Wasim Thajudeen’s death not an accident-Police

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    රගර් ක්‍රීඩකයාගේ මරණය අනතුරක් නොවේ

    10410890_765707133527381_8082272537256673949_n.png

    මීට වසර දෙකහමාරකට පෙර මියගිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය පිළිබද රස පරීක්ෂක වාර්තාව පොලීසිය වෙත ලැබුණේ මීට සති දෙකකට පමණ පෙර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා.
    ඔහු මේ බව සදහන් කළේ, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයක් කොල්ලුපිටියේදී විවෘත කිරීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීයි.

    අජිත් රෝහණ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
    වසීම් තාජුඩීන් යන රගර් ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් සිද්ධිය රජයේ රස පරීක්ෂකවරයාගේ මතය අපිට ලැබුණේ සති දෙකකට පමණ පෙර. මේක ස්වභාවික තත්ත්වයක් යටතේ අනතුරකින් සිදුවෙච්ච මරණයක් නොවන බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ සාක්ෂියේ යම් යම් කරුණු වලින් ගම්‍ය වෙනවා. ඒ නිසා පොලිස්පතිතුමා තීරණය කරලා තියෙනවා ඒ සම්බන්ධව මේ විමර්ශනය වහාම නාරාහේන්පිට පොලීසියෙන් ඉවත් කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ඉදලා භාර දීමට.