[Wanted] රාගම රෝහලෙන් පැනගිය Covid 19 ආසාධිතයා 🔴

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    වරද කරුවෙකු කිරීමට නොවේ!
    මිලියන 20 ක ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්
    ඊයේ රාත්‍රී රාගම රෝහලෙන් පැනගොස් ඇත!
    කොවිඩ් වැළදී ඇති බව පොලිසිය පවසයි
    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ
    ඉල්ලීම අනුව පලකරමි
    තොරතුරු ලද හොත් 119 දැනුම් දෙන්න
    0112 854880

    120802408-3503025246407820-3839734246340697448-o.jpg


    copied from chathura alwis facebook page
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,103
    113
    34
    Kalutara
    ඊයේ රෑ පැනලා ගිය එකා ගැන නිව්ස් එක දෙන්නේ දැන්ද? WTF
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    රාගම රෝහලේ ඩෙංගු හා කොරෝනා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිතයකු අද 07 දා උදෑසන රෝහලෙන් පැන ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

    නුවර පාර පැලියගොඩ 307 වත්තේ පදිංචිකරුවකු වන පනස් නව හැවිරිදි අදාල පුද්ගලයා ඉකුත් 06 දා උණ රෝගය හේතුවෙන් රාගම රෝහලේ 16 වාට්ටුවට ඇතුළත් කර ඇත.

    ඔහුගේ PCR පරීක්ෂණ එදින රාත්‍රියේ සිදු කර ඇති අතර එහි වාර්තාවේ සඳහන් වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයකු බවයි.

    අදාළ වාර්තාව රෝහලට අද උදෑසන ලැබී තිබේ. ඒ වනවිට එම පුද්ගලයා රෝහලෙන් පැනගොස් සිට ඇත.

    පොලිස් ආරංචි මාර්ගවලින් පැවසුනේ පැන ගිය පුද්ගලයා හෙරොයින් පානයට ඇබ්බැහි වුවකු බවයි.

    එසේම එම පුද්ගලයා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අයත් අයකු බව තහවුරු වී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග වලින් පවසයි.
     
    • Like
    Reactions: D_Mad

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සේම එම පුද්ගලයා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අයත් අයකු බව තහවුරු වී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග වලින් පවසයි.

    හරි සන්තෝසයි...සිකිමක් අත ලග වගේ..
     
    • Like
    Reactions: dilann

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    එසේම එම පුද්ගලයා බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරට අයත් අයකු බව තහවුරු වී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග වලින් පවසයි.
    Athal kotiyai
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,524
    1
    32,223
    113
    - උඩරට -
    පැනලා යනවම නෙවේ බන් හොස්පිටල් එකට එන අය එක එක මානසික මට්ටම් වල ඉන්නේ.
    හොස්පිටල් එකට ඇඩ්මිට් කරා කියලා කවුරුත් ලෙඩා දිහාම බලන් ඉන්නේ නෑනේ..
    ඇටෙන්ඩන්ට්ලා උනත් දැන් ඉන්නේ දොස්තරලා වගේ බන්.. උන් උන්ගේ ලෝකවල් වල ඉන්නේ.
    ලෙඩාට හිතුනොත් ඇවිදලා එන්න ඕනී කියලා ඌ යනවා.. :lol:
    කවුරු හරි ඇහුවොත් ලෙඩෙක්ව බලාගන්න ඉන්න කෙනෙක් කියලා යන්නේ.

    මම එක පාරක් හොස්පිටල් එකේ ඉන්න කොට සමහර අය යනවා ටවුමට හිටන්.
    දවසක් ඩොකා උදේම ඇවිත් ලෙඩ්ඩු බලනකොට ලෙඩා ඇදේ නෑ .
    කට්ටිය පන දාගෙන හොයනවා මිසීලා එහෙම බය වෙලා.. :eek:
    බලනකොට මූ කඩේ ගිහින් සිගරට් බොන්න , අතේ බැදලා තිබ්බ නම්බරේ ගහපු කාඩ් එකත් ගලවන් ගිහින් තියෙන්නේ. :lol:
    යකෝ කිසිම බයක් නැතුව ඩොකා ඉන්නකොටම ඇවිත් ඇදෙන් වාඩි වෙලා කිව්වනේ
    කතා කරන්න කවුරුවත් නෑ කම්මැලි කඩේට ගිහින් ආවා කියලා. :lol:

    දොස්තරලා මුකුත් කීවේ නෑ..