dialog wifi router ekak thiyanawa ZLT tozed kangwei kiyala model eka..
eth ewa block wenne nane

wena option ekak thiyada?
dialog help desk kathakalama un wisthara denne na baila gahanawa
@pasansnoop මේ වීඩියෝව සම්පූර්ණයෙන් බලන්න. මම දැන් ZLT S10 රවුටරයකින් පරීක්ෂා කරන ගමන් පටිගත කළේ.
(ZLT S10 / Platform version: V3E - Tozed kangwei intelligent co., LTD)
ඔයා URL එකතු කරන විදිහේ වරදක්, රවුටරයේ දෝෂයක් හෝ ඔයා පරීක්ෂා කරන ක්‍රමයේ වරදක් ඇති. අවහිර කරන්න කලින් බ්‍රව්සරයෙන් ඒ වෙබ් අඩවියට ගියා නම් රැඳුනු දත්ත වලින් ආයෙමත් අඩවියට සම්බන්ධ වෙනවා. සමහර අඩවි අවහිර කරන්න ඒ සේවාවට / සමාගමට අදාළ වසම් (ඩොමේන්) කිහිපයක් අවහිර කරන්න වෙනවා.
(ඉහත වීඩියෝව දවස් 90 කින් මැකී ගිය පසු පහත සබැඳියෙන් බැලීමට හැකිය).
https://jumpshare.com/embed/XclKWDl9VO9vu3NZsvqw
ප.ලි.: ඉහත වීඩියෝවේ youtube.com අවහිර කළ පසු ඒ අඩවියට යන්න බැරි වුනාට පහත වසම් (ඩොමේන්) අවහිර කළේ නැතිනම් අර්ධ වශයෙන් සේවාවට ප්‍රවේශය ලබා ගන්න පුළුවන්.
ggpht.cn ,ggpht.com, googlevideo.com, wide-youtube.l.google.com, withyoutube.com, youtu.be, youtube-nocookie.com, youtube-ui.l.google.com, youtube.googleapis.com, youtubeeducation.com, youtubeembeddedplayer.googleapis.com, youtubefanfest.com, youtubegaming.com, youtubego.com, youtubego.id, youtubego.in, youtubei.googleapis.com, youtubekids.com, youtubemobilesupport.com, yt.be, ytimg.com