මට මේ වගේ Excel Sheet එකක් web address එක ගහපුවාම Web page එකක් විදියට Load වෙන්න හදාගන්න අවශ්‍යයි. මට විතරක් edit කරන්න පුළුවන් වෙන්න ඔ්න.
මේ විදියට කරනවා නම් කොහොමද මුලින්ම පටන් ගන්න ඔ්න? මේ වගේ දෙයක් තනිවම හදාගන්න පුළුවන්වෙයිද?

editable URL කියන්නේ මොකක්ද?cheap domain ekak aran forward karapn Excel sheet eke editable URL ekata. Sheet eke edit access ubata witharak deepan.![]()
@jeewantha05 ඔන්න පාඩම හොඳින් අහගන්න.මට මේ වගේ Excel Sheet එකක් web address එක ගහපුවාම Web page එකක් විදියට Load වෙන්න හදාගන්න අවශ්‍යයි. මට විතරක් edit කරන්න පුළුවන් වෙන්න ඔ්න. මේ විදියට කරනවා නම් කොහොමද මුලින්ම පටන් ගන්න ඔ්න? මේ වගේ දෙයක් තනිවම හදාගන්න පුළුවන්වෙයිද?
This is the easiest way. follow below tutorial...google sheet යූස් කරපන්
Thanks@jeewantha05 ඔන්න පාඩම හොඳින් අහගන්න.
(අ). WPS Office (පැරණිම ඔෆිස් මෘදුකාංගය)
(මෙය නොමිලේ සේවාවකි)
1. https://www.wps.com/wpsdocs/ වෙත ගොස් ගිණුමක් සාදා ගන්න.
2. ගිණුමට ඇතුළු වූ පසු මුල් පිටුවේ "Sheets" කොටුව ඔබන්න. මොහොතකට පසු "Workbook" නමින් ගොනුවක් පහළින් පෙනේවි. ඉන්පසු "Share" බොත්තම ඔබන්න.
3. ඊළඟට "Anyone - can view" යන්න තෝරා "Copy Link" බොත්තම ඔබන්න. එපමණයි!
(දෙවන රූපයේ ඉහළ දකුණු කෙළවරේ සැකසුම් බොත්තම එබීමෙන් වැඩිදුර සැකසුම් වෙත ප්‍රවේශ වීමට හැකිය)
View attachment 215267
View attachment 215268
View attachment 215269
(ආ) ඔන්ලිඔෆිස්
ඔබගේ සේවාදායකයක (සර්වර්) ක්‍රියාත්මක කරනවා නම් මෙය ප්‍රයෝජනවත් වේවි.
https://www.onlyoffice.com/download-docs.aspx#docs-community
නොමිලේ මාර්ගගත ගිණුමක් පමණක් ලබා ගැනීමට...
1. පහත සබැඳිය හරහා ගිණුමක් සාදා ගන්න.
https://www.onlyoffice.com/docspace-prices.aspx#docspace-cloud
2. "Create" -> "Spreadsheet" තේරූ විට "New Spreadsheet" නමින් ගොනුවක් පෙනේවි.
3. ගොනුවේ දකුණු පස "Share" බොත්තම ඔබා "Add link" යටතේ "Create new external link" සාදා ගන්න.
4. ඇස මත ඔබා "Read only" තෝරන්න. අදහස් ලබා ගැනීමට අවශ්‍ය නම් "Comment" යන්න තෝරන්න. ඊළඟට "New link" මත ඔබා "Copy external link" හෝ "Shorten the link" තෝරන්න. (උදා. කෙටි පණිවිඩයකින් යමෙකුට යවනවා නම් "Shorten the link" වැදගත්. එයින් https://onlyo.co/3my9rD වැනි කෙටි සබැඳියක් ලැබේ). "Advanced settings" මත එබීමෙන් වැඩිදුර සැකසුම් වෙත ප්‍රවේශ වීමට හැකිය. අනතුරුව, "Save" බොත්තම ඔබන්න.
(වෙබ් අඩවි සංවර්ධකයින්ට පමණි) වෙබ් අඩවියකට කාවද්දනවා නම්, "Embedding settings" යන්න තෝරා iframe කේත කොටස ලබා ගැනීමට හැකිය.
View attachment 215270
View attachment 215271.View attachment 215272
View attachment 215273
View attachment 215274
View attachment 215277