවක් භාවිතා කරනවා නම් ඔබට ගූගල් වෙතින් නම් සැගවී ඉන්න බැහැ. මොකද ගූගල් සෑම පරිඝණකයකටම කේතනාමයක් දී තිබෙනවා. ඒ කේත නාම ඇති පරිඝණක භාවිතා කරන්නො පිලිබද ගූගල් දත්ත තබා ගන්නවා. ඔබ වීපීන් වෙතින් වෙනත් කාරණයක් කරකර හිටියත් ගූගල් ඔබේ අයිපී ලිපිනය වෙනස් වන වෙනස්වන වාරයක් පාසා එය සටහන් තියා ගන්නවා. මේනිසයි යම් ගැටළුවක් මතුවුන විගස රහස් පොලිසිය වැනි ආයතන ගූගල් යාහූ ෆේස්බුක් වැනි විශාල ආයතන වල සහය ලබා ගන්නේ. ඔවුන් මේ පරිගණකය මේ කාලයේදී මේ අයිපී ලිපිනය භාවිතාකල බව දන්න නිසා පහසුවෙන්ම කේත නාම හා භාවිතා කරන්නන් ඇසුරින් ඔබව සොයා ගන්න පුළුවන්.
යම් වීපීඑන් සේවා සපයන්නෝ එක් අයී පී එකක් දාස් ගාණකට එකවර සේවය දෙද්දී මෙය වන්නේ නැහැය යමකුට කියන්න පුළුවන්. නමුත් මේ දාහෙන් 990 ක්ම කුමක් හෝ මේ ප්‍රධාන සේවා භාවිතා කරන නිසා අහු කරගන්න පුළුවන් හැකියාව වැඩියි. VPN භාවිතා කර යම් රහස් කාර්යක් කරනවා නම් වෙනම පරිඝණකයක්. කිසිම ප්‍රධාන සේවා සැපයුමකට ඔබේ හදුනා ගත හැකි තොරතුරු වලින් ඇතුලු නොවීම. වගේම අන්තර්ජාල සේවා ලබාගන්න වෙනත් ව්‍යාජ නමකින් හෝ හදුනාගත නොහැකි ආකාරයෙන් ඇති ජංගම අන්තර්ජාල සේවාවක් පවත්වා ගත යුතුයි. එමෙන්ම ජංගම අන්තර්ජාල සේවා ලබන්නේ නම් ඔබ සිටින ස්ථානය 90%ක් නිවැරදිය සේවා ලබාදෙන සේවා ස්ථානයේ ඉදල කියන්න පුළුවන් නිසා තමන්ගේ ගෙදර ඉදල අන්තර්ජාලයට සම්බන්ධ නොවෙන එක හොදයි. ඒ විතරක් නෙවේ වටරැක හිමියොන්ගේ බොරුව සීසීටීවි වලින් ඇල්ලුවා වගේ ප්‍රසිද්ධ තැන ඒ වෙලාවෙ අන්තර්ජාලය භාවිතා කරන්නේ කවුද ඒවෙලාවට තැන පරික්ෂා කරද්දිත් හදුනා ගන්න පුළුවන්. මේවා නම් බොහෝම දුරගිය කානා නමුත් අතිශය බරපතල රහස් යමක් නම් කරන්නේ මේ සියල්ල ගැන හිතන්න වෙනවා.
මේ අතරේ තවත් දෙයක් තියෙනවා. යම් වීපීඑන් සේවා සපයන්නෝ උසාවි නියෝගයක් ලැබුනොත් ඒ වෙලාවේ ඔවුන්ගේ අයිපී ලිපිනයෙන් ගිය අයගේ තොරතුරු හෙලිකරනවා. මේ නිසා හොර වැඩක් කරනවා නම් බොහොම පරිස්සම් වෙන්න ඕන. අපි ආරක්සිතය හිතුවාට අපි පිලිබද ඉතා පහසුවෙන් හොයා ගන්න පුළුවන්. මේ ලිපිය ලියන්න හිතුවේ හොරකන් කරන්න උගන්වන්න නෙවේ. ආරක්ෂාව පිලිබද යම් අදහසක් මතුකරන්න විතරයි.
හොඳම VPN Software 5ක්.
Last edited:

