divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    WE FOR US

    56571131_2409502199269019_7083113790862000128_n.jpg

    මේ page එක මම පහුගිය කාලයේ psychology සම්බන්ද thread දානවා දැකපු අපේම එලකිරි සාමාජිකයෙක් මට recommend කරපු එකක්.. මම දැන් කීප දවසක් එහි මෙම්බර් කෙනෙක් විදියට ඉන්නවා, ඉතාම වැදගත් සෙවයක් කරනවා කියල හිතෙන හින්දා තමයි ඔගොල්ලොන්ටත් මේක ගැන කියන්න හිතුවෙ...

    කෙටියෙන් කිව්වොත් මේකෙන් කෙරෙන්නේ මානසිකව විදවන ඕනෑම අයෙක්ට පිහිට වීමයි,


    "අපේ රටේ කවුරුත් psychologist කෙනෙක් ගාවට යන්න ලැජ්ජයි නැත්නම් වැදගත් කියල හිතන්නෙ නැහැ.පොඩි පොඩි ප්‍රශ්න මහ ගොඩක් හිතේ තද කරන් ඉන්නව..ඊටපස්සෙ මේ දේවල් වලටම යට වෙලා ජීවිතේම සවුත්තු කර ගන්නවා.//මේ වෙනුවෙන් පොඩි දෙයක් කරන්න හිතුව./***මම පටන් ගන්නයි යන්නෙ psychology /consulting group ekak.*** වැඩේට උදව් කරන්න පුලුවන් අය/තව කෙනෙක්ගෙ ජීවිතේ වෙනුවෙන් තමන්ගේ කාලය වැය කරන්න පුලුවන් කියල හිතෙන අය -පොඩි හරි දැනුමක් හෝ හොද උවමනාවක් ෆීල්ඩ් එක ගැන තියන අය මාත් එක්ක සම්බන්ද වෙන්න"(By Admin)

    ඉතින් මේ group එක ඊයෙ පෙරෙදා වෙනකල් කිසිම නීතියක් නැතිව Open Group එකක් විදියට ගෙන ගියා, නමුත් අපේ ඉන්නවනෙ නිකන් දෙන දේ නොවටින පිරිස්, ඒ අය මේකෙ post දාන අයව තවත් මානසිකව වට්ටන්නත්,ඒ අයට විහිලු කරන්නත්, ඔව්න්ට messege කර කර වද දෙන්නත් ගත්ත හින්දා group එක Closed group ekak කරලා නීති කීපයක් දාන්න සිද්ද උනා..

    ඒ වගේම පොඩි පොඩි එදිනෙදා වෙන breakup , පාඩම් කරගන්න බැරි වෙනකොට ඒක වගේ දේවල් මෙතන දාන එකත් වලකන්න උනා.. (නමුත් මේ දේවල් වලින් දීර්ඝ කාලීනව ඔබ මානසිකව වැටී තිබෙනවානම් ඔබ සදහා මෙය විවුර්ත්තයි )

    ඒ වගෙම ඔබට මෙහි පොදුවේ දාන්න බැරි ප්‍රශ්න වලට පෞද්ගලිකව contact කර ඔබට සහය වීමටද මෙහි admin මන්ඩලය කටයුතු සූදානම් කර තිබෙනවා..


    ඉතින් වැදගත් වේ කියලා හිතන කෙනෙක් ඉන්නවානම් මේකට Join වෙන්න..


    JOIN



    #We_For_Us
    සමූහයේ සාමාජික සැවොම පිළිපැදිය යුතු පොදු නීති රීති

    මුලින්ම හැමෝටම කියන්න ඕන මේ සමූහය ෆේස්බුක් සමාජ ජාල සත්කාරයක්.සමූහයක් කියන්නෙ එකතුවක් කණ්ඩායමක්. ඉතින් මේකෙ නායකයන් ඉන්නව වගේම සාමාජිකයන් සමූහයේ විෂයපථයට අනුකූලව හැඬගස්වා ගැනීම අනිවාර්යයෙන් කළ යුතුයි. එසේ නොවන තැන සමූහය විහිළුවකට හා කෝළම් කාරයින්ගේ අම්බලමක් වෙනවා නොඅනුමානයි !.අන්න ඒ නිසා සමූහයට එකතු වී සිටින ඔයාලා හැමෝම පහතින් සඳහන් කරල තියෙන සමූහයේ පොදු නීති හොඳින් කියවලා ඔබ තවදුරටත් මෙහි රැඳී සිටිනවාද නැත්ද යන්න තීරණය කරන්න.

    ★ සමූහයේ පල කර හැක්කේ ඔබ එදිනෙදා ජීවිතයේ මුහුණ පාන ගැටළු ඔබගෙ සිතෙහි වද දෙන මනසට හිරිහැර කරන ප්‍රශ්න හා සිතුවිලි පමණි.
    » ආණ්ඩුව ඇයි බෝම්බ ගහනකන් බලන්
    හිටියෙ ?
    » ගෝඨා ආවොත් රට හැදෙයිද?
    » අල්ලගෙ ෆොටෝ නැත්තෙ ඇයි?
    » ආණ්ඩුව කවද හැදෙයිද ?
    » රනිල්‍ට ළමයි ඉන්නවද? ,

    වගේ කිසිම දේශපාලනික හෝ විෂයපථයට අදාල නොවන සමාජයීය ගැටලු විමසීමෙන් වලකින්න.එවැනි Post අප විසින් කොහෙත්ම approve කරන්නේද නැත.නැවත නැවතත් එවැනි විෂයපථයට අදාල නොවන පෝස්ට් පල කරන්නන් පෙර දැනුම්දීමක් නොකර සමූහයෙන් ඉවත් කරන බවද මතක තබාගන්න 🙂.

    * #We_For_Us නමෙහි තේරුම අප වෙනුවෙන් අපි වගේ අර්ථයක් තමයි නමුත් මෙහි අරමුණ වනුයේ සුලු සුලු මානසික පීඩන සිත් වියැවුල් ප්‍රශ්න තිබෙන අයට ඔවුන්ගෙ ප්‍රශ්න සඳහා උපදෙස් දී උපකාර කිරීමයි ! මොකද ලංකාවෙ ගොඩ දෙනෙක් වෛද්‍යවරුන් හමු වීමට අකමැත්තක් දක්වන නිසා ඊට පිළියමක් ලෙසයි මෙම සමූහය !
    එම නිසා මෙහි ප්‍රධාන මූලිකත්වයක් දෙනු ලබන්නේ එවැනි ස්වරූපයේ පෝස්ට් සඳහායි.
    එම නිසා සාමාන්‍ය ආදර සබඳතා ප්‍රශ්න ඉදිරිපත් කරන සියල්ලන්ගෙම පෝස්ට් ඇප්රූ නොකරන්න අපි තීරණය කරා.මොකද කිව්වොත් සමහරුන් අහන්නේ සාමාන්‍ය ආදර ප්‍රශ්න එවැනි දෑ ඕනෑම කෙනෙක්ට තිබෙන්න පුලුවන් .ඉතිං එවැනි දෑ සීමාවක් නැතුව මෙහි පල වීමෙන් සමූහයේ අරමුණ යටපත් වී වෙනත් ස්වරූපයක් ආරූඪ වෙන්න ඉඩ තිබෙනවා.
    තවද සමහරු අසන ප්‍රශ්න ඊට පෙර ඒ අයුරින්ම තවකෙකු අසා තිබෙනවා ඉතිං එකම විදියේ ප්‍රශ්න එකම විදියේ පෝස්ට් වැඩි වූ විට එයද සමූහයේ හෑල්ලුවට කරුණක්
    ( පාඩම් කරන්න බැ,පාඩම් කරන ඒව මතක හිටින්නෙ නැ වගේ පෝස්ට් සියල්ලම ඒකාකාරියි.ගොඩක් අය අහල තියෙන්නෙ එකම දේ )

    එම නිසා, ඔබ ප්‍රශ්නයක් ඇසීමට පෙර එය මීට කලින් කවුරුන් හෝ අසා තිබේදැයි කියා සමූහය තුළ පරීක්ෂා කර බලා එසේ තිබෙනවානම් ඊට දී ඇති විසඳුම් කියවා බලන්න.ඊට වෙනම පෝස්ට් එකක් අවශ්‍ය නොවේ.එම විසඳුම් ප්‍රමාණවත් නැත්නම් එම පෝස්ට් එකේම කමෙන්ට් එකක් විදියට ඔබගේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න.

    ★ මේ #කරුණ ගොඩක් #විශේෂයි අප සමූහයේ සිටින වෛද්‍යවරුන්ගෙන් හෝ වෙනයම් උපදේශකවරුන්ගෙන් හෝ කාගෙන් හෝ ඔබට පවතින එක් එක් රෝග සඳහා ගත යුතු #ඖෂධ වර්ග පිළිබඳ විමසනවා නම් ඒ පිළිබඳ සම්පූර්ණ #වගකීම ඔබ විසින් දැරිය යුතුබව කරුණාවෙන් සලකන්න.මන්ද යත් මෙවැනි ඩිජිටල් ජාලයක් හරහා රෝගීන්ව පරීක්ෂා කර බලා බෙහෙත් නියම කළ නොහැකි බව ඔබ හොඳින් දන්නා කරුණක්.එහෙයින් යම් කෙනෙකු එලෙස ඔබට බෙහෙතක් නියම කරනවානම් නියමක කළ හැක්කේ ඔබ විසින් ඔහුට පවසන රෝගලක්ෂණ මත තීරණය කරීමේන් පමණි.එම නිසා එලෙස ඖෂධ වර්ග සමූහයේ පුද්ලයන්ගෙන් අසා ඔබ ඒවා භාවිතා කර යම් ආසාත්මිකතාවයකට ගොදුරු වුවහොත් ඒ පිළිබඳව කිසිදු ආකාරයේ #වගකීමක් සමූහයේ කිසිවෙකු විසින් #බාර_නොගන්නා බව ඉතා කාරුණිකව දැනුම් දීමට කැමැත්තෙමු 🙂

    ★ ඊලඟට #fake_accounts
    ඔබ ව්‍යාජ ගිණුම් වලින් සමූහයට එකතු වන්නේ කුණුහරුප කිය කිය සමූහයේ සාමාජිකයින්ට බැණ වැද ගෝත හරකෙක් ලෙස හැසිරීම සඳහා නම් කරුණාකර ලීව් බටන් එක කණෙන් ඇද පෙන්නවීමට සලස්වන්නට ඉඩ නොතබන ලෙස ඉල්ලා සිටිනවා 🙂.

    ★ අදහස් දැක්වීමට ඇති අයිතියට අප ගරු කරනව.නමුත් ඔබ යම් අදහසක් මෙහි දක්වනවනම් අපගේ සමූහයේ පොදු නීතියට අනුකූලව අදහස් දැක්වීමට තරම් බුද්ධිමත් වන්න.ගෙදර අම්මා තාත්තාට හෝ තාත්තා අම්මාට හෝ ගෑණි මිනිහාට මිනිහා ගෑණිට ආමන්ත්‍රණය කරන අම්බරු භාෂාව මෙහිදි වලංගු නොවන අතර ඕනැම දෙයක් සංවරව ශීලාචාර භාෂාවෙන් දක්වන්නට වග බලා ගන්න.එසේ නොවන්නන්ට අන්න ලීව් බටන් එක කියල අපිට පෙන්ව පෙන්වා සිටීමට වෙලාවක් නොමැත !

    ★ මෙහි පෝස්ට් පල කරන පුද්ගලයන් එක්ක ඉන්බොක්ස් ගිහින් මංගල යෝජනා කිරීමෙන් වළකින්න !

    ★ ඕනෑම කෙනෙක්ට ඔහුගෙ ගැටලුවට අදාලව සීමිත උපකාර කිරීම ප්‍රමාණවත්ය.
    එසේ නොමැතිව ඔවුන්ගෙ ගෙදර දොරේ වැඩවලට රෙදි හෝදන වැඩවලට ළමයා නාවන වැඩවලට උදව් කිරීම අවශ්‍ය නොවේ එවැනි අය ගැන අප විමසිල්ලෙන්.

    ★ මෙම සමූහයට එකතු වෙන ඔබ සමූහය බළල් අතක් කරගන්න යෑමෙන් වළකින්න.මන්ද යත් සමහරු බොරුවට තමන්ට අර ප්‍රශ්නෙ තියෙනව මේ ප්‍රශ්නෙ තියෙනව යැයි පවසා සාමාජිකයන්ගේ අනුකම්පාව ලබාගෙන ඔවුන් හා අනවශ්‍ය හාදකම් පවත්වන්න උත්සහයක යෙදෙන බව අපි නොදන්නවා නොවෙයි.එහෙම අය ගැන අප විමසිල්ලෙන් .එම නිසා නැවත එලෙස නපුංසක ක්‍රියා වල නිරත නොවන ලෙස දන්වා සිටිමු.🙂

    ★ #මෙය_වෙළඳ_දැන්වීම් පලකිරීම සඳහා නිර්මාණය කෙරූ මාකටින්, ඇඩ්වටීස්ට්මන්ට් ග්රූප් එකක් නොවේ.එමෙන්ම තම තමන්ගේ පෞද්ගලික ව්‍යාපාර මාකට් කිරීම සඳහා හෝ අනුන්ගේ සීනි කිරින්නට තියෙන වුවමනාව නිසා එක එක පුද්ගලයන්ගේ #Pages මෙහි share කිරීම හෝ වෙනත් #group වල අදාල නැති පෝස්ට් ඇඩ්වටීස්ට්මන්ට් මෙහි ගෙඩි පිටින් share කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. #We_For_Us අප සමූහයේ විශයපථයට අදාල යම් ලිපියක් වෙනත් සමූහයක තිබෙනවා දුටුවහොත් ඔබ එය මෙහි #share_නොකර එම ලිපිය Copy කර උපුටා ගැනීමකි යනුවෙන් හා උපුටා ගන්නේ කාගෙන්දැයි සඳහන් කර paste කර පෝස්ට් කිරීමට හැකියාව ඇත.🙂
    වෙනත් සමූහයක් ප්‍රචලිත වෙනවාට අපගේ ඊර්ෂ්‍යාවක් නොමැති බව කරුණාවෙන් තේරුම් ගන්න.නමුත් වෙනත් සමූහයන් මෙහි share වීමෙන් කාලයත් සමඟ නැති ප්‍රශ්න ඇති වීමටත් #We_For_Us සමූහය හෑල්ලුවට ලක් වීමටත් ඇති ඉඩකඩ බහුලය.
    එම නිසා කරුණාකර වෙළෙන්දන් හෝ සීනි කිරන්නන් තවත් සිටිනවානම් ඔවුන්ව සොය සොයා බ්ලොක් ඇන්ඩ් රිමූ කිරීමට පෙර තමන්ම #leave වෙනවානම් එය ඔබට මෙන්ම අපටද පහසුවට කරුණකි.🙂

    ★ සමූහයේ කවරෙකු විසින් හෝ තමන්ට ඇති
    ගැටලුවක් විමසූ විට ඔහුව සමච්චලයට ලක් කරමින් ගොන් පාට් නොදමන ලෙස මතක් කර සිටිමු 🙂

    ★ සමූහයේ කවුරුන් හෝ කෙනෙක් තමන්ගෙ වටිනා කාලය වැය කර අන්අයට උපකාර කිරීමට කමෙන්ට් කල විටදී එම කමෙන්ට් වලට සිනහ යාමට කිසිම හේතුවක් නොමැති වුවත් haha react කර එම පුද්ගලයාගේ කාර්ය අගය කරනව වෙනුවට සමච්චලයට ලක් කිරීමෙන් වළකින්න.එලෙස සිනහ නොයන දේට සිනහ වන්නන් උමතු පුද්ගලයන් යැයි සිතා ඔවුන්ගෙන් සමූහයට හෝ සාමාජිකයන් හට සිදුවන අපහසුතාවය සලකා බලා එසැණින් ඔවුන්ව සමූහයෙන් ඉවත් කිරීමට සිදුවේ.

    ★ අනෙක් දේ තමයි කිසිම ජාති ආගම් හෝ කුල බේදයක් මෙම සමූහයේදී අදාල නොවන බව කරුණාවෙන් සලකන්න.ජාති ආගම් කුල බේදයක් නොමැතිව ඕනෑම කෙනෙක්ට විශයපථයට අනුකූලව සමූහයේ නීති වලට අනුකූලව සිටිය හැකි අතර මෙම සමූහය තුළදී සැවොම සලකන්නෙ #We_For_Us ජාතිකයන් ලෙස පමණි 🙂 සෑම කෙනෙක්ම මෙම සමූහය තුළදී ඉහත කී ආගම් ජාති කුල බේද නොසලකා නියම #We_For_Us ජාතිකයෙකු ලෙස හැසිරෙන්න. එවැනි ඕනෑම කෙනෙකුට සමූහයට එකතු වීමට අවස්ථාව ඇති අතර එසේ නොවන අන්තවාදී හෝ සමූහය කඩාකප්පල් කිරීමේ අදහසින් එකතුවෙන පුද්ගලයන්ට විරුද්ධව ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට අප දෙවරක් නොසිතයි.

    ✦ සමූහයේ සියලුම සාමාජිකයන් සමූහයේ උන්නතිය උදෙසා පැවැත්මට දායක වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
    අඩුම තරමේ දකින පෝස්ට් වලට නිකන් තියෙන #like බටන් එක ප්‍රෙස් කර හෝ පැවැත්මට දායකවීම සාමාජික ඔබ සැමගේ යුතුකමක් බවත් අමතක නොකරන්න 🙂

    ★ ඒ වගේම හැමෝගෙන්ම ඉල්ලන කැමතියි සමූහයේ සාමාජිකයන් විදියට සෑම කෙනෙක්ටම කළ හැකි යුතුකමක් තියෙනව ඒ තමයි කවුරුන් හෝ කෙනෙක් සමූහයේ පොදු නීතිරීති වලට පටහැනිව ක්‍රියාකරනු දුටු විගස අදාල කමෙන්ට් එක පෝස්ට් එක හෝ මොනයම් දෙයක් වේවා touch hold ( කමෙන්ට් එකක් නම් ඒ මත තප්පර ගානක් ඇගිල්ල පසෙකට නොගෙන ටච් කරගෙන සිටීමෙන් ) හෝ පෝස්ට් එකක නම් තිත් තුනේ මෙනු එකෙන් #report_to_group_admins පහසුකම භාවිතා කර එවැන්නන් පිළිබඳව අප සමූහයේ ඇඩ්මින් වරුන්ට වහාම දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින්නට කැමැත්තෙමු 🙂🙏🏻.

    සමූහයේ පොදු නීති විටින් විට යාවත්කාලීන කරන බැවින් සමූහයට එකතු වන සැවොම හා දැනටමත් එකතු වී සිටින සැවොම යාවත්කාලීන කරන විටදී නැවත නීති සමුදාය කියවා සමූහයේ පැවැත්මට දායක වන්න.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Last edited: