Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Welikada prison unrest
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැලිකඩ බන්ධනාගාරයේ වහල උඩට නැගගත් රැඳවියන් තමන් අත තිබෙන ටී.56 ගිනි අවිවලින් හතර අතට වෙඩි තබන්නට පටන් ගැනීමත් සමග බන්ධනාගාරය තුළ සහ ඒ අවට එකම යුද පිටියක වෙස් ගෙන ඇතැයි වාර්ථා වේ. මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටි සිරකරුවන් 350ට වැඩි පිරිසක් ඔවුන් රඳවා සිටි කාමරවල යකඩ දොරවල් කඩා ගෙන බන්ධනාගාරයේ ඇතුළත පිහිටි මිදුලට පැන ඇතැයිද කියති. මෙම කණ්ඩායම වැලිකඩ සිර ගෙදර ආයුධ ගබඩාව කඩා ඒවායේ තිබූ ටී.56 ගිනි අවි පැහැර ගෙන ඇත. අද පෙරවරුවේ බන්ධනාගාරය හදිසිය වැටලූ විශේෂ කාර්ය බලකායට අයත් සෙබලුන් සහ පොලිස් සුනඛයින් සිර ගෙදර අස්සක් මුල්ලක් නෑර සෝදිසි කරන්නට පටන් ගත්තේය. ඒ මෙම සිරකරුවන් නීතිවිරෝධි භාණ්ඩ පරිහරණය කරන බවට තොරතුරු දිගින් දිගටම ලැබීමත් සමගය. මෙම හදිසි වැටලීමේදී රැඳවියන් සඟවා ගෙන සිටි ජංගම දුරකතන සියයකට වැඩි සංඛ්‍යාවක් සහ මත් ද්‍රව්‍ය ප්‍රමාණයක්ද සොයා ගෙන ඇත. මෙහෙයුම අවසන් වී විශේෂ කාර්ය බලකා නිලධාරින් බන්ධනාගාරයෙන් පිටතට එද්දී රැඳවියන් ඔවුන්ට හූ කියමින් ගල් ගසන්නට පටන් ගත් බව පැවසේ. මෙම අවස්ථාවේ දී විශේෂ කාර්ය බලකා සෙබලුන් තමන්ට පහර දෙන රැඳවියන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන්නට පටන් ගෙන තිබේ. මෙම තත්ත්වය මොහොතකින් උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර රැඳවියන් සිය ගණන් බන්ධනාගාරයේ වාට්ටුවල දොරවල් කඩා ගෙන පිටතට පැමිණ ආයුධ ගබඩාව කඩා ගිනි අවි පැහැර ගෙන ප්‍රතිප්‍රහාර දෙන්නට පටන් ගෙන තිබේ. මේ වනවිට විශේෂ කාර්ය බලකායේ සෙබලුන් දෙදෙනෙක් , බන්ධනාගාර ජේලර්වරයෙක් ඇතුළු දහතුන් දෙනෙක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතල නැතැයි හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂක ප්‍රසාද් ආරියවංශ මහතා පවසයි. ගිලන් රථ කිහිපයක් හා වතුර බවුසර් හදිසි අවස්ථාවක් උදා වුවහොත් ප්‍රයෝජනය ගැනීම සඳහා ගෙන්වා තිබේ. බන්ධනාගාරයේ වහල උඩ සිටින රැඳවියන් ටී.56 ගිනිඅවිවලින් වෙඩි තැබීම නිසා බන්ධනාගාරය අවට සිටින සිවිල් ජනතාව හා රථ වාහන වහාම එම ස්ථානයෙන් ඉවත් කර ඇත. අතිරේක යුද හමුදා සෙබලුන් විශාල පිරිසක් තත්ත්වය මැඬ පැවැත්වීම සඳහා යොදවා තිබේ. සිරකරුවන්ට බන්ධනාගාරය කඩා ගෙන මාර්ගයට පැමිණෙන්නට බැරි ආකාරයට ආරක්ෂක විධිවිධාන තරකර තිබෙන අතර බන්ධනාගාරයේ වහල උඩ රැඳී සිටින සිරකරුවන් තිදෙනෙක් අත ටී.56 ගිනි අවි තිබෙන බවක් පෙනේ.

ගයාන් කුමාර වීරසිංහ

Share

[QUOTE="chanakacm, post: 13812790, member: 9983"] වැලිකඩ බන්ධනාගාරයේ වහල උඩට නැගගත් රැඳවියන් තමන් අත තිබෙන ටී.56 ගිනි අවිවලින් හතර අතට වෙඩි තබන්නට පටන් ගැනීමත් සමග බන්ධනාගාරය තුළ සහ ඒ අවට එකම යුද පිටියක වෙස් ගෙන ඇතැයි වාර්ථා වේ. මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටි සිරකරුවන් 350ට වැඩි පිරිසක් ඔවුන් රඳවා සිටි කාමරවල යකඩ දොරවල් කඩා ගෙන බන්ධනාගාරයේ ඇතුළත පිහිටි මිදුලට පැන ඇතැයිද කියති. මෙම කණ්ඩායම වැලිකඩ සිර ගෙදර ආයුධ ගබඩාව කඩා ඒවායේ තිබූ ටී.56 ගිනි අවි පැහැර ගෙන ඇත. අද පෙරවරුවේ බන්ධනාගාරය හදිසිය වැටලූ විශේෂ කාර්ය බලකායට අයත් සෙබලුන් සහ පොලිස් සුනඛයින් සිර ගෙදර අස්සක් මුල්ලක් නෑර සෝදිසි කරන්නට පටන් ගත්තේය. ඒ මෙම සිරකරුවන් නීතිවිරෝධි භාණ්ඩ පරිහරණය කරන බවට තොරතුරු දිගින් දිගටම ලැබීමත් සමගය. මෙම හදිසි වැටලීමේදී රැඳවියන් සඟවා ගෙන සිටි ජංගම දුරකතන සියයකට වැඩි සංඛ්‍යාවක් සහ මත් ද්‍රව්‍ය ප්‍රමාණයක්ද සොයා ගෙන ඇත. මෙහෙයුම අවසන් වී විශේෂ කාර්ය බලකා නිලධාරින් බන්ධනාගාරයෙන් පිටතට එද්දී රැඳවියන් ඔවුන්ට හූ කියමින් ගල් ගසන්නට පටන් ගත් බව පැවසේ. මෙම අවස්ථාවේ දී විශේෂ කාර්ය බලකා සෙබලුන් තමන්ට පහර දෙන රැඳවියන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන්නට පටන් ගෙන තිබේ. මෙම තත්ත්වය මොහොතකින් උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර රැඳවියන් සිය ගණන් බන්ධනාගාරයේ වාට්ටුවල දොරවල් කඩා ගෙන පිටතට පැමිණ ආයුධ ගබඩාව කඩා ගිනි අවි පැහැර ගෙන ප්‍රතිප්‍රහාර දෙන්නට පටන් ගෙන තිබේ. මේ වනවිට විශේෂ කාර්ය බලකායේ සෙබලුන් දෙදෙනෙක් , බන්ධනාගාර ජේලර්වරයෙක් ඇතුළු දහතුන් දෙනෙක් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය එතරම් බරපතල නැතැයි හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂක ප්‍රසාද් ආරියවංශ මහතා පවසයි. ගිලන් රථ කිහිපයක් හා වතුර බවුසර් හදිසි අවස්ථාවක් උදා වුවහොත් ප්‍රයෝජනය ගැනීම සඳහා ගෙන්වා තිබේ. බන්ධනාගාරයේ වහල උඩ සිටින රැඳවියන් ටී.56 ගිනිඅවිවලින් වෙඩි තැබීම නිසා බන්ධනාගාරය අවට සිටින සිවිල් ජනතාව හා රථ වාහන වහාම එම ස්ථානයෙන් ඉවත් කර ඇත. අතිරේක යුද හමුදා සෙබලුන් විශාල පිරිසක් තත්ත්වය මැඬ පැවැත්වීම සඳහා යොදවා තිබේ. සිරකරුවන්ට බන්ධනාගාරය කඩා ගෙන මාර්ගයට පැමිණෙන්නට බැරි ආකාරයට ආරක්ෂක විධිවිධාන තරකර තිබෙන අතර බන්ධනාගාරයේ වහල උඩ රැඳී සිටින සිරකරුවන් තිදෙනෙක් අත ටී.56 ගිනි අවි තිබෙන බවක් පෙනේ. ගයාන් කුමාර වීරසිංහ Share [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom